The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Upahara Divaina 365x90

UPali

bombakaru2මේ ඡායාරූපයේ ඉන්නේ පොලිස් නිලධාරියෙක්. හැබැයි ඔහු නියම පොලිස් නිලධාරියෙක් නම් නෙමෙයි. LTTE සංවිධානය පොලිස් නිලධාරියෙක් ලෙස පුහුණුකර, මුලතිව් පොලිස් ස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසු ලබා ගත් නිල ඇඳුමකින් සරසා වව්නියාව උසස් පොලිස් නලධාරීන් විසින් සාකච්ඡාවක් පවත්වනු ලබන අවස්ථාවක එම සාකච්ඡාවට කඩා වැදී සිය ගතෙහි දවටා ගෙන සිටි බෝම්බ කට්ටලය පුපුරවා සියලූ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට සූදානම් වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ”සෙල්වා” යි.
 
 එවකට වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයතු කළේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ‍්‍රාම ලැබූ ගාමිණි ද සිල්වා මහතායි. ”සෙල්වා” පොලිස් අත්අඩංගුවට පත්වුණේ වව්නියාව සිට ආපහු යාපනයට යෑමට ඕමන්තේ පොලිස් මුරපොළ හරහා යද්දියි. පොලිස් මුරපොළේ රඳවා සිටි පුහුණුවලත්, පසුව අත්අඩංගුවට පත් වූ LTTE සැකකරුවකු තමයි ඔහු සමග පුහුණු වූ අයකු ලෙස සෙල්වාව හඳුනාගත්තේ. ”සෙල්වා” ගේ ගම චාවකච්චේරිය. අම්මයි, තාත්තයි දෙන්නම මැරිලා. අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම අවිවාහකයි. මේ තුන්දෙනා ජීවත් කළේ ‘‘සෙල්වා” කුලී වැඩ කරලා. මෙහෙම ඉද්දි තමයි LTTE ය ”සෙල්වා” තම කාඩරයකු ලෙස බඳවා ගත්තේ. මූලික පුහුණුව ලැබුවේ පූනරීන්වල. පූනරීන්, මුලතිව් හා මුහමාලේ වැනි ප‍්‍රධාන ත‍්‍රස්ත ප‍්‍රහාරයන් කිහිපයකට ‘‘සෙල්වා” ඉතා ක‍්‍රියාශීලීව සහභාගී වුණා. මේ දක්ෂතා හින්දා කෙටි කාලයකින් ”සෙල්වා”ව කළුකොටි අංශයට උසස් කළා.
 
 LTTE ය සිය මරාගෙන මැරෙන කාඩරයන් හඳුනාගනු ලබන්නේ කළුකොටි අතරිනුයි. ටික කලකින් සෙල්වාට LTTE යෙන් අපූරු යෝජනවාක් ආවා. ඒ තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පුහුණුවීමට. සෙල්වා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස පුහුණුව ලැබුවා. මේ අතරම සෙල්වාට මානසික අල්ලසක් දීමට LTTE ය පසුබට උනේ නැහැ. ඒ ඔහුගේ කැපවීම වෙනුවෙන් මුළු ජීවිත කාලයේම පණ වගේ හිටපු අක්කලා තුන්දෙනා බලා ගන්නවා කියලා. කෙසේ වෙතත් සෙල්වා තමාට ලැබුණු ඉලක්කයත් අරගෙන වව්නියාවට අවා.
 
 ”රත්නම්” වව්නියාවේ රාජ්‍ය ආයතනයක පියන් කෙනෙක්. රත්නම්ගේ බිරිඳ ජයලක්ෂ්මී, ඔහුගේ දියණියන් දෙදෙනා කුඩා කාලේදීම පිළිකාවක් හැදිලා මිය ගියා. ජීවා සහ ලක්ෂ්මී යන දියණියන් දෙදෙනා සමග වව්නියාව, පුන්තෝට්ටම් ප‍්‍රදේශයේ කරදරයක් නැතුව ජීවත් වුණා. රත්නම්ගේ අයියා ජේසුදාසන් හිටියේ චාවකච්චේරියේ. ජේසුදාසන්ගේ පෙරත්තවට එක් දීපවාලී උත්සව කාලයකදී තම ඇස්දෙක වගේ ඉන්න දියණියන් දෙදෙනා සමග අයියව බලන්න චාවකච්චේරියට ගියා. එහිදි ඔවුන්ට ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න සිදු වුණා. රත්නම් දියණියන් දෙදෙනා සමග සිය අයියාගේ නිවසේ සිටින එක් රාත‍්‍රියක LTTE යේ ජීප් රථයක් නිවසට පැමිණියා. රත්නම් සහ දියණියන් දෙදෙනා විලාප නඟද්දී රත්නම්ගේ වැඩිමහල් දියණිය වූ ජීවාව LTTE විසින් පැහැර ගත්තා. රත්නම් එදා ?ම ජේසුදාසන් එක්ක චාවකච්චේරි LTTE කඳවුර ළඟට ගිහිල්ලා එළිවෙනකම් හිටියා. ඒ වුණාට ඔවුන්ට කඳවුර ඇතුළට යන්න හම්බවුණේ නැහැ. රත්නම් මේ විදියට දවස් තුනක් නොකා නොබී සිය බාල දියණිය සමග LTTE ගේට්ටුව ළඟ හිටියා. අවසානයේ දින තුනකින් පසු චාවකච්චේරි LTTE කඳවුරේ ප‍්‍රධානියා හමුවෙන්න අවස්ථාවක් රත්නම්ට ලැබුණා. ඔහු හරිම සැර පරුෂ පුද්ගලයෙක්. ඔහු කිව්වා.
 
 ”උඹලා හොඳට කාලා ඇඳලා ඉන්නවා. අපි මේ කැලෑවට වෙලා විමුක්තිය වෙනුවෙන් සටන් කරනවා. අපිට ඒකට ඉඩ දෙන්න බැහැ. අපි උඹට එක චාන්ස් එකක් දෙන්නම්. අපි එවනවා අපේ එකෙක් උඹේ ගෙදරට. එයා උඹේ ගෙදර තියා ගන්න ඕනේ. උඹේ අයියගේ පුතා කියලා. නැත්තම් උඹලගේ දුවල දෙන්නගෙන් එක්කෙනෙක් LTTE එකට බැඳෙන්න ඕනේ.”
 
bombakaru1 ප‍්‍රධානියාගේ නියෝගය පිළිගන්නවා හැරෙන්න රත්නම්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි සෙල්වා රත්නම්ගේ ගෙදරට ආවේ. සෙල්වා රත්නම්ගේ ගෙදරට ආවේ අයියගේ පුතෙක් විදියට පිටරට යන්න අවශ්‍ය වැඩ ටික කර ගන්න කියලා. ටික දවසක් යද්දි හරි පුදුම දෙයක් වුණා. LTTE විසින් ලබා දෙන දැඩි පුහුණුව හේතුවෙන් ගලක් වෙලා තිබ්බ සෙල්වාගේ හිතට රත්නම්ගේ වැඩිමහල දුව ජීවා එබිකම් කරන්න ගත්තේ මේ දවස්වල. සෙල්වා නිතරම රත්නම්ගේ දියණියන් දෙදෙනා එක්ක වව්නියාව නගරයේ චිත‍්‍රපට ශාලාවල සැරිසරන්න ගත්තා. LTTE සංවිධානය සිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙහෙයුමකට යෙදෙවුවොත් ඔහුගේ ක‍්‍රියාකාරකම් පරීක්ෂා කරන්න වෙනම කිහිපදෙනකු යොදවනවා. ඒ පොට්ටුඅම්මාන්ගේ ”ටොසී” ඔත්තුසේවාවේ ඔත්තුකරුවන්. ඔත්තුකරුවන් සෙල්වාගේ වෙනස්වීම පොට්ටුඅම්මාන්ට වාර්තා කළා. පොලිස් අධිකාරි කාර්යාලයේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට LTTE සංවිධානය සෙල්වාව කිහිප අවස්ථාවකදී සූදානම් කරත් ඒ වනවිට සෙල්වා මිනිස් බෝම්බයක් වී කෑලී කෑලී වලට කැඞී යෑමේ අදහසින් ඉවත්වයි හිටියේ. ඒ වෙනුවට ජීවාගේ ආදරයට මැදිව මහත් උභතෝකෝටියක තත්ත්වයට මැදිව සිටියා. මේ වනවිට සෙල්වාගේ මරාගෙන මැරෙන ජැකට්ටුව සහ පොලිස් ඇඳුම් සියල්ල පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට පිහිටි තේක්ක කැලෑවෙ LTTE සංවිධානයේ හිතවතකුගේ නිවස තුළ සඟවා තිබුණා. අවසානයේ පොට්ටුඅම්මාන් තීරණය කළා සෙල්වා නැවත කැඳවන්න. කෙසේ හෝ සෙල්වා නැවත ජීවාගෙන් වෙන්ව යන රාත‍්‍රීය ඉතා වේදනාත්මක රාත‍්‍රියක් වුණා. සෙල්වා බලාපොරොත්තු වුණේ ඕමන්තේ මුරපොළ හරහා ගිහිල්ල කෙසේ හෝ වෙනත් කෙටි පාරකින් පැමිණ ජිවා ද සමග කොහේ හෝ ගොස් ජීවත් වීමටයි. එහෙත් සෙල්වා ඕමන්තේ මුර පොළේදී හඳුනාගෙන අත්අඩංගුවට පත් වුණා. සෙල්වාව ප‍්‍රශ්න කරන්න අවස්ථාව හම්බවුණේ මට. ඔහු එහිදි කිසි දෙයක් කිව්වේ නැහැ. හැබැයි සෙල්වාව බලන්න රත්නම් සිය දියණියන් දෙදෙනා පැමිණෙන සෑම අවස්ථාවකදීම සෙල්වා ජීවා සමග ඇසින් කතා කළ ඉඟි තේරුම් ගැනීමට යම්තම් යොවුන් විය පසු කරපු මට තේරුම් ගැනීමට අමාරු වුණේ නැහැ. අවසානයේ සෙල්වා සහ ජීවා සම්මුඛ කර ප‍්‍රශ්න කිරීමේදී සියල්ල හෙළි වුණා. පස්සේ සෙල්වා අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට යන දවසේ සෙල්වා පැය 01 ක කාලයක් ඇඬුවා. ඒ වනවිට ඔහු අපේ කාර්යාලයේ බොහෝ දෙනා සමග ඉතාමත් කුළුපග වෙලා හිටියා. ඔහුගේ වෙන්වීම ඔහුට මෙන්ම අපටත් දරාගත නොහැකි වුණා. මේ වන විට සෙල්වා හෝ ජීවා කොහේ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි මගේ ප‍්‍රාර්ථනාව සෙල්වා ජීවා සමග කොහේ හෝ තැනක පුංචි කුරුලූ කැදැල්ලක් තනලා ජීවත් වනු දැකීමයි.
 
 මිනිස් බෝම්බයක් වූ සෙල්වාගේ මෙහෙයුමේ සැලසුම වී තිබුණේ මන්නාරමේ සේවය කරන ද්‍රවිඩ පොලිස් නිලධාරියෙක් ලෙස උසස් පොලිස් නිලධාරීන්ගේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවේ පොලිස් අධිකාරි සංකීර්ණයට ඇතුළු වී සාකච්ඡා පැවැත්වෙන ස්ථානයට ගොස් සිය බෝම්බ කට්ටලය පුපුරා ගැනීමයි. මෙහිදී ඔහු අපූරු හැඳුනුම්පතක් සූදානම් කරගෙන තිබුණා. ඒ හැඳුනුම්පතේ එක පසක ජාතික හැඳුනුම්පත ලෙසත් අනෙක් පස කහ පාට පසුබිමේ කළුපාට අකුරින් ”මගේ ඇෙඟ් බෝම්බ හයිකරලා තිබෙනවා. මට යන්න දීපන්, නැත්තම් මෙතනම පුපුරවා ගන්නවා.” ලෙසත් සඳහන්ව තිබුණා. සෙල්වාගේ ඉලක්කය වී තිබුණේ කෙසේ හෝ බෝම්බය පුපුරවා හැරීමටය. සෙල්වා ජීවා සමග ඇතිකර ගත් පේ‍්‍රම සබඳතාවය මා ඇතුළු පොලිස් නිලධාරීන් රාශියකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව සිතීමේ මහත් ආශ්චර්යක් බව හැෙඟ්.
 
 (මෙහි එන සියලූ නම් ගම් මන:කල්පිතයි...)
 
 (මෙම සත්‍ය කතාව ඇසුරෙන් ”මොහාන් නියාස්” විසින් ”කළු සුදු මල්” චිත‍්‍රපටය නිර්මාණය කරන ලදි. එහෙත් එය අප සිතූ තරම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයට ලක් නොවූ බව කනගාටුවෙන් සඳහන් කරමි.)
 
 (මෙවැනි සියලූම කතා ළඟදීම පළවීමට නියමිත මාගේ ”මේ - ඒ” කතා කෘතියේ ඇතුළත් වේ)
 
 
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි

විශේෂාංග

sikuru

සිනමා කලා

pu250

නවලිය

hema250

දියග

sar250

මීවිත

rohananew250iiiii

More Articles