Divaina - බෝම්බය සවිකර තිබුණේ කොබ්බෑකඩුව ගමන් කළ ජීප්රියේ - එස්.ඒ.එෆ්. බළකායේ හිටපු පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ ජේ.ආර්.වයිට්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


kobbe

කීර්ති වර්ණකුලසූරිය

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය වී අගෝස්තු 8 වැනි දාට වසර 27 කි. කොබ්බෑකඩුව ඝාතනය සිදු කළේ කොටි නායක ප‍්‍රභාකරන්ද එසේත් නැත්නම් එවකට සිටි බලගතු දේශපාලඥයෙක්ද?

ජෙනරාල් කොබ්බෑකඩුව බි‍්‍රගේඩියර් විමලරත්න කොමදෝරු ජයමහ ඇතුළු පිරිස 1992 අගෝස්තු 8 දා යාපනයේ අරාලි තුඩුවේදී සිදු වූ බිම් බෝම්බ පිපිරීමකින් ජීවිතක්‍ෂයට පත් විය.

කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් මරාදැමූවේ තමා යැයි පැවසූ ප‍්‍රභාකරන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළිසන් දුන්නේය. එම ඝාතනයට සම්බන්ධ බවට සැක කළ පාර්ශ්වවලටද සිදු වූයේ එයයි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය අද මෙරට බොහෝ පාර්ශ්වවලට අමතකය. එහෙත් එම ඝාතනයට අදාළ සැක කටයුතු ප‍්‍රශ්න රැසක් මතු වී ඇත. මේ එම තොරතුරුයි.

1. මෙම හමුදා ප‍්‍රධානීන් ගමන් කළ යූ. එච්. ඒ. 8752 ලෑන්ඞ්රෝවර් ජීප්රිය මෙරටට ආනයනය කිරීමට පෙර ලියාපදිංචි කර තිබුණි.

2. අරාලි තුඩුව මාර්ගය එදින උදේ හමුදාව සෝදිසි කර තිබුණත් කොටි බිම් බෝම්බය ඈත ස`ගවන ලද්දේ කෙසේද?

3. ආරංචි මාර්ග පැවසුවේ කොබ්බෑකඩුව මහතා බරපතළ තුවාල ලබා වැල්ලේ සිටියදී කඩිනමින් ඔහුව හෙළිකොප්ටරයක් මගින් කොළඹට ගෙන ඒමට පියවර නොගැනීම.

4. කොබ්බෑකඩුව විමර්ශන ජනාධිපති කොමිසමට සතුරුසිංහ නැමැති කාන්තාවක් යොදවා සාක්‍ෂි නොම`ග යැවීම.

5. බිම්බෝම්බයෙන් කොබ්බෑකඩුව මහතා ජීවිතක්‍ෂයට පත්වීමට කලකට පෙර ඔහු ජනාධිපතිවරණයට තරග කරන බවට ප‍්‍රචාරයක් දියත් වේ.

6. කොබ්බෑකඩුව ගමන් කළ ජීප්රිය බිම්බෝම්බයට හසුවීමෙන් පසු විනාශ වූ ජීප්රියේ සුන්බුන් ඉවත් කිරීම.

kobbe2මෙම ප‍්‍රශ්නවලට වසර 27 ක් ගත වුවත් පිළිතුරු ලැබී නැත. මෙම ඝාතනය කොටි සංවිධානය ඇට වූ බිම්බෝම්බයක් නිසා සිදු වූවක් යැයි එවකට ජනාධිපතිව සිටි ආර්. පේ‍්‍රමදාස පත්කළ කොමිසම විසින් තීන්දු කරනු ලැබීය.

එහෙත් යුද හමුදාව තුළ එවකට පැතිරීගිය ආරංචිය වූයේ කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් ඝාතනය ඇතුළේ වැඩක් බවයි. මේ අතර ජනාධිපතිනිය ලෙස පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග පත් කළ විශේෂ ජනාධිපති කොමිසම සඳහන් කළේ දේශපාලනඥයකු එම ඝාතනයට වගකිව යුතු බවයි.

මෙම කොමිසම විමර්ශන සිදුකරන අවස්ථාවේ බි‍්‍රතාන්‍යයේ එස්. ඒ. එෆ්. නැමැති විශේෂ බළකායේ හිටපු පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ ජේ. ආර්. වයිට්ද ඊට සහය විය.

ඔහු අරාලි තුඩුවට ගොස් පිපිරීම සිදු වූ ස්ථානය සමීපයේ පිපිරීම් දෙකක් සිදු කළේය.

ඒ කොබ්බෑකඩුව ප‍්‍රමුඛ හමුදා නිලධාරීන් පිරිසගේ බරට සමාන බරක් ජීප්රියේ වැඩිකර බිම්බෝම්බයක් පුපුරුවා හැරීමට ක‍්‍රියා කළ අතර තමන් ජීප්රියක් තුළ බෝම්බයක් ස`ගවා එයද පුපුරුවා හැරීමයි.

මේ පිපිරීම් දෙක සිදු වූ ආකාරය නිරීක්‍ෂණය කළ එම එස්. ඒ. එෆ්. හිටපු නිලධාරියා නිගමනය කළේ කොබ්බෑකඩුව ගමන් කළ ජීප්රියේ බෝම්බයක් ස`ගවා තිබූ බවයි.

එහෙත් බෝම්බය තැබූ පුද්ගලයා අද වනතුරු හෙළි වුයේ නැත.

මෙම බෝම්බය සවිකර තිබූ ජීප්රිය සම්බන්ධව පනාගොඩ හමුදා කඳවුරේ ලියවිලිවල සැක කටයුතු සිදුවීම් රැසක් ගැන ජනාධිපති කොමිසමේදී හෙළි විය.

එසේම කොබ්බෑකඩුව ඇතුළු පිරිස බරපතළ තුවාල ලබා බිම වැතිරී සිටියදී ඡුායාරූප ගැනීමටද කි‍්‍රයාකර ඇතැයි හෙළි විය.

මේ අතර තවත් හාස්‍යජනක සිද්ධියක් හෙළි විය. කොබ්බෑකඩුව ඝාතනය සඳහා බිම්බෝම්බ ඇට වූ බව කියන කොටි ත‍්‍රස්තයන් පිරිසකට ප‍්‍ර‍්‍රභාකරන් තෑගි දෙන අයුරු දැක්වෙන ඡුායාරූප රජයේ සති අන්ත සිංහල පුවත්පතක පළ වීමයි.

කොබ්බෑකඩුව සමග ලූතිනන් කර්නල් ආරියරත්න ඒ. පලිපාලන් එච්. ආර්. ස්ටීවන් ඇතුළු පිරිස මරුමුවට පත් වූහ.

මෙම පිපිරීමට ගොදුරු වූ බි‍්‍රගේඩියර් විජය විමලරත්නටද පසුව සාවද්‍ය චෝදනා එල්ල වී අවමන් කිරීමටද ඇතැම් පාර්ශ්ව ක‍්‍රියා කළහ.

අරාලි තුඩුවට ගොස් ආපසු එන ගමනේදී කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පිරිස ගමන් කළ ලෑන්ඞ්රෝවර් රිය බිම්බෝම්බයක් ඇටවීමට කොටි ක‍්‍රියා කළේ කෙසේද යන්න බරපතළ සැකයකි.

ඉහළ පෙළේ හමුදා ආරංචිමාර්ග පැවසූවේ බිම්බෝම්බ පිපිරීම සිදුවන ස්ථානයට මීටර් 400 ක දුරින් හමුදා මේජර්වරු දෙදෙනෙකුද සිටි බවයි.

කෙසේ වෙතත් කොබ්බෑකඩුව කොමිසම ඉදිරියේ හමුදාවේ සැක කටයුතු ක‍්‍රියාදාමයන් රැසක් හෙළි විය.

වඩමාරච්චි සහ බලවේග මෙහෙයුම් දියත් කිරීමේ පුරෝගාමියා වූ ජෙනරාල් කොබ්බෑකඩුව හදිසියේම ඝාතනය වීම ගැන එම කොමිසම පැවැත් වූ විමර්ශනයේදී ඇතැම් හමුදා නිලධාරීන්ගේ අභිරහස් කටයුතු හෙළි වූවත් හමුදා පොලිසිය ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ක‍්‍රියා කළේ නැහැ.

මෙය පුදුමයක් නොවේ. ආර්. පේ‍්‍රමදාස සමයේ කොටින්ට අවි ආයුධ සැපයුනි. මේ අවි ආයුධ (නැදුන්කර්නි) වනයට රැගෙන ගිය ලූතිනන් මාදිගේ ආයුධ භාර දී ආපසු එන ගමනේදී ඝාතනය වීමේ සැලසුමක් දියත් විය.

එහෙත් මාදිගේ සාක්‍ෂි ලෙස ටී. 56 අවියක්ද රැගෙන පැන ගියේය. ඔහු කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයේ සහයෙන් ඉන්දියාවට පැන ගියේය.

ඉන්පසු කොටීන්ට රුපියල් මිලියන 50 ක් ලබාදීමට ආර්. පේ‍්‍රමදාස රජය ක‍්‍රියා කළේය. මේ මුදල් ගලධාරී හෝටලයේ නතර වී සිටි කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ කාර්යාලයේ විය. එදා අපි එම සිද්ධිය සියැසින් දුටුවෙමු. කොටින්ට රජයේ මුදල් දෙන බව ජනතාවටද වසන් වී තිබුණි. මේ අතීතය යටපත් කළ නොහැකිය.

එසේම කොබ්බෑකඩුව සිද්ධිය ගැන විමර්ශනය කිරීමට පැමිණි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ වයිට්ගේ නිගමනය කෙරේද එදා හමුදා බලධාරීන් නිසි පියවර නොගත් බව හෙළි විය. මේ අතර 1993 ජුලි මස ලන්ඩන් නුවරින් ප‍්‍රකාශයට පත්වන ද්‍රවිඩ ස`ගරාවක පළ වූයේ කොබ්බෑකඩුව ඝාතනය කොටි වැඩක් බවට පෙන්නුම් කිරීම තවදුරටත් ක‍්‍රියාත්මකයි.

බි‍්‍රතාන්‍ය පුපුරණ ද්‍රව්‍ය විශේෂඥ වයිට් බිම්බෝම්බ පිපිරී වළහෑරුණු ස්ථානය පරීක්‍ෂාවට ලක්කිරීමෙන් එය බිම්බෝම්බයක් නොවන බව තහවුරු කර ඇත. මේ සිදුවීම ගැන සියල්ලන්ව නිහඬ කර තිබේ.

මෙලෙස 1992 අගෝස්තු 8 වැනි දා ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුළු හමුදා නිලධාරීන් පිරිස ඝාතනය වීම ගැන හමුදාවද පරීක්‍ෂණයක් පවත්වා එය කොටි වැඩක් යැයි පළ කළේය.

එහෙත් කොබ්බෑකඩුව ගමන් කළ ජීප්රිය මෙරටට ආනයනය කිරීමට පෙර ලියාපදිංචි වූයේ කෙසේද යන්න හමුදාව හෙළි කළේ නැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles