Divaina - ළැම පමණක් ලොවට ලොවට පෙනෙන...! -තානායම්පල්ලාගේ සටහන

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

tana333
 
 ‘‘... දුව ව ඉතාලි යවන්න මං දැන් ඔක්කොම සූදානම් කරලයි තියෙන්නේ. ඉන් පස්සේ ඉතින් මම නිදහස් කියන්නෙ සුපිරියටම නිදහස්.’’
 
  මෙතෙක් වේලා මා සමග සල්ලාපයේ යෙදෙමින් ආ මගේ අසුනට යාබද අසුනෙ සිටි වයස හතළිහක පණහක තරමේ කිව හැකි, තරුණ පෙනුම සහමුලින්ම පලා නොගිය රූ සපුවෙන් යුතු ගැහැණිය මං දිහාවට හැරිලා අවධාරණයෙන්ම මට කියා සිටිනවා.
 
 ‘‘...බීමට අබ්බැහිවෙච්ච දුරාචාරයේ යෙදෙන මහත්තයෙක් එක්ක පවුල් කාලා පොලීසියේ කාන්තා කාර්යාංශ මේස ළ`ග අනන්තවත් මගේ දුක් ගැනවිල්ල වචනයෙන් ලියපු ගැහැණියෙක් මහත්තයා මම...’’
 
 මම මගේ එකම දුව ඉතාලි යවන තැනට ඇති දැඩි කරගත්තෙ නොවි`දිනා දුක් වි`දලා මහත්තයා...
 
 ‘‘..කසාද මිනිහගෙන් විරසකයි කියලා දැන ගත්තම ගොඩක් පිරිමි බැලූවේ අර කාගෙද සින්දුවකත් තියෙනවා වගේ ළැම පමණක් ලොවට පෙනෙන ළය නෙපෙනෙන වගේ අහවල් කාරණේට ගොදුරක් කරගන්න මිසක් මටයි දරුවටයි හෙටක් තියෙන්න ඕනෑය කියලා නෙමෙයි මහත්තයා.’’
 
 ‘‘.නමුත් දැන් ඒ අ`දුරු අතීතේ අහවරයි මහත්තයා. ඇත්තටම මම මේ මට අතරමගදි මුණ ගැහෙන අය එක්කත් ළං වෙලා කතා බස් කරලා බලන්නේ මට ඉදිරියේදී ගත කරන්න තියෙන ඒ හුදෙකලා නිදහස් ජීවිතේ මා එක්ක ගත කරන්න සුදුසුකමයි වාසනාවයි තියෙන කෙනෙක් හමු වෙයිද කියලයි....’’
 
 ගැහැනිය කෙලින්ම මගේ ඇස් දෙක දිහාව බලාගෙන කියනවා.
 
 ඒ කියන්නේ ඇය මා එක්ක කතාවට වැටිලා තියෙන්නෙත් මමත් ඇගේ අනාගත සහකරුවා කරගන්න සුදුසුද බලන්න.
 
 ‘‘..අනේ කාලේ... වනේ වාසේ...’’
 
 මා රැගත් පුද්ගලික බස් රථය පවනට බ`දු වේගයෙන් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණා. පාන්දරින්ම හබරණින් පිටත් වුණු බස් රථය කුරුණෑගල හරියට කිට්ටු කරද්දි වටින් පිටින් එළිය වැටීගෙන එමින් තිබුණා.
 
 තවත් දවසක් උදාවූ බව පවසමින් ඒ අලූත් හිරු කිරණ බස්රථයේ ජනෙල් පියන් අතරින් ඇතුළට රිංගමින් තිබුණා.
 
 මීට වසරකට දෙකකට පමණ ඉහතදී මා දකුණු පළාතේ තානායමක සේවය කරනා සමයේ දිනක් තානායමේ නවාතැන් ගත් මහත්මයකුගේ මෝටර් රථයක ඇතුලේ තිබූ වටිනා වාහන අමතර කොටස් වගයක් මහරෑ  තානායම් වත්තට හොරෙන් ඇතුළු වූ සොරෙක් සිකුරිටිගේ ඇසටත් වසන් වී වාහනයේ දොර ඇරගෙන සොරකම් කරගෙන ගොස් තිබුණා.
 
 මා තකහනියක් හබරණ සිට දකුණු පළාත් එදා සේවය කළ තානායම අයත් පොලීසිය සොයා මේ යන්නේ එම සොරකම සම්බන්ධයෙන් මා පොලීසියට කළ පැමිණිල්ලේ පිටපතක් ලබා දෙන ලෙස එම පාඩුව සිදුවු එදා අප තානායමේ ලැගුම් ගත් අමුත්තා විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.
 
 පැය පහක හයක ගමනාන්තයකින් පසුව මම බසයෙන් බැස තුන් රෝද රියක් කුලියට අරන් අදාළ පොලිස් ස්ථානය වෙත ගියා.
 
 ‘‘...ඉතින් කොහොමද මැනේජර් මහත්තයා... ඔබතුමා රජරට පැත්තට ස්ථාන මාරු ගියා කියලා ආරංචියි. කොහොමද ඒ පළාත. මීට වඩා නම් හො`ද ඇති නේද?.’’
 
 දන්නා කියන පොලිස් රාළහාමි කෙනෙක් මා දැක විමසුවා. මම ඔහුට මා ආ කාරණය කීවා.
 
 ‘‘ ඕ. අයි. සී. මහත්තයා මේ දැන් චුට්ටක් ළ`ගට ගිහින් එන්න ගියා. ඉ`දගෙන ඉන්න මැනේජර් මහත්තයා.’’ ඔහු මට පොලිස් ස්ථානය ආලින්දයේ අසුනක් පැනෙව්වා.
 
 පොලිස් ස්ථානය ආලින්දයේ අසුන් ගත් මම පොලීසිය තුළට පිවිසෙන සහ ඉන් පිටව යන ජනයා දෙස විමසිලි මත් දැසින් බලා සිටියා. ඉන් බහුතරය කාන්තාවන් වීමෙන් කියැවෙන්නේ කුමක්ද?
 
 මට එක්වරම මීට කලින් මා පැමිණි බස් රථයේ මා සමග කතාවට වැටී ආ කාන්තාව සිහිපත් වූවා.
 
 ඇයත් සිය සැමියාගේ අඩන්තේට්ටම් ඉවසා ගනු බැරිව මේ පොලීසියට පැමිණෙන කාන්තාවන් මෙන් කී වතාවක් පොලීසියට යන්න එන්නට ඇත්ද?
 
 මැනේජර් මහත්තයා මොකද මේ පැත්තේ. තවත් හිතවත් පොලිස් නිලධාරියෙකු මා පැමිණ සිටි කාරණය විමසුවා.
 
 ‘‘...එන්නකො ඔබතුමාට පොඩි බඩුවක් පෙන්නන්න. ඕ.අයි.සී. මහත්තයා එනතුරු කම්මැලිකම යන්නත් එක්ක.’’
 
 පොලිස් නිලධරියා පොලීසිය පසුපස වූ ටකරම් මඩුවක් වෙතට මා කැ`දවාගෙන ගියා.
 
 ‘‘...මේ තමයි අද උදේ පාන්දර පහට අපි වටලපු කසිප්පු තිප්පලේ තිබුණු බඩු, පේනවා නේද?...’’
 
 පොලිස් රාළහාමි මට කිළුටු පැහැයෙන් යුතු ලීටර් විස්සේ කහපාට ප්ලාස්ටික් කෑන් කිහිපයක් පෙන්නුවා.
 
 ‘‘...එතකොට ඔබතුමා දන්නවද මේ පෝර බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා...’’
 
 හිතවත් පොලිස් නිලධාරියා මා කුතුහලයට පත් කරමින් විමසා සිටියා.
 
 ‘‘.... මේ තමයි යූරියා පොහොර. අන්න ඒවා දාලා තමයි ලූ හොර කසිප්පු වල සැර පදම හදා ගන්නවා කියන්නේ...’’
 
 මම විමතියෙන් දෑස් දල්වා බලා සිටියා. ගසක වැඞීමට යොදන සැර රසායනයක් මිනිසකු මත් කිරීම ස`දහා යොදන අනුපානයක් ලෙස භාවිත කළ හැකි බවට සොයාගත් මිනිසා කවුරුන් විය හැකිද?
 
 ‘‘..වෙන කවුරුවත් නෙවෙයි... මෙන්න මෙයා තමයි අපිට ඒ විස්තර සියල්ල දුන්නේ...’’
 
 මම හිස ඔසවා හැරී බැලූවා. කොට කලිසමකින් සහ කමීසයකින් සැරසුණු වයස දහයක දොළහක දුප්පත් පෙනුමැති කොළු ගැටයකු දෑස දල්වා මා දෙස බලා සිටියා.
 
 ‘‘...අපි කසිප්පු තිප්පොළ වටලනකොට ඒකේ අයිති කාරයා පැනලා දිව්වා... අපි උන්දැගෙ පුතා පොලිසියට ගෙනාවා. දැන් ඉතින් පුතාව ඉල්ලගෙන තාත්තා එන්නේ නැතැයි පොලීසියට... පොලිස් නිලධාරියා එම දරුවා දෙස තියුණු බැල්මක් හෙළුවා.
 
 පියා කළ වරදකට පුතා ද`ඩුවම් වි`දිය යුතු සමාජයක කසිප්පු ගෝඩා ප්ලාස්ටික් කෑන් අතරින් මම ඒ දරුවා වෙතට ළං වුණා.
 
 ‘‘...පුතා ඉස්කෝලේ යනවාද?’’
 
 අනපේක්‍ෂිත තැනකදී ‘පුතා’ යන වචනය ඇසුණු මගේ ආමන්ත‍්‍රණයත් සමග මොහොතක් විමතියට පත් දරුවා ඔහු ඉගෙන ගන්නා වසරත්, පාසලත් මට පවසා සිටියා.
 
 දැන් ඉතින් ඉන් එහා ඒ දරුවාගෙන් මා විමසා සිටිය යුත්තේ කුමක්ද?
 
 ‘‘...ඇයි ඔයාගේ තාත්තා කසිප්පු හදලා විකුණන්නේ ඒවා බොන අය අකාලයේ ජීවිත අවුල් කරගන්නවා නේද කියලා මම ඔහුගෙන් විමසුවොත් ඒ දරුවා ඊට දෙන පිළිතුර කුමක් විය හැකිද?
 
 ‘‘...ඇයි එතකොට අංකල් සර්විස් චාජ්, වැට්, එකතු කරලා ජින්, බ‍්‍රැන්ඩි, විස්කි විකුණන්නේ.. ඒවා බොන අයත් ජීවිත අවුල් කරගන්නවා නේද කියලා ඇහුවොත් මා ඊට දෙන පිළිතුර කුමක්ද?
 
 මගේ ඉරියව් වල වෙනස් වීම දුටු පොලිස් නිලධාරියා වහා මා වෙතට ළං වූවා.
 
 ‘‘...මෙහෙමයි මැනේජර් මහත්තයා.. සුරාබදු කාර්යාලයේ මහත්තුරු එනතුරු අපි ඒ දරුවගේ නම ගමවත් පොලිස් පොතක ලියා ගත්තේ නෑ. කෑම බිමත් දීලා ඉ`දගෙන ඉන්න පුටුවකුත් දුන්නා. ඒ දරුවාට අගෞරව නොවනා විදියට...’’
 
 මම ආයෙමත් හැරිලා ඒ දරුවා දිහාව බැලූවා. තාත්තා සිරගත වී තමා නිදහස ලබනා තුරු මග බලා සිටිනා අපේ කාලයේ තවත් දරුවෙක් ඇසිපිය නොහෙළා මා දිහාව බලාගෙන හිටියා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන
  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles