Divaina - හඳට වයස බිලියන 50යි...! හඳ ගමනට අවුරුදු 50යි; සඳ ගමනට ගිය වියදම රුපියල් කෝටි 19200යි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 sadagamana
 
 
 
 යූ. පී. කුලතිලක
 
sadagamana3විද්‍යා ගුරුවරයකු වන යූ. පී. කුලතිලක මහතා 1969 මිනිසා හඳට ගිය වසරේ, මීට වසර 50 කට පෙර දවස පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අයෙකි. එසමයේ අභ්‍යාවකාශ විද්‍යාව හා චන්ද්‍ර ගමන ගැන නිතර අධ්‍යයනය කරමින් පුවත්පත්වලට ලිපි සැපයූ ලේඛකයෙකි. 1969 සිට මේ දක්වා මිනිසා විසින් සිදු කරන අභ්‍යවකාශ විද්‍යා ජයග‍්‍රහණ ගැන තොරතුරු අධ්‍යනයක යෙදුණු අයෙකි. 1970 වසරේ මිනිසා චන්ද්‍රයා තරණ කර වසර 1 ක් පිරීම නිමිත්තෙන් පැවැති සමස්ත ලංකා රචනා තරගයේදී (මාතෘකාව, අභ්‍යාවකාශ තරණයේ අනාගතය) මොහු ජයග‍්‍රහණය ලබා ඇත.
 


 
 1969 වසර වනවිට අද මෙන් ලොව පරිගණක විද්‍යාව, අන්තර් ජාලය, රූපවාහිනිය හා ගුවන් විදුලිය, දුරස්ථ පාලන ක‍්‍රම, ස්මාට් දුරකථන, රොකට්, අභ්‍යාවකාශ යානා, ගුවන්යානා තාක්‍ෂණය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව හා කාලගුණ විද්‍යාවට අදාළ උපකරණ ආදියේ එපමණ දියුණුවක් නොතිබිණි. එදා රූපවාහිනිය විකාශනය වූයේ (කලූ සුදු) ඇමරිකාව, එංගලන්තය, චීනය, ජපානය වැනි ප‍්‍රධාන රටවල් කිහිපයක පමණි. අප රටේ එදා තිබුණේ ගුවන් විදුලිය පමණි. අද මෙන් ගුවන් විදුලි නාලිකා රාශියක් ද නොතිබිණි. අප රටේ ජනතාව එදා මිනිසාගේ සඳ ගමන ගැන ප‍්‍රවෘත්ති දැන ගත්තේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සේවයේ පළමු සේවයේ සජීවී විකාශනය මගිනි.
 
 එම සජීවී විකාශනය සිංහලට පරිවර්තනයක් කර මෙහෙයවන ලද්දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාස, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරී මහින්ද රණවීර යන මහතුන් විසිනි. එදා අප රටේ ගමක තිබුණේද ගුවන් විදුලි යන්ත‍්‍ර කිහිපයක් පමණි. නමුත් අප රටේ ජනයා ලෝක ජනතාව සමග එක්වී මිනිසා සඳ ජය ගැනීමේ එම ඓතිහාසික ජයග‍්‍රාහී අවස්ථාවට සවන්දීමට හා නැරඹීමට ඉතා උනන්දු වූහ. මේ සම්බන්ධ ප‍්‍රවෘත්ති පළවූ පුවත්පත් මිලදී ගැනීමට පොර කෑහ. එදා තිබුණේ, සිළුමිණ, රිවිදින, දවස, දිනමිණ, ලංකාදීප පුවත්පත් පමණි.
 
 දිනමිණ පුවත්පතක මිල ශත 20 කි.
 
 එසමයේ පුවත්පත්වලට ලිපි සැපයූ ලේඛකයන්, එඞ්වින් ආරියදාස, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම්, යූ. ඞී. දිසාරත්න, කීර්ති අබේසේකර, අනුර සී. පෙරේරා, නන්දසිරි ද අල්විස්, ධර්මසේන වැලිගමගේ, එච්. කේ. පීරිස්, ඇලොයි පෙරේරා, දේව යසපාල ද සිල්වා, යූ. පී. කුලතිලක විසිවන සියවසේ මානව සංහතිය ලත් විශිෂ්ටතම ජයග‍්‍රහණයක් සිදුවූයේ මීට වසර 50 කට පෙර 1969 ජුලි 21 දා මිනිසා සඳ තරණය කර චන්ද්‍ර යුගයක් උදා කිරීමත් සමගය. අනාදිමත් කාලයක් මුළුල්ලේ සිදු කළ නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණවල උසස් ප‍්‍රතිඵලයක් සේ සැලකිය හැකි මිනිසා සඳ ලොව ජය ගැනීම වූ කලී විශ්වයේ මහා ජයග‍්‍රහණයක් ලෙස සැලකිය යුතුය. එම නිසා වසර 50 ක් පිරෙන ඒ ඉතිහාස ගත අතීත කතාව ගැන වත්මන් පරපුර යමක් දැන ගැනීම වැදගත් වේ.

 

sadagamana9

පෘථිවියේ සිට සැතපුම් 240000 පමණ දුර පිහිටි චන්ද්‍රයා තරණය කිරීම සඳහා ඇපලෝ II අභ්‍යාවකාශ යානයේ නැගී යෑම, අති භයංකර ජීවිත අවදානමකින් යුතුව නීල් ආම්ස්ට්‍රොංග්, එඞ්වින් ඔල්ඩි‍්‍රන් හා මයිකල් කොලින් ගගණ ගාමීන් කළ වීරවික‍්‍රම ගැන, ලෝක ජනතාවගේ උපහාර පුද කළේ ජාති, ආගම්, වර්ග වාදයකින් තොරව උතුම් මානව දයාවකින් යුතුවය.
 
 
sadagamana41969 ජුලි 16 දා මෙරට වේලාවෙන් පෙ.ව. 9.32 ට ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි කෙනෙඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සැටරින් 5 අභ්‍යාවකාශ රොකොට්ටුව මගින් නීල් ආම්ස්ට්‍රෝන්ග්, එඞ්වින් ඔල්ඩිරින්, මයිකල් කොලින් රැගත් ඇපලෝ II අභ්‍යාවකාශ යානය ගුවන්ගත කරන ලදී. සැටරින් 5 රොකොට්ටුවේ උස අඩි 363 බර ටොන් 3100 (1969 වනවිට මෙටි‍්‍රක් ඒකක භාවිතා නොවීය.)
 
 1969 ජුලි 21 දා පෙ.ව. 8.26 ට නීල් ආම්ස්ට්‍රෝන් හඳ මතට ගොඩ බසින ලදී. ඊට විනාඩි 30 කට පසු එඞ්වින් ඔල්ඞී‍්‍රන් හඳ මතට ගොඩබසින ලදී. මේ අතර චන්ද්‍රයා වටා මව් යානය මයිකල් කොලින් විසින් ධාවනය කරන ලදී.
 
 ඊට පසු සඳ තරණය කළ ගගණගාමීන් සඳතලයෙන් නික්ම චන්ද්‍ර යානය මවු යානයට සම්බන්ධ කර නැවත පෘථිවිය කරා ගමන් කෙරුණි. මේ අනුව ඇපලෝ II යානය සඳ ගමන නිමාකර 1969-07-24 දින රාතී‍්‍ර 10 -19 ට ශාන්තිකර සාගරයට නැවත පතිත විය. ජයග‍්‍රාහී ගගණගාමීන් තිදෙනා හේර්නට් නැව මගින් හෙළිකොප්ටර් යානා යොදවා ආරක්‍ෂාකාරී ලෙස හුස්ටන් අභ්‍යවකාශ පර්යේෂ
ණ මධ්‍යස්ථානය කරා ගෙන එන ලදී. මේ අභිමානවත් සඳ ගමන එදා එපමණ පහසු කාර්යයක් නොවීය. මේ අනුව අහස් ගමනේ ආරම්භයේ සිට චන්ද්‍ර යුගය උදාවීම දක්වා කෙටියෙන් යමක් සඳහන් කිරීම වැදගත් වේ.
 
 චන්ද්‍ර යුගයක් උදාකර සඳට පා තැබූ ඉතිහාසගත මිනිසා, ගගණගාමී නීල් ආම්ස්ට්‍රොංග් සකල මානව වර්ගයා වෙනුවෙන් සඳේ සිට මුල්වරට පවසා සිටියේ ‘‘මෙය මිනිසකු තැබූ එක් පියවරක් පමණි. එහෙත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පැන්න යෝධ පිම්මකි යනුවෙන් ඓතිහාසික සත්‍යතාවක් ප‍්‍රකාශ කළේය. ඒ අතර ඇමරිකානු ජනාධිපති රිචර්ඞ් නික්සන් දුරකථනයෙන් සඳ ගාමීන්ට සුභ පැතීය.
 
 අභ්‍යවකාශ ගමනේ ඉතිහාසය
 
 පුරාණ ඉතිහාසයේ සඳහන් වන පරිදි රාවණා රජු දවස දඬු මොණර යන්ත‍්‍රය අහස් ගමන් සඳහා යොදාගෙන ඇත.
 
 නමුත් වර්තමාන මිනිසාට අහසින් යෑමේ සිහිනය සැබෑ වූයේ 1903 දී ඇමරිකන් ජාතික රයිට් සහෝදරයන් විසින් ගුවන් යානය නිපදවීමෙන් පසුවය.
 
 1926 මාර්තු 16 දා ඇමරිකන් ජාතික රොබට් එච්. ගොඞ්ස් විසින් පළමුවරට රොකට්ටුවක් සාදා අඩි 184 ක් උඩට යවන ලදී. එහි වේගය පැයට සැතපුම් 60 කි.
 
 ඊට පසු 1942 දී ලෝක යුද සමයේ යුද අවියක් ලෙස වි 2 නමින් රොකොට්ටුවක් නිපදවන ලද්දේ ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ ඩොරීන් බර්ගර් විසිනි.


ඊට පසු රොකට් නිපදවීමේ මූලධර්මය උපයෝගී කරගෙන 1957 ඔක්තෝබර් 4 දා රුසියාව විසින් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව ගුවන් ගත කරන ලදි. එහි බර රාත්තල් 184 කි. (රාත්තල් 1= ග‍්‍රෑම් 450) විශ්කම්භය අඟල් 23 කි. වේගය පැයට සැතපුම් 18000 කි. පාථිවියට සැතපුම් 500 ඉහළින්, විනාඩි 95 කට පෘථිවිය වටා එක්වරක් භ‍්‍රමණය වෙමින් සති 2 ක් කි‍්‍රයාත්මක වෙමින් තිබිණි.
 
sadagamana5 ඊට පසු රුසියාව විසින් ස්පුට්නික් 2 චන්ද්‍රිකාව මගින් ලයිකා නම් සුනඛයා සමග අහස් ගත කරන ලදී. සත්ත්වයකු පළමුවරට එසේ ගුවන් ගත කරන ලදී.
 
 1958 දී ඇමරිකාව විසින් පළමුවරට එක්ස් ප්ලොරඊ චන්ද්‍රිකාව කැනවර්ල් තුඩුවෙන් (වර්තමානයේ කෙනෙඩි තුඩුවෙන්) ගුවන් ගත කරන ලදී.
 
 ඊට පසු 1958 මාර්තු 17 දා ඇමරිකාව විසින් වෑන් ගාඞ් 1 චන්දිකාව ගුවන් ගත කරන ලදි. මේ මගින් පෘථිවිය වටා විද්‍යුත් කිරණ කලාපයක් ඇති බව සොයාගන්නා ලදී.
 
 මිනිසාගේ පළමු අභ්‍යවකාශ ගමන
 
 1961 අපේ‍්‍රල් 12 දා රුසියාව විසින් වොෂ්ටොක් 1 අභ්‍යවකාශ යානය මගින් ගගණගාමී යූරී ගගාරීන් ගුවන් ගත කරන ලදි. මෙය මිනිසකුගේ පළමු අභ්‍යාකාශ ගමන ලෙස ඉතිහාසයට එක්විය.
 
 ඊට පසු 1961 මැයි 5 දා ඇමරිකාව විසින් පළමුවරට පී‍්‍රඩම් 7 අභ්‍යාකාශ යානය මගින් ඇලන් බී. ෂෙපර්ඞ් ගගණගාමියා ගුවන් ගත කරන ලදී.
 
 1962-02-20 දින ඇමරිකාව විසින් ප්‍රෙන්ඞ්ෂිප් 7 යානය ගගනගාමී ජෝන් එඩි ග්ලෙන් සමග යවන ලදී. මෙය පෘථිවිය වටා අභ්‍යවකාශයේ 3 වරක් භ‍්‍රමණය විය.

1963 ජුනි 16 දා රුසියන් ජාතික ගගණගාමියකවූ වැලන්තිනා තෙරස්කෝවා කාන්තාවක් ලෙස පළමුවරට වොස්ටොක් 6 යානයෙන් අභ්‍යවකාශ ගතකර පොළොව වටා අභ්‍යවකාශයේ 48 වරක් ගමන් කර ඉතිහාසගත වූවාය.
 
 
sadagamana6ඊට පසු 1965 මාර්තු මාසයේ රුසියන් ජාතික ඇලෙක්සි ලියොනෝඩි, වොෂෙඞ් 2 යානයෙන් අභ්‍යවකාශයේ පිටතට පැමිණ විනාඩි 10 පළමුවරට සක්වළ ඇවිද වාර්තා ගත විය. ඊට පසු 1965 ජුනි මාසයේ ඇමරිකන් ජාතික එඞ්මන්ඞ් වයිට් ජෙමිනි 4 යානයෙන් පිටතට පැමිණ විනාඩි 22 සක්වළ ඇවිද වාර්තාවක් තැබීය.
 
 මෙසමයේ ඇමරිකාවේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි හා රුසියානු ජනාධිපති කෘෂොප් අතර තම රටවල නවීන විද්‍යාත්මක තාක්‍ෂණ අභිමානය බල අරගලයක් ලෙස පෙන්වමින් තරගයකට මෙන් ඇමරිකාව හා රුසියාව අභ්‍යාවකාශ යානා අහස්ගත කළේ විවිධ අභියෝගවලට මුහුණ දෙමිනි. මෙම තරගකාරී ස්වභාවය මිනිිසා සඳ ජය ගැනීම ඉක්මන් කිරීමට හේතු විය.
 
 මේ ආකාරයට රුසියාව විසින් 1957 සිට 1969 දක්වා සුනඛයන්, චිම්පන්සීන්, කැස්බෑවන්, වඳුරන් ආදී සතුන් අභ්‍යාවකාශ යානා මගින් උඩුගුවනට යවා ජීවියකුට සුදුසු අභ්‍යවකාශ යානා නිපදවීමට පර්යේෂණ කළේය.
 
 මේ අනුව 1961 සිට 1969 දක්වා රුසියාව වොස්ටොක් වර්ගයේ යානා 6 කින්, වොපොව් යාන 2 කින් සොයුස් යානා තුනකින් ගගණගාමීන් 16 කු අභ්‍යාවකාශ ගත කර ඇත. (සමහර යානාවල ගගණගාමීන් 2 කු, 3 කු බැගින්ද යවා ඇත.)
 
 ඇමරිකාව 1961 සිට 1969 දක්වා පි‍්‍රඩම් 7 ලිබර්ට්බැල් 7, ප්‍රෙන්ෂිප් 7 අවුරෝරා 7 සිග්මා 7 පේන් 7 ජෙමිනි 3 ජෙමිනි 4 සිට 12 දක්වා. ඇපලෝ 7, 8, 9, 10, 11 මගින් ගගණගාමීන් 41 කු අභ්‍යවකාශ ගත කර ඇත.
 
 මේ අනුව 1957 සිට 1969 දක්වා මිනිසෙකු හඳට යැවීමේ අපරිමිත විද්‍යාත්මක කාර්යභාරය, පියවරෙන් පියවර යවන ලද දියුණු කළ අභ්‍යාවකාශ යානා මගින් ඉලක්ක ඉටු කෙරුණි. මේ අනුව පෘථිවි ආකර්ෂණයෙන් මිදී අභ්‍යාවකාශයේ ගමන්කර චන්ද්‍ර ආකර්ෂණයට අභ්‍යාවකාශ යානයක් යොමු කිරීම, සඳ මතට යානයක් ගොඩබැස්සවීම ඊටපසු එම යානය චන්ද්‍රයාගෙන් මිදී පෘථිවිය කරා ගමන් ගතවීම ආදී විවිධ අත්හදා බැලීම් මේ අනුව සිදු කෙරුණි. මේ අනුව විවිධ අංශවල විද්‍යාඥයන් හා තාක්‍ෂණික ශිල්පීන්ගේ හා ගගණගාමීන් ලක්‍ෂ ගණනකගේ එකමුතුවෙන් තැනුණු ගජමුතුවක් ලෙස මිනිසා සඳ ජය ගැනීම හැඳින්වීමට හැකිය. අති දැවැන්ත කාර්යභාරයක් මෙලෙස ඉටු කර ඇත. එසේම 100% කි‍්‍රයාත්මක තත්ත්වයේ රොකට්ටුව ඇතුළු සෑම උපකරණයකම තිබිය යුතුය. එසේම එම උපකරණවල සියලූම ස්විච් කි‍්‍රයාත්මක කිරීමේ 100% ක හැකියාව හා දක්‍ෂතාවය ගගණගාමින් සතු විය යුතුය. නමුත් එදා අද මෙන් පරිගණක, දුරස්ථපාලක, රූපවාහිනිය, දුරකතන අභ්‍යාවකාශ හා ගුවන් යානා තාක්‍ෂණය, වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වයක නොතිබිණි.

 

sadagamana7
 
 ගගණගාමියකු සතු නායකත්වය හා පෞරුෂත්වය
 
මේ ගැන අධ්‍යනය කිරීම වත්මන් පරපුරට ඉතා වැදගත් වේ.
 
 මෙය සාමාන්‍ය නායකත්වය හා පෞරුෂත්වය අභිබවා ඉදිරියට ගිය උතුම් මනුෂ්‍ය ආත්ම භාවයකි. කරන දේ කියන, කියනදේ කරන එඩිතර ආත්ම විශ්වාසයක් ඇති අවංක සිතුවිලි සහිත කි‍්‍රයාකාරී මිනිසෙකි. නිරෝගිකම තිබිය යුතුයි. මේ අනුව ගගණගාමියකු තුළ , න්‍යායක හා ප‍්‍රායෝගික පුහුණුව, ඉවසීම, එඩිතරකම කි‍්‍රයාශිලීභාවය, සවන්දීම, අභියෝග ජය ගැනීම සැලසුම්කරණය පාලක මැදිරිය සමග ඇති මනා සම්බන්ධතාවය, අභ්‍යවකාශ යානයේ සෑම කොටසක්ම කි‍්‍රයාකාරීත්වය නිතර පරීක්‍ෂා කිරීම හා ඒ පිළිබඳ අවබෝධය, පුහුණුව, ඇතැම් කොටස් කි‍්‍රයාවිරහිත වුවහොත් ඊළඟට ගත යුතු ක්‍ෂණික පියවරයන් ගැන ඇති හැකියාවක්, දක්‍ෂතාවය තිබිය යුතුය. මේ අනුව 100% වගකීම දැරීමට හා කි‍්‍රයා කළ හැකි ඒ ගැන දැනුම හා පුහුණුව ඇති අයකු ගගණගාමියකු විය හැකිය. (බොරුව, අල්ලස, බල ලෝභය වැනි මානව තිරිසන් ගති කිසිවිට නැති උත්තම පුරුෂයෙකි.) තවද පෙර පුහුණුවීම්වලින් ලබන අත්දැකීමද ගගණගාමියකුගේ ජයග‍්‍රහණයට හේතුවේ. ජීවිතයට පරදුවට තබා කරන කැප කිරීමකි.

sadagamana8
 
 මේ අනුව නීල් ආම්ස්ට්‍රෝන්ග් 1966 මාර්තු 16 දා ජෙමිනි 8 යානයෙන් ද 1966 ජුලි 18 දා මයිකල් කෝලින් ජෙමිනි 10 යානයෙන්ද, 1966 නො 11 දා එඞ්වින් ඔල්ඩින් ජෙමිනි 12 යානයෙන්ද අභ්‍යාවකාශ ගතවී මුලින් ප‍්‍රායෝගික පුහුණුවක්, ගැටලූ අධ්‍යනයක් හා අත්දැකීම් සමුදායක් ලබා තිබිණි. නිල් ආම්ස්ට්‍රොංග් 1962 දී ඇක්ස් 15 නමැති රොකට් ගුවන් යානය මගින්් පෘථිවියේ සිට සැතපුම් 45 ඉහළට අභ්‍යාවකාශ, පෘථිවි ආකර්ෂණය අභිබවා, ශබ්දයේ වේගය මෙන් 5 ගුණයකින් රොකට්ටුව ධාවනය කර ප‍්‍රායෝගික පුහුණුවක්ද ලබාගෙන තිබිණි.
 
 ඇපලෝ II සඳගාමීන්
 
 මේ අනුව ඇපලෝ II යානය මගින් සඳ තරණය කිරීමට සුදුසු ගගණගාමීන් තිදෙනා හුස්ටන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ විශේෂ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයක් මගින් තෝරා ගන්නා ලදී. එම ගගණගාමී තිදෙනාගේ තොරතුරු ද දැන ගැනීමද වැදගත් වේ.
 
 නිල් ආම්ස්ට්‍රොංග්
 
 1930 අගෝස්තු 5 දින ඇමරිකාවේ ඔහායෝහි පිහිටි චැප්කොනෙටා ගම්මානයේ උපත ලැබීය. ගගණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය පාදුවා විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තේය. සවුන් කැරොලිනා විශ්වවිද්‍යාලයෙන් ඒ පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගත්තේය. 1949 - 1952 ඇමරිකානු හමුදාවේ ප‍්‍රහාරක ගුවන් නියමුවරයකු හා පුහුණුකරුවකු ලෙස සේවය කර ඇත. ඉන්පසු සින්සිනේට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස සේවය කළේය. 1962 දී හුස්ටන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගගණගාමියකු ලෙස පුහුණුව ලබා ජෙමිනි 8 අභ්‍යවකාශ යානයේ නියමුවෙකු ලෙස සේවයට එක්විය. උස අඩි 5 අඟල්11 බර රාත්තල් 165 කි. බිරිඳගේ නම ජැනටිය එරික් හා මාක් යන පුතුන් දෙදෙනකුගේ පියෙකි.
 
 එඞ්වින් ඔල්ඞ්රින්
 
 1930 ජනවාරි 26 දා ඇමරිකාවේ නිව්ජර්සි ජනපදයේ උපත ලැබීය. කොරියන් යුද සමයේ ඇමරිකන් ගුවන් හමුදාවට බැඳුණේය. 1963 වසරේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයෙන් ගගණ විද්‍යාව හා ගුවන් යානා ශිල්පය පිළිබඳ එම්. එස්. සී. උපාධිය ලබා දක්‍ෂ ගුවන් නියමුවකු බවට පත් විය. 1963 දී අජටාකාශ ගගණගාමියකු ලෙස ජෙමිනි 12 යානයේ අහස් ගත විය. බිරිඳ මේරි ක්ලේරාය. මයිකල්, ජැනිස් හා ඇන්ඩෲ යන දරුවන් 3 කුගේ පියෙකි.
 
 * මයිකල් කොලින්
 
 1930 ඔක්තෝබර් 31 දා ඉතාලියේ රෝම නගරයේදී උපත ලැබුවේය. ඊට පසු මව හා පියා සමඟ වොෂින්ටන් නගරයට පදිංචියට පැමිනුණෝය. වොෂින්ටන් නුවර සැන්ට් ඇල්බන්ස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබීය. 1952 දී වෙස්ට් පොයින්ට් යුද අභ්‍යාස විද්‍යාලයෙන් බී. එස්. සී. උපාධිය ලබා ගත්තේය. ඊට පසු ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස සේවයට එක් විය. ජෙමිනි 10 අභ්‍යවකාශ යානයේ නියමු ලෙස කි‍්‍රයා කර ඇත. ආම්ස්ට්‍රොන් හා ඕල්ඩි‍්‍රන් චන්ද්‍ර යානයෙන් සඳ මතට ගොඩබසින විට චන්ද්‍රයා වටා මවු යානය කි‍්‍රයාත්මක කරන්නේ මොහුය. බිරිඳ ෆැට්රිෂියා පිනෙගන් වන්නීය. කැතරින්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනාගේ පියාය.
 
 * චන්ද්‍ර යුගයේ පියා
 
 ජර්මන් ජාතික වර්නර් වෝන් බ‍්‍රවුන් රොකට් විiඥයෙකි. දෙවැනි ලෝක සංග‍්‍රාමයේදී රහසිගතව ඇමරිකාවට පැමිණ ඇත. ඇමරිකානු රහස් ඔත්තු අංශය වෝන් බ‍්‍රවුන්ගේ වටිනාකම හඳුනාගෙන ඇත. ඊට පසු ඇමරිකන් ගුවන් හමුදාවේ රොකට් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සේවයට යොමු කෙරේ. රොකට් නිෂ්පාදනය පිළිබඳ විවිධ පර්යේෂණවලට යොමු වෙමින් අභ්‍යවකාශ යානා අහස්ගත කිරීමේ රොකට් නිපදවීමට වෝන් බ‍්‍රවුන් කි‍්‍රයා කළේය. මේ අනුව 1961 සිට 1969 දක්වා ඇමරිකාවේ කෙනෙඩි තුඩුවෙන් ගුවන්ගත කරන අභ්‍යවකාශ යානා රැගත් සෑම රොකොට්ටුවක්ම නිර්මාණය කළේ වර්නර් වෝන් බ‍්‍රවුන් විසිනි. මොහු වසරක් පාසා ගුවන්ගත කරන අභ්‍යවකාශ යානා රොකොට්ටුව නිර්මාණය කිරීමේදී මුලින් ඇති වූ ගැටලූ හඳුනාගෙන අලූත් සැලසුම්වලට ලක් කළේය. ගගනගාමීන්ට බලපාන ගැටලූ, ගුවන්ගත කිරීමේදී ඇතිවන අවදානම් තත්ත්ව (පුපුරා යෑම) වැළැක්වීම, දුරස්ථ පාලන මගින් අභ්‍යවකාශ යානාවල කි‍්‍රයාකාරීත්වය, රොකට්ටුවට අවශ්‍ය වේගය ඉන්ධන දහනය මගින් ලබාදීම, උඩු ගුවනේදී අනවශ්‍ය කොටස් ඉවත් කිරීම, අවශ්‍ය කොටස් නැවත සම්බන්ධ කිරීම, අවශ්‍ය අභ්‍යවකාශ ගමන් හමාර කර නිරුපද්‍රිතව පෘථිවියට පැමිණීම ආදී සමස්ත වගකීම් සහිත මුළු රොකොට්ටුවේ හා අභ්‍යවකාශ යානාවල නිර්මාණකරු වූයේ වෝන් බ‍්‍රවුන්ය. මොහු ලොව පහළ නොවන්නට චන්ද්‍ර යුගයක් උදා නොවෙනු ඇත. මෙහිදී ඇපලෝ ,, නිර්මාණය කිරීමේදී, ගගනගාමීන්ට අදාළ ඇඳුම් නිර්මාණය, වෛද්‍ය පර්යේෂණවලට අදාළ උපකරණ යානය තුළ සවි කිරීම, විදුලිය භාවිතය ද්‍රව ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් රොකටුව තුළ තැන්පත් කිරීම, අධික තාපයට හා ප‍්‍රසාරණයට ඔරොත්තු දෙන අවශ්‍ය ඝනකමකින් යුතු ලෝහ නිෂ්පාදනය ආදී දහස් ගණනකින් යුතු විවිධ අංශ සම්බන්ධීකරණය කිරීම, පාලක මැදිරි සංකීර්ණය තැනීම ආදී කාර්යයන්ගේ ප‍්‍රධාන නියමුවරයා වූයේ ද වෝන් බ‍්‍රවුන්ය. එසේම ගගනගාමීන් පුහුණු කිරීම, තෝරා ගැනීම, උපදෙස් දීම ආදිය කළේ ද වෝන් බ‍්‍රවුන්ය. 1969 වසර වනවිට මොහුගේ වයස අවුරුදු 57 කි.
 
 * ඇපලෝ ,, ගගනගාමීන්ගේ ඇඳුම්
 
 මෙම එක ගගනගාමියකුගේ ඇඳුමේ වටිනාකම ඩොලර් විසි ලක්ෂයකි. (මෙරට මුදලින් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකි.) හිසේ සිට පතුල දක්වා සපත්තු දෙක, හෙල්මටය, හෙල්මටයේ ඉදිරිපස පාරදෘශ්‍ය ඝනකම වීදුරුව සහිතය. හඳේ ගමන් කිරීමේදී ඕනම පැත්තකට නැමීමේ හැකියාව ශරීර ආවරණ ඇඳුම සතුය. ඇඳුමේ මතුපිට ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දෙනු ලැබේ. ඇඳුම් ඉරීමකට ලක්වුවහොත් විනාඩි කිහිපයකදී රුධිරය උණු වී මිය යෑම සිදු වේ. අත්වැසුම් ඕනෑම උෂ්ණත්වයකට හා සීතලකට ඔරොත්තු දෙන ඇල්ලීමට ඇති හැකියාවකින් යුක්තය. පිටේ ඔක්සිජන් සිලින්ඩරයක් හා ජලය ඇතුළත් ලෝගුවකින් යුක්තය. මුළු ඇඳුම පුරා ශරීරයේ සිසිල පාලනය කිරීමට ඉතා සිහින් වතුර බට ජාලයක් (අඩි 100 පමණ දිග) සිහින් නළ වශයෙන් පැතිර ඇත. මෙය එංගලන්තයේ බි‍්‍රටිෂ් පාර්න්බරෝ එස්ටැබ්ලිෂ්මන්ට් සමාගම විසින් නිර්මාණය කරන ලදී.
 
 * සඳ ගමනට ගිය වියදම
 
 ඇපලෝ වියදම සඳහා ඇමරිකානු රජයට වැය වී ඇති මුදල ඩොලර් කෝටි 2400 යි දශ ලක්ෂයකි. (මෙය මෙරට මුදලින් රුපියල් කෝටි 19200 යි ලක්ෂ 80 කි) ඇපලෝ යානා 19 තැනීම සඳහා වැය වූ මුදල ඩොලර් 700 කෝටියකි. එය මෙරට මුදලින් රුපියල් කෝටි 5607 කි. ඇපලෝ ,, යානය නිපදවීමට වැයවූ මුදල රුපියල් කෝටි 300 කි. සැටර්න් 5 රොකොට්ටුව තැනීමට වැය වූ මුදල (කොටස් 27 කින් යුක්ත) ඩොලර් කෝටි 800 කි. (මෙය මෙරට මුදලින් රුපියල් කෝටි 6250 කි.)
 
 ඇපලෝ ,, සඳ තරණය කළ 1969 වසරේ (මීට වසර 50 කට පෙර) අප රටේ රන් පවුම් 1 ක මිල රු. 160 කි. පොල් ගෙඩියක මිල ශත 25 කි. දිනමිණ පුවත්පතේ මිල ශත 20 කි. හාල් සේරුවක මිල රු 1.20 කි. මේ අනුව එදා රන් පවුමක මිල රු 160 කි. අද රන් පවුමක මිල රු 55000 කි. මේ අනුව එදා රුපියල් 1 ක මිල අද රුපියල් 343 කින් වැඩිය. ඒ අනුව වර්තමාන වියදම ඔබට සැසඳිය හැකිය.
 
 මේ තරම් විශාල මුදලක් ලෝක ජනතාව (සමහර රටවල) කුසගින්නේ පසු වෙද්දී ඇමරිකානු රජය අභ්‍යවකාශ/ සඳ ගමන් සඳහා වියදම් කිරීම මානව හිතවාදී නොවන බව සමහරු පවසති. නමුත් ඇමරිකානු රජය ආරක්ෂක කටයුතු සඳහා මීට වඩා මුදලක් වැය කරති. ඇමරිකානු ජනතාව මත්පැන් හා දුම් පානය සඳහා වසරකට මීට වැඩි මුදලක් වැය කරති.
 
 * සඳ ගමන (ඇපලෝ 11) කි‍්‍රයාත්මක වූ අයුරු
 
 සැටරින් 5 රොකොට්ටුව (අට්ටාලය සහිත) කි‍්‍රයාකාරීත්වය අනුව ප‍්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදිය හැකිය.
 
 එහි 1 අදියර (පළමු කොටස) ආරම්භක අවස්ථාවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ටොන් 2700 පමණ බර රොකොට්ටුව උඩු ගුවනට යෑම සඳහා උඩුකුරු තෙරපුමක් ලැබීමට පැයට සැතපුම් 2500 ක පමණ වේගයෙන් උඩ යෑමට අවශ්‍ය වේ. ඒ සඳහා එන්ජින් 5 ක කි‍්‍රයාකාරීත්වයෙන් ද්‍රව ඉන්ධන දැවේ.
 
 ඊට පසු දෙවැනි කොටස පණ ගැන්වී ගගනගාමීන්, උපාංග සහිත හඳ වෙත ගමන් කරන කොටස ගුරුත්වාකර්ෂණයෙන් මිදී අභ්‍යවකාශ ගත වේ. ඒ සමඟ පළමු කොටස ගැලවී යයි. (එය අභ්‍යවකාශයේ භ‍්‍රමණය වන අපද්‍රව්‍යයක් බවට පත් වේ.)
 
 ඊට පසු දෙවැනි කොටස ද්‍රව ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් දහනය කර විශාල බලයක් ලබාගෙන යානය අභ්‍යවකාශගත වී චන්ද්‍රයා වෙතට ගමන් කරයි.
 
 ඊට පසු තෙවැනි කොටස චන්ද්‍රාකර්ෂණයට ලක් වී චන්ද්‍රයා වටා භ‍්‍රමණය වීමට ද්‍රව ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් දැවී තවදුරටත් බලය ලබා ගනී.
 
 පෘථිවියේ සිට සඳට අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණය හා චන්ද්‍ර ආකර්ෂණය නොමැති කොටසේ වේගයෙන් ගමන් කිරීම සිදුවන්නේ ඉන්ධන දහනයකින් තොරවය.
 
 තෙවැනි කොටස කි‍්‍රයා කරන විට අකී‍්‍රය වූ 2 වැනි කොටස රොකොට්ටුවෙන් ඉවත් වී අභ්‍යවකාශයට එක් වේ.
 
 ඊට පසු සඳ වෙත මවු යානය (කොලොම්බියා), චන්ද්‍ර යානය (ඊගල් - රාජාලියා) එකට සම්බන්ධ වී චන්ද්‍රයා වටා භ‍්‍රමණය වන අතර, මෙම මවු යානයේ ගගනගාමීන් තිදෙනා පසු වේ.
 
 ඊට පසු මවු යානයෙන් චන්ද්‍ර යානයට ආම්ස්ට්‍රෝන් හා එඞ්වින් ඕල්ඩි‍්‍රන් අඟල් 32 දිග හා පළල අඟල් 18 කුහරයක් හරහා ඇතුළු වී සියලූම ස්විච් පරීක්ෂා කරනු ලැබීය. චන්ද්‍ර යානයේ ස්විච් 566 ක් ඇත. විදුලි පහන් 71 කි. යාන්ති‍්‍රක උපකරණ 24 කි. රූපවාහිනි කැමරා/ ගුවන්විදුලි සංඥා උපකරණවලින් යුක්තය.
 
 ඊට පසු සඳ වටා මවු යානය තුළ මයිකල් කොලීන් නියමු ලෙස කි‍්‍රයා කර භ‍්‍රමණය කරන අතර චන්ද්‍ර යානය මවු යානයෙන් ගැලවී සඳ මතට පතිත විය. චන්ද්‍ර යානය සඳ මතට පතිත වනවිට එහි ස්වයංකාරී ලෙස කි‍්‍රයා කරන පාද හතර දිග හැරී, සඳ මත එම පාද තබනු ලැබේ. මෙම සියල්ල සිදුවන්නේ හුස්ටන් පාලක මැදිරියෙන් ලැබෙන රේඩියෝ පණිවිඩ හා දුරස්ථ පාලකවල කි‍්‍රයාකාරීත්වය හරහාය.
 
 චන්ද්‍ර යානයේ පාදවලට සම්බන්ධ ඉනිමඟක් ඇත. චන්ද්‍රයා මතට පතිත වූ චන්ද්‍ර යානය තුළ සිට එහි සියලූ කි‍්‍රයාකාරීත්වයන් නිසි ලෙස සිදුවන්නේ දැයි ගගනගාමීන් දෙදෙනා තවදුරටත් පරීක්ෂා කරනු ලැබේ. එම චන්ද්‍ර යානයේ ද තවත් යාන්ති‍්‍රක කොටසක් (ද්‍රව ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් ඇති) ඇත.
 
 නීල් ආම්ස්ට්‍රෝන් ඉනිමඟ දිගේ ආරක්ෂක ඇඳුම් පැලඳගෙන, සඳ මතට ජූලි 21 පෙ.ව. 8.26 ට මානව වංශ කතාවේ විශාල ජයග‍්‍රහණයක් ලබා දෙමින් පා තැබීය. ඊට විනාඩි 30 කට පසු එඞ්වින් ඕල්ඩි‍්‍රන් චන්ද්‍රයා මත පා තැබීය.
 
 නීල් ආම්ස්ට්‍රොන් සඳ මත පා තැබීමෙන් පසු උදාන වාක්‍යයක් මෙසේ ප‍්‍රකාශ කළේ ලෝක ජනතාව අමතමිනි. මෙය මිනිසා විසින් සඳ මත තබන ලද එක් පියවරක් පමණි. එහෙත් එය සකල මනුෂ්‍ය සංහතිය විසින් පනිනු ලැබූ යෝධ පියවරකි. මේ වනවිට චන්ද්‍රයාට සැතපුම් 7 ඉහළින් මයිකල් කොලීන් මවු යානය චන්ද්‍රයා වටා භ‍්‍රමණය කරමින් නියමු කි‍්‍රයාකාරීත්වයේ යෙදෙමින් සිටියේය.
 
 * ගගනගාමීන් සඳ තරණය කිරීමෙන් පසු කළ කි‍්‍රයා
 
 නීල් ආම්ස්ට්‍රෝන් විසින් පළමුව ඇමරිකානු ධජය සඳ මත සවිකරන ලදී. සඳ මතුපිට ස්වභාවය, සඳ මත ඇති ආවාට ආදිය ගැන ද සඳේ සිට පෘථිවිය පෙනෙන ආකාරය ගැනද විස්තර රූපවාහිනී දර්ශන මගින් සංවාද සහිතව හුස්ටන් පාලක මැදිරියට එවන ලදී. ඒ අවස්ථාවේ මෙම ගගනගාමීන් දකින දේ හා පවසන දේ, දර්ශන, ඇමරිකානු රූපවාහිනිය හා ගුවන්විදුලිය මගින්ද රොයිටර් පුවත් සේවය මගින් ද සජීවීව ලොවට විකාශනය කරන ලදී. මෙම අභිමානවත් අවස්ථාව ලොව කෝටි සංඛ්‍යාත ජනතාව පී‍්‍රතියෙන් නැරඹූහ. ඇසූහ.
 
 නීල් ආම්ස්ට්‍රෝන් හඳ මත කරන දේ එඞ්වින් ඕල්ඩි‍්‍රන් විසින් රූපවාහිනී කැමරාව කි‍්‍රයාත්මක කර ලොවට පෙන්වීය.
 
 හඳේ ගුරුත්වාකර්ෂණය පොළොවේ ගුරුත්වාකර්ෂණය මෙන් 1/6 කි. මේ අනුව පොළොවේ අඩි 2 ක් උඩ පනින මිනිසකුට හඳේ මතුපිටදී අඩි 12 උඩ පැනීමට හැකිය. ඒ අවස්ථා නීල් ආම්ස්ට්‍රෝන් මනු ලොව සිටින ජනතාවට අභිමානවත්ව පෙන්වීය.
 
 ඊට පසු අභ්‍යවකාශ තරණයේදී මියගිය ඇමරිකානු ගගනගාමීන් 3 දෙනකුගේ හා රුසියන් ගගනගාමීන් 2 දෙනකුගේ පදක්කම් සහිත සමරු ඵලකය සඳ මත සවිකරන ලදී. ලෝකයේ රටවල් 142 ක ජාතික කොඩි සඳ මතුපිට සවිකරන ලදී. ශී‍්‍ර ලංකා ජාතික කොඩිය ද සඳ මත සවිකිරීම අප රටට කළ උතුම් ගරු කිරීමකි. ඊට පසු චන්ද්‍රයා මත භූචලන මාපකයක් ද, ලේසර් මීටරයක් (පොළොව හා සඳ අතර දුර/ නිතර වෙනස් වීම බලා ගැනීමට) සවිකරන ලදී. පාටිකල් ක්ලේටර් යන්ත‍්‍රයක් සවිකරන ලද්දේ සඳේ ඇති වාත හා පාෂාණ අංශුන්/ දුවිලි අධ්‍යයනය කිරීම සඳහාය.
 
 මීට අමතරව ප‍්‍රධාන කාර්යය වූයේ සඳේ මතුපිට කිහිප ස්ථානයකින්, සඳ පස් රාත්තල් 20 ක් රැගෙන ඒමය. ඒ සඳහා විශේෂ භාජනයක් භාවිතා කරන ලදී. සඳ මත විනාඩි 20 ක් ඇවිද පස් එකතු කරන ලදී. ඊට පසු නැවත චන්ද්‍ර යානය තුළ පැය 7 ක් නිදාගෙන, එහිදී දෙවේලක් කෑම කා ඇත. ඊට පසු චන්ද්‍ර යානය තුළට වී දොරටු වසා ගන්නා ලදී.
 
 ඊට පසු චන්ද්‍ර යානයේ රොකටය පණ ගන්වා (පෘථිවි පාලක මැදිරියේ උපදෙස් පරිදි සියලූ යාන්ති‍්‍රක කි‍්‍රයාකාරීත්වයන් පරීක්ෂා කර) චන්ද්‍ර ආකාශයට පිවිස, චන්ද්‍රයා වටා භ‍්‍රමණය වූ මවු යානයට සම්බන්ධ වී නැවත පෘථිවිය කරා ගමන් අරඹන ලදී. නැවත චන්ද්‍ර යානයෙන් ගගනගාමීන් දෙදෙනා මවු යානයට පිවිසුණ පසු චන්ද්‍ර යානය අවකාශයට මුදා හරින ලදී.
 
 ඇපලෝ ,, පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත ගමන් කිරීම, ආපසු පැමිණීම දැක්වෙන සටහන
 
 1 කෙනෙඩි තුඩුවෙන් සැටර්න් 5 අහස්ගත වීම. 2 පෘථිවියට තිස් අටක් ඉහළින් සැටර්න් 5 ඔසවන යන්ත‍්‍රය ඉවත් කිරීම. 3 රොකට්ටුව පෘථිවිය වටා ගමන් කරවන දෙවන ඇන්ජිම කි‍්‍රයාත්මක කිරීම. 4 චන්ද්‍රයා බලා ගමන් ඇරඹීම 5 රොකට්ටුවේ දෙවන ඇන්ජිම ගැලවී යෑම. 6 චන්ද්‍ර කක්ෂයට යානය ඇතුළු වීම. 7 යානය චන්ද්‍රයා වෙත ගමන් කිරීම. 8 මවු යානයෙන් චන්ද්‍ර යානය වෙන් වීම. 9 චන්ද්‍ර යානය සඳ මත පතිත වීම. 10 මවු යානය සඳ වටා භ‍්‍රමණය කිරීම. 11 චන්ද්‍ර යානය සඳ මතින් ඉවත් වී මවු යානය කරා පැමිණීම. 12 චන්ද්‍ර යානය හා මවු යානය එක්වීම, චන්ද්‍ර යානයේ සිටින සඳ ගාමින් මවු යානයට ඇතුළු වීම. පොළොව කරා ගමන් ඇරඹීම. 13 චන්ද්‍ර යානය මවු යානයෙන් ඉවත් වීම. 14 මවු යානය පෘථිවිය කරා පැමිණීම. 15 පෘථිවි වායුගෝලයට යානය ඇතුළු වීමේදී ගිනියම් වීම. 16 ඇපලෝ ,, යානය අත්ලන්තික් සාගරයට පතිත වීම.
 
 ඊට පසු පොළොව මත අත්ලාන්තික් සාගරයට 1969 ජූලි 24 දා රාති‍්‍ර 10.19 ට මවු යානය පතිත විය. හෝර්නට් නෞකාවේ හෙළිකොප්ටර් යානා මගින් නිරුපද්‍රිතව වීර ගගනගාමීන් තිදෙනා හුස්ටන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට විශේෂ කුටියක් තුළ රඳවාගෙන එන ලදී. සතියක් පුරා එම ආරක්ෂක කුටිය තුළ රඳවා සඳ මත ඇති ක්‍ෂුද්‍ර ජීවී/ අයහපත් දේ ශරීර ගත වී ඇත්දැයි විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලදී.
 
 මේ අතර පෘථිවියට පැමිණි සඳ තරණය කළ වීරයන් තිදෙනා ඇමරිකානු ජනාධිපති රිචර්ඞ් නික්සන්ගේ ප‍්‍රධානත්වයෙන් මුලින්ම රාජකීය ගෞරව සහිතව, කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජය ඝෝෂා මැද පිළිගන්නා ලදී. සියලූම රටවල රාජ්‍ය නායකයන් හා එවකට ශී‍්‍ර ලංකා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද සඳගාමී වීරයන්ට සුබ පැතුහ.
 
 * සඳ පස් පරීක්ෂා කිරීම
 
 ශී‍්‍ර ලාංකික විද්‍යාඥයකු වූ (ගාල්ල ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය) ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඒම්ස් විද්‍යා පර්යේෂණාගාරයේ ජීව රසායන විද්‍යා අංශයේ ප‍්‍රධානි මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතා විසින් සඳ මතුපිටින් රැගෙන ආ පස් පරීක්ෂා කිරීම සිදු කරන ලදී. මෙම සඳ පස්වල පරිණාමය, ජීවීන් බිහි කිරීමට හැකි රසායනික ද්‍රව්‍ය තිබේ ද විශේෂ ක්‍ෂුද්‍ර ජීවීන්, වෛරස් බැක්ටීරියා වර්ග තිබේ ද ආදී විවිධ පරීක්ෂණ රාශියක්, විද්‍යාඥයන් 100 පමණ අතර පස් සාම්පල බෙදා හරින ලදී.
 
 * සඳ ගමනින් මිනිසාට ලැබුණ ප‍්‍රයෝජන
 
 ලොව විවිධ අභ්‍යවකාශ පර්යේෂණ සිදු කිරීමෙන් තාරකා විද්‍යාවේ විද්‍යාත්මක ප‍්‍රගතියක් ලබා ඇත. විශේෂයෙන් චන්ද්‍රගාමීන්ගේ/ අජටාකාශගාමීන්ගේ රොකොට්ටුව තුළදී රුධිර ස්පන්දනය, ශරීර උෂ්ණත්වය, විවිධ ශාරිරික ගොදුරුවීම් හට ගන්නා රෝගාබාධ හඳුනා ගැනීමට විශේෂ උපකරණ භාවිතා කරන ලදී. ඒ තුළින් රෝගීන්ගේ වෛද්‍ය පර්යේෂණ සඳහා භාවිතා වන ස්කෑනින් යන්ත‍්‍රය ලොව බිහි විය. අභ්‍යවකාශයේ රූපවාහිනි හා කාලගුණ චන්ද්‍රිකා භ‍්‍රමණය වීමට සැලැස්වීම නිසා පෘථිවිය පුරා රූපවාහිනී ජාත්‍යන්තර නාළිකා විකාශනය කිරීමට පහසු වී ඇත. කාලගුණ අනාවැකි කල්තියා දැන ගැනීමට හැකි වී ඇත. ගුවන් ගමන්වල අනතුරු වැළැක්වීමට (රේඩාර් හා විදුලි සංඥා නිවැරදිව ඉක්මනින් ලබාදීමට) හැකියාව ලැබී ඇත. චන්ද්‍රිකා මගින් පෘථිවිය සම්බන්ධ ඡුායාරූප ලබාදීමේදී සාගර මත්ස්‍ය සම්පත වැඩියෙන් ඇති ස්ථාන දැන ගැනීමට හැකිය. එය ධීවර කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇත. අන්තර්ජාතික වශයෙන් පණිවිඩ හුවමාරුව, ජංගම දුරකථන, විවිධ පරිගණක මගින් සිදුවන සේවා වර්තමානයේ දියුණු වී ඇත්තේ අභ්‍යවකාශ විද්‍යාවේ නව සොයා ගැනීම්වල ප‍්‍රතිඵලයක් ලෙසය.
 
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles