Divaina - ලෝක උරුම ‘ශුරි’‍ මාලිගාව අළු

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 loka
 
ජපානයේ දකුණුදිගින් පිහිටි ”‍ඔකිනාවා ”‍ දුපතේ පිහිටා තිබු වසර 500 කට අධික කාලයකට පෙර ඉදි කරනු ලැබූ ලෝක සංස්කෘතික උරුමයක් ලෙස සැළකෙන ”‍ශුරි ”‍ මාලිගාව හදිසියේ හටගත් ගින්නකින් ඉකුත් සතියේදී සම්පුර්ණයෙන් දැවී අළු බවට පත් වීම බටහිර හා ආසියානු මාධ්‍යයන්හි ප‍්‍රධානතම පුවතක් වී තිබිණි.
 
 පැරණි රයික්යු රාජධානියට අයත් රාජකීය මාලිගයක් වූ .”‍ශුරි ”‍මාලිගය වැඩි සංචාරකයින් පිරිසකගේ ආකර්ෂණයට ලක් වූ ජපානයේ පිහිටා තිබු ප‍්‍රසිද්ධ ස්ථානයක් වූ අතර එහි ප‍්‍රධාන ශාලාවේ හටගත් ගින්න පැතිරෙත්ම එය නිවීම සඳහා ගිනි නිවන භටයින් රැගත් ගිනි නිවන රථ පැය ගණනක් මුළුල්ලේ දැඩි උත්සාහයක් දැරුවද එය ව්‍යර්ථ කරලමින් මාලිගාව පිළිස්සී නටබුන් බවට පත් වී පොළවට සමතලා වී ගොස් තිබිණි .
 
 ගින්නෙන් ”‍ශුරි”‍ මාලිගයට අයත්ව තිබු පන්සල් ගොඩනැගිලිද පිලිස්සී විනාශ වී ගොස් ඇති අතර ගින්න හට ගත් අවස්ථාවේ මාලිගය තුළ සිටි නේවාසිකයින් පිරිස නිරුපද්‍රිතව එළියට ගෙන ඒමට ගිනි නිවන භටයින්ට හැකි විය .ගින්නෙන් මුළු මාලිගයම විනාශ වී ගියද එහි සිටි කිසිවෙකුට තුවාල සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි .ගිනි නිවන භටයින් විසින් පැය 12ක සටනකින් පසු ගින්න නිවා දැමුවද ඒ වන විට මාලිගය ගින්නෙන් විනාශ වී ගොස් තිබී ඇත .ගින්නෙන් මාලිගයේ විශාල ශාලා තුනක් හා තවත් ඉදි කිරීම් හතරක් සම්පුර්ණයෙන් විනාහ වී ගොස් ඇත .
 
loka2මෙම ගින්නෙන් දැවී ගිය මාලිගය ”‍ඔකිනාවා ”‍ දුපත 1429 සිට 1879 දක්වා කාලය තුළ වසර 450 ක කාලයක් මුළුල්ලේ පාලනය කළ රයුක්යු රජ පෙළපතට අයත් වුවක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත .මෙම මාලිගාව ”‍නාහා”‍ නගරය දිස් වෙන සේ කන්දක් මුදුනෙහි ඉදි කර තිබු අතර කපන ලද ගල්වලින් එහි බිත්ති ඉදි වී තිබිණි. රතු පැහැති තීන්ත අලේප කර තිබු මෙම මාලිගය නවීකරනය කරන ලද්දක් වන අතර දෙවැනි ලෝක යුධ සමයේදී එනම් 1945 වසරේදී මුල් මාලිගාව විනාශ වී ගොස් ඇත්තේ ”‍ඔකිනාවා සටන ”‍ නමැති යුධ තත්ත්වය හේතුවෙනි .මෙම සටනින් සිවිල් ජනතාව ඇතුළු ලක්‍ෂ දෙකක පිරිසක් මරණයට පත්ව තිබිණි .
 
 ”‍ඔකිනාවා ”‍ සටනින් විනාශයට පත් ”‍ශුරි ”‍ මාලිගය නැවත ඉදි කරන ලද්දේ 1992 වසරේදීය .ජාතික උද්‍යානයක් ලෙස ඉදි කෙරුණු මෙම මාලිගය හා එය පිහිටි භුමිය 2000 වසරේදී යුනෙස්කෝ ආයතනය විසින් ලෝක සංස්කෘතික උරුමයක් සේ නම් කර තිබිණි .
 
 ගින්න හේතුවෙන් මෙම සතියේ ”‍ශුරි ”‍ මාලිගයේ පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික මාලිග උත්සවය ”‍ අවලංගු කර ඇති අතර මාලිගයට සිදු වූ විපත පිළිබඳව හඬමින් මාධ්‍යයට අදහස් දක්වා ඇති නාහා නගරයේ නගරාධිපති ”‍මිකිකෝ ශිරෝමා පවසා ඇත්තේ ”‍මට දැනෙනුයේ අපට අපගේ ජාතික සංකේතය නැති වූ බව යයි ප‍්‍රකාශ කර ඇත .


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles