Divaina - බසයේදී දුම්රියේදී කාන්තාවන් 90%ක් කෙළෙසෙන්නේ මෙහෙමයි!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 සමන්තී වීරසේකර
 
 
busපොදු ප‍්‍රවාහනයේදී කාන්තා පාර්ශ්වය සියයට අනූවක් අතවරවලට ලක්වී තිබෙන බවට සමීක්ෂණ වාර්තා හෙලිකොට ඇති බව ඉකුත් දා කියා සිටියේ මහනුවර පොලිසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අයේෂා බණ්ඩාර මහත්මිය යි.
 
 ඇය ඉකුත්දා ඒසේ කියා සිටියේ මහනුවර පොලිස් ප‍්‍රධාන ශාලාවේදි පැවැති රියදුරු හා කොන්දොස්තර මහත්වරු දැනුවත් කිරීමේ උත්සවයේදීය. මහනුවර දිස්ත‍්‍රික්කයේ පොදු ප‍්‍රවාහන සේවයේ නියුතු රියැදුරු කොන්දොස්තරවරු සහ ත‍්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් කැඳවා මහමඟ දී බාල තරුණ වැඩිහිටි මහලූ කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වීම සහ ඉන් මුදවා ගත යුතු ආකාරය පිළිබඳව දේශනයක් පැවැත්වූවා ය. ඊට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා ද ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ දරුවන් ආරක්ෂා කිරීමේ වගකීම සමස්ථ සමාජයටම ඇති බවය. මේ මගේ දරුවා මේ ඔබේ දරුවා කියා දරුවන් වෙන් කොට සැලකිය නොහැකි බවත්, සමස්ථ දරු පරපුර රටේ අනාගතය බවත්, ඔහු කීවේය.
 
 පොදු ප‍්‍රවාහනයේදී අතවරයට ලක්වන දරුවන් තරුණියන් කාන්තාවන් මුහුණ දෙන ගැටලූ පිළිබඳ සමාජ කතිකාවතක් සැකසීම තුළ වරද සිදුකරන පුද්ගලයින් ගේ ආකල්පමය වෙනසක් ඇති කළ හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය. ඔහුගේ ප‍්‍රකාශ ඔස්සේ සමාජයේ මේ වනවිට පවතින ප‍්‍රශ්න සොයා බැලූවෙමු. ඊට අදහස් දැක්වූවෝ මගි ප‍්‍රවාහන සේවයේ නියුතු රියැදුරු කොන්දොස්තරවරුය. ත‍්‍රිරෝද රථ රියැදුරන්ය.
 
 ” අපි දුර ගමන් සේවා වැඩ කරන්නේ අවුරුදු දහයක් විතර තිස්සේ ඉදන්. මහපාරේ යනෙනකොට ඇති තරම් සමාජයේ සිදුවන දේ පේනවා. තරුණ දූ දරුවෝ ඔය පොලිසිවලට ඇවිත් කියන්නේ එක දෙයක් . පාරේ වෙන්නේ තවදෙයක්. දැන් ඉන්නේ ඉස්සර හිටපු ළමයි නෙවෙයි. අම්මලා තාත්තලා බස් එක ළගට ඇවිත් ඔළුව අතගාලා ටිකට් එකත් කඩලා දීලා, බස් එක පිටත් වෙනකල් ඉඳලා යනවා. මෙන්න කිලෝමීටර් පහක් විතර ගිහින් මේ ළමයි බස් එකෙන් බහිනවා. නැත්නම් පිරිමි ළමයෙක් බස් එකට නැඟලා මේ ළමයා එක්ක යනවා. වෙලාවකට දෙන්නාම මගින් බහිනවා. තරුණ ළමයි විතරක් නෙවෙයි, වයස අවුරුදු තිහහතළිහ ගැහැනු උදවියත් එහෙමම තමයි. මහත්තයා ඇවිත් බස් එකට දාලා යනවා. ළමයිනුත් එක්ක අම්මලා වෙලාවකට මඟදි වෙන මහත්තයෙක් එක්ක බැහැලා යනවා. අද සමාජය ඒහෙමයි. ඒ වෙලාවට අපිට ඒ පෞද්ගලික වැඩවලට වැට බඳින්න බැහැ. ඔහේට මොකද අපි මොනවා කළාම කියලා අහන ගැහැනු උදවිය අද සමාජයේ ඉන්නවා. බස්වල කොන්දොස්තර රියැදුරු මහත්තුරු ඒ වෙලාවට අසරණයි. කරන්න දෙයක් නැහැ...”
 
 ” බස් වලට නැඟලා කාන්තාවන්ට තරුණ දරුවන්ට හිරිහැර කරන පිරිමි කොටසක් ඉන්නවා. ඒ අය මේවට හුරු වෙලා ඉන්නේ.
 
 ගැහැනු කෙනෙක් ඉන්න තැනක්ම බලලා වාඩි වෙනවා. නැත්නම් ගැහැනු අය ඉන්න තැනක හිට ගන්නවා. නොදැනීම ඇෙඟ් හේත්තු වෙනවා. ඇඟට බර වෙනවා. ගැහැනු කෙනා විරුද්ධ වුණ ගමන් කෑගහලා බනිනවා. මේ වගේ සිදුවීම් දිනපතාම පාහේ සිදු වෙනවා. ඒවට අපි මැදිහත්වෙලා විසඳන අවස්ථා තිබෙනවා. නමුත් කෙළවරක් නැහැ. ”
 
 ”දවසක් කාන්තාවක් බස් එකට නැඟලා අනුරාධපුරෙන් මාතලේට ටිකට් ගත්තා. ඊට පස්සේ නිදා ගත්තා. මඟට ඇවිත් බලද්දි මුලින් ඉදගෙන හිටපු තැන නෙවෙයි හිටියේ. ළග හිටපු පිරිමි කෙනා එක්ක හොඳටම කතාව. තව දුර එද්දි දැන් අතිනුත් අල්ලා ගෙන කතාව. මාතලේදි ආයෙත් නුවරට ටිකට් ගත්තා. ඉන් පස්සේ නුවරට ගියේ කසාද බැඳපු ජෝඬුවක් වගේ. මේවා අපි හුඟාක් දකින සිදුවීම්. බස් එකට නැඟලා බස් එකේදි මිත‍්‍රත්වයක් ඇති කරගෙන කෙළවරක් නැති මොකක් හෝ සම්බන්ධයක් එක්ක ගමනාන්තයෙන් බැහැලා යනවා. මේවා දැන් සමාජගත ප‍්‍රශ්න වෙලා.
 
 ”මම නුවර ටවුන් එකේ හයර් යන්නේ අවූරුදු දහයක් දොළහක් ඉඳලා. ඉස්සර නම්, තරුණ ගැහැනු ළමයි හරිම බයයි. දැන් නම් කවුරුත් බය නැහැ. හිතුමනාපෙට වැඩ කරනවා. ගැහැනු ළමයි කොහෙ වුණත් යන්න බය නැහැ. ත‍්‍රිවිල් එකට නැග්ගා ගමන්ම පිරිමි ළමයාට තුරුලූ වෙනවා. මේකේ රියැදුරෙක් ඉන්නවාද කියලාවත් බලන්නේ නැහැ. කිසිම බයක් සැකයක් නැහැ. ඒ නිසා මේ සමාජයේ තරුණ දූවරු පුත්තු ඉන්න දෙමවුපියෝ තමන්ගේ ළමයා ගෙදරින් එළියට යද්දි උවමනාවටත් වඩා සැලකිලිමත් විය යුතු වෙනවා. එහෙම නැතුව පාරේ ඉන්න අපිට අනුන්ගේ දරුවෝ පාලනය කරන්න බැහැ. ත‍්‍රිවිල් එකට නැඟලා අහවල් තැනට එක්ක යන්න කිව්වාම අපේ බඩ දනවා. අපේ දරුවෝ මතක් වෙලා අපි දෙතුන් දෙනෙක් බැහැ කිව්වත්, වෙන ත‍්‍රිවිල් එකකින් ඒ අය තමන්ගේ වැඬේ කරගන්නවා. ඒ නිසා මේවා වළක්වන්න දැන් අමාරුයි. වළක්වන්න නම් කරන්න ඕනැ වෙන්නේ, නීතියක් ඇති කරලා හරියට ක‍්‍රියාත්මක කිරීමයි.”
 
 බස් රථ රියදුරු කොන්දොස්තර මහත්තුරු මේ කතා එසේ කියද්දී, සමාජ සංවර්ධන ආයතනයේ සභාපති පී. මුත්තලිංගම් මහතා කියා සිටියේ, වචනයකින් ඉඟියකින් අංගචලනයකින් හෝ ක‍්‍රියාවකින් සිදුකරන ලද වරදක් ලිංගික අතවර සිදුකිරීමක් සේ සැලකිය හැකි බවය. 1995 අංක 22 දරන සංශෝධිත පනතින් සංශෝධනය වූ ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය යටතේ , එය දඬුවම් ලැබිය හැකි වදක් වරදක් බවද ඔහු අවධාරණය කළේය.
 
 සමාජය දියුණු යහපත් තලයකට ගෙන ඒමට නම්, පොදු වේ සෑම පුරවැසියකුගේම අයිතීන් සුරක්ෂිත කළ යුතුයි. ඒ වගේම සෑම පුරවැසියකුම ආකල්පමය දියුණුවක් ඇතිව තිබිය යුතුයි. මේ සමාජයේ කාන්තාව යනු තමන්ගේ අම්මා, අක්කා, නැන්දා, ආච්චි, කියන හැඟීම කා අතරත් ඇතිවී තිබිය යුතුයි. තමන්ගේ නංගිට ආරක්ෂාව සපයන්නේ යම් සේද , එපරිද්දෙන්ම මේ සමාජයේ කාන්තාව දෙස කාට වුවද බැලිය හැකියි. සැලකිය හැකියි. එවිටයි මේ සමාජයේ කාන්තාවට සාධාරණයක් ඉටු වන්නේ. අපට අපේ දරුවන් වෙන් කරලා බලා ගන්න හැකියාවක් නැහැ. කොයි කාටත් එක ලෙස සලකන සමාජයක් බිහිවනතුරු සහ නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක වන තුරු මේ කටයුතු වළක්වන්න අමාරුයි. නමුත් අපි මේවා අතඅරින්න හොඳ නැහැ.
 
 බස් රථයේදි දුම්රියේදි කාන්තාවක් තරුණියක් දියණියක් අතවරයකට ලක් වෙනවා නම් හෝ වෙනත් කිසියම් හිංසනයකට ලක් වෙනවා නම්, ඊට එරෙහි වෙන්න තරම් හැකියාවක් කාට වුණත් තිබිය යුතුයි. සියලූ දෙනා ඒකාවන්ව කටයුතු කරනවා වෙන්නේ එවිටයි. අනික සමාජයක් විදිහට අනාගතය රැකගන්නවා කියන්නේත් එයටයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles