Divaina - එදා රටම කතා කරපු චන්දිමාල්ගෙ උපන්දින සාදයට මෙදා පාර මොකද වුණේ...? නෙළුම් කුළුණේ තියන්නයි හිටියේ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali

ජූලි 31අනිවාර්යයෙන්ම ගන්නවා...
 
 
chandimal1 

ඔහු ඔහුගේ ගමන තනියම ආපු කෙනෙක්. දිවා රෑ මහන්සියෙන් තමන්ගේ හැකියාවත් එක්කම මේ තැනට ආපු කෙනෙක්. කාටවත් කරදරයක් නැති ඔහු ඔහුගේ උපන් දින සාදය සමරන්නේ මුලූ රටක්ම කතාබහට ලක්කරමින්. වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ උපන්දිනයක් එසේ සමරන්නේ නොමැති තරම්. ලාංකීය කලාකරුවන් පිරිවරා ගනිමින් මහත් ඉහළින් සංවිධානය වන ඔහුගේ සාදයට කලා ක්‍ෂේ්ත‍්‍රයේ සහ රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ අති දැවැන්තයින්ගෙන් වර්ණවත් වන්නේ වෙනත් සාදයකදී සංවිධානය නොකෙරුණ අංගයන් රැසකින් ද සමන්විතවයි. නමුත් මේ මැයි 31 ඔහුගේ උපන්දිනය යෙදුණත් ඔහු වෙනත් වසරවල මෙන් ඔහුගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ වෙනස්ම ආකාරයකින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඔහු චන්දිමාල් ජයසිංහ. බලමු මේ ගැන ඔහුගෙන්ම අහලා.
 
 
 චන්දිමාල්, වෙනදා අති උත්කර්ෂවත් ආකාරයෙන් සමරන ඔබෙ උපන්දින සාදය මෙවර නොපැවැත්වුණ හේතුව ?
 
 ඒක මෙහෙමයි. උපන්දින සාදෙට ඔක්කොම වැඩකටයුතු සූදානම් කරලා තිබුණේ. අපේ‍්‍රල් 21න් පස්සෙ රටේ තත්වයත් එක්ක මට හැකියාවත් නැහැ මේ වෙද්දී එහෙම සතුටු වෙන්න. ඒ වගේම මම මේ වෙලාවෙ එහෙම කරානම් මිනිස්සු මට අනිවාර්යෙන් දෝෂාරෝපණය කරන බවත් දන්න නිසාම මම ඒ සාදය පොඞ්ඩක් කල් දැම්මා. උපන් දිනේ වෙනුවෙන් බුදු දහමට අනුව පිංකම් කරන්න කටයුතු කළේ ඒ නිසයි.
 
chandimal2 ඔබ කොහොමද කලින් සාදය සැලසුම් කරල තිබුණේ ?
 
 ඔව් කලින් නෙළුම් කුලූණේ තමයි සාදය ගන්න සැලසුම් කරලා තිබුණේ සාම්ප‍්‍රදායික තේමාව යටතේ. ගොඩක් ලස්සනට ඔක්කොම ප්ලෑන් කරල තිබුණේ. නමුත් රටේ සිදුවුණු දේවල් එක්ක නෙළුම් කුලූණ විවෘත කරන එකත් කල් ගියා. ඒ නිසා මට සාදය තියන තැනෙත් පොඩි ප‍්‍රශ්නයක් ආවා. ඒ ඔක්කොමත් එක්ක මම හිතුවා මේක කල්දාන එක හොඳයි කියලා.
 
 කල්දාපු උපන්දින සාදය නැවත පවත්වන්න අදහසක් තියෙනවද ?
 
 ඔව් අනිවාර්යෙන්ම. ලබන මාසෙ ඒ කියන්නෙ ජූලි 31 වෙනිදා සාදය පවත්වන්න සියලූ කටයුතු සැලසුම් කරල අවසානයි දැන්. කලින් මම සියලූ දේ සැලසුම් කරල තිබුණේ. ඒක නිසා මට මේක අනිවාර්යෙන්ම කරන්න වෙනවා. මොකද හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ සාදයට එන්න.
 
 උපන් දින දවසේ දානමය කටයුතු සඳහා ඔබව මෙහෙයවූයේ කවුද ?
 
 ඒක මට හිතුන දෙයක්. මියගිය අය වෙනුවෙන් ලොකුවට මෙහෙම දෙයක් කරනව මම දැක්කෙත් නැහැ වෙන කෙනෙක්. ඒක නිසා මට හිතුනා ඒ වගේ දෙයක් කරන්න ඕන කියලා. ගොඩක් සතුටුයි. මට මේ වැඬේ හොඳටම කරගන්න පුලූවන්කම ලැබුණා. මගේ යාලූවො සහ ක්ෂේත‍්‍රයේ අය මට ගොඩක් උදව් කළා මට මේ දේ කරන්න. ඉතිං හිතුවටත් වැඩිය හුඟක් අයගෙ සහයෝගය ලැබුණා. මම හිතුවටත් වැඩිය හොඳට වැඩ ටික කරගන්න පුලූවන් වුණා.
 
 උපන් දිනයක් වෙනුවෙන් මෙවන් පිංකමක් කිරීම ඔබට දැනෙන්නේ කොහොමද ?
 
 මගේ වැඩත් එක්ක මේ වැඬේට මටත් එදා තමයි සහභාගි වෙන්න ලැබුණෙ. ගංගාරාම විහාරස්ථානයෙන් මට ලොකු සහයෝගයක් දුන්නා. පොඩි හාමුදූරුවෝ රෝගාතූරව හිටියත් අනිත් හාමුදුරුවරුන් මට හැම වැඩක්ම බලල හොඳට කරලා දුන්නා. ඒ වගේම හිටපු ආරක්ෂක අංශ මට ලොකු සහයෝගයක් දුන්නා. පන්සලෙන්ම හැමදේම මට කරල දුන්නා. පහන් දහසෙ මල් දහසෙ පූජාවක් වගෙම කොටුවෙ පොඩි හාමුදුරුවන්ගෙ ධර්ම දේශනයක් පැවැත්වුණා. හැම කෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම පානදුරේ පන්සලකට මම ධර්ම පුස්තකාලයක් හදල දුන්නා. ලොකු සතුටක් ලැබුව මං ඒ දේ කරලා.
 
 කලාකරුවන්ගේ සහභාගිත්වය ගැන කතා කළොත් ?
 
 මං හිතන්නෙ ලොකු ප‍්‍රමාණයක් නෙවෙයි. අපේ සමහර අය මේ වගේ වැඩවලට සම්බන්ධ වෙනව අඩුයි. ඉන්විටේෂන් ඉල්ලගෙන ආපු අය ඉන්නව මේ වැඬේට සහභාගී නොවුන. මං දන්නෙ නෑ ඇයි කියල. ටිකක් දුකයි ඒක ගැන. උත්සාහ කළා බොහෝදෙනා සහභාගි කරගන්න. කොහොම වුණත් සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා. මගේ ලඟම මිතුරන් 500 ක් විතර සහභාගී වුණා.
 
 මේ වැඬේ ගැන මිනිස්සු සහ සමාජ මාධ්‍ය මොනවද කියන්නෙ ?
 
 ඇත්තටම ඉතා හොඳ ප‍්‍රතිචාර තියනව. කලින් සැරේ වගේ විවේචනය කළේ නැහැ කවුරුවත්. හැබැයි මට තේරුණු දේ තමයි මොන දේ කරන්න ගියත් බාධක එනව කියන එක. මම මේ දේ කරන්න පටන්ගත්තට පස්සෙ මම නොදන්න අයගෙන් පවා මට සහ ගංගාරාම පන්සලට තර්ජන ආවා මේ වැඬේ නවත්වන්න. මම දන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද කියල. ගොඩක් මම නොදන්න අයගෙනුත් එහෙම වැඬේ නවත්වන්න කටයුතු සිදුවුණා කියල මම දන්නවා. අපි හොඳ දෙයක් කරන්න ගියත් මොන දේ කරන්න ගියත් ඒ දේවල් කඩාකප්පල් කරන්න හදනවා. දන්නෙ නෑ ඒක අපේ රටේ හැටියක්. කොහොම වුණත් දෙයියො බුදුන් ඒ හැමදේම වලක්වනවා. එදා වුණත් පොදක්වත් නැතුව මට ඒ දේ ලස්සනට කරගන්න පුලූවන් වුණේ ඒ ආශිර්වාදය නිසා. මගේ ආගමේ නොවුණත් පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් මට ඒ දේ හිතුවටත් වඩා හොඳට කරගන්න පුලූවන් වුණා. මං හිතන්නෙ අපි මනුෂ්‍යයො විදියට මට පුලූවන් දේ ඔවුන් වෙනුවෙන් කළා.
 
 ඔබ හිතන විදියට ඔබට ඒ තරමටම බලපෑම් එන්න හේතුව ?
 
 මං හිතන්නෙ ප‍්‍රධානම දේ තමයි ඔවුන් හිතනව මම මේ හැමදෙයක්ම කරන්නෙ දේශපාලනයට එන්න කියල. මං දකින එකම දේ එතන. විශේෂයෙන්ම මම ඒ අයට කියන දේ තමයි මම කිසිම දවසක දේශපාලනය කියන ජරා වලට බහින්නෙ නැහැ. දැන් මිනිස්සුන්ට පිලිකුල් දේශපාලනඥයින්. දෙවියන් වහන්සේ මට මේ දීල තියෙන්නේ වෘත්තියක්. මට ඕන නැහැ රජයෙ වැටුපක් අරන් යැපෙන්න. මේ ගමන මම ආවෙ තනියම. ඔය එක රජයක්වත් මට මෙතනට එන්න ලෝන් එකක් ගන්නවත් උදව් කරල නැහැ. ඒ නිසා මම නැවත නැවතත් කියන්නෙ දේශපාලනයට මම එන්නෙ නැහැ. මට බලපෑම් කරන්න එපා කරදර කරන්න එපා. මොකද මගෙ වෘත්තියෙන් මට තව ලොකු ගමනක් යන්න තියනවා.
 
 ඔබේ විවාහය මේ අවුරුද්දෙවත් දකින්න පුලූවන් වෙයිද ?
 
 මෙහෙමයි, මම ඉන්නෙ විවාහ මංගල ක්ෂේත‍්‍රයේ. මම දැකල අත්විඳල තියෙන දේවල් එක්ක විවාහවෙන එක තවදුරටත් හිතන්න ඕන දෙයක්. බඳිනවා කියන එක මට හෙට හරි කරන්න පුලූවන්. නමුත් ඉන් එහාට ජීවිතේ ගැන අපි දන්නෙ නැහැ. ඒ දේවල් හරියට වෙන්න ඕන. වෙලාව ආවම ඒ දේ හරි විදියට වෙයි කියල තමයි කියන්න තියෙන්නෙ.
 
 ඉදිරි සැලසුම් ගැන යමක් කිව්වොත් ?
 
 මගේ ජීවිතය තුළ කවදාවත් හිතපු නැති විදියෙ සාර්ථකත්වයක් මං අද ලබාගෙන තියනවා.
 
 මිනිස්සුන්ගෙන් මට ලැබෙන ආදරය පිලිගැනීම ගැන මම ලොකු සතුටක් ලබනවා. රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයට ඇවිත් ලබන 2020 ට අවුරුදු 20 ක් වෙනවා. මම හිතාගෙන ඉන්නවා ඒක ඉහළින්ම සමරන්න. ඒකට CJ‍‍ 2020 කියලා ලොකු ෂෝ එකක් කරන්න කියල
 
 හිතාගෙන ඉන්නවා. ඒකත් මගේ උපන්දිනේ දවසෙම ගනී. විවාහ දිනයේ මගෙන් හැඩවුණු රංගන ශිල්පිනියන් 30 කට වැඩි පිරිසක් ඉන්නවා. ඔවුන් එකතු කරගෙන වෙනස්ම විදියේ ෂෝ එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. බලමු ඉතින්.
 
 ප‍්‍රසංග මාභරණ
 
 ඡායාරූප - ගෝල්ඩන් අයි

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles