Divaina - ගෝත‍්‍රිකයන් දහස් ගණනකට දිවි අහිමි වු... රටක් බිහි කළ යකඩ සර්පයෙක්....

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


train
 

නිම්මි මුදිතා හේරත්


මුළු ගෝත‍්‍රයේම මිනිිස්සු දෙවොල අසලට රැස්ව උන්හ. කිම්න්යෝල් නම් පූජකයා බැ?රුම් ස්වරයකින් කතා කළේය.

”අනිවාර්යෙන් ඌ එනවා.. ඌ යකඩ සර්පයෙක්.. උඹලට හිතාගන්ඩ බැරි තරමට නපුරු දුෂ්ඨ යකඩ සර්පයෙක්.. ඌ අපේ ගම්වලට එන්නේ අපේ සත්තු තණකොළ කන මේ සරුසාර තණබිම් විනාස කරගෙන.. අපේ මිනිස්සු දඩයමේ යන ලස්සන වනාන්තර පොඩි පට්ටම් කරගෙන....”

කිම්න්යෝල් පූජකයා කියන අනාගත වාක්‍යයක් වැරදුණේ කලාතුරකින් බව දන්නා ගෝත‍්‍රික මිනිස්සු විස්මයෙන් මෙන්ම භීතියෙන් අසා සිටියහ.

”ඒ යකඩ සර්පයා අරගෙන එන්නේ උඹලා අපි කවදාවත් දැකපු නැති දුෂ්ඨ ආගන්තුකයො ටිකක්.. සුදුපාට මිනිස්සු.. රතුපාට කහපාට කොණ්ඩෙ තියෙන සුදුපාට මිනිස්සු.. ඒ සුදුපාට මිනිස්සු අපේ මිනිස්සුන්ව යටත් කරගන්නවා.. අපිව පාලනය කරන්ඩ පටන් ගන්නවා.. මීට වැඩිය දෙයක් කියන්ඩ මං දන්නෙ නෑ.. හැබැයි එක දෙයක්.. එක දෙයක් හරියටම කියන්ඩ පුළුවන්.. මේ යකඩ සර්පයාගෙන්වත් සුදුපාට මිනිස්සුන්ගෙන්වත් අපටවත් මේ රටටවත් කිසිම හොඳක් නම් සිද්ද වෙන්නේ නෑ.. එතනින් එහාට අපේ මිනිස්සුන්ට එන්නේ මහා නරක කාලයක්..”

අවුරුදු සිය ගණනකට පෙර අප‍්‍රිකානු භූමියේ උන් කිම්න්යෝල් පූජකයාගේ අනාවැකියෙන් කියැවුණු ඒ යකඩ සර්පයා කෙන්යාව හා උගන්ඩාව යා කළ දුම්රියයි.

අප‍්‍රිකාවේ ගෝත‍්‍රික මිනිසුන්ට ”යකඩ සර්පයකු” වූ මේ දුම්රිය බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදීන් හැදින්වූයේ ”පිස්සු කෝච්චිය” ලෙසිනි. ඔවුන් එයට ”පිස්සු කෝච්චිය” යැයි කීවේ එය නිර්මාණය කිරීමේදී වැය වුණු අති විසල් ධනස්කන්ධයත්, එය සාදන කාලසීමාව තුළ විනාශ වුණු මිනිස් ජීවිත සංඛ්‍යාවත් පිළිබඳව සලකමිනි.

යකඩ සර්පයා ගැන අනාවැකිය කල් තියාම අසා තිබුණු මේ කලාපයේ උන් ගෝත‍්‍රික මිනිසුන්, යකඩ සර්පයාට තමන්ගේ භූමියට එන්නට පාරක් කපන්නට කැමති වූයේ නැත. මේ කලාපයේ උන් නන්දි නම් සටන්කාමී ගෝත‍්‍රයේ මිනිස්සු, තමන්ගේ පාරම්පරික භූමියට යකඩ සර්පයකු ගෙන එන්නට සැරසෙන ”සුදුපාට මිනිසුන්”ට එරෙහිව සටන් කරන්නට තීරණය කළහ. අවසානයේ තමන්ට තව දුරටත් සටන් කරන්නට නොහැකි බව වැටහී ”නන්දි ගෝත‍්‍රිකයන්” ඒ සටන අත්හරින විට, නන්දි ගෝත‍්‍රිකයන් දහස් ගණනකට දිවි අහිමි වී තිබිණ.

කිම්න්යෝල් පූජකයාගේ අනාවැකිය සැබෑවක් විය.

train2ගෝත‍්‍රික මිනිසුන්ව පරදා යකඩ සර්පයා ජය ගත්තේය. කිම්න්යෝල් කී නොකී බොහෝ දේ සිදුවිය. ඔහඳු සිහිනෙන්වත් දැක නොතිබුණු අයුරින් නන්දි ගෝත‍්‍රිකයින්ගේ භූමියත්, ගෝත‍්‍රිකයිගේ ජීවිතත් වෙනස් විය. විනාශ විය.

මේ දුම්රිය මාර්ගය ගොඩනැඟීම ඇරඹෙන්නේ අප‍්‍රිකාවේ කොටස් අත්පත් කරගන්නට බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් උත්සාහ ගනිමින් උන් මුල් අවදියේය. 19 වන සියවසේ අවසාන භාගය වනවිට යුරෝපීය ජනපදවැසියන් අප‍්‍රිකානු වෙරළ තීරයේ තමන්ගේ වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවා ගනිමින් සිටිය මුත්, එතැනින් ඔබ්බට රට අභ්‍යන්තරයට යන්නට තරම් කිසවකු නිර්භීත වූයේ නැත. ඒ වන විට බි‍්‍රතාන්‍ය ජාතිකයෝ ප‍්‍රධාන වශයෙන්ම ඊජිප්තුවටත්, නැෙඟනහිර හා දකුණු අප‍්‍රිකාවටත් පැමිණ උන් අතර, නැෙඟනහිර වෙරළ තීරයෙන් සෑහෙන කොටසක් අත්පත් කරගෙන සිටියහ. ප‍්‍රංශය විසින් බටහිර අප‍්‍රිකාව අත්පත් කරගෙන තිබුණු අතර ඔවුන් කෙමෙන් රට අභ්‍යන්තරයටත් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන තිබිණ.

කෙමෙන් අප‍්‍රිකාව පුරා ව්‍යාප්ත වන ප‍්‍රංශ ජනපදකරණයේ මඟ අහඳුරන්නට බි‍්‍රතාන්‍යයන්ට උවමනා විය. ඒ සඳහා ඔවුන් තෝරාගත් උපාය මාර්ගය වූයේ මොම්බාසා වරායත්, නයිල් ගෙඟ් උල්පත වූ වික්ටෝරියා විලේ නැෙඟනහිර වෙරලත් යා කරමින් දුම්රිය මාර්ගයක් තැනීමයි. මේ මගින් නයිල් ගංගාව ආශ‍්‍රිත ජන ජීවිත පාලනය කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක් විය. මේ මහද්වීපය දකුණු හා උතුරු අප‍්‍රිකාව ලෙසින් දෙකට බෙදන්නේ නයිල් ගංගාව මගින් වීමත්, ඒ නිසා මේ ආශ‍්‍රිත ජනතාවගේ පාලනය අතට ගත හොත් තමන් හා තරගකාරීවන ආක‍්‍රමණිකයකුගේ පැතිරීම වළකන්නට එය බෙහෙවින් උපකාරී වන බවත් බි‍්‍රතාන්‍යයන් විසින් තීරණය කොට තිබිණ. එසේම නයිල් ගෙඟ් පාලනය අතට ගැනීම වාණිජ වශයෙන්ද ඔවුන්ට සෑහෙන්නට වාසිදායකය.

1895 වසරේ දෙසැම්බර් මාසයේදී, ජෝර්ජ් වයිට්හවුස් නම් වූ බි‍්‍රතාන්‍ය ඉන්ජිනේරුවරයාට කෙන්යා-උගණ්ඩා දුම්රිය මාර්ගය ගොඩනැඟීමේ කාර්යය පවරන ලදී. ඔහඳු බි‍්‍රතාන්‍යයේ සිිට මම්බාසා වරායට ආවේ, මේ දුම්රිය මාර්ගය හැදිය යුතු මාර්ගය ගැන කටුසටහනක් පමණක් අතැතිවය. ඒ කටුසටහනේ ඇඳ තිබුණු තනි ඉරෙන්, නියෝජනය වූයේ සැතපුම් දහස් ගාණක දුරකි. ඉතින් එය ඒ කාලයේදී බි‍්‍රතාන්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරවන්නට සූදානම් කෙරුණු සුවිසල්ම ගොඩනැඟුම් ව්‍යාපෘතිය වීය. මේ දුම්රිය මාර්ගය ගොඩනැඟීම විශාල වියදමක් දරන්නට සිදුවන කාර්යයක් මෙන්ම, අති විශාල ශ‍්‍රමයක්ද වැය කරන්නට සිදුවෙන දුෂ්කර කාර්යයක් බව ඔවුන්ට තේරුම් ගන්නට සිදුවිය. මාම්බෝසා සිට බටහිරට විහිදෙන අති විශාල ප‍්‍රදේශයක් දැඩි ජලහඟගයක් පවතින කලාපයක් වූ අතර, එම කලාපය තවලම් විසින් පවා මඟ හැර යන පෙදෙසක් විය. එතැනින් එහාට කිලෝමීටර් පන්සීයක් පමණ මේ රේල්පාර ගොඩනැඟිය යුත්තේ ගස් නැති තැනිතලා තණ බිම් ඔස්සේය. මේ තණබිම් කලාපයේ සිංහයින්ගෙන් සිදුවන අනතුරු මෙන්ම මදුරු කරදරයද බහඳුලය. ඉන්පසු හමුවන්නේ ගිනික\ු සහිත උස් බිම් කලාපයයි. දුම්රිය මාර්ගයේ අවසන් කිලෝමීටර් 150 විල් ඉවුර ඔස්සේ දිවෙන්නක් වූ අතර, ඒ බිම වගුරුබිම් බහඳුල කලාපයකි.

1896 දී මොම්බාසා වලින් මේ දුම්රිය මාර්ගය ගොඩනැෙඟන්නට පටන් ගත්තේය. මාර්ගය දිවෙන්නේ එහි ගමනාන්තය වූ වික්ටෝරියා විලේ නැෙඟහිර වෙරල දක්වාය. ඊළඟ වසර පහ තුළදී, මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අති විශාල වශයෙන් මොම්බාසා වරාය වෙත ගෙන එන්නට විය. රේල් පීලි 200,000 ක්, සිල්පර කොට මිලියන 1.2 ක්, මූට්ටු තහඩු 200,000 ක්, පතුරු මූට්ටු ඇණ 400,000 ක් හා වානේ යතුරු සහ වානේ ගේ‍්‍රඩර මිලියන 4.8 ක් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අතර විය. ඊට අමතරව මේ සඳහා යොදා ගන්නට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර හා බර වාහන විශාල සංඛ්‍යාවක්ද ගෙන එන්නට සිදුවිය. දුම්රිය එන්ජින්, මගී ප‍්‍රවාහන පෙට්ටි, හා දුම්රිය වල අනෙකුත් කොටස්ද වෙන වෙනම ගෙන එන ලදී.

අනතුරුව මේ සියල්ල තැන්පත් කරන්නට බඩු ගබඩාවන්ද, කම්කරුවන්ට හා නිලධාරීන්ට නවාතැන් ගන්නට නිවාසද, කම්හල් හා වැඩපොළවල්ද ඉදිකරන්නට විය. සාමකාමී අලස වෙරළබඩ නගරයක් වූ මොම්බාසා නගරය ක‍්‍රියාකාරී වරාය නගරයක් බවට පත් විය.

මෙහි ඉදිකිරීම් වැඩ සඳහා කම්කරුවන් ගෙන ආවේ එවකට බි‍්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාවෙනි. නිසි පරිදි ගෙවන වැටුප්, නොමිලයේ ලැබෙන කෑම බීම, හා නොමිලේ ලැබෙන ප‍්‍රවාහන පහසුකම් නිසා කම්කරුවන් තිස් හත්දාහක්ද, තවත් පුහඳුණු කාර්මික ශිල්පීන් විශාල සංඛ්‍යාවක්ද මේ දුම්රිය මාර්ගයේ සේවය සඳහා පැමිණ සිටියහ. මාස හයක් ගත වෙන්නටත් කලියෙන් මේ ශ‍්‍රම හමුදාවෙන් අඩක්ම මැලේරියාව, පාචනය වැනි බහඳුල වසංගත රෝග වලින් අඩපණ වී වැඩ කරන්නට බැරි තත්ත්වයට පත්වූ අතර, ඉතිරි අයටද මේ කලාපයේ දැඩි උෂ්ණත්වයත්, දුහඳුවිල්ලත් දරාගෙන වැඩ කරන්නට අපහසු විය.

මේ ව්‍යාපෘතියේ බිහිසුණුම කාලසීමාව එළැඹුණේ 1898 දී සාවෝ ගංගාව හරහා දුම්රිය පාලමක් සාදන්නට ගිය අවස්ථාවේදීය. මේ කලාපයේ උන් මිනීකන සිංහයින් දෙදෙනෙක්, රාත‍්‍රී කාලයේදී කම්කරුවන්ගේ වාඩි වලට ඇවිත් නින්දේ සිටින කම්කරුවන්ව ඇදගෙන යන්නට හඳුරු වූහ. මේ බිහිසුණු සිංහ උවදුර මාස දහයක් තිස්සේම පැවති අතර, මිනිසුන් සිය ගණනක් මේ සිංහයින්ගේ ගොදුරු බවට පත් විය. තවත් කම්කරුවන් සිය ගණනක් සිංහයින්ට බිලිවෙනවාට බියෙන් රැකියාවෙන් පලා ගොස් තිබිණ. ඉන් ඇතිවුණු බලපෑම කොතරම්ද යත් දුම්රිය මාර්ගය ඉදි කිරීම සාවෝ වලින් නවත්වන්නට පවා සූදානම් කොට තිබිණ. එහෙත් සෑහෙන පරිශ‍්‍රමයකින් පසුව මේ සිංහයින් දෙදෙනාව දඩයම් කරගන්නට හැකි විය.

train3මෙම දුම්රිය මාර්ගය තැනීමේදී එහි වැඩ කළ කම්කරුවන් 2,500 ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වී තිබිණ. දුම්රිය මාර්ගයේ සෑම සැතපුමකටම ජීවිත හානි අඩුම තරමේ හතරක්වත් සිදුව තිබිණ. දුම්රිය මාර්ග කම්කරුවන්ගෙන් 6,700 ක පිරිසක් කෙන්යාවේම නතර වෙන්නට තීරණය කළ අතර ඉතිරි කම්කරුවෝ නැවතත් තම ගම්රටවල් බලා ගියහ. නතර වූ කම්කරුවන්ගෙන් කෙන්යාවේ ඉන්දියානු ජනවර්ගය බිහි විය.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත කර තිබුණු මුදල ඩොලර් මිලියන පහක් වූ නමුත් මාර්ගය සදා නිම කරන විට එය ඩොලර් මිලියන නවයක්ද ඉක්මවා තිබිණ. මෙය බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේද මාධ්‍ය වලින්ද බොහෝ සෙයින් විවේචනයට බදුන් වූ කරුණක් විය. මන්ද යත් මේ මාර්ගය ඉදිකිරීමේ වැඩකටයුතු ඇරඹෙන්නට පෙරම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඊට විරුද්ධත්වය දැක්වූ බැවිනි.

සියල්ලන්ගේම මතය වූයේ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම කිසිදු ප‍්‍රයෝජනයක් නැති ”පිස්සු වැඩක්” බවය. මේ දුම්රියට ”පිස්සු දුම්රිය” කියා නම් පටබැඳෙන්නටත් හේතු වූයේ එයයි.

එහෙත් ඇතැම් අය මෙය හැඳින්වූයේ ”ලෝකයේ එඩිතරම, ධෛර්යසම්පන්නම දුම්රිය මාර්ගය” යනුවෙනි.

ඉන්පසු එළැඹි අවුරුදු සියයක කාලය තුළ මේ කලාපයේ දියුණුවට මෙම දුම්රිය මාර්ගය සෑහෙන තරමේ රුකුලක් විය. එයින් අප‍්‍රිකානු භූමිය තුළට එන්නට බොහෝ දෙනෙකුට මාර්ගය විවර විය. මෙම දුම්රිය මාර්ගය තනන්නට කලියෙන්, නයිරෝබිය මිනිස් වාසයෙන් තොර වගුරු බිමක් විය. වර්තමානය වන විට මිලියන තුනකට අධික ජනගහනයෙන් යුතු නයිරෝබිය කෙන්යාවේ විශාලතම නගරයයි. කෙටියෙන් කිිවහොත් කෙන්යාව නම් රටක් ගොඩනැඟුණේ මේ දුම්රිය මාර්ගය නිසාය.

1900-1904 කාලය ඇතුළත නැෙඟනහිර අප‍්‍රිකාවේ බි‍්‍රතාන්‍ය කොමසාරිස්වරයාව උන් චාල්ස් එලියට් වරෙක මේ ගැන අපූරු කතාවක් කියා තිබිණ.

”රටක් වෙනුවෙන් රේල්පාරක් නිර්මාණය කිරීම කොහෙත්ම අසාමාන්‍ය කාරණයක් නොවේ. එහෙත් රේල්පාරක් නිසා රටක් නිර්මාණය වීම නම් ඇත්තටම සුවිශේෂී කාරණයකි.”

2017 වසර දක්වා අවුරුදු 116 ක් තිස්සේ අප‍්‍රිකාව වෙනුවෙන් සේවය කළ මේ දුම්රිය මාර්ගය අද වන විට විශ‍්‍රාම ලබා ඇත. ඒ වෙනුවට එයට සමාන්තරව දිවෙන නවීන දුම්රිය මාර්ගය විසින් එහි කාර්යය භාරගෙන ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles