The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

කලවාන මූලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් සිරිවර්ධන අවධාරණය කරයි
 
 
diyavadiyawaපසුගිය 14 දාට ලෝක දියවැඩියා දිනය යෙදී තිබිණි. එම රෝගයට ප‍්‍රතිකාර කරන ඉන්සියුලින් ඖෂධය සොයාගත් වෛද්‍යවරයාට ගරු කිරීමක් ලෙස, ඔහුගේ උපන් දිනය යෙදෙන දා එම දිනය යොදාගෙන තිබිණි. දියවැඩියාව අද ලෝකය පුරා ව්‍යාප්ත වන ස්ථිර වශයෙන්ම ප‍්‍රතිකාර සොයා නොගත් ඇතැම් විට මාරාන්තික රෝගයකි. දියවැඩියා රෝගය පිළිබඳ මිථ්‍යා මත රාශියක් සමාජගත වී තිබේ. තෙබු කොළ, කොතල හිඹුටු, වල් කොත්තමල්ලි, මංචාඩි කොළ, වැනි දේට මේ රෝගය සුව කළ හැකි බවට ද මිථ්‍යා විශ්වාසයක් තිබේ. එහෙත් ඇත්ත තත්ත්වය නම් ඖෂධ භාවිත කරන විට මෙවැනි දෑ භාවිතය සුදුසු නොවන බවය. පහත දැක්වෙන්නේ කලවාන මූලික රෝහලේදී පවත්වන ලද දේශනයකදී ඒ ගැන කායික රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් සිරිවර්ධන පළ කළ අදහස්ය.
 
 අපි උනන්දුවුනොත් සුවපත් කර ගන්න පාලනය කර ගන්න පුළුවන්. රටේ සියලූම රෝහල්වල පරීක්‍ෂණ, අදාළ ඖෂධ, උපදෙස් සියල්ලම නොමිලයේ ලබාගන්න පුළුවන්. මිථ්‍යාමතවල එල්ලෙන්න එපා. සමහරු අද බේත් ගන්න ආවොත් ආයෙ එන්නෙ අවුරුද්දකින් රුධිරයේ සීනි ප‍්‍රමාණය 300-400 වනතුරු ඉන්න එපා. නිතර නිතර රුධිර පරීක්‍ෂණ කරන්න. තුන් මසකට වරක්වත් බලන්න. සීනි අඩුවෙන් ගන්න. කෑම පාලනය අත්‍යවශ්‍යයි. සීනි ප‍්‍රමාණය අඩුවුණාම දැන් හරි කියලා හිතන්න එපා. බෙහෙත්වල අරමුණ සීනි පාලනයයි. වැස්සට කුඬේ වගෙයි. කුඬේ හැකුලූවොත් තෙමෙනවා. බෙහෙත් අරන් කරන්නේ රක්‍ෂණය වගේ වැඩක් පෙණහළු, වකුගඩු දුර්වල වුණාම වැඩක් නෑ.
 
 අපේ විශ්වාසය අනුව නිට්ටාවට සුවකරන්න බෑ. ආයුර්වේදයේ ඇතැම් අය කියනවා පුළුවන් කියලා. පත්තරෙත් දානවා. අපි සතුටට කන්නෙ සීනි. සතුට සමරන්න අරක්කුත් බොනවා. මේක කරුමෙට ආරෙට හැදුනා නොවෙයි. ඔබේ දරුවන් කුඩාකල සිට සීනිවලින් පාලනය කරන්න. සමහරු බේත් බොන්න අකමැතියි. බේත්වලින් අතුරු ආබාධ හැදෙනවා කියනවා. සීනි 128 ට වැඩිවෙලා 150 ට ආවාම පාලනය කරන්න බෑ. කෑම, සීනි දෙකම පාලනය කරන්න ඕන. එක බේත්වේලක් බොන්න බැරිවුණා කියලා වේල් දෙකම එකපාර බොන්න එපා. හාල්වල සුදු, රතු කියලා ප‍්‍රශ්නයක් නෑ. බත් අඩුවෙන් කන්න. ප‍්‍රමාණය පාලනය කරන්න. මේ හොඳ කුරුලූතුඩ හාල්කියලා බැදුමක් එක්ක කෑවොත් ප‍්‍රශ්න. සාමාන්‍ය කෝම්පිට්ටුවක් තරම් බත් කන්න. හුගාක් කය වෙහෙස කරනවා නම් ටිකක් වැඩියෙන් කන්න. බත් නැත්නම් පිෂ්ඨය තමා දියවැඩියාවට වැඩියෙන් බලපාන්නෙ. මෙට්ෆොමින් පෙති වසර 60-70 ක් පැරණියි.
 
diyawadiyawa2මේක හොඳ බෙහෙතක්. සමහරු බොන්න බෑ කියලා සායනවලදී අපට කියනවා. මේවට වකුගඩු නරක්වෙන්නෙ නෑ. නැවැත්වුවොත් සීනි ප‍්‍රමාණය වැඩිවෙලා වකුගඩු නරක්වෙයි. සමහරු කියනවා උදේට පෙති 22 බිව්ව කියලා පෙති ගණන ප‍්‍රශ්නයක් නොවෙයි. ප්‍රෙෂර් වැඩිවෙන්නෙ ස්වාභාවිකව. වකුගඩු අක‍්‍රීයවීමට සීනිත් ප්‍රෙෂරුත් බලපානවා. බටහිර රටවල්වල බේත් ජලයට දාලා දෙන්න පුළුවන් පරීක්‍ෂණ පවත්වනවා. ලෝකයේම මේ බේත් ගන්නවා. අතුරු ආබාධ නෑ. අරක්කු නිසා සිරෝසිස් ඉක්මනින් හැදෙනවා. කලවානේ අරක්කු පාවිච්චිය වැඩියි. සමහරු හිතනවා ඉන්සියුලින් දෙන්නෙ අන්තිමට කියලා. ඒක වැරදි මතයක්. ඉන්සියුලින්වලට අනියත බිය ඇති කර ගන්න එපා. රෝහලෙන් නොමිලයේ දෙනවා. නොගැනීමෙන් ලාභයක් නෑ. ගමේ ගොඬේ අය කියන විදියට තෙබුකොළ අර කොළ මේ කොළ කන්න එපා.
 
 සමහරු කොළඹ ගිහිල්ලා බේත් ගෙනත් එක දිගට වසරක් පමණ බොනවා. මේක වැරදියි. දියවැඩියා බෙහෙත් ගන්නා විට අනිවාර්යයෙන් සීනි බැලිය යුතුයි. ප්‍රෙෂර්, කොලොස්ටරෝල් දියවැඩියාවේ නෑදෑයො. මේ නිසා පිළිවෙළට බේත් ගන්න ඕන. සීනි කාලා වතුර හුගක් බිව්වට හරියන්නෙ නෑ. උණට සෙම්ප‍්‍රතිශ්‍යාවට බේත් බොනවිට සීනිබේත් අඩු කරනවා. මත්පැන් නිසා රුධිරයේ සීනි මට්ටම වෙනස් නොවේ. ව්‍යායාම් අවශ්‍යමයි. සීනි නැතුව හකුරු කාලා වැඩක් නෑ. අවුරුදු 10-12 දරුවන්ටත් දියවැඩියාව හැදෙනවා. ස්ථුලතාවයත් හේතුවක්. ඇස් අන්ධවෙන්න පුළුවන්. කෑම පාලනය අත්‍යවශ්‍යමයි. හුගක් ඉදුණු පලතුරු සීමා කරන්න. කෑමට පෙර පලතුරු ගත්තාට වරදක් නෑ. එතකොට බත් ප‍්‍රමාණය අඩුවෙනවා. මේ බොහෝ කරුණු මිථ්‍යාමත දැනගත්තෙ රෝගීන්ගෙන්මයි. ජීවිත කාලය පුරාම ප‍්‍රතිකාර ගත යුතු රෝගයක්. අද ලෝක දියවැඩියා දිනය සමරන මොහොතේ ආහාර පාලනය කරගෙන රුධිරයේ සීනි මට්ටම අඩුවැඩි නොවී රඳවා ගැනීමට සක‍්‍රීයව දායක වීමට සිතට ගන්නාමෙන් විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් සිරිවර්ධන මහතා අවසන් වශයෙන් ඉල්ලා සිටියේය.
 
 කලවාන - රණසිංහ ආරච්චි

විශේෂාංග

sikuru

සිනමා කලා

srima250

නවලිය

nava250

දියග

instine250

මීවිත

rohitha250

More Articles