Divaina - අස්ථි බිඳීයාමකට ප්ලාස්ටරයක් දමා සිටින ඔබව පැයෙන් සුවපත් කරමු...

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

 

පුද්ගලයකු ජීවත්වන කාලසීමාව තුළ ජීවිතය නොයෙකුත් හැලහැප්පීම්වලට භාජනය වන බව නොරහසකි. පුද්ගලයෙකුට කොපමණ ධන සම්පත් තිබුණත් අප සෑම දෙනාටම ඉතා වැදගත් වන්නේ weda6 1නිරෝගීකමයි. නිරෝගීකම සැලකිල්ලට ගැනීමේ දී සමහර අය බෝවන රෝගවලට භාජනය වන බවත්, සමහර අය බෝනොවන රෝගවලට භාජනය වන බවත් අප දනිමු.
 
 වර්තමානය තුළ අපට දිනෙන් දිනම හමුවන සමහර පුද්ගලයන් වැටීම් හා හදිසි අනතුරු මගින් අත්, පා හා ශරීරයේ වෙනත් අංගෝපාංග බිඳීයාම්වලට භාජනය වී ඇති බව දැක ගැනීමට හැකිය. එහිදී ඔවුන් දේශීය වෙදකම මගින් එම අස්ථි බිඳීයාම්වලට ප‍්‍රතිකාර ගනු ලබන අතර, තවත් සමහරක් බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළින් ප‍්‍රතිකාර ලබා ගනී. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළින් ශල්‍යකර්ම හා ප්ලාස්ටර් දමා එම අස්ථි බිඳීයෑම සුවපත් කර ගැනීමට මිනිසුන් පෙළඹෙති. එවැනි අස්ථි බිඳීයෑමක් නිසා පුද්ගලයකුගේ දෛනික ජීවිතයේ වැඩ කොටස් අතපසු වන අතර එවැනි අපහසුතා මඟහරවා ගැනීමට ඉවහල් වන ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගත් හෙළ වෙදදුරු මහානාම ඒ. හපුගොඩගේ මහතා එවැනි අස්ථි බිඳීයෑමක දී එම අස්ථි පැයකදී පමණ යා කරන ඖෂධයක් නිපදවා ඇත. එම ඖෂධය නිපදවීම පිළිබඳ විස්තර ඔබ වෙත මෙසේ ගෙනහැර දක්වමු.
 
 අස්ථි යා කරන මෙම වටිනා ඖෂධය කුමක් ද?
 
 අද සමාජයේ ජනගහනය වැඩිවීම හා වාහන වැඩිවීමත් සමඟ දිනෙන් දිනම සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබේ. එමෙන්ම නිවස තුළදී හෝ පාරේ ගමන් කරන විට නොසිතන ලෙස මුහුණ දෙන හදිසි අනතුරු නිසා අතපය කැඞීබිඳීයෑම්වලට භාජනය වන සංඛ්‍යාවේ ඉහළ අගයක් ගෙන ඇත. එවැනි දෙයකට භාජනය වන මිනිසුන් සෑහෙන කාලයක් විඳිනා දුක්ඛිත බව නිසාම මා මෙවැනි ඖෂධයක් නිපදවීමට තීරණය කළා. අස්ථි බිඳීයෑමකට භාජනය වූ පුද්ගලයකුට මා නිපදවා ඇති මෙම ඖෂධය පානය කිරීමට ලබා දීම තුළින් එම බිඳී ගිය අස්ථිය නිවැරදි ලෙස පැයක පමණ කාලයක් තුළ දී යාවී, රෝගියාට සුවය ලැබේ. අස්ථි භග්නය විශාල ලෙස හානි සිදු වී ඇත්නම් එයට ඊට වඩා වැඩි කාලසීමාවක් අස්ථිය යාවීමට ගත වෙනවා. මා ලබාදෙන ඖෂධයෙන් රෝගියා සුව වීම නිසා කාලයක් විඳවීමට සිදුවී පැවති රෝගය ඉතා කෙටි කාලයකින් සුවවීම නිසා ඔවුන්ගේ වැඩකටයුතු කර ගැනීමට පහසු වේ. මා ලබා දෙන මෙම ඖෂධය පානය කිරීම තුළින් වේදනාකාරී බවක් නොමැති නිසා රෝගියාට ලෙහෙසියක් හා පහසුවක් දැනේ. එසේම නිවසේ සිටින රෝගියාගේ ඥාතීන්ගේ ද ගතට හිතට සැනසිලිදායක බවක් ලැබෙන බවද කිව යුතුමය.
 
 මෙම ඖෂධය භාවිතය තුළින් අත්දකින ප‍්‍රතිඵල කුමක්ද?
 
රෝගය සුවවීමට ගත වන කාලසීමාව කෙටිකාලීන නිසා  රෝගියාගේ වේදනාබර ගතිය අඩුවීම, තමාගේ දෛනික වැඩ කරගෙන යෑමට හැකිවීම, විශේෂයෙන්ම කිව යුතුයිි බටහිර ප‍්‍රතිකාරවලදී දමා ඇති ප්ලාස්ටරය ඉවත් නොකර (නොකපා)  ඖෂධ මගින් රෝගියා සුවපත් කිරීමට ඇති හැකියාව, කාලය, ශ‍්‍රමය, මුදල් ඉතිරි කරගැනීමට හැකිවීම ආදී බොහෝ ප‍්‍රතිලාභ රෝගියාට අත්වේ.
 
 මෙතෙක් කරන ලද ප‍්‍රතිකාරවලින් ලැබෙන ප‍්‍රතිචාර කෙසේද?
 
අස්ථි බිඳී ඇති රෝගීන්ට ප්ලාස්ටරය දමා තිබියදී ඖෂධ පානය කිරීමෙන් පමණක් බිඳීගිය ඇටකටු හාවෙන මෙවන් ක‍්‍රමවේදයක්, ප‍්‍රතිකාර ක‍්‍රමයක් මා දන්නා තරමින් ලෝකයේ කිසිදු තැනක නොමැත. එසේම මා ලබා දෙන ඖෂධය පානය කිරීම තුළින් අස්ථිය බිඳීගිය ආකාරය අනුව පැය කිහිපයකින් හා වෙනවා. ඉන්පසු එක්ස්රේ පරීක්ෂණයක් මගින් එය හාවී සුවපත් වී ඇති ආකාරය දැනගැනීමට හැකියාව ඇත. මා ආරාධනය කරනු ලබනවා, දැනට අස්ථි බිඳී ප්ලාස්ටරයක් දමා ඇති  රෝගීන්ට මා වෙත පැමිණ ප්ලාස්ටරය නොකපා මාගේ ප‍්‍රතිකාර ක‍්‍රමය තුළින් නිරෝගීභාවය ලබා ගන්න පුළුවන්.

weda6 2

 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles