Divaina - මු.අරුක්ගොඩ මැරුවේ එල්ටීටීඊය... අද මගේ කකුල් දෙකම නෑ!... මම ඉන්නේ රෝද පුටුවේ... සුනිල් සෝම පීරිස්

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 p1
 
 
 * රන්ජන් දේශපාලනයේ නැට්ට පාගා ගත්තා
* මන්තී‍්‍ර ධුරය නම්, මට නම් කටු ඔටුන්නක් වුණා.
* මගේ මුල්ම පඩිය රු. 2/-යි.
* හනිෆාව ශෂි විජේන්ද්‍ර කළේ රන්ජිත් කුමාර
 
  සාකච්ඡුා කළේ :
 ආචාර්ය ප‍්‍රදීප් පෙරේරා  


‘‘සුනිල් සෝම පීරිස් මෙරට කලක් වාණිජ යැයි කියූ සිනමාවට ‘‘මුදල් මවන’’ යන්ත‍්‍රයක් විය. මහ මෙරට ආදායම් වාර්තා තැබූ චිත‍්‍රපට දුසිමකට වඩා අධ්‍යක්‍ෂවරයා ලෙස තම නම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ සනිටුහන් කොට ඇත. ඔහු පසුගියදා ජනාධිපති සම්මානයෙන්ද පුදනු ලැබීය. අද දෙපා අහිමිව රෝද පුටුවක තම මහරගම නිවසේ ගත කරන සුනිල් සෝම පීරිස් ජනාධිපති සම්මානයෙන් පසු තමන්ගේ එකම සම්මුඛ සාකච්ඡුාව ‘‘දිවයිනට’’ දුන්නේ මෙසේය.
 
 ප‍්‍රශ්නය : කුරුල්ලෙක් වගේ ගත කරපු ජීවිතේ දැන් රෝද පුටුවක් උඩ. අපි මුලින්ම පවුල් පසුබිමෙන්ම වැඬේ පටන්ගමුද?
 
 පිළිතුර : මගේ නම පට්ටියගේ සුනිල් සෝම පීරිස්. උපන් ගමත් මහරගම තමයි. තාත්තා කළේ ව්‍යාපාරික කටයුතු. අම්මා ගෘහණියක්.
 
 ප‍්‍රශ්නය : පාසල් අධ්‍යාපනය ගැන සඳහන් කළොත්?
 
 පිළිතුර : මම අධ්‍යාපනය ලැබුවේ මහරගම බුවනෙකබා මහා විiාලයේ. මගේ පාසල් සමකාලිනයෝ තමයි නුවන් ගුණවර්ධන, අමරසිරි පීරිස්, කඳුපොළ කුමාරතුංග.
 
 ප‍්‍රශ්නය : ඔය කියන කාලේ ඔබේ බයිස්කෝප් ලෝකයේ වීරයින් කවුද?
 
 පිළිතුර : රවීන්‍ද්‍ර රූපසිංහ, සේනාධීර කුරුප්පු, ආනන්ද ජයසේන වගේ අය තමයි.
 
 ප‍්‍රශ්නය : මුලින්ම සිනමාවට එක්වුණේ කොහොමද?
 
 පිළිතුර : ඒ කාලේ ප්‍රොඩියුසර්ලා, ඩිරෙක්ටර්ලා ඔක්කොම ටැමිල්. කැමරමන්ලත් ටැමිල්. ඒ නිසා කාර්මික අංශයෙන් ඒ කාලේ සිනමාවට එක් වෙන එක හරිම අමාරුයි. ඊටත් වැඩිය ඒ කට්ටිය ළඟ වැඩකරපු සිංහල අයත් අපට උදව් කළේ නෑ.
 
 ප‍්‍රශ්නය : එතකොට පළවැනියටම සිනමාවට සම්බන්ධ වුණේ් කොහොමද?
 
 පිළිතුර : හෙන්රි චන්‍ද්‍රවංශගේ වනගත කෙල්ල චිත‍්‍රපටය තමයි මුල්ම එක. ලක්සෙට කොඩිය, වහල් දූපත, එල්. එම්. පෙරේරාගේ වහල් දූපත ඊළඟට එන ඒවා ඔක්කොම සමූහ චරිත.
 
 ප‍්‍රශ්නය : යසපාලිත නානායක්කාරව අඳුරගත්තේ කොහොමද?
 
 පිළිතුර : තුෂාරා චිත‍්‍රපටයේ සටන් ජවනිකා භාරගෙන තිබුණේ පියදාස විජේකෝන්. පියදාස මේ සටන් ජවනිකාවලට මාත් එක්ක තව දෙන්නෙක් තෝරගෙන තිබුණා. මම යසපාලිතට කිව්වා චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂණය ඉගෙන ගන්න ආසයි කියලා. මාව ගත්තා දෙවැනි සහය අධ්‍යක්‍ෂක විදිහට. ඒ දවස්වල අපි වැඩ කළේ ඬේලි පේ (දිනපතා ගෙවීම්) දවසට රුපියල් 2 යි.
 
 ප‍්‍රශ්නය : තුෂාරා අතිසාර්ථක වුණානේද?
 
 පිළිතුර : අතිසාර්ථක වුණා. විජය හිට් වුණා. මහනුවර වේල්ස් හෝල් එකේ දින 100 දවසේ චිත‍්‍රපටයේ ඔක්කෝටම බෝනස් දුන්නා .හසන් බායි, ඕචර් සෙට්ටි දෙන්නා තමයි නිෂ්පාදකයෝ .
 
 ප‍්‍රශ්නය : මු. අරුක්ගොඩ සිනමාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
 
 පිළිතුර : අරුක්ගොඩ අති දක්‍ෂ සංවිධායකයෙක්. පුදුම නිර්මාණශීලී පුද්ගලයෙක්. යසපාලිතගේ චිත‍්‍රපටවල ඔක්කොම සංවිධාන කටයුතු කාර්මික පැත්ත පාලනය කළේ අරුක්ගොඩ.
 
 ප‍්‍රශ්නය : අරක්ගොඩ යසපාලිත ගැටුමේ ආරම්භය කොතැනද?
 
 පිළිතුර : පස්සේ දෙන්නා අතර විරසකයක් නිසා යසපාලිත කිව්වා අරුක්ගොඩ එක්ක වැඩ කරන්න එපා කියලා. අරුක්ගොඩ කිව්වා යසපාලිත එක්ක වැඩකරන්න එපා කියලා. අන්තිමට මං කිව්වා දෙන්නම මට ජීවිතයට හැම අතින්ම උදව් කරපු නිසා මට කාවවත් තරහ කරගන්න බෑ. ඒ හින්දා මං අයින්වෙලා යනවා කියලා.
 
 ප‍්‍රශ්නය : මු. අරක්ගොඩ ඛඔඔෑ ඝාතනයට ලක්වුණාද?
 
p1 2 පිළිතුර : ගොඩක් චිත‍්‍රපටවල ගුවන් විදුලි ප‍්‍රචාරක වැඩසටහන් කළේ අරක්ගොඩ. ජෝ අබේවික‍්‍රම දැව සංස්ථාවේ ඉහළ තනතුරක් දරන කොට අරක්ගොඩට දැව බලපත‍්‍රයක් අරන් දුන්නා රජයේ කැලෑ කපන්න. ගස ලකුණු කළාම එවා කපලා දැව සංස්ථාවට භාරදෙන්න ඕන. එහෙම නැතුව ජාවාරමක් නෙමෙයි. අරුක්ගොඩ කැපුවේ එල්.ටී.ටී.ඊ (ඛඔඔෑ) කාරයෝ හැංගිලා සටන් පුහුණුවෙන කැලයක්. අරුක්ගොඩගේ වාඩිය වටලල ගස් කපන එක ඛඔඔෑ එක තහනම් කළා.
 
 ප‍්‍රශ්නය : එතකොට අරුක්ගොඩට මොකද වුණේ?
 
 පිළිතුර : අරුක්ගොඩ ඛඔඔෑ නියෝගයට පිටින් ගස් කපන කොට ඛඔඔෑ එකෙක් ඔක්කොම කට්ටිය එක්ක අත්අඩංගුවට ගත්තා. කිළිනොච්චියේ හිටපු තනාපති පිල්ලෙකියන ෆාදර් හම්බවෙලා අරුක්ගොඩගේ මස්සිනා ‘‘සතර’’ අධිපති චන්ද්‍රසෝම පෙරේරා ඛඔඔෑ එකට කතා කළා. එතකොටත් යහතින් ඉන්නවා කියලා තිබුණා. එවනවයි කියලත් තිබුණා. ඒත් පස්සේ ෆාදර් කියලා තිබුණා අරුක්ගොඩට මැලේරියාව හැදිලා බලාපොරොත්තු තියාගන්න එපා කියලා.
 
 ප‍්‍රශ්නය : ඔබේ මුල්ම අතීශය ජනපි‍්‍රය චිත‍්‍රපටය ඔබට දිව්රා කියන්නම් හදන්න කටයුතු යෙදෙන්නේ කොහොමද?
 
 පිළිතුර : අසූගණන්වල අනෝජා වීරසිංහ කිව්වා චිත‍්‍රපටයක් හදනවා කියලා. අධ්‍යක්‍ෂණය කරන්න කියලා. ප‍්‍රධාන චරිතේ රඟපාන්නේ මුස්ලිම් කොල්ලෙක් එම්.එම්. හනීෆා කියලා. චිත‍්‍රපටය හදලා සරසවිය කර්තෘ ඒ.ඞී. රංජිත් කුමාරට ආර්ටිකල් එකක් කරන්න දුන්නා.
 
 ප‍්‍රශ්නය : කවුද ඔය හනිෆා කියන නළුවා
 
 පිළිතුර : රංජිත් කුමාර කිව්වා අනෝජා සහ හනිෆා රඟන චිත‍්‍රපටය කිව්වම ගැළපෙන්න නම් අපි හනිෆාගේ නම වෙනස් කරමු. ශෂි විජේන්ද්‍ර කියලා.
 
 ප‍්‍රශ්නය : ඔබේ චිත‍්‍රපටවලට නම් තිබ්බේ ‘‘ඝන’’ බලලද?
 
 පිළිතුර : මම තමයි ඔක්කොම නම් දැම්මේ.
 
 බොක්ස් ඔෆිස් වාර්තා තියපු ජය අපටයි. මමයි රජා, රජවැඩකාරයෝ, ඔබටයි පි‍්‍රයේ ආදරේ, යුක්තියට වැඩ, ඔක්කොම මගේ නම්, මම සුනිල් ටී. එක්ක චිත‍්‍රපට 38 ක් කළා. ඒක ලෝක වාර්තාවක්.
 
 ප‍්‍රශ්නය : ඔබේ චිත‍්‍රපටවල රඟපාන කොට විජයට මරණ තර්ජන තිබුණේ නැද්ද?
 
 පිළිතුර : යාපනේ යන්න ඉස්සෙල්ලා දවසෙත් උදේ 2 වෙනකම් මාත් එක්ක ෂුටිං කළා. එයා විශ්වාස කළේ නෑ. තමන්ගේ පන්තියේ කෙනෙක් වෙඩි තියයි කියලා ඔය ගැන ඇහුවම අහනවා. ඇයි උඹලා බයයිද මම මැරෙයි කියලා.
 
 ප‍්‍රශ්නය : විජය ඝාතනය වෙනකොට ඔබේ තිරගත වෙමින් තිබුණ චිත‍්‍රපට මොනවාද?
 
 පිළිතුර : එතකොට ඔබටයි පි‍්‍රයේ ආදරේ දින 75 යි. ආදායම අඩුවෙලා තිබ්බේ. විජයගේ ඝාතනය එක්ක ෆිල්ම් එක දින 130 ක් දිව්වා. ෆිල්ඞ් එක රිට්ස් හෝල් ගලවන දවසේ අපි රෝද පුටු 10 ක් විජයට පිං පිණිස දුන්නා.
 
 ප‍්‍රශ්නය : මමයි රජා පෙන්නනකොට විජය මියගිහිල්ලනේ. එතකොට විජයට පිං පිණිස මොනවද දුන්නේ?
 
 පිළිතුර : මමයි රජා දින 100 දී සෝනියා දිසාත්, සුන්ල් ටී. නිෂ්පාදකවරු ලෙස විමුක්තිගේත් යශෝදරාගේත් බැංකු පොත් දෙකක් ඇරලා රු. 25,000/- ගානේ දැම්මා. ඒ කාලේ ඒක ලොකු ගාණක්. සහෝදර සිනමා ශිල්පීන්ගේ චිත‍්‍රපටවල රඟපාන්න විජය සල්ලි ගත්තේ නෑ.
 
 ප‍්‍රශ්නය : රන්ජන් සිනමාවට එන්නත් ඔබ උදව් කළා නේද?
 
 පිළිතුර : රඟපාන්න ආපු අලූත සතියකට දවස් දෙක තුනක් ?ට අපේ ගෙදර එනවමයි. මං ෆිල්ම්වල වැඩට ගිහින් එන්නේ පාන්දර. මගේ වයිෆ් කියනවා අනේ මේ ළමයට චරිතයක් දෙන්න කියලා. එයා රාමනායක වුණේ සෝමරත්න රාමනායකගේ ජයකොතැනද රඟපාන්න ගිහින්. මම අන්තිමට ඔබටයි පි‍්‍රයේ ආදරේ සින්දුවට රන්ජන්ව ගත්තා.
 
 ප‍්‍රශ්නය : රන්ජන් දේශපාලනයෙන් තැනකට ආවද?
 
 පිළිතුර : රන්ජන් මුලින් නම් තැනකට ආවා. පස්සේ නැට්ට පාගා ගත්තා. දැන් නම් ලොකු තැනක මාව බලන්නවත් ආවේ නැහැ.
 
 ප‍්‍රශ්නය : ඔබ දේශපාලනයට පිවිසෙන්නේ කොහොමද?
 
 පිළිතුර : ඒ කාලේ මහරගම ආයතනයක් තිබ්බේ නෑ. අපේ තාත්තලා හැට ගණන්වල වැඩ කළේ සම සමාජෙට. කෝට්ටේ - මහරගම ආසන දෙකට කැඩුවම ස්ටැන්ලි තිලකරත්න දැම්මා. ස්ටැන්ලිට තාත්තා වැඩකළා. එතකොට ස්ටැන්ලි කොමියුනිස්ට් නිසා අපි ඔක්කොම කොමියුනිස්ට් වුණා. නවසිය හැටේ ස්ටැන්ලි කතානායක වුණේ නිදහස් පක්‍ෂයෙන්. අපි ඔක්කොම එතකොට නිදහස් පක්‍ෂයට ගියා. මු. අරුක්ගොඩ එහෙම ස්ටැන්ලිට කෙලින්ම වැඩ කළා.
 
 ප‍්‍රශ්නය : ඔබ මහරගම නගර සභාවේ මන්ත‍්‍රීවරයකුව සිටියා නේද?
 
 පිළිතුර : මම මන්ත‍්‍රී වුණේ 1997 දී පඩිය රු 2090/- යි. මන්ත‍්‍රීකම නිසා මගේ කලා කටයුතු අඩපණ වුණා. මළගේක බිස්කට් ටින් එකක් වත් ගෙනියන්න පඩිය මදි වුණා. මළගෙවල්වල, දානේ ගෙවල්වල, කොටහලූ ගෙවල්වල මන්ත‍්‍රීවරයා වශයෙන් ගියහම අතෙනුත් ලොකු ගාණක් වියදම් වුණා.
 
 ප‍්‍රශ්නය : ඔබ විවාහ වුණේ කොයි කාලේද?
 
 පිළිතුර : මම බැන්දේ 1971 දී. මාලනි අයේෂා පෙරේරා. ඇය සිනමාවට සම්බන්ධ නැහැ. මට පුත්තු දෙන්නය. රෝහණ, සුදේශ්, එකම දුව වසන්තිකා. එයාගේ පුතා තමයි කේෂාන් ප‍්‍රසන්න කියන ජනප‍්‍රිය සංගීතවේදියා. සුදේශ් පුතත් අධ්‍යක්ෂවරයෙක්.
 
 ප‍්‍රශ්නය : ඔබ රෝගී තත්ත්වයට පත්වුණේ කොයි වකවානුවේද?
 
 පිළිතුර : දැන් අවුරුදු 3 ක විතර ඉඳලා දියවැඩියාව මුලින්ම වම් කකුලෙන් කොටසක් අයින් කළා. ඊට පස්සේ 2019 ජනවාරි දකුණු කකුලෙන් කොටසක් අයින් කළා.
 
 ප‍්‍රශ්නය : දැන් කවුද උදවු කරන්නේ?
 
 පිළිතුර : ජනාධිපති අරමුදල, සිනෙස්ටා පදනම, චිත‍්‍රපට සංස්ථාව උදව් කරනවා. ඒ වගේම හිතවත්තු, නළුනිළියෝ ආවාහම උදව් කරනවා. පරණ හිතවත්තු මාව බලන්න එනවා. සතුටක් නෑ.
 
 ප‍්‍රශ්නය : දැන් ඉන්න නළු නිළියෝ ගැන මොකද හිතෙන්නේ?
 
 පිළිතුර : දැන් ඉන්න නළු නිළියෝ ෆිල්ම් එක ටෙලිඩ‍්‍රාමා එක ඉවර වෙන කොටත්් මතක නෑ. ඒ කාලේ නම් හොඳ ෆිල්ම් දෙකක් හිට් වුණොත් මුළු ජීවිත කාලෙම ජනප‍්‍රියයි.
 
 ප‍්‍රශ්නය : ලංකාවේ සිනමා පත්තරවලට මොකද වුණේ?
 
 පිළිතුර : සිනමාවක් නැතුව පත්තර මොකටද? සිනමා පත්තරයක් ගහන්න සිනමා නිවුස් දැන් කොහෙන්ද? ආතර් යූ. අමරසේන, විලේගොඩ, කහවිට, ඒ.ඞී. රංජිත් කුමාරලා, අර්නස්ට් වඩුගේ ලාගේ කාලයේ සිනමා නිවුස් තිබුණේ.
 
 ප‍්‍රශ්නය : අලූතින් සිනමාවට නිර්මාණයක් කරන්න අදහසක් තියෙනවද?
 
 පිළිතුර : අද දවල් කතා කළා ෆිල්ම් කරන්න අලූතෙන් ලෝන් ස්කිම් එකක් හඳුන්වා දෙනවා කියලා. අලූතින් චිත‍්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා.
 
 ප‍්‍රශ්නය : තවම සිනමාවේ ප‍්‍රශ්නවලට සකී‍්‍රයව මැදිහත් වෙනවාද?
 
 පිළිතුර : ඔව්, මම තවත් ඒ බොහෝ රැුස්වීම්වලට සහභාගි වෙනවා. යන්න පුළුවන් ආරාධනා කරන හැම උත්සවයකට වගේ මම යනවා. චිත‍්‍රපට මණ්ඩල ප‍්‍රශ්නයේදී පවා මම මගේ විසඳුම් ලිඛිතව දිලා තියෙනවා.
 
 ප‍්‍රශ්නය : මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙන් ජනාධිපති සම්මානයක් ලැබීම ගැන අවසන් වශයෙන් මොකද හිතෙන්නේ?
 
 පිළිතුර : දකුණ පළාත් සභාවේ ෆ‍්‍රැන්සිස්කු පැහැරගෙන ගිය වෙලේ එතුමා එක්ක අපි හිනිදුම ආසනයේ දේශපාලන කටයුතු කළා. අපේ කලා සම්බන්ධ කටයුතු වලටත් එතුමා සහභාගි වුණා.
 
 ප‍්‍රශ්නය : අවසන් වශයෙන් ඔබට රසිකයන්ට කියන්න මොනවද තියෙන්නේ?
 
 පිළිතුර : මම කවදාකවත් සල්ලි පස්සේ ගියේ නැහැ. අධ්‍යක්‍ෂකවරුන් එක්ක සල්ලිවලට රණ්ඩු කරගත්තේ නැහැ. මම කේෂ්ත‍්‍රයට ගෙන ආපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ඒ ගැන කියන නොකියන එක වෙනම කතාවක්. නමුත් මම ජීවිතේ තෘප්තිමත් පුද්ගලයෙක්. මට මේ අවස්ථාවේ නැති උදව් ආයි ඉතිං අනවශ්‍යයයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles