Divaina - අනුරාධපුර අනාථයි... ගොවිතැන් බත් පාළුයි... දෙනෝදාහක් ගොවියන් හාමතේ

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


  anura


 එප්පාවල -රත්න බී. ඒකනායක

 
2015 ඉතිහාසයේ කියවෙන බැමිණිටියාසායේ හැඩරුව බලාගන්නට නැතහොත් බුදුන් දවස විශාලා මහනුවර සිදුවී යැයි කියන සංගදිය දැක බලාගන්නට අනුරපුරයෙන් මෙදා අවස්ථාව පෑදේ. යැයි ගොවි ජනතාව කියති. ඒ තරමට ඉඩෝරය සැරය. වැහි කඳුලක් නැතිව පොළොව පුපුරායන ගිනි අව්ව අනුරපුර පුරාවට පැතිරෙමින් පවතී.
 
anura2 රජරට අගනුවර අනුරාධපුරයයි. රජරට වශයෙන් ගත් කල පොලොන්නරුවද මීට අයත්ය. අනුරපුර පුරාවට වියළි සුළ`ගත් සමග හඹා එන සාගතය පොලොන්නරුවට වදින්නේ නැත. කප්රුකක් සේ ජනාධිපතිතුමන් පොලොන්නරුවේ ජනතාව අතර සිටී. එසේම මොරගහකන්ද ජලාශය කටගහ පිරෙන්නට වතුර පුරවාගෙන ඇත.
 
 නමුත් අනුරපුරට ඒ භාග්‍යය ලැබී නැත. මහවැව් කීපය හැරෙන්නට ගොඩරළුවේ ගම්මාන වැව් සියල්ල ද යාය වැව් සියල්ල ද වතුර සිඳීයමින් පතුල පෑදී ඇත.
 

 තුරුවිල” නාච්චදූව” නුවරවැව” රාජාංගණය ඒරුවැව ආදී ලොකුවැව් කීපය හැරෙන්නට සෙසු වැව් සියල්ලම පාහේ වැහි නැති අරෝවෙන් වේළෙමින් පවතී. එළාර” දුටුගැමුණු සටනේදී දුටුගැමුණු සෙබළ මුළට ආහාරපාන සම්පාදනයට විහාරමහා දේවිය විසින් ඉදිකරන ලදැයි සැලකෙන කටියාව වැව ද දැන් සිඳෙමින් පවති.
 
 එක් කන්නයකට වී මෙට්‍්‍රරික් ටොන් එක් ලක්‍ෂ හැටදහසක් පමණ නිෂ්පාදනය කළ මහවැලි එච්. කලාපයේ කුඹුරු අක්කර අසූදහසක පමණ අද ගොයම්ගහක් බේතකට ගන්නට නැත. වැහි නැති අරෝවෙන් වැහිදියත් වැව් දියත් මහවැලිදියත් නැත. මහවැලි එච්. කලාපයට දියවර සපයන කලාවැවේ මේ වන විට ඉතිරිව ඇත්තේ අක්කර අඩි හතළිස් දහසක් පමණ බව මහවැලි එච්. කලාපයේ නියෝජ්‍ය නේවාසික කළමනාකාර (තාක්ෂණ) ජයන්ත පේ‍්‍රමලාල් මහතා සඳහන් කරයි. මේ ජල ප‍්‍රමාණයෙන් අක්කර අඩි දහදාහක් පමණ රොන්මඩය. දැඩි හිරුරැස් නිසා දිනපතා සියයට එකක් පමණ ජලය වාෂ්ප වෙයි. මේ තත්ත්වය නිසා වැහි නොලැබුණොත් වගාවට තබා මහවැලි එච්. කලාපයේ තිස්පන්දහසක් පමණ වූ ගොවි පවුල්වලට බීමට වත් ජලය ලබාදිය හැකිවේදැයි අවදානමක් පවතින බව ඒ මහතා සඳහන් කරයි. වැස්ස නැති නිසා ගහකොළවලට සතා සීපාවාට පමණක් නොව මිනිසාට ද ජල අහේනියක් ඇති විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.
 

 2015 පටන් මම ජල අහේනිය අනුරාධපුරයට බලපාන්නට විය. පෙරදා හෙළ රජදරුවන් අනුරාධපුරය පුරාවට වැව් 3472ක් ඉදිකරන ලද්දේ කලට ලැබෙන වැහි ඇලිවලින් වැව් පුරවාගෙන අවුරුද්දේ දෙකන්නම ජල හි`ගයක් නැතිව රටට බත සපයන්නටය. එසේ සාදන ලද වැව් බොහෝමයක් සුද්දාගේ පාලනයේදී නටබුන් වන්නට හරින ලද නමුත් ඉතිරි වැව් වැහිදියෙන් පිරී යල මහ දෙකන්නම ගොවිතැන් කරගන්නට හැකි විය.
 
 
anura3වැහිදිය හා වැව් දිය මුල්කොට එදා අනුරාධපුර යේ ගොවිතැන් බත් සාර වූ නමුත් 2015 පටන් කුඹුරු වගාකරන්නට වැහි දියත්් වැව් දියත් නැති විය. ඒ නිසාම 2015 පටන් 2018 මහ කන්න දක්වාම කන්න හතරක් අනුරාධපුරයේ ගොවිතැන් බත් මුළුමණින්ම - පාළුවිය 2018 වප්මහේදී අහඹු වැහි ඇලි කීපයක් කඩා වැටීම නිසා 2018-2019 මහකන්නයේදී වී වගාව කර ගැනීමට හැකිවූ නමුත් 2019 ජනවාරිවල සිටම යළිත් වැහි පාළුව ඇතිවන්නට විය. මේ වන තුරුත් හරිහමන් වැස්සක් නොලැබීම නිසා මහවැලි එච්. කලාපයේ අක්කර අසූදහසක් පමණ වූ කුඹුරුයාය මුළුමණින් පාළුවී ගිය අතර අනුරාධපුරයේ ගොඩරළුවේ කුඹුරු යාය යන්ද මුළුමණින් පාළු වී ගියේය. වැව් බැඳි රටේ අපමණ වැව් වල පිනට වසර දහස් ගණනක් අනුරාධපුරයේ බොහෝ කුඹුරු යාය වලින් රන්වන් වී කරල් මතුවූ නමුත් මෙදා මේ කුඹුරු අති බහුතරය පුරන් වී ගොස් ඇත.
 
 
”අපි කොරඤ්ඤං” කියා අනුරාධපුර ජනතාවගේ මනාපය කොල්ල කාගෙන මහජන නියෝජිත ආයතනවලට පත්ව ගිය මහජන අම්බරුවන් එකෙකුවත් තවමත් කැකෑරෙන මේ ජල ප‍්‍රශ්නය ගැන නිකමටවත් කට ඇරියේ නැත. ජන මනාපය දිනාගෙන පාර්ලිමේන්තුවට ගිය නියෝජිතයන් අට දෙනකු පමණ සිටින අතර එයින් දෙදෙනෙක්ම ඇමැතිවරුය. ඒ ඇමැතිවරු දෙදෙනා ගෙන් එක් අයකු කෘෂිකර්මය හා වාරිමාර්ග කටයුතු භාර ඇමැතිවරයාය. උතුරුමැද පළාත් සභාවේ මන්ත‍්‍රීවරු 33ක් පමණ සිටින නමුත් පළාත් සභාව වසර දෙකකට කිට්ටු කාලයක් අහෝසි කර දමා ඇත. අනුරාධපුර දිසාව තුළ ප‍්‍රාදේශීය සභා 22 ක මන්ත‍්‍රීවරුන් පන්සියයකට කිට්ටු ප‍්‍රමාණයක් මහජනයාගේ දීමනා ලබමින් සුවෙන් සතුටින් වැජඹෙන නමුත් මේ මහජන දුක්ගැනවිල්ල ගැන එකෙකුවත් ඇ``ගට ගත් බවක් පෙනේනට නැත.
 
 
අනුරාධපුරයට වැහි අරෝවක් කඩාවැදී වැව් සිඳී යමින් ගහකොළ වේළෙමින් පොළව කර කුට්ටම් වී සතා සීපාවාට මිනිසාට බීමට වතුර පවා හි`ගවෙමින් පවත්නා මේ අහඹු තත්ත්වය ගැන පරිසරිවේදී ආචාර්ය එම්. යූ.ඒ. තෙන්නකෝන් මහතා තවත් පරිසරවේදීන් කීප දෙනකු සමග එක්වී මේ ජල අහේනියට හේතුකාරක සෙවීමේ සමීක්ෂණයක් කරනු ලැබීය. මෙම සමීක්ෂණයේදී අනාවරණය වූ කරුණු කීපයක් තිබේ. විල්පත්තුවට සමීපව පිහිටි අනුරාධපුර බටහිර ප‍්‍රදේශය ක‍්‍රමයෙන් කාන්තාරීකරණයට ගොදුරුවෙමින් පවැතීම එක් ප‍්‍රධාන හේතුවකි.
 
සිංහල ජනවර්ගයේ නිජබිම වූ උපතිස්සගම ඇතුළු බිල්ලෑව සඳමල්එළිය” තන්තිරිමලේ” ඔයාමඩුව” මහවිලච්චිය” මන්නාරම් හන්දිය පේමඩුව ආදී ගම්මානවල කටුපඳුරු” මිටිගස්” එරමිණියා වැනි කටුවැල් මොනරගහනය” වැනි කාන්තාරීකරණයේ ලක්ෂණ ව්‍යාප්ත වෙමින් පවත්නා බව ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන් මහතා සිය සමීක්ෂණයෙන් හෙළිකර ඇත. මීට මූලික හේතුව වැහි නැතිකමය.
 
වැහි හට ගැනෙන්නේ වැහි වනාන්තර වලිනි. මෙයින් වසර කීපයකට පෙර ඝාතනය කරන්නට පෙර පැවැති විල්පත්තු ගණවනය වැහි වනාන්තරයකි. ඒ තුළ පැවති සහජ දියඋල්පත්වලින් දිය පිරුණු විල් 24 ක් පැවතිණ. මෙම විල් 24 ආශ‍්‍රයෙන් මතුවු ජලවාෂ්ප විල්පත්තු වනය මැදින් අනුරාධපුරය දෙසට පාත්වී වැහි ඇලි ලැබිණ. දැන් ඒ වනාන්තර දේශපාලන අම්බරුවන් විසින් කාබාසිනියා කර ඇත. ඒනිසා එහි පැවැති ස්වාභාවික විල් 24 න් 22 ක්ම මේ වන විට සිදී ගොස් ඇත. මේ හේතුව නිසා ජලවාෂ්ප උල්පත් විනාශ වී ඇත. ජලඋල්පත් සිඳී යෑමත් විල්පත්තු වනය විනාශවීමත් නිසා දැන් අනුරාධපුරයට වැහි ඇලි ග`ලාඑන්නේ නැත. විල්පත්තු කැලෑව එළි පෙහෙළිකොට අලූත් ජනාවාස පිහිටුවන විට අනුරාධපුරයේ ඉපැරණි ජනාවාස ගම්මාන වැහි නැතිකමින් පාළු වී යයි. මෙය හරියටම දේශපාලකයන් අතින් සිදුවී ඇති අටුව කඩා පුටුව හැදීමකි.
 
මේ සියලූ විනාශයන් සිදුවී ඇත්තේ බලලෝභී දේශපාලකයන් සිය ඡුන්ද ගොඩ ලොකුකර ගැනීම සඳහා කරන ලද උප්පරවැටිකම් නිසාය. සමහර දේශපාලකයන් බලය රැකගැනීම සඳහා අප්පා ගස්බැඳ අම්මා දීමට වුවත් පසුබට වන්නේ නැත. රට දැය සමය බස යන මේ සියල්ලක් ඔවුන්ගේ අත පල්ලෙන් වැටී ඇත්තේ ඒනිසාය.
 
 අනුරාධපුරයේ දරු පවුල් අට ලක්ෂයක් පමණ වෙසෙති. මෙයින් ලක්ෂයක් පමණ දෙනා එනම් 10% ක් පමණ වකුගඩු රෝගීන්ය. තවත් 05% ක් පමණ පිළිකා රෝගීන්ය. ”අලි මදිවාට හරක්”කීවාක් මෙන් දැන් සාගතයද කඩාවැටී ඇත. විශාලා මහනුවර බුදුන් දවස පැවතියේ යැයි කියන තුන්බිය එනම් රෝගබිය” දුර්භික්ෂ සහ සොර සතුරු බිය දැන් අනුරාධපුරයට කඩාවැටෙමින් පවතී.
 
 ” දොර දොර මිනී බෙර - ගෙයිගෙයි හඬය බියකර පිළ පිළ අඳින මර -දුගී ගිලනුන්ගෙන් නැතව සර” මේ කවියෙන් කියවෙන කතාන්දරය අනුරාධපුරයේ ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවල පිහිටි ඇතැම් ගම්මානවලට ගියවිට අදත් දැක ගත හැකිය.
 
 මෙසේ අතිශය දුක්බර දිවිපෙවෙත් ගෙවමින් බඩ සාදුකින් පෙළෙන ජනතාව දෙස තවමත් ඇහැක් ඇර බලන කෙනෙකු නැත. පෙරදා කුඹුරෙන් වී ටික නැත්නම් හේනෙන් කුරහන්” මෙනේරි” මුං” කව්පි” බඩඉරිගු ර්‍ණ තල අලබතල” ආදිය ලබාගෙන දවසේ ආහාරවේල සරිකර ගත් නමුත් අදහේනත් හේන් ගොවිතැනත් ගොවියාගේ අතපල්ලෙන් වැටී ඇත. ගහේ කොස් ගෙඩිය දෙල්ගෙඩිය ආහාර අහේනියට පිහිට වුවත් ඉඩෝරය නිසා අද ඒවාද නැත. පෙරදා ඉඩෝරයට වැවේ නෙලූම් අල ටික හාරා ආහාරයට ගත් නමුත් අදවැව්වල නෙලූම් යටකරගෙන ජපන් ජබර පැතිරී ඇත. වැස්ස වලාහක දෙවියන් පේනතෙක් මානයක නැත.
 
 ”වැහිවතුර ”රන්වතුර මෙන් වටිනා අනුරාධපුරයට වැහි පොදක් නැත. වැහි ඇලි විපතකට මිස සැපතකට නොවන රත්නපුර වැනි ප‍්‍රදේශවලට නායයමින් ඇළ”දොළ” ගංගා” උතුරමින් මුහුදට දිය කඳ ගලායයි. වැස්ස වුවමනා පැතිවලට වැස්ස ලබාදී ජනජීවිත සුවපත් කරන්නේ නැත. වැස්ස නුවුවමනා පැතිවලට වැස්ස ලබාදී ජනජීවීත විපතකට පත් කරනු ලබයි. මොකක්ද මේ දෝෂය.....?
 
 දේවෝ වස්සතු කාලේන
 ශස්‍ය සම්පත්ති සිද්ධියා
 පීතෝ භවතු ලෝකෝච
 රාජා භවතු ධම්මිකො
 
 ඒ බුදු බණ අනුව රට පාලනය කරන ඇත්තෝ ධර්මිෂ්ඨ වේවායි අපි ප‍්‍රර්ථනය කරමු.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles