Divaina - පාස්කු ප‍්‍රහාරය උඩු යටිකුරු වීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 pasku
 රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
 
අපේ‍්‍රල් මස 21 වන දින මුස්ලිම්/වහාබ් අන්තවාදීන් විසින් දියත් කළ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කතෝලික බැතිමතුන් 250 කට අධික සංඛ්‍යාවක් සහ විදේශිකයින් 40 ක් ජීවිතක්ෂයට පත් විය. එම ත‍්‍රස්ත ක‍්‍රියාව කිසිවෙක් බලාපොරොත්තු නොවූවක් විය. මන්ද රජය විසින් ඒ තත්ත්වයට සමාජය පත් කර තිබූ බැවිනි. බුද්ධි අංශ අකර්මණ්‍ය කොට, හමුදා නිලධාරීන් යුද අපරාධකරුවන් යැයි හංවඩු ගසා, දේශපාලනඥයින් තෘප්තිමත් කිරීමට හමුදා කඳවුරු ඉවත් කරමින්, අහම්බෙන් හෝ හමු වූ ආයුධ, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විස්තර ජනතාවගෙන් සඟවමින්, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ”සංහිඳියාවේ” නමින් නිදහස් කරමින්, කරන ලද අමනෝඥ ක‍්‍රියා හේතුවෙන් කිසිදු බාධාවකින් තොරව කිලෝ 35 - 40 ක් බර ඇති බෝම්බ පිටේ බැඳගෙන දෙනෝදාහක් අතර ත‍්‍රස්තවාදීන්ට නිදහසේ තම ඉලක්ක කරා යෑමට හැකි විය. පාස්කු ප‍්‍රහාරයෙන් අහිමි වූ ජීවිතවල පූර්ණ වගකීම රජය භාර ගත යුතු බැව් අප වගකීමෙන් යුතුව කියන්නේ එබැවිනි.
 
 
pasku2ප‍්‍රහාරය සිදු වූ වහාම ආරක්ෂක හමුදා, පොලිසිය ඉතා කාර්යක්ෂමව ක‍්‍රියා කරමින් ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදීන් කවුදැයි හඳුනා ගත්හ. එසේම මුස්ලිම් පල්ලිවල තිබී කඩු, කිරිච්චි සහ ගිනි අවි ද සොයා ගත්හ. ත‍්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ මුස්ලිම් දේශපාලනඥයින් කවුදැයි ද හඳුනා ගත්හ. ත‍්‍රස්තවාදීන්ට කෝටි ගණන් මුදල් ආවේ කෙසේද යන්නත් එයට මුල් වූ මුස්ලිම් දේශපාලකයින් කවුදැයි යන්නත් සොයා ගත්හ.
 
 නමුත් පාස්කු ප‍්‍රහාරයෙන්
මාස 3 කට වඩා ගත වී ඇති මේ මොහොත වන විට සිදුව ඇත්තේ කුමක් ද? කඩු කිරිච්චි විශාල ප‍්‍රමාණයක් හමු වූ පල්ලිවල ප‍්‍රධානීන් අත්අඩංගුවට ගත් බවක් හෝ ඔවුන් හට නඩු පැවරූ බවක් හෝ ජනතාව දන්නේ නැත. ත‍්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත් වූ එකදු මුස්ලිම් දේශපාලනඥයෙක් හෝ එක් දිනකටවත් අත්අඩංගුවේ පසු වූයේ නැත. (දිගන සිංහල මුස්ලිම් ගැටුමේ දී දිලූම් අමුණුගම මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ අයුරු අප දුටුවෙමු.) බෝම්බ සෑදූ බවට සැක කරන ඊබ‍්‍රාහිම්ගේ තඹ ෆැක්ටරියේ සේවකයින්ට ඇප ලැබිණ. ජමෙයිතුල්ලා කොළඹ නායකයා අද ඇප පිටය. රිෂාද් බදුර්දීන් නැවතත් ඇමැති ධුරය හොබවයි. මේ වන විට මුස්ලිම් දේශපාලනඥයින් සිටියාටත් වඩා ශක්තිමත්ව නැගී සිටි. "අප ෂරියා නීතියට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. අඩු වයසින් කසාද බඳින මුස්ලිම් නීතිය ත‍්‍රස්තවාදයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ ළඟ සුළු ජාතික ඡුන්ද 30% ක් තියෙනවා. ජනාධිපති තෝරන්නෙ අපි” අසාත් සාලි නමැති හිටපු ආණ්ඩුකාරවරයා පසුගිය දිනෙක කටමැත දෙඩූ අයුරුයි ඒ.
 
 මුස්ලිම්/වහාබ් අන්තවාදයට විරුද්ධව ක‍්‍රියා කිරීම යනු සාමාන්‍ය මුස්ලිම් ජනතාවට විරුද්ධව ක‍්‍රියා කිරීම නොවන බව සියල්ලන්ම අවබෝධ කරගත යුතු කරුණකි. කොටි ත‍්‍රස්තයින් හා කළ අවසාන සටනේදී සාමාන්‍ය දෙමළ ජනතාව ලක්ෂ 3 ක් පමණ බේරා ගත්තේ හමුදාවයි. දෙමළ කොටි ත‍්‍රස්තයින්ට විරුද්ධව ක‍්‍රියා කිරීම එසේනම් සාමාන්‍ය දෙමළ ජනතාවට විරුද්ධ වීමක් නොවේ. නමුත් අන්තවාදියා/ත‍්‍රස්තවාදියා කුමන ජාතියේ එකෙක් වුවද ජාති භේදයකින් තොරව සියල්ලන්ම එම අන්තවාදයට විරුද්ධ විය යුතුය. එසේ නොමැතිව එම ත‍්‍රස්තයා තම ජාතියේ බැවින් ත‍්‍රස්තයාට කෙනෙක් සහය දක්වයි නම් ඔහු/ඇය ද ත‍්‍රස්තවාදියෙක්ම වේ. මන්ද, ත‍්‍රස්තවාදය ගැන කතා කරන විට ”අතරමැදියෙක්” නොමැති බැවිනි. ‘එක්කෝ ඔබ ත‍්‍රස්තවාදියෙක් නැත්නම් ඔබ ත‍්‍රස්තවාදියෙක් නොවේ’ යන්න ප‍්‍රසිද්ධ කියමනකි.
 
කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිගේ බැංකු ගිණුමට රුපියල් කෝටි ගණනක් බැර වී තිබුණ බව සිසිර ජයකොඩි මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ලේඛන ඉදිරිපත් කරමින් පෙන්වීය.
 
 වෛද්‍ය ෂාෆි ප‍්‍රථමයෙන් අත්අඩංගුවට ගත්තේ එසේ විශාල වශයෙන් මුදල් ලැබුණු අන්දම පිළිබඳව ඔහුට පිළිගත හැකි කරුණු ඉදිරිපත් කළ නොහැකි වූ නිසාය. ඉන් පසු ඔහුට විරුද්ධව, සිංහල මව්වරුන් සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාල සිර කරමින් වඳ භාවයට පත් කළා යැයි බරපතල චෝදනාවක් ඉදිරිපත් විය. ඒ අනුව ඔහුගේ එම සිසේරියන් සැත්කමට භාජන වූ සිංහල මව්වරුන් 1000 කට අධික සංඛ්‍යාවක් තමන් ඉන්පසු කිසිම දරු සම්පතක් නොලැබුණු බැව් පවසමින් පැමිණිලි කළහ. වෛද්‍ය ෂාෆිගේ සැත්කමකට භාජනය වූ කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් සැත්කමෙන් පසු කිසිදු දරුවෙක් පිළිසිඳ ගැනීමට/ගැබ් ගැනීමට නොහැකි වීම ස්වභාවික තත්ත්වයක් නොවේ. එය අස්වාභාවික තත්ත්වයක් බැව් කීමට පැලෝපීය නාළ විශේෂඥයකු වීමට වුවමනා නැත. DEMOGRAPHIC EVIDENCE හෙවත් ප‍්‍රජා මූල දත්ත අනුව ඉදිරිපත් වන සාක්ෂි මත තීරණවලට එළඹෙන අවස්ථා එමට තිබේ. නමුත් අද වෛද්‍ය ෂාෆි ඇප පිට නිදහස්ව සිටින අතර, ඔහුට විරුද්ධව තිබූ මුදල් චෝදනාව පිළිබඳව සියල්ලන්ම නිහඬය. මේ පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් වීම ජනතාව සතු අයිතියකි. වෛද්‍ය ෂාෆි වැරැද්දක් කර ඇත්නම්, කෝටි ගණනක මුදලක් තමාගේ ගිණුමට ආවේ කෙසේ දැයි ඔහුට කිව නොහැකි නම් ඒ මුදල් යනු සිංහල මව්වරුන් වඳ කිරීම වෙනුවෙන් ඔහුට ලැබුණු මුදල් යැයි ජනතාව උපකල්පනය කිරීම සාධාරණ වේ. එවන් උපකල්පනයන් බිහි කිරීමට ඉඩ නොදීම රජය සතු වගකීමකි. රජය එම කාර්යය නොකරයි. එසේ නම් රජය මුස්ලිම් සුළු ජාතික ඡුන්දවලට මුස්ලිම් දේශපාලනඥයින්ට සිංහල ජාතිය පාවා දෙනවා යැයි ප‍්‍රකාශ කිරීම අසාධාරණ නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකි නොවේද? වෛද්‍ය ෂාෆි තමාට සිදු වූ ‘අපහාසයට’ විරුද්ධව නඩු පැවරීමට යන බවට තොරතුරු ලැබී ඇත. මේ අතර ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා වහාම මාරු කොට නැවත අවලංගු කර ඇති අතර නැවත වතාවක් ඔහු ප‍්‍රදේශයෙන් පිට මාරු කිරීමට යන බැව් දැන ගැනීමට තිබේ. එසේම රෝහල භාර අධ්‍යක්ෂවරයාට ද විරුද්ධව කටයුතු කිරීමට යයි. පීඩාවට පත් මව්වරුන් සිත් තුළ මෙවන් තත්ත්වයක් කුමන නම් හැඟීමක් ඇති කරයිද? කවුරු හෝ දේශපාලනඥයෙක් හෝ රාජ්‍ය නිලධාරියෙක් හෝ උක්ත සඳහන් කළ මව්වරු දහසකගේ පැමිණිලි බරපතළ සේ නොසලකා හැරියේ නම් හෝ වෛද්‍ය ෂාෆි හට උක්ත සඳහන් මුදල් පිළිබඳ චෝදනාව යටපත් කළේ නම් හෝ එවන් පුද්ගලයින්ට විරුද්ධව අනාගතයේදී නීති ප‍්‍රකාර කටයුතු සිදුවන බැව් සැවොම අවබෝධ කරගත යුතුය.
 
 අද මුස්ලිම් අන්තවාදීන්/වහාබ් අන්තවාදීන් සිංහල ජාතියට විරුද්ධව භයානක කුමන්ත‍්‍රණයක් දියත් කර ඇති බැව් ප‍්‍රකට කරුණකි. එය එසේ නම් වහාම ඊට විරුද්ධව ක‍්‍රියා කොට එම අන්තවාදීන්ට දැඩි දඬුවම් දීමත්, එය එසේ නොවේ නම් ජනතාවට එය සාක්ෂි ඇතිව පැහැදිලි කර දීමත් රජය සතු වගකීමකි. ජනතාව බොහෝ විට නීතිය අතට ගන්නේ රජය එලෙස තම වගකීම පැහැර හරින බැවිනි.
 
 රන්ටැඹේ ජලාශයෙන් මිනිපේ ඇළට සහ ලොග්ගල් ඔයට ජලය සැපයේ. මෙම ඇළවල් දෙක දෙපසේ පදිංචිව සිටින්නේ මුස්ලිම් සහ සිංහල ගොවි පවුල්ය. නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම දත්තයන්ට අනුව මෙම ගොවි පවුල් අතරින් CKDU හෙවත් හඳුනාගත නොහැකි හේතු නිසා දරුණු වකුගඩු රෝගවලට ලක්ව ඇත්තේ සිංහල ගොවි පවුල් පමණක් බවට තොරතුරු ලැබී තිබේ. එකම ජලය පාවිච්චි කරන එකම පොහොර පාවිච්චි කරන ජනතාවගෙන් මුස්ලිම් පවුල් හැර සිංහල පවුල්වලට පමණක් දරුණු වකුගඩු රෝග සෑදී තිබීම සත්‍ය නම් එසේ වන්නේ සිංහලයින් පමණක් ගන්නා ආහාරවලින් විය යුතුය. එනම් සිංහලයින් විසින් ගන්නා ආහාරවලට වස විස දමා තිබිය යුතුය. එය වහාම පරීක්ෂා කළ යුතු කරුණකි. මෙවන් ආරංචි පැතිර යෑමෙන් මුස්ලිම් අන්තවාදීන් සිංහලයින්ට විරුද්ධව කුමන්ත‍්‍රණය කොට ජාතිය වැනසීමේ ක‍්‍රියාවලියේ යෙදෙනවාය යන කරුණ සනාථ වේ.
 
 එවන් කුමන්ත‍්‍රණයක් තිබේය යන්න සනාථ කෙරෙන සාක්ෂි දැනටමත් ඉදිරිපත් වී ඇති බැවින් රජය මීට මැදිහත් විය යුතු වේ.
 
 ගම්පොල තේ කුඩු අලෙවි කරන මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයෙකුගේ වෙළෙඳ ස්ථානයකින් තේ කුඩු පැකට් සමග අධික විෂ රසායන සහිත කෑන් ලීටර් 1600 ක් හමු වූ බව ජනමාධ්‍ය තුළින් පෙන්වා තිබේ. එසේම තුනපහ අලෙවි කරන මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ ස්ථානයකින් ද එසේ වස කෑන් විශාල සංඛ්‍යාවක් සොයා ගත් පුවත අප අසා ඇත්තෙමු. එවන් වස අඩංගු තේ පානය කළහොත් හෝ තුනපහ පාවිච්චි කළහොත් හෝ එය වකුගඩුවලට දරුණු ලෙස බලපාන බව වෛද්‍යවරුන්ගේ මතයයි. එසේ නම් මෙම කාරණා සත්‍යද නැද්ද යන්න පිළිබඳව දැන ගැනීමට ජනතාවට අයිතියක් නැද්ද?
 
 හදිසි ගැබ් ගැනීම් වැළැක්වීමට ගන්නා බෙහෙතක් ලෙස පොස්ටිනර් පෙත්ත භාවිතා කරයි. සංසර්ගයේ යෙදී පැය 12 කින් සහ පැය 48 කින් එම බෙහෙත ගත් විට කිසිදු පිළිසිඳ ගැනීමක් සිදු නොවේ. මෙෆ ප‍්‍රිස්ටෝන් නමැති ඖෂධය ගත් විට මාස හයක දරු ගැබක් වුවද විනාශ කළ හැකි බව නාරි වෛද්‍ය විශේෂඥවරු පවසති. තමන් කැමැත්තෙන් ඒ ඖෂධය ගත් කල එසේ දරු ගැබ් විනාශ කිරීම් හෝ නතර කර ගැනීම් හෝ කළ හැක. නමුත් තමන් නො දැනුවත්ව එම ඖෂධය තමා ගන්නා ආහාර සමග නිතර භාවිතා කළ හොත්? එවිට ද දරු ගැබක් තිබේ නම් එය විනාශ නොවන්නේ ද? ස්ත‍්‍රීන්ට නම් එසේ වන අතර, එම බෙහෙත අඩංගු ආහාර නිතර ගතහොත් පුරුෂයන්ගේ ශුක‍්‍රාණුවල ශක්තිය ද හීන වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. තමන් ට විශ්වාස නැති ආපන ශාලාවලින් නිතරම කොත්තු රොටී, රයිස් යනාදිය මිලදී ගන්නා විට පරෙස්සම් විය යුත්තේ එබැවිනි. කාලකන්නි අන්තවාදී සංවිධාන මගින් පෙර කී බෙහෙත් පෙති කුඩු කර ආහාරවලට මිශ‍්‍ර කර දිය හැකි බැවිනි. අද බොහෝ සිංහල තරුණ යුවලයන් දරුවන් නොමැතිකම නිසා වෛද්‍යවරු හමුවෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනා සැමියා සහ බිරිඳ දෙදෙනාම වැඩට යන අය වන අතර, බොහෝවිට රාත‍්‍රී කෑම ගන්නේ ”ටේක් අ’වේ” කඩවල්වලිනි. දරුවන් නොමැති වීමට හේතුව මෙසේ කඩවල්වලින් නිරතුරුව විස සහිත ආහාරය ගැනීම විය නොහැකිද?
 
 2019 ජුලි මස 10 වන දින හොර බෙහෙත් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලනු ලැබීය. එය මුස්ලිම් ෆාමසි ජාලයක් වන ”හාර්කොට්ස්” ෆාමසියකි. එහි දී රුපියල් කෝටි ගණනක් වටිනා කමකින් යුත් කල් ඉකුත් වූ ව්‍යාජ ලෙස සකස් කළ බෙහෙත්
 
 රැසක් අත්අඩංගුවට ගැනිණ. එම බෙහෙත් අතර ගැබිනි මවුවරුන්ට සහ කුඩා දරුවන්ට දෙන බෙහෙත් විශාල වශයෙන් සාමාන්‍ය පොහොර උරවල බහා තිබිණි. මෙම විෂ සහිත බෙහෙත් මූලිකව ඉලක්ක කර ඇත්තේ දරුවන් සහ ගැබිනි මවුවරුන්ය. භයානක රසායනික ද්‍රව්‍ය එකතු කරමින් වෙනස් කළ එම ඖෂධ ශරීර ගත කළ විට ගැබ් විනාශ වන බවත්, දරුවන් අකාලයේ මිය යන බවත්, වර්ගයා බෝ කිරීමේ ශක්තිය නැති වන බවත් වෛද්‍යවරු පවසති. එසේ නම් මෙහි සත්‍ය අසත්‍යතාව ජනතාවට දැන ගැනීමට සැලැස්වීම රජයේ වගකීමක් නොවන්නේද? මෙම ඖෂධ මාෆියාව සහ හිතාමතාම බෙහෙත් පෙතිවල අන්තර්ගතය වෙනස් කොට විස ඇතුළත් කොට නැවත සකස් කොට වෙළෙඳපළට යවා ඇති බව සත්‍ය නම් ඔවුන්ගේ ව්‍යාපාර සියල්ල රාජසන්තක කොට, ඔවුන්ට විරුද්ධව මිනීමැරුම් චෝදනා ගොනු කළ යුතු නොවේද? නමුත් රජය කිසිත් නොකරයි. කරන බවක් ද නොපෙන්වයි.
 
 මේ අතර ලංකාවේ නීතිගත කර නැති ගබ්සා කළ හැකි ඖෂධ තොග පිටින් ළඟ තබාගත් වරදට මුස්ලිම් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් උසාවියෙන් දඬුවම් ලැබ (දඩ මුදලක් ගෙවා) එසේ තබා ගැනීම පිළිබඳව උසාවි නියෝගයක් මත ජනතාවගෙන් සමාව ඉල්ලා පුවත්පත්වල දැන්වීම් පළ කර තිබූ අයුරු අප දැක ඇත. එසේ නම් මේ සියල්ල ඉතා සැලසුම් සහගත ලෙස සිංහල ජාතිය විනාශ කිරීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ කුමන්ත‍්‍රණයක් යැයි උපකල්පනය කිරීම වරදක් ද? මෙයට සාමාන්‍ය මුස්ලිම් ජනතාව වගකිව යුතු නැත. නමුත් මුස්ලිම් අන්තවාදීන්ගේ මෙම නින්දිත ක‍්‍රියා වළක්වාලීමට ඔවුන්ගේ ද සහාය අවශ්‍ය වේ. ඔවුන් මේ පිළිබඳව බුද්ධි තොරතුරු ලබා දීම අප අගය කොට සලකන්නේ එබැවිනි. වඳ බෙහෙත් කියා ලෝකයේ බෙහෙත් නොතිබිය හැක. නමුත් ඉහත සඳහන් පෙති භාවිතා කළ විට දරු ගැබ් විනාශ වේ. මීට ටික කාලයකට පෙර මහනුවර බාලිකා විදුහලක් ඉදිරිපිට තිබූ මුස්ලිම් වෙළෙඳ සලකින් එවන් බෙහෙත් ගැල්වූ ආහාර අලෙවි කොට එය පරීක්ෂණවලින් තහවුරු වූ පසු එම වෙළෙඳසලට සීල් තබා කඩහිමියාට දඬුවම් ද කොට ඇත. නමුත් අද වන විට එම වෙළෙඳ සල නැවත විවෘත කර ඇති බව ප‍්‍රදේශවාසීන් පවසයි. එතරම් බරපතළ වරදක් කළ අයෙකුට වෙනත් රටක නම් කුමන ආකාරයේ දඬුවමක් ලැබේද?
 
 කරුණු මෙසේ තිබියදීත් වහාබ් අන්තවාදය ගැන හඬ නගන ජ’පුරේ චන්ද්‍රරතන හිමිට සහ අනෙකුත් ජාතික වාදීන්ට ඉතා ප‍්‍රසිද්ධියේ මුස්ලිම් පුද්ගලයෙක් තර්ජනය කරමින් ‘මාසයක් ඇතුළත එම ක‍්‍රියා නැවැත්වූයේ නැත්නම් අප කරන දේ බලා ගත හැකියි’ යනුවෙන් ප‍්‍රකාශ කරන වීඩියෝවක් අද සමාජ ජාලයේ පවතී. ඔහු අසාද් සාලි හිටපු ආණ්ඩුකාරවරයාගේ හිතවතෙක් යැයි සමහරු පවසති. සිංහල පුද්ගලයෙක් එසේ අනෙක් ජාතියකට තර්ජනය කළා නම් මේ වන විට ඔහුගේ පවුල් පිටින් අත්අඩංගුවට ගෙන හමාරය. රජය ඔහුව සොයා ගන්නේවත් අත්අඩංගුවට ගන්නේවත් නැත්තේ ඉදිරි මැතිවරණ ගැන සිතා විය යුතුය. මෙසේ භික්ෂූන් වහන්සේට සහ අන්තවාදයට විරුද්ධව කතා කරන ජනතාවට තර්ජනය කළ පුද්ගලයාට අප එකක් කිව යුතුය. මේ රටේ තමුන්නාන්සේලා සිංහල බහුතරයට වින කටිමින්, තර්ජනය කරමින් තවමත් නිරුපද්‍රිතව ඉන්නේ මෙය සිංහල බෞද්ධ රටක් නිසා බවය. ඔවුන්ගේ උපේක්ෂා සහගත බව නිසාය. නමුත් සිංහලයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඔවුන් නීතිය අතට ගතහොත් තමන් ප‍්‍රකාශ කර ඇති ලෙස ඔවුන් මාසයක් බලා සිටින්නේ නැති බවය. 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles