Divaina - දියණිය ශිෂ්‍යත්වයට සැරසෙද්දී ප‍්‍රධාන ජේලර්ට වෙඩි තැබුවේ කවුද?

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 jelor

සමන් ගමගේ

මෙවර පහ වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගය යෙදී තිබුණේ ඉකුත් හතර වැනි ඉරිදා දිනයේය. තුන් වැනිදා දිනය උදා වන විට විභාගයට සූදානමින් සිටි රටේ දරුවෝ දහසකුත් බලාපොරොත්තු සිත් තුළ පුරවාගෙන ඒ කඩඉමට ජයගන්නා ආකාරය සිතන්නට වූහ. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා වූ මෙරඤ්ඤගේ තිළිණ රුවන් කුමාර මහතාට ද එදින ජීවිතයේ තවත් එක් සුවිශේෂී දිනයක් විය. ඒ ඔහුගේ දියණිය ද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බැවිනි. ගාල්ල අම්බලන්ගොඩ සැන්ටින් ද සොයිසා මාවතේ සිය කැදැල්ල තනාගෙන පදිංචිව සිටි තිළිණ කුමාර මහතා එළැඹෙන දිනයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ඉගෙනීමේ උපන් හපනියක වූ සිය දියණියගේ දස්කම් සිතින් මෙනෙහි කරමින් එදින හිමිදිරියේම රාජකාරියට පිටත්ව යෑම ස`දහා සූදානම් වන්නට විය.

බන්ධනාගාර නිලධාරියකු යැයි කී පමණින් අද සමාජයේ පවතින්නේ අඳුරු දැක්මකි. එහෙත් වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා වූ තිළිණ රුවන් ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ චරිතයක් විය. ඔහුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බ`දවා ගන්නා නිලධාරීන් පුහුණු කිරීමේ පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර් තනතුරට තෝරා ගැනීමට බලධාරීන් කටයුතු කරනුයේ ද දෙපාර්තමේන්තුවට සිටි යහපත් නිලධාරියකු ලෙස කා අතරත් ප‍්‍රකටව සිටි නිසාමය. හිමිදිරියේ රාජකාරියට යෑමට සූදානම් වෙමින් සිටි තිළිණ වෙත පැමිණි ඔහුගේ දියණිය එදා ඔහුගෙන් විශේෂිත ඉල්ලීමක් කරන්නට වූවාය. ‘අප්පච්චි හෙට මගේ විභාගෙනේ. මට අද හවසට අප්පච්චිත් එක්ක පන්සලට ගිහින් බෝධි පූජාවක් තියන්න ඕනේ. අප්පච්චි අද වෙලාසනින් එනවා නේද මාව එක්කගෙන යන්න...’ එය එළැඹෙන දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පුංචි දියණිය තිළිණගෙන් කළ ඉල්ලීම විය. කරන්න ඇති රාජකාරි බහුලය. එහෙත් බොහෝ සේ දරුවන්ට ආදරය දැක්වූ පියකු වූ තිළිණට දියණියගේ ඒ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් තිබුනේ නැත. ‘හා.. දුව අම්මත් එක්ක ලැහැස්ති වෙලා ඉන්නකෝ... අප්පච්චි එන්නම් පන්සල් යන්න...’ අවසානයේ මලක් සේ මෘදු සිය දියණියගේ මුහුණ සිප හාදුවක් ද දුන් තිළිණ රාජකාරියට යෑම සඳහා සුපුරුදු ලෙස යතුරු පැදියට නැගී අම්බලන්ගොඩ දුම්රි ස්ථානය තෙක් පැමිණ වෙනදා නවතා තබන තැන යතුරු පැදිය නවතා දුම්රියෙන් කොළඹ බලා පිටත් විය.

මේ අන්දමට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ රාජකාරියට වාර්තා කළ තිළිණ එදින වෙනදාටත් වඩා යුහුසුළුව සිය රාජකාරි කටයුතු නිම කරන්නට විය. රාජකාරිය ස`දහා නිවසින් පිටත්වීමට සූදානම් වූ හිමිදිරියේ තමන් වෙත පැමිණි දියණිය කළ ඉල්ලීම දරු සෙනෙහසින් පිරී ගිය ඔහුගේ සිතේ කොනක තැන්පත්ව තිබීම ඒ යුහුසුළු බවට හේතු වී තිබිණි. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ රාජකාරියට එක්වීමට පෙර තිළිණ රුවන් කුමාර මහතා ගාල්ල බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකු ලෙස රාජකාරි කරනු ලැබිණි. ගාල්ල බූස්ස මෙන්ම ගාල්ල බන්ධනාගාරය යනු දකුණේ පාතාලයන්ගේ ප‍්‍රකට නවාතැන විය. එහෙත් මොන පාතාල කෙරුමා පැමිණිය ද එළියේදී දැමූ සෙල්ලම් බන්ධනාගාරය තුළ දමන්නට තිළිණගෙන් ඔවුන්ට ඉඩක් නොලැබිණි. මොන කෙරුමාට වුව වරදේදී කන පැලෙන්නට දෙකක් දුන් තිළිණ නිතර වෙහෙස ගත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිය රැකගන්නටය. තිළිණ බූස්ස බන්ධනාගාරයේ රාජකාරි කරන සමයේ ජංගම දුරකථන ආදී තහනම් ද්‍රව්‍ය බෙහෙතකටවත් සොයා ගැනීමට නොහැකි වන තරමටම එම බන්ධනාගාරය පිරිසිදු වී තිබිණි. මෙසේ රාජකාරි කරමින් සිටියදී ස්ථාන මාරුවක් ලැබූ ඔහු ගාල්ල බන්ධනාගාරයට එන්නේ එහි නියෝජ්‍ය ප‍්‍රධාන ජේලර්වරයා ලෙසය. එසේ පැමිණි පසුවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකගනිමින් සුපුරුදු ලෙස සිය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට තිළිණ පියවර ගත්තේය. එහෙත් ඔහුගේ ඒ වැඩපිළිවෙළ ගාල්ල බන්ධනාගාරයේ ප‍්‍රධානියකුගේ උදහසට හේතු විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව යනු ‘යහපත්’ නිලධාරීන්ගෙන් මෙනේම ඕනෑම දහදුරා වැඩක් කර බඩවඩා ගන්නා කුණු පංචස්කන්ධයන් ගෙන් ද බහුල වූ තැනක් බව අපි මුලින්ද කීවෙමු. ගාල්ල බන්ධනාගාරයේදී පාතාලයට සහ කුඩු කෙරුමන්ගේ වැඩවලට එරෙහි වෙමින් බන්ධනාගාරය පිරිසිදු කරන්නට වෙහෙසුණු තිළිණට එරෙහිව එසේ නැගී සිටියේ ඉහත කී අන්දමේ තරු පටි අතර බැබලෙමින් සිටි කුණු පංචස්කන්ධයකි. බන්ධනාගාරය පිරිසිදු කරන්නට වෙහෙසුණු තිළිණ බන්ධනාගාරගත පාතාලයන්ට කුඩු ජාවාරමුන්ට එරෙහිව නැගී සිටිද්දී උන්ට කඬේ ගියේ එකී තරු පටි පැළ`දි කුණු ශරීරය විය. අවසානයේ තිළිණත් එකී උසස් නිලධාරියාත් අතර ශීතල සටනක් ඇරඹෙන තැන දක්වාම ඒ කතාව දුරදිග යන්නට විය.

jelor2මේ කාලය වන විට රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි පාතාල නායක මනෝජ් මෙන්ඩිස් ඝාතනය ඇතුළු ඝාතනය ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දකුණේ පාතාලයේ රජා වී සිටියේ පොඩි ලැසී නොහොත් රත්ගම ලසිත් මධුසංකය. මෙසේ දකුණේ පාතාලයේ රජ වීමත් සමග පොඩි ලැසී ක‍්‍රමයෙන් කුඩු ජාවාරමට ද අවතීර්ණ විය. පොඩි ලැසීගේ කුඩු තිප්පලක් ඒ දිනවල ගාල්ල මීටියාගොඩ ප‍්‍රදේශයේ තැනක විය. ගාල්ල බන්ධනාගාරයේ සේවය කරමින් සිටි තිළිණ කුමාර දිනක් එකී කුඩු තිප්පල ආසන්නයේ තිබූ සත්ව ගොවිපළකට කුකුළු මස් මිලදී ගැනීම ස`දහා ගොස් තිබිණි. ඒ අතරේ මීටියාගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් කුඩු තිප්පළ වැටලීය. ඒ වැටලීමේදී ඒ ආසන්නයේ රැ`දී සිටීමේ වරදට තිළිණ කුමාරව ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කි‍්‍රයා කළේය.

එය හරියට ටෙලි නාට්‍යයක ජවනිකාවක් සේ වූ සිදුවීමකි. එදා තිළිණව අත්අඩංගුවට පත්වන අයුරු කිසිවකු විසින් හෝ ජංගම දුරකථනයකින් පටිගත කර මෙරට මාධ්‍යයට පවා ලබා දී තිබිණි. මාධ්‍යයෙහි ද ඉවක් බවක් නොමැතිව එය ප‍්‍රචාරය කෙරිණි. තිළිණ මෙසේ අත්අඩංගුවට පත් වීමත් සම`ග ඉන් උපරිම ප‍්‍රයොජනය ගත්තේ තිළිණ සමග ඒ වන විට හීතල යුද්ධයක පැටලී සිටි බන්ධනාගාර ලොක්කාය. හේ වහාම දෙපාර්තමේන්තු මට්ටමින් විමර්ශනයක් පවත්වා තිළිණගේ වැඩ තහනම් කරනු ලැබීය. කාලය ගෙවිණි. අවසානයේ මීටියාගොඩ පොලිසිය පැවරූ නඩුවෙන් මෙන්ම බන්ධනාගාර පරීක්‍ෂණයෙන් ද තිළිණ රුවන් කුමාර නමැති පිරිසිදු බන්ධනාගාර නිලධාරියා නිදොස් කොට නිදහස් විය. ඔහු වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා ලෙස රාජකාරියට එන්නේ ඉන් පසුවය. වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළ ජේලර් තිළිණ කුමාර සාමාන්‍යයෙන් සේවය නිම කර වෙනදා අම්බලන්ගොඩට පැමිණ නිවස බලා යෑමට යතුරුපැදියට නගිනුයේ රාති‍්‍ර 7.00 ට පමණය. එහෙත් දියණියට දුන් පොරොන්දුව අනුව ඉකුත් තුන් වැනිදා සවස 3.00 ට පමණ සේවය නිම කළ තිළිණ නිවස බලා පිටත් විය.

එසේ පැමිණි ඔහු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් බැස යතුරු පැදියට නැගී සුපුරුදු නිවස බලා පිටත් විය. ඒ හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණිය සමග පන්සල් යැමේ බලාපොරොත්තුව ඇතිවය. එහෙත් තිළිණට එසේ වැඩි දුරක් යෑමට මාරයා ඉඩ දුන්නේ නැත. තවත් යතුරුපැදියකින් ඔහු පසුපස හඹා ආ කුලී ඝාතකයන් දෙදෙනකු එල්ල කළ වෙඩි වරුෂාවකින් බරපතළ තුවාල ලැබූ තිළිණ මහම`ග ඇද වැටුණේ දියණියගේ බලාපොරොත්තුවේ දෑස් අසිහියෙන් මෙන් වැසී යමින් තිබූ තම දෙනෙත් ඉදිරියේ මැවෙමින් තිබියදීය. අවට සිටියෝ මහම`ග ඇදවැටී සිටි තිළිණ ජේලර් මහත්තයා වහා ඔසවාගෙන ති‍්‍රරෝද රථයකින් මීටියාගොඩ රෝහලට රැගෙන ගියහ. එහෙත් ඒ වන විටත් තිළිණ සිය දියණිය ඇතුළු ආදරණීය දරු තිදෙනා සහ බිරි`ද හැර දමා මොලොවින් සමුගෙන ගොස් තිබිණි.

අමානුෂික ලෙස සිදු වූ මේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන භාර වී ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. වාර්තා වන අන්දමට නම් තිළිණ සම`ග බද්ධ වෛරයකින් පසු වූ ගාල්ල බන්ධනාගාරයේ තරුපටි පැළ`දි කුණු පංචස්කන්ධය දකුණේ පාතාල කෙරුමා වූ පොඩි ලැසීට දුන් කොන්ත‍්‍රාත්තුවකට අනුව පොඩි ලැසීගේ ගෝලයන් දෙනෙකු විසින් තිළිණ මරා දැමූ බවට මේ වන විට පොලිසියට තොරතුරු ලැබී ඇත. උසස් නිලධාරියාගේ වුවමනාව සේම තිළිණ යනු දකුණේ පාතාලයට මහත් හිසරදයක් වී තිබීම ඔහු මරා දැමිමට තවත් එක් ප‍්‍රධාන හේතුවක් වූ බව ද හෙළි වෙමින් ඇත. පාතාලයන්ගෙන් සහ කුඩු ජාවාරමුන්ගෙන් ලබාගත් දොලපිදේනි හමුවේ අද ප‍්‍රකෝටිපතියකු සේ තැන තැන මාළිගා තනමින් සුපිරි ජීවිතයක් ගත කරන තිළිණට එරෙහිවූ ගාල්ල බන්ධනාගාරයේ උසස් නිලධාරියා සම්බන්ධයෙන් තිළිණ අඛණ්ඩව කි‍්‍රයාත්මක වීම ඝාතනයට තවත් හේතුවක් බවද අනාවරණය වී ඇත.

කිනම් කරුණක් අරබයා වුවද තමන් සේම නිල ඇ`දුම අ`දිනු ලබන සහෝදර නිලධාරියකු මරා දමන්නට තරම් ගාල්ල බන්ධනාගාරයේ උසස් නිලධාරියා අධමයකු වූයේ නම් ඔහුට දිය යුතු උපරිම දඬුවම දිය යුතුව ඇත. නියත වශයෙන්ම විනයගරුකව රාජකාරිය කළ මේ නිලධාරියාගේ දරුවන්ට හා බිරිඳට ඒ සාධාරණය ඉටු කරන්නට. ඒ පිළිබ`ද කඩිනම් පියවර ගැනීමට කාන්තාවක වූ බන්ධනාගාර ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියට හැකි විය යුතුමය. එසේම දරු තිදෙනකුට සහ බිරිඳකට පියකු සැමියකු අහිමි කෙරෙමින් අමු අමුවේ ම්ලේච්ඡ ලෙස තිළිණ කුමාර ජේලර් මහතා ඝාතනය කෙරෙනුයේ ඔහු මේ රටේ පාතාලයට කුඩු ජාවාරමට එරෙහිව නැගී සිටිමින් රාජකාරිය කරන්නට යෑම හමුවේය. එවන් නිලධාරීන්ට අත්වන ඉරණම මෙය නම් ඉදිරියේදී අනෙකුත් නිලධාරීන් ඇස් කන් පියාගෙන රාජකාරිය කිරීම නොවැලැක්විය හැකි කරුණක් වනු ඇත. එසේ නොවන්නට නම් එවන් නිලධාරීන්ට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමත් විය යුතුය. බන්ධනාගාර ඇමැතිතුමියනි. එවන් අවංක නිලධාරීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මින් ඉදිරියටවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ගත හැකි පියවර කුමක්ද? තිළිණ මියගොස් අවසන්ය. ඔහුගේ ජීවිත පූජාව තුළින් අද ජීවත්ව සිටින්නන් තුළ ශේෂ කර ඇති එකම ප‍්‍රශ්නය බවට එය පත්ව ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles