Divaina - අයිස් එක්ක ඇඟත් විකුණන අලූත්ම ජාවාරම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

UPali



ice
රුවන් ජයවර්ධන

සුරූපී කාන්තාවන් සඳහා රට තුළ පවතින්නේ ඉහළ ඉල්ලූමක්ය. අලි ඇතුන් මිලට ගන්නා මුදලට වුව කම් නැත, ඉහළ මිල ගණන් යටතේ එවැනි කාන්තවන් සමග යහන්ගත්වීම සඳහා සූදානම් කාමාතුර සල්ලාලයන් රට තුළ ඕනෑතරම් සිටින අතර කිසිදු කැත හිරිකිතයකින් තොරව තම ආශාවන් ඉටුකර ගැනීම් පිණිස අත දිගහැර මුදල් වියදම් කිරීම ඔවුන්ගේ පුරුද්දක් බවට පත්ව ඇත. උපතින් ලද රූමත් බව ආදායම් මාර්ගය බවට පත් කරගත් ඇතැම් කාන්තාවන් ඒ සඳහා ඉදිරිපත් වන්නේ සමස්ත කාන්තා පරපුරම ඒ හරහා නිගාවට පත් කරවමිනි.

එවන් ජාවාරමක සුල මුල ඉකුත් දිනක රට හමුවේ හෙළිදරව් වන අතර එම සුරූපිනියන් පිරිස අත්අඩංගුවට ගනු ලබන්නේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින්ය. ඔවුන්ට ලැබෙන තොරතුරක් ඔස්සේ ක‍්‍රියාත්මක වන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකරන අතර එහිදී අත්අඩංගුවට ගත් සුරූපිනියන් ගණන හත් දෙනෙක්ය. මුහුණු පොත හරහා ගොඩනගාගත් හිතවත්කමක් හරහා මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගන්නා වලාන දූෂණ මර්දන ඒකකය ඔවුන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීමේදී හෙළිදරව් කරගෙන තිබෙන්නේ ඉහළ මිල ගණන් යටතේ ඔවුන් තම ශරීර සලෙලූන්ට අලෙවි කරන බවත් සමාජය තුළ ඒ සඳහා ඉහළ ඉල්ලූමක් පවතින බවත්ය.

වාර්තා වන ආකාරයට එම වැටලීම සිදු කරන්නේ පහත සඳහන් ආකාරයටය. මුහුණු පොත උපයෝගි කර ගනිමින් කලක් තිස්සේ ගණිකා ජාවාරමක් පවත්වාගෙන යනු ලබන එක්තරා සුරූපි කාන්තාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරගන්නා වලාන දූෂණ මර්දන ඒකක නිලධාරීන් පළමුව ඇය සමග සමීප ඇසුරක් ගොඩනගා ගන්නේය. ඒ සඳහා මුහුණු පොතම උපයෝගී කරගන්නා එක් නිලධාරියෙක් දින කීපයක් තිස්සේ කරන ලද රඟපෑමක ප‍්‍රතිඵලයක් ලෙස දිනක් ඇය අමතමින් සඳහන් කර සිටින්නේ තම ධනවත් මිතුරන් කීප දෙනකු හට සුරූපී කාන්තාවන් කීප දෙනකුගේ තාවකාලික ඇසුරක් අවශ්‍ය බවත් ඒ සඳහා අත දිගහැර මුදල් වියදම් කිරීමට ඔවුන් සූදානම් බවත්ය. මුහුණු පොත හරහා එම ජාවාරම මෙහෙයවනු ලබන කාන්තාව එම යෝජනාව සඳහා එකවර එකඟ නොවන අතර ඇය විසින් පවසා සිටින්නේ දිනක් ඇතුළත ඒ සඳහා පිළිතුරක් ලබා දිය හැකි බවක්ය. ඒ අනුව පසු දින නැවත එම කාන්තාව අමතන පොලිස් නිලධාරියා නැවත සිය අවශ්‍යතාව ඇය හමුවේ සඳහන් කර සිටින්නේ කෙසේ හෝ තම මිතුරන් පිරිසගේ වුවමනාව ඉටු කර දෙන ලෙසත් ඔවුන් ධනවත් පිරිසක් බැවින් මුදල පිළිබඳ ගැටලූවක් ඇති නොවන බවත්ය.

ice2එය පොලිසිය විසින් කරන රඟපෑමක් බව නොදෙන සිටි කාන්තාව එදින එම යෝජනාව සඳහා එකඟ වී ඇත්තේ අදාළ සුරූපිනියන් සඳහා මිල ගණන් පවා ඉදිරිපත් කරමින්ය. ඒ අනුව එම සුරූපිනියන්ගේ ජායාරූප ඊමේල් හරහා පොලිස් නිලධාරියා වෙත එවා ඇති කාන්තාව එහිදී වැඩි දුරටත් විමසා සිටින්නේ කාන්තවන් කී දෙනකුගේ අවශ්‍යතාව පවතින්නේද යනුවෙන්ය.

දීර්ඝ දුරකථන සංවාදයකින් අනතුරව අදාළ සුරූපිනියන් සංඛ්‍යාවත් ඔවුන්ව මුණගැසීමට සුදුසු ස්ථානයකුත් තීරණය කර ගන්නා මුහුණු පොතෙන් හඳුනාගත් කාන්තාව සහ පොලිස් නිලධාරියා එදින සිය කතා බහ නිමා කරන්නේ පසුදාට අදාළ ගනුදෙනුව නිමා කරන්නට අවශ්‍ය සියලූ වටපිටාව නිර්මාණය කිරීමෙන් අනතුරුවය. තමන් ධනවත් ව්‍යාපාරිකයෙක් බැවින් මෙම ගනුදෙනුව රහසක් ලෙස තබා ගන්නා ලෙසත් එහිදී කාන්තාව අමතමින් පොලිස් නිලධාරියා විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත.

තම මෙහෙයුමේ ආරම්භය සාර්ථක කරගන්නා වලාන දූෂණ මර්දන ඒකකය ඔවුන් සතුව පවතින තොරතුරුවලට අනුව යමින් එම මෙහෙයුමට සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබඳ විමසිලිමත් වන අතර ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම පිණිසද මුහුණු පොතේ කාන්තාව සම්බන්ධ කරගෙන ඇත. නැවතත් අදාළ කාන්තාව සමග දුරකථනයෙන් සම්බන්ධවන පොලිස් නිලධාරියා එහිදී සඳහන් කර සිටින්නේ තම මිතුරන් පිරිසට යම්කිසි මත්ද්‍රව්‍යයක අවශ්‍යතාව පවතින බවත් ඒ සඳහා වැය වන මුදල වෙනම ලබා දීමට කටයුතු කළ හැකි බවත්ය. එහිදී කාන්තාව විසින් ඒ සඳහා වෙනත් පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් ව්‍යාපාරික වෙස් ගත් පොලිස් නිලධාරියා වෙත ලබා දී ඇත. එම දුරකථන සංවාදය සිදුවන්නේ පහත සඳහන් ආකාරයටය.

”මල්ලි.. මම කතා කරන්නේ සුජී අක්කගේ යාළුවා....

; ඔව්.. කියන්න අයියෙ අක්ක මට විස්තර කිව්ව..

‘කොහොමද මල්ලි බඩු ටිකක් ගන්නේ...

‘මෙහෙමයි අයියෙ දැනට අපි ළඟ අයිස්... කේජී තියෙනව.. එන්න පුළුවන්නම් බඩු දෙන්න පුළුවන්....

ඒ අනුව රුපියල් හතළිස් දහසක මත්ද්‍රව්‍ය ඇනවුම් කරන වෙස් වලාගත් පොලිස් නිලධාරියා ඒ පිළිබඳව තම ඉහළ නිලධාරීන්ට දන්වා සිටින්නේය. සියල්ල මනාව සැලසුම් කරන පොලිසිය අදාළ මෙහෙයුම් සඳහා පසුදින පිටත්ව යන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු අල්ලා ගැනීමේ අරමුණ සහිතවය. පළමුව මත් ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සඳහන් කළ ආකාරයට අවිස්සාවේල්ල ප‍්‍රදේශයට යන පොලිසිය එහිදී අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පිටත්ව යන්නේ මීගමුව ප‍්‍රදේශය වෙතය. නවීන පන්නයේ වෑන් රථයකින් මීගමුව දක්වා පිටත්ව යන පොලිසිය අතරමගදී මුහුණු පොතේ කාන්තාව වෙත ඇමතුමක් ගනිමින් ප‍්‍රකාශ කර සිටින්නේ තමන් මීගමුවට ආසන්න වෙමින් සිටින බවත් හැකි ඉක්මනින් සුරූපිනියන් පිරිස රැගෙන කොළඹ බලා පිටත්ව යායුතු බවත්ය.. තමන් ඇතුළු සුරූපිනියන් නීතියේ

රැහැනට කොටුවී ඇති බව නොදත් සැකකාර කාන්තාවන් පිරිස ඒ වන විටත් මීගමුව ප‍්‍රදේශයේ අවන්හලක සිසිල් බීම පානය කරමින් සිට ඇත. ඒ වන විට එහි සිටි කාන්තාවන් පිරිස හත් දෙනෙක්ය. නවීන විලාසිතාවන්ගෙන් යුත් ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී සිට ඇති ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු 20-30 ත් අතර සුරූපී තරුණියන්ය. අදාළ ස්ථානය වෙත ළඟාවන වෙස් වලාගත් පොලිස් නිලධාරීන් එම තරුණියන් පිරිස අත්අඩංගුවට ගන්නා අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම අරඹන්නේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගත් තරුණියන් පිරිස සුරඟනන් පරයන රුවින් යුත් තරුණියන් පිරිසක්ය. මෝස්තර නිරූපන ශිල්පිනියන් ලෙස සමාජය හමුවේ පෙනී සිට ඇති ඔවුන්ගේ ආදායම් මාර්ගය වී ඇත්තේ ධනවතුන් හමුවේ තම සිරුරු විකුණමින් අධික ආදායම් ඉපයීමය. මෙම තරුණියන් කිරිබත්ගොඩ, රාජගිරිය, හලාවත, රද්දොළුගම, කෑගල්ල, පෑලියගොඩ ආදී ප‍්‍රදීශවල පදිංචිකාරියන්ය. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් ගණිකා සේවයේ නොයෙදෙන්නන් බවය. අත්අඩංගුවට ගත් තරුණියන් අතර එක් දරු මවකද සිට ඇති අතර පොලිසිය හමුවේ ඇය විසින් සඳහන් කර ඇත්තේ සිය කුඩා දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා එදින එහි පැමිණ ඇති බවක්ය.

එම තරුණියන් පිරිස අලෙවි වී ඇත්තේ රුපියල් තිස්පන්දහසේ සිට හැත්ත පන්දහස දක්වා අධික මිල ගණන් යටතේය. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ ඒ බව හෙළිදරව් වී ඇත. මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ වයස අවුරුදු 26 ක කාන්තාවක් විසින්ය. මුහුණු පොත උපයෝගී කරගනිමින් තරුණ පිරිස් සමග හිතවත්කම් ගොඩනගා ගන්නා එම කාන්තාව ඒ හරහා කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකොට ඇත. අත්අඩංගුවට ගත් අනිකුත් පිරිස අතරට විවාහක කාන්තාවන් දෙදෙනෙක් ඇතුළත්ය.

අත්අඩංගුවට ගත් සැකකාරියන් මීගමුව පොලිසියට බාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල පොලිසියට භාර දීමට වලාන දූෂණ මර්දන ඒකකය විසින් කටයුතු කර ඇත. එහි වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අදිකාරී හේමාල් ප‍්‍රශාන්ත මහතාගේ පූර්ණ උපදෙස් පිට ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles