Divaina - ධීවර යාත‍්‍රාවේ ඔස්ටේ‍්‍රලියා ගිය තවත් ගැන්සියක් මාට්ටු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


aus
 

අමරනන්ද විජේසේකර- මහවැව

යස ඉසුරු සොයා විදෙස් රටවල යෑමට බොහෝ දෙනාට සිතක් පහළ වන්නේ තමන්ගේ අනාගතය සුඛිත මුදිත අන්දමින් පවත්වා ගැනීමේ චේතනාවෙන්ය.

මීට දශක හතරකට පමණ පෙර ඉතාලියේ මිල්ල සොයා ශ‍්‍රී ලාංකිකයන් ඇදී ගියේ යහමින් මුදල් හම්බ කර ගැනීමේ අරමුණින්ය.

විශාල මුදලක් උපයා ගැනීමට හැකිවීම නිසා එම රටවල්වල සිදු කරන්නා වූ රැකියාවේ ස්වභාවය නොතකා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උසස් සේවයේ නියුතු පුද්ගලයන් පවා යුරෝපීය රටවල රැකියාවන් සඳහා යෑමට පෙළඹුණේය.

නීත්‍යනුකූලව සහ නීති විරෝධීව මේ සඳහා පෙළගැසෙන්නා වූ බොහෝ දෙනා තරුණ තරුණියෝය. නීති විරෝධීව විදෙස් රටවලට යෑමට සූදානම් වී සිටින අයගේ පිපාසය සංසිඳවීමට බොහෝ ජාවාරම්කරුවන් මාන බලා සිටින්නේ වංචාකාරී ලෙස තම අරමුණු ඉෂ්ට කර ගැනීමටය. මේ සඳහා ඔවුන් විවිධ වූ ක‍්‍රමෝපායන් අනුගමනය කරති. හෙල්මට් ක‍්‍රමය නොහොත් වෙනත් අයකුගේ ඡායාරූපයක් විදෙස් ගමන් බලපත‍්‍රයට ආදේශ කිරීම, කපල් ක‍්‍රමය නොහොත් වසර ගණනාවක් විදෙස් රටවල සේවය කළ අය සමග තාවකාලිකව විවාහ කරදී එම විවාහ සහතික ඉදිරිපත් කිරීම, සහ බෝට්ටු මගින් රැගෙන යෑම වැනි අයථා ක‍්‍රම ජාවාරම්කරුවන්ගේ සොයාගැනීම්ය.

බෝට්ටු මගින් විදෙස් රටවලට රැගෙන යෑම මේ අතර ජනප‍්‍රියම ක‍්‍රමය වේ. සෙසු ක‍්‍රම වලට වඩා වියදම් අඩුවීම මීට හේතුවයි. ඉතාලිය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය වැනි රටවල් ජාවාරම්කරුවන්ගේ ඉලක්ක වූ රටවල් වේ. මීට දශක කීපයකට පෙර ඉතාලියට යැවීමට ජාවාරම්කරුවන් මෙම ක‍්‍රමය භාවිත කිරීමට පෙළඹුණු අතර මෑත භාගයේ දී ඕස්ටේ‍්‍රලියාව ඉලක්ක කර තිබේ. වැඩි වශයෙන් දමිළ ජාතිකයන් මේ සඳහා පෙළඹී ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි. හලාවත සිට මීගමුව දක්වා වූ වෙරළ තීරය ජාවාරම්කරුවන් මේ සඳහා තෝරාගෙන තිබේ. ඕස්ටේ‍්‍රලියාවට යෑමට පහසුම මාර්ගය එම ප‍්‍රදේශයෙන් වීම මීට හේතුවයි. කන කර, ඉඩම් තම දේපළ උකසට තබා ජීවිත අවදානමින් මේ ගමන සඳහා සූදානම් වන බොහෝ දෙනාගේ ජීවිත කඳුළින් නිමා වන අයුරු අපට අසන්නට දකින්නට ලැබේ.

හලාවත වෙරළ තීරයේ ජාවාරම්කරුවන් විසින් මෙම ජාවාරම් සඳහා යොදා ගැනීම බහුලව සිදුවේ. ඒ නිසාවෙන්ම හලාවත කොට්ඨාස පොලිස් අධිකාරී සුරංජිත් කුමාරපේලි මහතාගේ උපදෙස් මත බුද්ධි අංශ නිරන්තරයෙන් අවදියෙන් සිටීමට කටයුතු කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් 23 වැනි දින අයථා ක‍්‍රම මගින් විදෙස්ගත වීමට සූදානම් වී ඇති බවට සැක කෙරෙන එකොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධව තොරතුරක් ලැබුණේය. හලාවත පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාට තොරතුරු ලැබීමත් සමගම ඊට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ¥ෂණ මර්දන ඒකකයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සචිත් රත්නායක මහතාටය. ඒ අනුව එදින උදෑසන 10.30 ට පමණ එම කණ්ඩායම රැඳී සිටි නිවාඩු නිකේතනය වෙත සැලසුම් සහගතව පොලිස් කණ්ඩායමක් කඩා පැන්නේය. හලාවත වෙරළ තීරයේ පොලිසිය ආසන්නයේ ඉතා සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාඩු නිකේතනය කාමර 3 ක මෙම කණ්ඩායම රැඳී සිටියෝය. වයස අවුරුදු 20 ත් 40 ත් පුද්ගලයන් අතර කාන්තාවන් ද දෙදෙනෙක් ද විය. ඔවුන් වයස අවුරුදු 20 සහ 22 අතර අතර අය විය. ඔවුන් අතර විශාල ප‍්‍රමාණයේ ගමන්මලූ ද නොමැත. ඇඳුම් පැළඳුම් සහිත කුඩා ප‍්‍රමාණයේ ගමන්මලූය. විදේශ ගමන් බලපත‍්‍ර හෝ ඊට අදාළ කිසිම ලියකියවිලි ඔවුන් සතු නොවූ අතර ජාතික හැඳුනුම්පත් පමණක් ඔවුන් සතු විය.

අත්අඩංගුවට පත් අය මඩකලපුව, යාපනය, කිලිනොච්චිය පලෙයි යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 18 ක උසස් පෙළ හදාරන සිසුවෙකුද ඔවුන් අතරය.

අත්අඩංගුවට පත් අයගෙන් වැඩි පිරිසක් කොළඹ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන අය ය. මෙම පිරිස නිවාඩු නිකේතනය වෙත පැමිණ ඇත්තේ වෑන් රථයකින් බව එහි හිමිකරු පොලිසිය හමුවේ පැවසීය. ඔවුන් විනෝද චාරිකාවක පැමිණි බව පොලිසියට කියා සිටියත් එකිනෙකාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පරස්පර ප‍්‍රකාශ ඔවුන් විසින් ලබා දී ඇත. ඇතැමෙක් මුන්නේශ්වරම වැඳ පුදා ගැනීමට පැමිණි බව කියා සිටි අතර තවත් කීප දෙනෙක් ධීවර කටයුතු සඳහා පැමිණි බව කියා සිටියේය. කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ පෙම්වතුන් සමඟ පැමිණි බව පොලිසිය හමුවේ ප‍්‍රකාශ කළත් පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී එක් යුවළක පෙම්වතා යැයි පවසා සිටි පුද්ගලයා විවාහකයෙක් බවද අනාවරණය විය. ඒ අනුව පොලිසිය සැක කරන්නේ මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ටේ‍්‍රලියාවට යෑමට මෙම නිවාඩු නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇත්තේ මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටු මගින් පිටත්වීමට සූදානම් වී සිට ඇති බවටය. විදෙස්ගත වීමට පැමිණි බව හා ජාවාරම්කරුවන් ගැන ඔවුන් සඟවා සිටින්නේ නීතියෙන් ඔවුන්ට කිසියම් පිළිසරණක් ලබා ගැනීමේ අරමුණින් බව පොලිසිය කියා සිටී.

මෙවැනි පිරිස් කීපදෙනා බැගින්` කුඩා ප‍්‍රමාණයේ ධීවර යාත‍්‍රාවලින් ඈත දියඹේ නැංගුරම් දා ඇති විදෙස් රටවලට යෑමට සූදානම් කර ඇති විශාල ප‍්‍රමාණය බෝට්ටුවට රැගෙන යෑම සාමාන්‍යයෙන් ජාවාරම්කරුවන් විසින් සිදුකරන බව පොලිසිය පවසා සිටී. මෙලෙස මෙයාකාරයෙන්ම විදෙස්ගගත වීමට සූදානම්ව පැමිණි කණ්ඩායම් පසුගිය මාස කීපය තුළ අවස්ථා තුනකදී පොලිසියිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව හලාවත පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

තැරැව්කරුවන් විසින් රටවලට යැවීමට මුදල් ලබාගෙන දින කීපයක් වෙරළ ආසන්නයේ නිවෙස්වල හෝ නිවාඩු නිකේතන වල එම පිරිස් රඳවා තැරැව්කරුවන් විසින්ම පොලිසියට ඔවුන් සම්බන්ධ ඔත්තු ලබාදෙන බව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙසේ ඔත්තු ලබා දීමෙන් අනතුරුව ජාවාරම්කරු ලබාගත් මුදල් රැගෙන ඔහු සම්බන්ධව කිසිදු තොරතුරක් නොලැබෙන ආකාරයෙන් සැඟවී සිටින බව බවද පොලිසිය කියයි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුරංජිත් කුමාරපේලි මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථාන ස්ථානාධිපති සජිත් රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන (32086) අබේසිංහ, (17879) දේවප‍්‍රිය, කාන්තා පොලිස් කොස්තාපල් (1703) නිලන්ති යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles