The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali


  නෝමන් පළිහවඩන


 
halawathaමත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව විවිධ වර්ගයේ සැකකරුවෝ පොලිසියට කොටු වෙති. සුළු පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ නුවරඑළිය සහ පෑලියගොඩ පොලිස් ස්ථානවල සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු පවා පොලිස් පරීක්‍ෂක කණ්ඩායම්වලට කොටුවී තිබුණි.
 
 මත්ද්‍රව්‍ය ජාවාරම්වලට දේශපාලකයෝ සම්බන්ධ බවට කලින් කිසිසේම කාගෙ කාගේත් කතාබහට ලක්වී තිබුණි.
 
 එහෙත් පොලිසියට හසුවුණු දේශපාලනඥයෙක් නැත. මෑතකදී හලාවත පැත්තේ නාගරික මන්ත‍්‍රීවරයකු මත් ජාවාරමක් පිළිබඳව මීගමුව පොලිසියේ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන්ට කොටුවිය. ඔහු රිමාන්ඞ් භාරයට පත්වූවත් ඔහුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම සඳහා පොලිසිය අධිකරණයේ අවසරය පැතුවේය.
 
 මෙම නාගරික මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතාගේ දුරකථනයට අපි කතා කළෙමු.
 
 ප‍්‍රශ්නය - සම්පත් මහත්මයා අර නාගරික මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ කොහොමද?
 
 පිළිතුර - දංකොටුව නගරයේදී. අපේ ඔත්තු ජාලය හරි ප‍්‍රබලයි. අහවල් නාගරික මන්ත‍්‍රීවරයා දංකොටුව නගරයට දැන් ඇවිත් ඉන්නවා කියලා ඔත්තුකරු දැනුම් දුන්නා.
 
 ප‍්‍රශ්නය - පොලිසිය ඒ ඉක්මනට එතනට ගියාද?
 
 පිළිතුර - ඔව්... අපි පුදුම වේගයෙන් එතනට ගියා. බැරි වෙලාවත් ඔහු දංකොටුවේ හිටියේ නැත්නම් අපේ ඔත්තුකරු ඔහු යන එන තැන් තියෙනවා සැකකරු අපිට මිස් වෙන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - ඔහු අත්අඩංගුවට ගන්නකොට මොකද කිව්වේ.
 
 පිළිතුර - ඔහු අපිට කිව්වා ඇයි වරදක් නැතිව අහිංසක මාව අත්අඩගුවට ගත්තේ කියලා.
 
 ප‍්‍රශ්නය - ඇත්තටම ඔහු අහිංසකද?
 
 පිළිතුර - ඕනෑම ජාතියේ සැකකරුවකු අල්ලා ගැනීමට යද්දී ඔවුන් ඔය වචන සැට් එක පාවිච්චි කරනවා.
 
 ප‍්‍රශ්නය - ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධද කියලා පොලිසිය කොහොමද නිගමනය කරන්නේ.
 
 පිළිතුර - අපි නිකම් අහිංසකයෝ අල්ලන්නේ නැහැ. මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවෝ දෙදෙනෙක් අපි මුලින්ම අල්ලාගෙන තිබුණා. ඒ දෙන්නාගෙන් දිගටම ප‍්‍රශ්න කරද්දී මෙම නාගරික මන්ත‍්‍රීවරයා පිළිබඳව අපට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු අනුව මෙම සැකකරු පිළිබඳව අපි වඩාත් සෙවිල්ලේ පසු වුණා. අපේ ඔත්තුකරුවෝ ඔහුගේ දින චරියාව පිළිබඳව වඩාත් සෙවිල්ලෙන් හිටියා ඔත්තුකරුවන් පවා ලබාදුන් වාර්තා අනුව මෙම නාගරික මන්ත‍්‍රීවරයාගේ කෙරුවාව තේරුම් ගියා.
 
 ඔහුගේ ජීවිතයේ සමාජ සේවා කටයුතු කොහොමද?
 
 පිළිතුර - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ විවිධ උපක‍්‍රම ගන්නවා හොඳ සමාජ සේවකයෙක් වගේ ජීවත් වෙනවා. කවුද හිතන්නේ මෙයාලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරයි කියලා සමාජ සේවය කරද්දී ඒ මුවාවෙන් ඕනෑම ජාවාරමක් කරන්න පුළුවන්.
 
 ප‍්‍රශ්නය - පොලිසිය මේ වගේ දේශපාලනඥයන්ගෙන් මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා උදව්පතා තිබුණා නේද?
 
 පිළිතුර - අපිට දේශපාලනඥයන්ගේ උදව් ගන්න අවශ්‍ය නැහැ. අපි පිළිපඳින්නේ අපේ පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිිස්පතිතුමා ඇතුළු ලොකු පොලිස් නිලධාරීන්ගේ නියෝග පමණයි. අපිට අවශ්‍ය නැහැ (කේන්තියෙන) කාගෙ කාගේත් පස්සෙන් යන්න. මත්ද්‍රව්‍ය සැකකරුවෝ අල්ලන්න අපි පොලිස් නිලධාරීන් වශයෙන් ලොකු උත්සාහයක් ගන්නවා. මත්කුඩු පැකට් එකක් ගහපු එකාට වඩා මත්කුඩු ජාවාරම්කරන මහ එවුන් නීතියේ රැහැනට කොටුකර ගන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය - ඔබට තර්ජනයක් නැද්ද?
 
 අපොයි නැහැ. තර්ජනවලට බය නැහැ. රටේ අනාගතය වෙනුවෙන් අපි රාජකාරි කරන්න බය වෙන්න නරකයි. පොලිස් රාජකාරිය අවංකව කරන්න ඕනෑ.
 
 ප‍්‍රශ්නය - ඔබ පැවසුවා මත්කුඩු සැකකරුවෝ දෙන්නෙක් හෙළිකළ තොරතුරුවලට අනුව නාගරික මන්ත‍්‍රී නාගරික මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තා කියලා. දැන් නාගරික මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කළොත් තවත් සැකකරුවෝ ගැන සඳහන් කරන්න පුළුවන් නේද?
 
 පිළිතුර - ඔව්.. නාගරික මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය අනුව ඉදිරි කාලයේදී තවත් කෙනක් කොටුවෙයි.
 
 ප‍්‍රශ්නය - කවුද එයා දේශපාලනඥයෙක්ද?
 
 පිළිතුර - නැහැ... නැහැ ඒ සැකකරු දැන්ම හෙළිකරන්නේ නැහැ. ආරක්‍ෂක හේතූන් මත. නමුත් ඒ සැකකරුගේ හැසිරීම් රටාව අපි හොයාගෙන යනවා. සැකකරුවෙකුගේ නමක් සඳහන් කළ පලියට එක පාරටම ඔහු අත්අඩංගුවට ගන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - නාගරික මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත්තට පස්සේ නිදහස් කරන්න කියලා බලපෑම් ආවාද?
 
 පිළිතුර - නැහැ.. එහෙම බලපෑම් අපි ගණන් ගන්නේ නැහැ.
 
 ප‍්‍රශ්නය - මෙම නාගරික මන්ත‍්‍රීවරයාගේ දේපළ මිල මුදල් තත්ත්වය හොයා බැලූවද?
 
 පිළිතුර - ඒවා තාමත් සොයා බලාගෙන යනවා. එයාගේ ජංගම දුරකථනයෙන් කතාබහ කළ උදවියගේ අංක පවා අපි හොයාගෙන යනවා.
 
 

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles