Divaina - සිංහලයා කපාහැර ඉතිහාසය ඉගැන්වීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

sinhalaya1947 ජනවාරි 01 වැනිදා ගල්කිස්සේ පේ‍්‍රමගිරි නිවසේ සිට ‘සිංහල ලකුණ. ග‍්‍රන්ථයට සංඥාපනය ලියන මාර්ටින් වික‍්‍රමසිංහ මහතා මෙසේ සටහන් කරයි. ‘මා මේ සිංහල ලකුණ ලියුවේ වැඩි වෙහෙසකින් හා අඩු සන්තෝෂයකිනි. එසේ ලියූ පිටපත නැවත කියවමින් සකස් කිරීමේදී මා ලැබුවේ දුකසේ වැදූ තම දරුවා හදන මවක, ඒ දරුවා සුන්දර මුහුණක් හා අගපසඟ ද ඇතිව වැඩෙනු බලා ලබන සන්තෝෂය වැනි සන්තෝෂයකි.

ඉතිහාසය ගැන හදාරන්නන්ට වික‍්‍රමසිංහ මහතාගේ ‘සිංහල ලකුණ. ඉතා වැදගත් ග‍්‍රන්ථයකි. එහි 17 වැනි පිටුවේ මෙසේ සඳහන් වෙයි. ළහිරු රැසින් බබළන නිර්මල ජලය ඇති නොගැඹුරු ජලාශයක් සේ සිංහල සංස්කෘතිය අව්‍යාජයෙන් හා සරල සුන්දරත්වයෙන් නොතොරව පැවැත්තේ බුදු සමයත් රටේ කුඩා බවත් නිසාය. එම ග‍්‍රන්ථයේම 26 වැනි පිටුවේ මෙලෙස සඳහන් වී ඇත. අදීන සිංහල සංස්කෘතියක පටන්ගැන්මට හේතු වූ මුල් බිජුවට මෙහි පිහිටුවන ලද්දේ විජය විසින් නොව පළමුවන වැව සෑදූ පණ්ඩුකාභය රජු විසිනි. සිංහලයන් සමාජයක් නොහොත් පොදු කාරියක් උදෙසා එකම අදහසකින් බඳිනු ලැබූ ජනකායක් ලෙස පළමුව සෑදුණේ වැව් කැණීමත් කෘෂිකර්මාන්තයත් නිසාය. සිංහලයන්ගේ අදීනත්වයටත් ශක්තියටත් දෙස් තියන කර්මාන්තයන් අතර වැව් ප‍්‍රමුඛස්ථානය ගනී.

සිංහල අදීනත්වය ගැන මෙලෙසින් උපුටා ගැනීම සිදුකරන්නට අවශ්‍ය වූයේ මන්ද? අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ප‍්‍රකාශිත 07 ශ්‍රේණියේ ඉතිහාසය පොත කියවා දැක ගැනීමෙන් ඇතිවූ කනගාටුව නිසාය. අපේ දියණිය ලබන වසරේ 07 ශ්‍රේණියට සමත් වෙයි. ඒ වෙනුවෙන් ඇයට ලැබුණු ඉතිහාසය පෙළ පොත කියවා බලන විට දකින්නට ලැබුණේ කුමක්ද? ‘සිංහලයා. ගැන කිසිවක් සඳහන් නොකර ලාංකික අච්චාරු ඉතිහාසයක් මේ පෙළ පොත්වල සටහන් කර ඇති බවකි. සිංහලයා විසින් ගොඩනැඟූ ඉතිහාසය ගැන මෙරට දරු පරපුර දැනුවත් කරන්නේ ‘සිංහල. වචනය කපා දැමීමෙනි. මෙරට ඉතිහාසය සංස්කෘතිය ගොඩනැඟුවේ සිංහලයන් බව මෙහි නොකියයි. සිංහල නොකියා මුතුන්මිත්තන් ගැන කියමින් එහි 35 වැනි පිටුවේ මෙලෙස සඳහන් වෙයි. සංස්කෘතික උරුමය යනු කුමක්ද? වැසි ජලය රැස්කිරීමට අතීතයේ තැනවූ විශාල වැව් එම වැව්වල හා වැව් බැමිවල විශාලත්වය එහි ඇති තාක්‍ෂණය කෙනකු පුදුම කිරීමට සමත්ය. එසේම අපේ මුතුන්මිත්තෝ කළුගල් ඔප මට්ටම් කර විවිධ නිර්මාණ කරවූහ. මේ මුතුන්මිත්තන් පැමිණියේ පකිස්තානයේ හෝ චීනයේ සිටද? මේ සිංහලයන් ගැන ඉතිහාස පොතේ නොලියවෙන්නේ සංහිඳියාව නිසාද? මෙය බරපතළ ඛේදයකි. සිංහලයන් ගැන නොකියා මෙරට ඉතිහාසය ඉගැන්විය හැකිද?

මෙම ඉතිහාසය පෙළ පොත පිළිබඳව පෙරවදනක් සපයන අධ්‍යාපන ප‍්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ඩබ්. ඞී. පද්මිණි නාලිකා මහත්මිය සටහන් කරන්නේ රටට වැඩදායී පූර්ණ පෞරුෂත්වයෙන් හෙබි යහපත් පුරවැසියකු වීමේ පරිචය ලබාගැනීමට මෙම පෙළ පොත ඔබට උපකාරී වේ යැයි තමා අපේක්‍ෂා කරන බවයි. සිංහල දරුවන්ට තම මුතුන්මිත්තන්ගේ දායාද ගැන නිසි ලෙස කරුණු හෙළි නොකර ව්‍යාජ ලාංකික ඉතිහාසයක් ගැන සටහන් තබමින් ඔවුනගේ පෞරුෂය ගොඩනඟන්නේ කෙසේද? සිංහල ඉතිහාසය යටකර මෙරට සංහිඳියාව උදාකළ හැකිද? අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට සිංහලකම කපා හරින්නට උපදෙස් දුන්නේ කවරකුද? මෙම පෙළ පොතේ 13 වැනි පිටුවේ සංස්කෘතිය යන උපමාතෘකාව යටතේ මෙවැනි විස්තරයක් සටහන් කර ඇත.

ශී‍්‍ර ලංකාව යනු විවිධ ජන කණ්ඩායම්වලට අයත් ජනතාවක් වාසය කරන රටකි. සිංහල, දමිළ, මුස්ලිම් යනු එකී ජන කණ්ඩායම් වේ. මේ අය එක් එක් සංස්කෘතීන්ට අයත් වේ. මේ නිසා අපේ රටේ විවිධ ජාතීන්ට අයත් සංස්කෘතික ලක්‍ෂණ දැකිය හැක.

මේ ඉතිහාසය පොතේ සිංහල වචනය දැක්වෙන ඉතාම අල්ප වූ අවස්ථාවන්ගෙන් එකකි. මා ඉහතින් දැක්වූයේ. මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන සඳහන් නොකර ලංකාව සංස්කෘතික අච්චාරුවක් ඇති රටක් යැයි හැඟවීමට උත්සාහ දරයි. ඉදිරියේම මේ ඉතිහාසය පොතකින්ම රුවන්වැලිසෑය යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතීන්ට අයත් නිර්මාණයක් බව සටහන් වුවහොත් ඒ ගැන ද කලබල විය යුතු නැත. අද සිදුව ඇත්තේ කුමක්ද? ඉතිහාසය ඉගැන්වීමේදී තහනම් වචනය වී ඇත්තේ සිංහලයාය. මෙම පෙළ පොතෙහි පිටකවරය දෙස බැලූ විට පවා හැෙඟන්නේ කුමක්ද? එහි මෙරට ඉතිහාසයට අයත් කිසිම රූසටහනක් දක්නට නැත. ඇත්තේ ගී‍්‍රක රෝම ශිෂ්ටාචාරයට අයත් පැරැණි ස්මාරකවල ඡායාරූපය. ඒ අනුව සිංහල සංස්කෘතිය අරහං වී ඇති බව වඩා හොඳින් ප‍්‍රත්‍යක්‍ෂ නොවන්නේද?

sinhalaya1මේ අනුව බලන කල තව දශක කිහිපයක් යද්දී ප‍්‍රභාකරන් ගැන පවා ඉතිහාස පොත්වලට ඇතුළත්ව තිබුණ හොත් ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහජීවනය ගොඩනැඟීම පමණි. සිංහල දරුවාට අච්චාරු ඉතිහාසයක් කවා දේශ වාත්සල්‍යය ජාතික උරුමය පිළිබඳව හැඟීම මොටකර දැමිය හැක. එයින් සහජීවනයට මගපෑදෙන බව මේ අධ්‍යාපන බලධාරීන් කල්පනා කරන්නේද? මේ පෙළ පොතේ පිටුපස පෙළ පොත් තේමා ගීතය සටහන් කර ඇත. ‘‘සිත් පුරා මල් පිපී අලූත් පොත් සුවඳ දී නෙත් පුරා රූ මැවූ අපේ ලොව එළිය වී.. යනු එම ගීතයේ මුල් පද පේළි දෙකය.

සිංහලකම කපාහැර අලූත් පොත් සුවඳ විහිදුවයිද? ගඳගසයිද. සිංහලකම යටකර අපේ ලොව එළිය කළ හැකිද? ආණ්ඩු වෙනසත් සමග නව අධ්‍යාපන ඇමැතිවරයා හෝ මේ ඉතිහාස පෙළ පොත් මාලාවට ඊනියා සංහිඳියාව නිසා ඇතිව තිබෙන ඛේදය ගැන සොයා බැලිය යුතුය. නැත්නම් සැබෑ ඉතිහාසය දරුවන්ට කියා දෙන මෙන් ඉල්ලා වීථි බැස සටන් කිරීමට සිදු වනු ඇත.

චතුර පමුණුව

විශේෂාංග

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

lasikku

More Articles