Divaina - රත්තරන් දාගෙන හිටියට වැඩක්‌ නෑ එහි වටිනාකමක්‌ නැති නම් - මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

2020 දී මෙම ක්‍ෂේත්‍රයේ පෙරළියක්‌ ඇති කරනවා

ස්‌වර්ණාභරණ නිපැයුම් කරුවන්ට මාසික වේතනයක්‌ සකසනවා

ස්‌වර්ණාභරණ මිලට ගැනීමේදී ප්‍රමිතිය නොබැලීම ලොකු අඩුවක්‌

Hallmarked Gold Jewellery ඉදිරියේදී අනිවාර්යයි

swaranaපාරිභෝගික ආරක්‍ෂාව පිළිබඳ මෙන්ම මැණික්‌ හා ස්‌වර්ණාභරණ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය තීන්දු තීරණ රැසක්‌ ගනිමින් වැඩ කටයුතු රාශියක්‌ ක්‍රියාත්මක කරමින් සිටී. ඒ පිළිබඳ මෙන්ම මැණික්‌ හා ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රය පිළිබඳ විමසා බැලීම සඳහා "දිවයින ඉරිදා සංග්‍රහය" එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් මහේෂ් ගම්මන්පිල මහතා සමඟ කතා බහ කළේය. පහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ කළ සාකච්ඡාවයි...

ප්‍රශ්නය - මැණික්‌ හා ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ මිලදී ගැනීම් කටයුතු අති බහුතරයක්‌ සිදුවන්නේ විශ්වාසවන්තකම පදනම්ව යි. නමුත් එය ප්‍රමිතියක්‌ සහිත භාණ්‌ඩයක්‌ මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් සාධකයක්‌ නෙමෙයි.

පිළිතුර - ඔව්... මෙහි බොහෝ ගනුදෙනු සිදුවන්නේ ඔබ කියන විශ්වාසය මත පදනම්ව යි. කිරිපැකට්‌ එකක්‌, තුනපහ ටිකක්‌ මිලට ගැනීමේදී පාරිභෝගිකයා විමසා බලන නිෂ්පාදිත දිනය, නිෂ්පාදකයා, ඒ පිළිබඳ තත්ත්ව සහතික වැනි කරුණු මිල අධිකම මැණික්‌ හා ස්‌වර්ණාභරණ මිලට ගැනීමේදී පාරිභෝගිකයා සැලකිලිමත් වන්නේ නැහැ.

මෙම තත්ත්වය පාරිභෝගිකයාගේ ආරක්‍ෂාවටත් ස්‌වර්ණාභරණ කර්මාන්තයේ පැවැත්මටත් බාධාවක්‌.

ප්‍රශ්නය - එසේ නම් එම තත්ත්වය වළක්‌වා ගත යුතු නොවේද?

පිළිතුර - මේ වනවිට අප ඒ සම්බන්ධව දැඩිව මැදිහත්ව සිටිනවා. දේශීය පාරිභෝගිකයා දැනුවත් කරන්නත් දේශීය නිෂ්පාදකයා ශක්‌තිමත් කරන්නත් අප කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය - ස්‌වර්ණාභරණ නිපැයුම්කරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කෙබඳු ද?

පිළිතුර - අප ස්‌වර්ණාභරණ නිපැයුම්කරුවන්ගේ ජාතික සංගමයත් ගොඩනැංවීම සඳහා කටයුතු කර තිබෙනවා. එහි අවසන් අරමුණ ඔවුන් ආරක්‍ෂා කරගෙන විදේශීය වෙළෙඳපොළ ප්‍රසාරණය කර ගැනීමයි. එසේම අප අධිකාරියේ පනත සංශෝධනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. එමගින් අපගේ අපේක්‍ෂාව වුණේ නිපැයුම්කරුවාට පනත තුළින්ම නිසි ආරක්‌ෂාව ලබාදී වේතනයක්‌ ලබා දීමයි. එසේම ඔවුන් සතුව ඇති අතීත පාරම්පරික ඥනය සුරැකීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ව මෙම ක්‍ෂේත්‍රයේ රඳවා ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තක්‌. එහෙයින් ඔවුන්හට රැකියාවේ සුරක්‍ෂිතතාවය ඇති කර යුරෝපයේ හා නැගෙනහිර ආසියාවේ තාක්‍ෂණික ඥනය එක්‌කර නව නිපැයුම්වලට යැම සඳහා තාක්‍ෂණය හා උපකරණ ලබාදීම සිදු කරනවා.

ප්‍රශ්නය - අප රටේ පාරිභෝගිකයා සූරාකෑමට ලක්‌වන පිරිසක්‌. එය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රයට අදාළ පාරිභෝගිකයාටත් වලංගුයි. ස්‌වර්ණාභරණ අලෙවි කරන නමගිය ආයතන මෙන්ම අනෙත් ආයතනත් පාරිභෝගිකයා සූරාකෑමට ලක්‌ කරමින් සිටිනවා නොවේද?

පිළිතුර - ඔව්. බොහෝ ආයතන නිසි ප්‍රමිතිය සහිත ස්‌වර්ණාභරණ අලෙවි නොකරන බව සත්‍යයක්‌.

ප්‍රශ්නය - ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මෙරට ඇති බලයලත් ආයතනය මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියයි. ඔබ ආයතනය ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කෙබඳුද?

පිළිතුර - අප පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට දැනුවත් කිරීම් සිදු කරමින් සිටිනවා. රන් ප්‍රමිතිය සහතික කර ප්‍රමිති මුද්‍රd තැබූ රන් ආභරණ (Hallmarked Jewellery) ඉල්ලා සිටීමට පාරිභෝගික ඔබ සැමට ඇති අයිතියක්‌. ඒ වගේම ඔබ ස්‌වර්ණාභරණ මිලට ගන්නා ආයතනයේ සලකුණ එම ආභරණයේ මුද්‍රd තිබිය යුතුයි. අප ඉදිරියේදී ප්‍රමිති සහතික මුද්‍රd තැබූ ආභරණ අලෙවි කිරීම අනිවාර්ය කරනවා.

ප්‍රශ්නය - ප්‍රමිති මුද්‍රd තැබූ ආභරණ Hallmarked Jewellery) මිලට ගැනීමෙන් පාරිභෝගිකයාට ඇති වාසිය පිළිබඳ පැහැදිලි කිරීමක්‌ කළොත්.

පිළිතුර - මෙම මුද්‍රd සහිත ස්‌වර්ණාභරණ නැවත විකිණීමේදී, මාරු කිරීමේදී සහ උගස්‌ කිරීමේදී උපරිම මිලක්‌ ලබා ගත හැකි වීම එක්‌ කරුණක්‌. එසේම අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන්නේ නැහැ. තවත් කාරණයක්‌ වන්නේ ඔබ භාවිත කරන එවැනි ස්‌වර්ණාභරණ ප්‍රමිතිය නොමැති බවට යම් ලෙසකවත් තහවුරු වුවහොත් අප අධිකාරිය මැදිහත්වී පාරිභෝගික ඔබට සහන ලබා දීමට පියවර ගන්නවා.

ප්‍රශ්නය - බොහෝ ස්‌වර්ණාභරණයන්හි කැරට්‌ 22 ලෙස සටහන්කර ඇති සලකුණු දක්‌නට තිබෙනවා. එය ප්‍රමිතිය පිළිබඳ සැලකීමේදී ප්‍රමාණවත්ද?

පිළිතුර - නැහැ. එය ඕනෑම කෙනෙකුට තැබිය හැකි මුද්‍රdවක්‌. එහි වගකීම පිළිබඳව සැක සහිතයි. ශ්‍රී ලංකාවේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ මුද්‍රdව (Assay office Mark) ඒ කියන්නේ පුන්කළස, රන් ලෝහය හැඳින්වීමේ පහන සලකුණ (Mark of Gold). ආභරණයේ රන් ප්‍රමාණය දැක්‌වෙන සලකුණ (කැරට්‌ 22 සඳහා '916') සහ ආභරණ අලෙවිකරුගේ වගකීම් සලකුණ ඊට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුයි. ලෝහ කොටස්‌ දහයකට රත්‍රන් කොටස්‌ ඇති ප්‍රමාණයයි කැරට්‌ තුළින් කියවෙන්නේ. කැරට්‌ 21 සඳහා රත්‍රන් කොටස්‌ 875 ක්‌, කැරට්‌ 18 සඳහා රත්‍රන් කොටස්‌ 750 ක්‌ වෙනවා.

ප්‍රශ්නය - ඉහත ඔබ සඳහන් කළ තත්ත්වයන් රැක ගැනීම සඳහා අලෙවිකරුවන් වෙත පවරන නියමයන් කෙසේද?

පිsළිතුර - එක දෙයක්‌ කියන්න ඕනෑ. අප මේ කටයුතු කරන්නේ කිසිවකු අපහසුතාවයට පත්කරන්න නෙමෙයි. මේ තුළින් අප මේ ක්‍ෂේත්‍රය රැක ගැනීමටයි වෙර වෑයම් කරන්නේ. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් රන්, රිදී, ආභරණ අලෙවි කිරීමේදී ඔබ ආයතනයේ වගකීම් සලකුණ ආභරණයේ මුද්‍රd තැබීම අනිවාර්යයි, එසේම මෙම සලකුණු ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි කළ යුතුයි. සියලුම අලෙවිකරණ ආභරණ ශ්‍රී ලාංකීය රන් රිදී, ප්ලැටිනම්, ප්‍රමිතීන්ට අනුකූලවීම අනිවාර්යයි. ඉදිරියේදී වගකීම් සලකුණ සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් සියලුම අලෙවිසල් අප අධිකාරිය මගින් පරීක්‍ෂා කරනවා.

ප්‍රශ්නය - ඉහත සියලු නිර්නායකයන් සපුරන වෙළෙඳසල් පාරිභෝගිකයා හඳුනා ගන්නේ කෙසේද?

පිළිතුර - අප අධිකාරියේ ලියාපදිංචිව සිටින නිෂ්පාදකයන්, අලෙවිකරුවන්ගේ විස්‌තර ඉතාම නුදුරේදී අප වෙබ් අඩවියට මුදා හරිනවා. එසේම ඔවුන් පිළිබඳ මාධ්‍ය මගින් දැනුවත් කරනවා.

ප්‍රශ්නය - මේ ක්‍රියාවලිය තුළින් ක්‍ෂේත්‍රයේ එක පිරිසක්‌ වෙතට පමණ මෙහි බලය හිමිවේවිද?

පිළිතුර - නැහැ. දැනට අප අධිකාරියේ දෙදහසක්‌ පමණ ලියාපදිංචිවෙලා සිටිනවා. වාර්ෂිකවත් බලපත්‍ර ලබාගත් අය සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වූ අයගේ නාමාවලිය අප ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ තුළින් අපගේ ප්‍රාදේශීය කාර්යාල හරහා ඔවුන්ව අදාළ තත්ත්වයට යොමුවිය යුත්aතේ කෙසේදැයි දැනුවත් කරනවා.

ප්‍රශ්නය - මෙම මුද්‍රd පිළිබඳ කථා නොකළ කාලයේ ස්‌වර්ණාභරණ හිමියන් කිසි කරදරයක්‌ නොමැතිව ඔවුන්ගේ ආභරණ බැංකු වෙත උකස්‌ කිරීම නිතැතින්ම සිදුවුණා. ඒ කියන්නේ ඒවායේ තත්ත්වය පිළිබඳ ගැටලුවක්‌ නැතිවග නොවේද?

පිළිතුර - මෙහෙමයි... බැංකුවලට පාරිභෝගිකයන් අවශ්‍යයි. ඒ නිසා ඔවුන් රීඩින්වලට ළඟින් යන ස්‌වර්ණාභරණ උකස්‌ ගන්නව. බැංකුව දැනගත්තත් පාරිභෝගිකයාට කියන්නේ නැහැ. ඇතැම් බැංකුවල ඇති පැරණි ඝනත්වමානවලට (ඩෙන්සිමීටර්) රත්‍රංවලට සමාන ඝනත්ව ඇති වටිනාකම අඩු ලෝහ හඳුනාගන්න බැහැ. උකස්‌ ගැනීම තුළ ප්‍රමිතිය නිසියාකාරව ඇත්දැයි සහතික කළ නොහැකියි. අපි හෝල් මාර්ක්‌ ස්‌වර්ණාභරණ පමණක්‌ ගන්න කියන්නෙ ඒ නිසයි. එය අනාගතයේදී ප්‍රශ්න ඇති නොවීමට හේතුවක්‌ වේවි.

ප්‍රශ්නය - Hallmarked Gold Jewellery අප රටේ අනිවාර්යයිද?

පිළිතුර - අප මේ වසරේ එය අනිවාර්ය කරන්න සැලසුම් කර තිබුණා. නමුත් එකවර කළොත් ගැටලු මතුවිය හැකි බැවින් එය ක්‍රම ක්‍රමයෙන් කරගෙන යනවා. ලෝකයේ වැඩිම ස්‌වර්ණාභරණ නිපදවන ඉන්දියාවේ එය 2017 දී අනිවාර්ය කර තිබෙනවා.

ප්‍රශ්නය - අප රටේ වැඩිපුර කථාබහට ලක්‌වන්නේ මැණික්‌ ගැන පමණයි. නමුත් ස්‌වර්ණාභරණ පිළිබඳ එතරම් කතාබහක්‌ නැහැ.

පිළිතුර - මැණික්‌ නිසා ස්‌වර්ණාභරණ වැහිලයි තිබුණේ. නමුත් මැණික්‌ සඳහා අවසාන අගය දෙන්නේ ස්‌වර්ණාභරණ කියන එක අමතක කළ යුතු නැහැ. ඒ නිසා අපි ස්‌වර්ණාභරණ කර්මාන්තය නගා සිටුවන්න ඕන. අපට මෙම ක්‍ෂේත්‍රය ප්‍රසාරණය කරන්න ඕන තරම් ඉඩ තිබෙනවා. අපේ පාරිභෝගිකයා කැරට්‌ 22ම අල්ලගෙන ඉන්නවා. ඔවුන් කැරට්‌ 18 - 14 යනව නම් ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රය පුළුල් වෙනවා. එම රත්‍රංවලට මැණික්‌ ගල් ඇල වූ පසු ගැලවෙන්නෙත් නැහැ. අලුත් මෝස්‌තර කළොත් තමයි ක්‍ෂේත්‍රයේ ඉදිරියට යා හැකි වන්නේ. අඩ අනගිවලට හොඳ මිලක්‌ හදන්න හැකි වන්නේ කැරට්‌ 18 -14 වැනි ප්‍රමාණවලට යනව නම් පමණයි.

ප්‍රශ්නය - එවැනි ස්‌වර්ණාභරණ උකස්‌ ගන්නේ නැහැ නේද?

පිළිතුර - අප ඒ සඳහා උකස්‌ වටිනාකමක්‌ දෙන්න මහ බැංකුව සමඟ කතා කරගෙන යනවා. මැණික්‌ ඇලවූ ස්‌වර්ණාභරණවලට විශේෂ වූ වටිනාකමක්‌ නිර්මාණය කළ යුතුයි. එසේ වුවහොත් එය අප ලබන ලොකු ජයක්‌. දේශීය ඉල්ලුමට ගැහුවොත් තමයි විදේශීය වෙළෙදපොළ ලොකුවට යා හැකි වන්නේ.

ප්‍රශ්නය - ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රයට අලුත් පිරිස එතරම් එක්‌වන බවක්‌ දක්‌නට නැහැ.

පිළිතුර - මැණික්‌ කැපීම, ස්‌වර්ණාභරණ සකස්‌ කිරීම, වැනි පුහුණුකිරීම් ස්‌වර්ණාභරණ පර්යේෂණ ආයතනය මගින් සිදු කරනවා. ඒ සඳහා එන පිරිස අඩුයි. නමුත් මෙය අතිවිශාල ආදායමක්‌ ලැබිය හැකි මාර්ගයක්‌. මැණික්‌ කනිනවා වගේ නෙමෙයි මැණිකට අගය දෙන කාරණය. ඒ අයගේ අත් දෙකට අගය ඉතා වැඩියි. ඒ අයට ක්‍ෂේත්‍රයේ නියම ව්‍යවසායකයන් විය හැකියි. නව පරපුර ක්‍ෂේත්‍රය සඳහා යොමු කර ගැනීම සඳහා මාධ්‍ය සහායත් අත්‍යවශ්‍යයි. ළදරු වයසේ මැණික්‌වලට ලොකු වටිනාකමක්‌ දිය හැකි පිරිස්‌ අප රටේ ඉන්නවා.

ප්‍රශ්නය - මැණික්‌ හා ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රයෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය කෙබඳුද?

පිළිතුර - අප මේ වන විට වාර්ෂිකව රුපියල් බිලියන හැත්තෑපහක අපනයනයන් සිදු කරනවා. එය 2020 වන විට රුපියල් බිලියන 750 දක්‌වා වැඩි කිරීම අපේ සැලසුමයි.

ප්‍රශ්නය - වාර්ෂිකව මෙරටට ආනයනය කරන රත්‍රං මෙරට තුළ ඇතිදැයි යන්න ගැටලුවක්‌ වෙලා නොවේද?

පිළිතුර - රුපියල් බිලියන පනස්‌ දෙකක රත්‍රං 2016 දී අප රටට ආනයනය කර තිබෙනවා. 2017 දී අගෝස්‌තු වන විට එම ප්‍රමාණය බිලියන 75 ක්‌. මින් මෙම දෙවර්ෂයේම අපනයනය කර ඇත්තේ ස්‌වර්ණාභරණ රුපියල් බිලියන පහක්‌ පමණයි. ඉතුරු බිලියන එකසිය විසි දෙකක රත්‍රං මෙරට ඇතිදැයි සැක සහිතයි.

ප්‍රශ්නය - මේ පිළිබඳ යම් සොයා බැලීමක්‌ කරනවද?

පිළිතුර - අප සියලු ස්‌වර්ණාභරණ ආයතනයන් හි තොරතුරු ලබා ගනිමින් සිටිනවා. ඔවුන් ගෙන්වපු රත්‍රංවලට සිදු වූ දේ අපට එම තොරතුරු අනුව සොයා ගත හැකිවෙයි. එම ප්‍රමාණය රටේ තිබෙනවා නම් ලොකු දෙයක්‌. නමුත් එය සැක සහිතයි. අපගේ අධිකාරියේ බලයලත් නිලධාරීන්ට ඕනෑම ස්‌වර්ණාභරණ නිපදවන, වෙළෙ¹ම් කරන ස්‌ථානයකට ප්‍රවේශ වීමේ, ලේඛන පරීක්‍ෂා කිරීමේ, අවශ්‍ය නම් ඒවා සන්තකයට ගැනීමේ බලය තිබෙනවා. මේ සියල්ල කරන්නේ ක්‍ෂේත්‍රය රැක ගැනීම සඳහාත් වෙළෙඳපොළ ස්‌ථායිකර පාරිභෝගිකයා හා නිෂ්පාදකයා ආරක්‍ෂා කර ගැනීම සඳහාත් පමණයි.

සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
ඡායාරූප - කමල් බෝගොඩ


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles