The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

* ලංකාවේ අංක එකේ කෝටිපතියා ධම්මික පෙරේරාගෙන් අලූත් යෝජනාවක්
 
 
jathikaශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රතිපත්ති ගොඩනැඟීම උදෙසා කෘත‍්‍රිම බුද්ධිය යොදාගැනීම තේමා කරගනිමින් ශ‍්‍රී ලංකා පරිගණක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සම්මන්ත‍්‍රණය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්වීය. එහිදී ප‍්‍රධාන දේශනය පැවැත්වූ ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කෘත‍්‍රිම බුද්ධිය භාවිතයෙන් ජාතික උපායමාර්ග සංවර්ධන කාර්යය සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡුාවට ලක්වූ අතර, ජාතික ගැටලූ විසඳීම සඳහා කෘති‍්‍රම බුද්ධිය යොදා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡුාවට ලක්විය. මෙහි දැක්වෙන්නේ එතුමන් දීර්ඝව කරුණු දැක්වූ දේශනය ආශ‍්‍රයෙන් සැකසූ සංක්‍ෂිප්ත ලිපියකි.
 
 සුබ සැන්දෑවක් සියලූම දෙනාට, ශ‍්‍රී ලංකා පරිගණක සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාතික ප‍්‍රතිපත්ති ගොඩනැංවීම උදෙසා කෘත‍්‍රිම බුද්ධිය යොදාගැනීම සඳහා වන මේ සම්මන්ත‍්‍රණය ආමන්ත‍්‍රණය කිරීමට ලැබීම මම ඉතාමත් ප‍්‍රීතියට පත්වන කාරණයක් වගේම ඒ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම මගේ ස්තුතිය ප‍්‍රදානය කර සිටිනවා.
 
 කෘත‍්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් කතාකරද්දි ගොඩක් අය බයවන තත්ත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ගොඩක් අය හිතන දෙයක් තමයි කෘත‍්‍රිම බුද්ධිය ආවම අපේ හැම වැඩක්ම අවසානයි කියල. නමුත් මම නම් හිතන්නේ කෘත‍්‍රිම බුද්ධියට වඩා මානව බුද්ධිය ප‍්‍රබල බවයි. අපට කෘත‍්‍රිම බුද්ධිය තුළින් තිරසර සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා ඉතා වැඩි දායකත්වයක් ලබාගැනීමේ අවකාශයක් නිර්මාණය වෙනවා. 2020 දී ඒමට නියමිත 5ඨ තාක්‍ෂණය සමඟ මේ කෘත‍්‍රිම බුද්ධිය ප‍්‍රබල ස්ථානයකට පත්වෙනව. මෙය 2030 දී 6ඨ සහ 2040 දී ඒමට නියමිත යැයි මම උපකල්පනය කරන 7 ඨ තාක්‍ෂණය ඔස්සේ ඉතා විශාල පෙරළියකට පත්වීමටද නියමිතයි.
 
 මගේ අදහස ජාතික ප‍්‍රතිපත්ති සඳහා කෘත‍්‍රිම බුද්ධිය යොදා ගැනීමේ කාර්යයේදී අධ්‍යාපනයට විශේෂ තැනක් හිමිවෙනවා. ඉගෙනගැනීමෙන් මානව ප‍්‍රාග්ධනය වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙනවා. තවදුරටත් ආධාර දීමෙන් මේක කරන්න බැහැ. මේ නිසා අධ්‍යාපන අංශය වර්ධනය කිරීම මූලිකම කාර්යයක් වෙනවා. අපි අවුරුද්දකට ළමයි පළමු වසරට 3,60,000ක් ඇතුළත් කරනවා. මෙයින් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නෙ 30,000යි. ඉතිරි පිරිසට මොකද වෙන්නෙ. අපි ඒ ගැන හිතන්නේ නැහැ. පාස්වන ප‍්‍රමාණය අඩු නිසා ගොඩක් අය හිතන්නේ මේක අධ්‍යාපනයේ වරදක් කියල. මේක අධ්‍යාපනයේ වරදක් නොවේ. ළමයි එක්ලක්‍ෂ දහදාහක් විශ්වවිද්‍යාල යන්න සමත්වෙනව. නමුත් ඇතුළත් වෙන්නේ 30,000යි. මෙච්චර විශාල ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට යාමට සමත්වෙනවා කියන්නෙ අධ්‍යාපනය හොඳයි කියන එකනෙ. මේ නිසා ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන ප‍්‍රමාණය වැඩි කළ යුතුයි. අවම වශයෙන් එක්ලක්‍ෂ අසූදාහක්වත් විශ්වවිද්‍යාලවලට යැවිය යුතුයි.
 
jathika1මෙතනදී අපි කෘත‍්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින් රජයේ විශ්වවිද්‍යාලවල ඇති පහසුකම් වර්ධනය කර ඇතුළත් වන ශිෂ්‍යයන් සංඛ්‍යාව දෙගුණයක් කිරීම සඳහා අවකාශය සැකසිය යුතුයි. ඉතිරි ප‍්‍රමාණය සම්පූර්ණ කිරීමට මේ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ආරාධනා කළ යුතුයි. මීට අමතරව කාර්මික විද්‍යාල පද්ධතියද වර්ධනය කිරීමෙන් 90,000ක පමණ පිරිසකට අධ්‍යාපනය ලබාදිය යුතුයි. මෙයත් රජයේ සහ පෞද්ගලික අංශයේ වැඩි දායකත්වය යටතේ කිරීමට හැකියාව පවතිනවා. අනෙක් කාරණය තමයි ලෝක ප‍්‍රකට විශ්වවිද්‍යාල දේශීය වශයෙන් අරඹා දේශීය සිසුන්ට වගේම විදේශීය සිසුන්ටද ලංකාවේ අධ්‍යාපනය ලැබීමට අවකාශය සැලසීමයි. මෙයින් අපේ රටේ මුදල් විදේශයන් වෙත ගලායාම නවතිනවා වගේම විදේශීය මුදල් රට තුළට ඒමටත් මාර්ගය විවරකර දෙනවා. මේ ආකාරයට රට තුළ සැළසුම් සහගත අයුරින් නිවැරදි පාඨමාලාවන්, නිවැරදි කාලයට ආරම්භ කිරීමෙන් වගේම මනාලෙස මානව සම්පත් කළමනාකරණය කරගැනීමෙන් අපට දැනුමින් යුතු පිරිසක් නිර්මාණය කරගැනීමේ හැකියාව ලැබෙනවා.
 
 සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයඅද වනවිට ලෝක පරිමාණයෙන් කෘත‍්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින් ඉතා විශාල කාර්යයන් රැසක් සිදුවෙනවා. විශේෂයෙන්ම රෝග සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට මේ තාක්‍ෂණය බෙහෙවින් භාවිත කරනවා. උදාහරණයක් විදියට මොළය සම්බන්ධයෙන් ඵඍෂ ීජ්බ ඡුායාරූපවල අන්තර්ගත තොරතුරු නියමාකාරයෙන් ලබාදීමේ හැකියාව කෘත‍්‍රිම බුද්ධිය සතුවෙනවා. මීට අමතරව ලේ පරීක්‍ෂා කිරීමෙන් යම් කෙනෙකුට අනාගතයේදී වැළඳීමට නියමිත රෝග පවා කීමේ හැකියාව දක්වා මෙය දියුණු වී තියෙනවා. අනෙක් කරුණ වන්නේ අද වනවිට ඇමරිකාව තුළ ෆාමසියකින් තමන්ට වැළඳියහැකි රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් පූර්වයෙන් පරීක්‍ෂා කර දැනගැනීමේ හැකියාව ඇති තාක්‍ෂණයක් ඛ්ඉ 100 නමින් හඳුන්වාදීමට යොමුවෙලා තියෙනවා. මීට අමතරව හොංකොංවල කෘත‍්‍රිම බුද්ධිය සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකරමින් පවතිනවා. මීට අමතරව මැෂින් එකක් සමඟ කතා කිරීමෙන් මානසික රෝග තත්ත්වයන් හඳුනාගැනීමේ හැකියාව නිර්මාණය කර තිබෙනවා. මේ සියල්ලම මේ කෘත‍්‍රිම බුද්ධිය උපයෝගී කරගැනීමට නිර්මාණය කළ නව අවකාශයන්.
 
 ප‍්‍රවාහනය රටක සංවර්ධනයේ විශේෂ අංගයක් තමයි ප‍්‍රවාහනය කියන්නේ. විදේශීය රටවල කාර්යක්‍ෂම ප‍්‍රවාහන සේවාවක් තමන්ගේ ජනතාවට ලබාදීම මේ කෘත‍්‍රිම බුද්ධිය වැඩි වශයෙන් භාවිත කරනවා. විශේෂයෙන් පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරන ඕනම කෙනෙකුට ඒ සඳහා ඇති මෘදුකාංගය භාවිතා කරමින් මීළඟට පැමිණෙන වාහනය කුමක්ද, එම වාහනය මොන දුර ප‍්‍රමාණයකින් පැමිණෙනවාද පවා දැනගැනීමේ හැකියාව තියෙනවා. මෙයින් තමන් නියමිත ස්ථානයේ සිටිය යුතු කාලය මනාව කළමනාකරණය කිරීමේ හැකියාව ලැබෙනවා. ඇතැම් නගරවල මේ මෘදුකාංග යොදාගනිමින් රියැදුරා දැනුවත් කිරීමේ කාර්යය කරනවා. එතනදී ඉදිරි වාහනයට ඇති දුර, වගේම වාහනයේ රියැදුරා පවා වර්ගීකරණය කරනවා. කෘත‍්‍රිම බුද්ධිය යොදාගනිමින් මාර්ග ආලෝක සංඥා භාවිත කිරීමට යොමුවෙලා තියෙනවා. ඒ අනුව මාර්ග තදබදය අනුව මේ කෘත‍්‍රිම බුද්ධිය ක‍්‍රියා කිරීමෙන් මාර්ග තදබදය අවම කරන ආකාරයෙන් මේ ආලෝක සංඥා ක‍්‍රියාත්මක වෙනවා.
 
 ප‍්‍රවාහනය සහ සංවිධානය සම්බන්ධයෙන් කතාකළොත් අද වනවිට මේ කෘත‍්‍රිම බුද්ධිය ඉතාම සාර්ථක ආකාරයෙන් භාවිත කිරීමට අපට හැකිවෙලා තියෙනවා. සිංගර් සමාගම මේ කෘත‍්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින් ඉදිරි දින කීපය තුළ හෝ ඉදිරි සතියේ අළෙවි වන නිෂ්පාදනය, වර්ණයත් සමඟ දැනගැනීමේ හැකියාව අද වනවිට මේ කෘත‍්‍රිම බුද්ධි තාක්‍ෂණික ක‍්‍රමය මගින් ඇතිකරගෙන තියෙනවා. මේ නිසා ඒ ආයතනයට අදාළ භාණ්ඩය, එම කාලයට පෙර එම ස්ථානය වෙත ගෙනගොස් තැබීමේ හැකියාව තුළින් ඉතා කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට වගේම, පාරිභෝගිකයාට විශිෂ්ට සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබී තියෙනවා. අනෙක් කාරණය තමයි මේ නිසා ඒ ඒ ස්ථානයට අවශ්‍ය නිෂ්පාදන කල්තියා යැවීමේ හැකියාව ලැබීමෙන් ආයතනයට විශාල ආර්ථික ප‍්‍රතිලාභ රැසක් ලැබීම.
 
 ආගමික සහ ජාතීන් අතර ඇති ගැටලූ පුළුල් විදියට මේ ගැටලූව නිරීක්‍ෂණය කිරීමේදී ඉතා සුළු පිරිසකගේ ක‍්‍රියාකාරීත්වය තුළින් තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ. මේ නිසා අපිට කෘත‍්‍රිම බුද්ධිය භාවිත කිරීම තුළින්, විශේෂයෙන්ම මේ අයගේ මුහුණු සහ ඇඟිලි සලකුණු ආශ‍්‍රයෙන් මේ විශේෂිත අයගේ හැසිරීම් සම්බන්ධයෙන් කරුණු එකතුකර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම තොරතුරුවලින් ඒ අයගේ ක‍්‍රියාකාරීත්වය වගේම, එම ක‍්‍රියාවන් සිදුවන කලාපයන් පවා හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. ඉන්පසුව විශේෂ පනතක් මඟින් මෙවැනි වැරදි සඳහා සුවිශේෂී දඬුවම් හඳුන්වා දියයුතු වෙනවා. දඬුවම නියමාකාරයෙන් ක‍්‍රියාත්මක වීම තුළ මේ තත්ත්වය ඉතා හොඳින් මැඩපවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා වගේම සමාජය තුළ මෙවැනි වැරදි සම්බන්ධයෙන් පෙළඹවීමේ ප‍්‍රවණතාවය පවා අඩුකරවනවා. තවද මෙවැනි වැරදිවලට ලක්වූවන් හොඳින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුකාලීනව සමාජගත කිරීමේ හැකියාව ලැබෙනවා වගේම මෙවැනි තත්ත්වයන් සමාජයෙන් තුරන් කිරීමේ මාර්ගය සැලසෙනවා. මේ කාර්යය සඳහා මූලික පදනම සකසා ගැනීමට අපට කෘත‍්‍රිම බුද්ධිය ඉතාම වැදගත් වෙනවා.

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles