The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

නීතිඥ කසුන් පොන්නම්පෙරුම

 

gota3පසුගිය වර්ෂයේ (2018) ජුනි මස 12 වැනි දින යාපනය මූලික කොට පවත්වාගෙන යනු ලබන දිනපතා දෙමළ පුවත්පතක හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ මෙරට සිටි ඇමරිකානු තානාපති අතුල් කේශාප් මහතා අතර ජුනි මස 10 වැනිදා විජේරාම නිල නිවසේ පැවති සාකච්ඡුාවක් අනාවරණය කර තිබිණි. මෙම හමුවීම පිළිබඳ වූ තොරතුරු කොළඹ සිට මුද්‍රණය වන බොහෝ පුවත්පත්වලට මගහැරී තිබුණ ද එම සාකච්ඡුාව පිළිබඳව වූ තොරතුරු ඉහත ද්‍රවිඩ පුවත්පත මගින් අනාවරණය කර තිබුණේ මෙරට අනාගත ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු විය හැකි පුද්ගලයකු පිළිබඳ ඉඟියක් දෙමිනි.

මෙරට ඇමරිකානු තානාපති අතුල් කේශාප් යනු ඔහුගේ ධුර කාලය තුළ මෙරට මාධ්‍යයන්ට බොහෝ පුවත් මවන්නකු විය. ඔහු මාධ්‍ය අතර මෙන්ම මෙරට ජනතාව අතර ද ජනපි‍්‍රය චරිතයකි. 2015 වර්ෂයේදී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ පාලන සමය තුළ මෙරටට පත්වීම් ලැබූ අතුල් කේශාප්ගෙන් පසුව මෙරට තානාපති ධුරය  භාරගැනීමේ වගකීම පවරනු ලැබුයේ ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය වෙතය. මෙම පසුගිය වර්ෂයේදී හිටපු ජනපති හා හිටපු ඇමරිකානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡුාව තුළ ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය හා ඔහු මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධව සාකච්ඡුා වූ බව අදාළ ද්‍රවිඩ පුවත්පත එකලදී දක්වා තිබිණි.

2020 ජනාධිපතිවරණය යනු අද ඊයේ සිට කරළියට පැමිණි මාතෘකාවක් නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතා පරාද වීමත් සමගම ඔහුගේ කඳවුරට විකල්පයක් අවශ්‍ය වූයේ එතුමාට නැවත වරක් ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වයට ඉදිරිපත් විය නොහැකි යැයි ව්‍යවස්ථා සංශෝධනය කිරීම තුළය. එතැන් පටන් එතුමා නියෝජනය කරනු ලබන කඳවුරෙහි ප‍්‍රධානතම ගැටලූව වූයේ 2020 ජනාධිපතිවරණය සඳහා කවුරුන් ඉදිරිපත් කරන්නේ ද යන්නයි. මේ සඳහා නම් සහ විකල්ප ද කිහිපයක් යෝජනා වී තිබූ අතර ඒ පිළිබඳව නිශ්චිත එකඟතාවකට ඒමට පෙර පසුගිය වසරේදී සිදුවූ කෙටිකාලීන බල පෙරළිය හා මහින්දවාදී කඳවුර මෛතී‍්‍ර මහතාගේ පිල හා ඇතිකරගනු ලැබූ හාදකම මත එය ද දිනෙන් දිනම කල් ගියේය. මෙම හේතුව මත කාලයත් සමඟම කෙමෙන් කෙමෙන් 2020 ජනාධිපතිවරණය වෙත ළඟා වෙමින් පවතින මෙම කාලය තුළ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය පිළිබඳව වෙනදාටත් වඩා වැඩිමනත් ලෙස කතාබහට ලක්වන්නට පටන්ගෙන ඇත. මෙම අපේක්‍ෂකත්වය සම්බන්ධ කාරණාවේදී අන් කවර නමකටත් වඩා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම වැඩි වශයෙන් කියැවෙන්නට පටන්ගෙන ඇත.

ගෝඨාභය මහතාගේ හමුදා සේවයෙන් පසු ගත කළ ජීවිතයෙහි දෙවැනි පිම්ම වන්නේ 2005 වර්ෂයේදී මෙරට ආරක්‍ෂක ලේකම් ධුරය ලබා ගැනීමත් සමගිනි. 2009 වර්ෂයේදී යුද ජයග‍්‍රහණය මෙහෙයවීම හා ඉන් අනතුරුව නාගරික සංවර්ධන අමාත්‍යංශය හරහා මෙරට කි‍්‍රයාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව වඩාත් වැඩි කතාබහට ලක්විය.

මෙම පිමි දෙකටම පසු මෙවර ඔහු සිය ජීවිතයේ වඩාත් බරපතළම අභියෝගයට මුහුණ දීමට සූදානම් වන බවට පෙනෙන්නට ඇත. එම පිම්ම පෙනෙන තෙක්මානයට ළඟා වන විට එතුමාට අති විශාල අභියෝගයන් රැුසකට මේ වන විට මුහුණ දීමට සිදුව ඇත. ඉන් ප‍්‍රධානතම අභියෝගයක් ලෙසට සඳහන් කළ හැක්කේ එතුමාගේ ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවයයි පැවසීම අතිශය නිවැරැුදිය.

මෙම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව මෙරට තුළ වඩාත් කතාබහට ලක්වන්නට වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වීමත් සමගිනි. ඉන් පසුව එම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව මෑතකදී කතාබහට ලක් වූයේ නම් ඒ ගෝඨාභය මහතා සම්බන්ධයෙනි.

1948 අංක 18 දරන ලංකාවේ පුරවැසි පනතට අනුව ශී‍්‍ර ලංකාවේ පුරවැසියකුට යම් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අවශ්‍යතාව මත මෙරට පුරවැසිභාවය රඳවා ගැනීමට අවශ්‍ය අයකුට හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් මෙරට පුරවැසිභාවය අහිමි වූවකුට ද ද්විත්ව පුරවැසිභාවයට අයැදුම් කිරීමේ හැකියාව පවතී. මෙලෙසම මෙරට පුරවැසියකු වෙනත් රටක පුරවැසිභාවය ලබාගත්තද මෙරට පුරවැසිභාවය ද ලබාගැනීමේ හැකියාව පවතී.

මෙලෙසට ලබාගනු ලබන ද්විත්ව පුරවැසිභාවය යම් යම් අවස්ථාවලදී අවලංගු කොට එක් රටක පුරවැසියකු පමණක් වීමේ අවස්ථාව ද ලබා ගැනීමට ද්විත්ව පුරවැසියන්ට හැකියාව ලැබෙයි. මෙය සෑම රටකටම පාහේ පොදු සිද්ධාන්තයකි. නිදසුනක් ලෙස ලංකාවේද මෙලෙසම ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින අයකුට ‘‘කේ’ පෝරමය මගින් සිය මෙරට පුරවැසිභාවය අත්හැරීමේ අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව පුරවැසි පනතේ 19 (1) වගන්තිය යටතේ ලබාදී ඇති පුරවැසිභාවය අත්හැරීමට මෙලෙසට ලබාදී තිබීම මත යම් යම් අවස්ථාවලදී වඩාත් සුඛෝපභෝගී රටවල පුරවැසිභාවය ලබන්නන් මෙරට පුරවැසිභාවය අත්හරිනු (Renunciation) දැකිය හැකිය.

ඇමරිකානු රාජ්‍යය යනු ලොව බොහෝ රටවල පුරවැසියනට සිය රටට ඇතුල් වී පුරවැසිභාවය ලබාගැනීම සඳහා වඩාත් වැඩි අවස්ථා ලබාදී ඇති රාජ්‍යයකි. එයට හොඳම නිදසුන් සපයන්නේ එරට කි‍්‍රයාත්මක වන ගී‍්‍රන් කාඞ් ලොතරැුයි ක‍්‍රමයයි. මෙලෙසට එරටට ඇතුළු වන්නන් වුවද බොහෝ විට එරට පුරවැසිභාවය අතහරිනු දැකිය හැකිය.

2015 වර්ෂයේදී මෙම තත්ත්වය 5986 දෙනකු දක්වා වර්ධන වී ඇති බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම යනු එරට පුරවැසිභාවය ලැබූ අයට හෝ ඇමරිකානුවන්ට අලූත් අත්දැකීමක් ලෙසට හැඳින්විය නොහැක.

ඇමරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතෙහි 349(a)(5) වගන්තියට අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සඳහා ප‍්‍රධාන කාරණා 03 ක්

අනුගමනය කළ යුතුය. එනම්

1. ඇමරිකා එක්සත් ජනපදයේ ඇති එරට තානාපති කාර්යාල නිලධාරීන් හමුවට ඉදිරිපත් වීම

2. විදේශ රටකදී නම් එරට තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයන් වෙත ඉදිරිපත් වීම

3. පුරවැසිභාවය අත්හැරීම පිළිබඳව වූ දිවුරුමකට අත්සන් තැබීමයි.

මෙම කි‍්‍රයාවලිය තුළදී එම පුරවැසිභාවය ඉල්ලූම් කරන ලද පුද්ගලයා හට බොහෝ අවස්ථාවලදී දෙවරකදී පෞද්ගලිකවම එරට තානාපති කාර්යාල නිලධාරීන් හමුවී සම්මුඛ සාකච්ඡුාවන්ට මුහුණ දීමට සිදුවනවා ඇත. මෙය මාස කිහිපයක් ගතවන කි‍්‍රයාවලියකි. මෙහිදී අදාළ පුද්ගලයා ස්ව කැමැත්තෙන් හා බාහිර බලපෑමකින් තොරව ස්වෙච්ඡුාවෙන්ම සිය පුරවැසිභාවය අතහරින්නේද යන්න අදාළ තානාපති නිලධාරීන් විසින් සැලකිල්ලට ගනු ලබන ප‍්‍රධාන කාරණා වේ.

මෙම කි‍්‍රයාවලිය තුළ සාර්ථක වන්නන් හට එරට පුරවැසිභාවය අහිමි වීම සඳහා ලබාදෙන (certificate of Loss of Nationality) සහතිකය ලබාදීම සිදු කරනු ලබයි. 2014 වර්ෂයේදී මෙම සහතිකය ලබාගැනීමට සිටි අය හට මාස 06 ක් පමණ ප‍්‍රමාද වී ඇතැයි කියැවේ. නමුත් සමහර රටවල තිබෙන්නා වූ තානාපති කාර්යාල හරහා මෙවැනි සහතිකයන් නිකුත් නොකරනු ලැබූ අවස්ථා ද වාර්තා වේ. එහිදී එවැනි පුරවැසිභාවය අතහැරීම තහවුරු කිරීම සඳහා ලබා දුන් දිවුරුම පමණක් මත එය තහවුරු කිරීම සිදුව ඇත.

මෙම ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේදී එරටදී එම පුරවැසියා විසින් විඳිනු ලැබූ සියලූම අයිතීන් හා වරප‍්‍රසාද ද අවලංගු වී යන බව මතක තබාගත යුතුය. තවදුරටත් මෙම නීතිය යටතේ දක්වා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපද නීතිය යටතේ අපරාධයකැයි සැලකෙන වරදක් පුරවැසිභාවය තිබෙන කාලය තුළ හෝ පසුව කර ඇත්නම් හෝ කරයි නම් ඒ පිළිබඳව එම පුරවැසිභාවය අතහැරීමෙන් පසුව වුවද කටයුතු කිරීමේ බලයක් එරට නීතිය මගින් ලබාදී ඇත.

තත්ත්වය මෙසේ තිබියදී ගෝඨාභය මහත්මාගේ ඇමරිකානු පුරවැසිභාවය මේ වන විට අවලංගු කර ගැනීම සඳහා පියවර ගෙන ඇතැයි කියැවේ. ඒ සඳහා පියවර

ගැනීම අතිශය වැදගත් වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයකු හට මෙරට පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණ මැතිවරණයකට ඉදිරිපත් වීම වළක්වා තිබීම හේතුවෙනි.

එතුමා පසුගිය කාලයේ ගෙනගිය ‘එළිය’ හා ‘වියත් මඟ’ සිය ජනාධිපතිවරණයට යන මාර්ගය සාර්ථක කර ගැනීම සඳහා දියත් කළ කතිකාවත් බව පැහැදිලිය. මේ සියලූම ප‍්‍රයත්නයන්ගේ ප‍්‍රතිඵල ලබාගැනීමට නම් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව වඩාත් වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ ගමනේදී ඔහුට ද එරටදී භුක්ති විඳින වරප‍්‍රසාද බොහෝමයක් අහිමිව යනවා නොඅනුමානය. අනෙකතට ඔහුට විරුද්ධව මෙරට විශේෂ අධිකරණවලට පවතින නඩුවලට අමතරව ඇමරිකාවේ අධිකරණවලද නඩු ගොනු කිරීම දැකගත හැකිය. එයට හොඳම නිදසුන නම් පසුගියදා මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය විසින් එරටද එතුමාට විරුද්ධව ගොනු කරනු ලැබූ නව නඩුකරයයි. නඩු හා ඇමරිකානු පුරවැසිභාවය ගෝඨාභය විරුවා මුහුණ දෙනු ලබන ප‍්‍රධානතම යුද්ධ 2 කි. එහිදී අවසාන ඉලක්කය ආරම්භයට පෙර ඔහු විසින් එම යුද්ධ 02 ජයග‍්‍රහණය කළ යුතුමය. ඒ පිළිබඳව මෙරට ජනතාවත්, විදේශයන්හි දෙමළ ඩයස්පෝරාවත්, විදේශගතව සිටින ශී‍්‍ර ලාංකිකයන් හා විදේශ රටවල් බොහෝමයක් දැඩි අවධානයකින් යුතුව බලා සිටී. අනෙකතට වර්ෂ 2008 දී 235 ක් පමණ වූ ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නන් අතරට 2016 දී 5986 පමණ වීම තුළ ද එරට පුරවැසිභාවය අතහරින්නන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති බව කිව යුතුය. ඒ අනුව ගෝඨාභය මහතාට ද එලෙසට එරට පුරවැසිභාවය යුක්තිගරුකව අතහැරීමට ඇති බාධාව කුමක් දැයි යමකු අසන්නට පුළුවන. මේ සියලූම පැනයන්ට පිළිතුරු නුදුරු අනාගතයේදී ලැබෙනවා ඇත. එතෙක් මෙරට පවතින දේශපාලන අවිනිශ්චිතතාවයද එලෙසටම පවතීවි යැයි අපේක්‍ෂා කළ හැක.

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles