Divaina - ත‍්‍රස්ත රකුසකුගේ නික්මයෑම... Operation Kaila Muller

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

bagda1111
පි‍්‍රයන්ත ජයකොඩි
නියෝජ්‍ය පොලිස්පති


is12019 ඔක්තෝබර් මස 27 වන සෙනසුරාදා සිරියානු වේලාවෙන් රාත‍්‍රී 11.15 ට පමණ උතුරු ඉරාකයේ ”එර්බිල්” ඇමරිකානු හමුදා කඳවුරෙන් අඳුරත් සමග ගුවනට නැගුණු CH 47 S වර්ගයේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා 08 කි. විදුලි පහන් නොදැල්වමින් අඳුරේම එකි නෙකට සමාන්තරව ගමන්ගත් මෙම ප‍්‍රහාරක යානාවල ගමනාත්තය ඉලක්කය වී තිබුණේ වයඹ දිග සිරියාවේ ”ඉඞ්ලිඞ්” ප‍්‍රාන්තයේ තුර්කි දේශ සීමාවට ආසන්නයේ පිහිටි ”බරීසා” ග‍්‍රාමයේ තිබූ සුවිශේෂී ස්ථානයකි. 2010 වර්ෂයේ සිටම පුරා වසර 09 කට වැඩි කාලයක් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය ( CIA ) විසින් සොයනු ලැබූ ”අත්‍යවශ්‍යම මිනිසා” (Most Wonted Person) ලේබලය යටතේ වර්ගීකරණය කර සිටි පුද්ගලයා සොයා යෑම අඳුරේ ගමන්ගත් හෙලිකොප්ටර් යානාවල සිටි Delta Force භට කණ්ඩායමේ එකම අභිප‍්‍රාය විය.


Delta Force යනු ඇමරිකානු‘‘Marian Seal’’ කමාන්ඩෝ භටයන් අතරිනුත් මාරාන්තික ප‍්‍රහාර එල්ල කිරීම සඳහාම සුවිශේෂී පුහුණුවක් ලබාදුන් භට කණ්ඩායමකි. මෙම භටයන් ගිනි අවි මෙන්ම පුපුරන ද්‍රව්‍ය පරිහරණයද ඕනෑම කටුක දේශගුණික තත්ත්වයන් යටතේ දින

ගණනාවක් වුවද අපහසුතාවකින් තොරව රැඳී සිටිය හැකි අන්දමේ විශේෂ පුහුණුවක් ලබාදුන් භට කණ්ඩායමක් විය. 2011 වර්ෂයේ මැයි මස 02 දිනය තවත් අත්‍යවශ්‍යම මිනිසෙකු වූ ඔසාමා බින් ලාඩන් විනාශ කිරීමේ මෙහෙයුම සඳහාද පකිස්තාන්, ඇෆ්ගනිස්තාන් දේශ සීමාව ආසන්නයේ පිහිටි ”ඇබෝටා බාද්” නගරය වෙත යවනු ලැබුවේද මෙවැනිම ඩෙල්ටා භට කණ්ඩායමකි. ඔවුන් ගමන්ගත් CH 475 S වර්ගයේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාද මෙවැනි මෙහෙයුම් සඳහාම විශේෂයෙන් සකස්කරන ලද ඒවාය. මෙම හෙලිකොප්ටර් යානා ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ පියාසර කිරීමේ හැකියාව මෙන්ම ඉතා සුළු විරාමයක් ඇතුළත ගුවන් ගත කිරීමේ හැකියාවත්, ඕනෑම දිසාවකට පහසුවෙන්ම මෙහෙයවීමේ හැකියාවකින් යුක්ත වූ රොකට් මිසයිල අවි බලයෙන් සමන්විත පියාඹන යුධ ටැංකි ලෙස හඳුන්වන සුවිශේෂී යානා විශේෂයකි.

එර්බිල් ඇමරිකානු කඳවුරෙන් ගුවන් ගත වූ ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා තුර්කි ගුවන් සීමට ඇතුළුව තුර්කි සහ සිරියානු රේඩාර් මගහරිමින් සිරියානු කාන්තාරයේ උතුරු මායිම ඔස්සේ පියාසර කරමින් ඇතුළු වූයේ තුර්කි සිරියානු දේශ සීමාව අසලම පිහිටි ඉඞ්ලිඞ් ග‍්‍රාමයේ බරීසා ග‍්‍රාමයටය. මේ වන විට මෙම ප‍්‍රදේශය රුසියානු ආධිපත්‍ය මූලික කර ගත් සිරියානු රජයේ පාලනයට යටත් ප‍්‍රදේශයක්ව පැවතී ඇති නමුත් මෙම ප‍්‍රදේශයේ ඒ වන විටත් කුර්දි විප්ලවීය හමුදාව සහ තුර්කි රජයේ හමුදාව අතර, පසුගිය දිනවල ගැටුම් පැවති ප‍්‍රදේශය ආසන්නයේ පිහිටා තිබීම සුවිශේෂී කරුණක් ලෙස සැලකිය යුතුය.

2014 වර්ෂයේ ජුලි මස 14 වන දින ලෝක ත‍්‍රස්තවාදී ඉතිහාසයේ සුවිශේෂී ලෙස සටහන් වූ දිනයක් ලෙස සැලකේ. ඒ ඉරාකය සහ සිරියාව මුල්කොට පැවති ISIS ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ පාලනයට නතුවූ දේශයක් ලෙස ඉස්ලාමීය රටක් ප‍්‍රකාශයට පත් කිරීම මෙදින සිදුව ඇති නිසාය. ඉරාකයේ මොසුල් නගරයේ සිට සිරියාවේ ”ඇලීපෝ” නගරය දක්වා වූ මහා බි‍්‍රතාන්‍යයේ භුමි ප‍්‍රමාණය තරම් විශාල වර්ග කිලෝ මීටර් 88,000 කින් පමණ වපසරියකින් යුත් ප‍්‍රදේශයක් තම ආදිපත්‍ය යටතේ පවතින බව ඉරාකයේ ”රඛා” නගරයේ සිට ISIS නායකයා වූ අබුබකර් අල්-බග්ඩාඩි ලෝක ප‍්‍රජාව හමුවේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ දිනය වූයේ 2014 වර්ෂයේ ජුලි මස 14 වන දිනය.

2010 වර්ෂයේ අබුබකර් අල්-බග්ඩාඩි ISIS සංවිධානයේ නායකයා බවට පත්වූ දින සිටම ”අත්‍යාවශ්‍යම මිනිසා” සෙවීමේ මෙහෙයුමක යෙදුනු ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) වෙත 2019 සැප්තැම්බර් මස මුල් සතියේ තුර්කි සිරියානු කලාපයේ රැඳී සිටින ඇමරිකානු හිතවාදී කුර්දි විප්ලවීය හමුදාවේ කමාන්ඩර් වරයා ලෙස සැලකෙන ”මෝසියම් කෝබෝම්” වෙතින් විශේෂ පණිවිඩයක් ලැබී තිබෙන ලදී. පණිවුඩයේ කියවෙනුයේ දශකයේ අත්‍යවශ්‍යම මිනිසා සම්බන්ධයෙන් විශේෂ තොරතුරු සමූහයක් ඒ වන විටත් ඔවුන් වෙත ලැබී තිබූ බවය. මෙම තොරතුරු ලැබී තිබුණේ කුර්දි විප්ලවීය හමුදාව විසින් අබුබකර් අල්-බග්ඩාඩිගේ ජාලය තුළට රිංගවනු ලැබූ කුර්දි හිතවාදී ඔත්තුකරුවකු වෙතිණි. මෙම ඔත්තුකරුවා ISIS ජාලය තුළ කෙතරම් සාර්ථක ලෙස ස්ථානගතව සිටියාද යන්න කිවහොත් අත්‍යවශ්‍යම මිනිසාට අයත් මිනිස් සුවඳ පවා දැවටුනු යට ඇඳුමක් ඇමරිකානු ඔත්තුකරුවන් වෙත ඉදිරිපත් කිරීමට ඔහු සමත්ව සිටියේය. අබුබකර් අල්-බග්ඩාඩි 2004 වසරේ ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර ආසන්න ස්ථානයකදී ඇමරිකානු හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්ව සිටි අතර, එම අත්අඩංගුවට ගැනීමේ හේතුවෙන් ඔහු මාස 10 ක කාලයක් ඇමරිකානු රඳවා ගැනීමේ කඳවුරක රඳවනු ලැබ සිටින ලදී. ඒ අවස්ථාවේදී ඔහුගෙන් ලබාගත් ඡායාරූප, ඇඟිලි සටහන්, DNA සාම්පල් මෙන්ම මුහුණු ආශ‍්‍රිතව සිදුකරන හඳුනාගැනීමේ නවීන ක‍්‍රමවේදයක් වන Facial Recognization දත්තද මේ වන විටත් CIA සංවිධානයේ ගොනු තුළ සටහන්ව තිබූ අතර, ඔත්තුකරුවා වෙතින් ලද ඇඳුම ආශ‍්‍රයෙන් ලබාගත් DNA සාම්පල් ඔත්තු සේවය සතුව තිබූ DNA සාම්පල සමග සැසඳීමෙන් පසුව ඔත්තුවේ සත්‍යතාව තහවුරු වී ඇති අතර, ඒ අනුව ඔත්තුසේවා නිලධාරීන් නිවැරදි අවස්ථාව තෝරාගෙන මෙහෙයුම සැලසුම් කිරීමටත්, මෙහෙයුම සඳහා යොදාගත යුතු භට කණ්ඩායම, උපකරණ, ක‍්‍රමවේද සහ ජාත්‍යන්තර තත්ත්වය වැනි සුවිශේෂී කරුණු සම්බන්ධව දීර්ඝ අධ්‍යනයකින් පසු ඔක්තෝබර් 27 වන දින මධ්‍යම රාත‍්‍රියේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අංශ වෙත කොළ එළි දැල්වීම සිදුකර ඇත.

27 වන සෙනසුරාදා අලූයම වන විට ඉරාකයේ එල්බිල් කඳවුරේ සිට වයඹ දිග සිරියාවේ බරීසා දක්වා ගමන්ගත් Delta Force භටයන් අලූයම 0100ට පමණ වන විට අඳුරේම ගුවනේ සිට රැහැන් මගින් ආරක්ෂා සහිතව බිමට පතිත කරනු ලැබූ අතර, ඉලක්කයේ රැඳී සිටි අත්‍යවශ්‍යම මිනිසාගේ ආරක්ෂාවට යෙදවූ ආරක්ෂක භටයින් එල්ල කරන ලද ප‍්‍රහාර හමුවේ ප‍්‍රතිප‍්‍රහාර දෙමින් ආරක්ෂකයන් නිහඬ කර, ඉතා සුළු නිමේෂයකින් අවශ්‍ය ඉලක්කයේ රැඳී සිටි ගොඩනැගිල්ලේ ප‍්‍රධාන දොර පිපුරුම් කාරක මගින් පුපුරවා ගොඩනැගිල්ල තුළට ඇතුළුවීමට Delta Force භටයන්ට හැකිවිය. ඒ මෙවැනි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ඔවුන් වෙත ලබා දී තිබූ සුවිශේෂී පුහුණුව හේතුකොට ගෙනය.

ඉලක්කගත ස්ථානය සම්බන්ධව කලින් ලැබී තිබූ ඉතා නිවැරදි තොරතුරු මත මෙම ස්ථානය සතුව තිබූ උමං පද්ධතිය සම්බන්ධව දැනීමක් සහිතව මෙහෙයුම සංවිධානය කර තිබූ අතර, මෙහෙයුමට සම්බන්ධ කර සිටි Delta Force භටයින් සමග සිටි ණ 9 බළකායට අයත් ජර්මන් ෂෙපර්ඞ් වර්ගයේ සුනඛයන් සහ පිපුරුම් කාරකයන්ට ඔරොත්තු දීමේ හැකියාවකින් යුත් රොබෝ යන්ත‍්‍ර උමං මාර්ගයට ඇතුළුවීම හේතුවෙන් දශකයේ අත්‍යවශ්‍යම මිනිසාට උමං මගක කෙලවරක තනිවන්නට සිදුවූ අතර, මෙහෙයුම අවසන් වූයේ දශකයේ අත්‍යවශ්‍යම මිනිසා ලෙස සැලකෙන ISIS නායක අබුබකර් අල්-බග්ඩාඩි සිය දරු තිදෙනා සමග ඔවුන් රැඳී සිටි ආරක්ෂක නිවාසයේ උමං මගක් තුළ පැළඳ සිටි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත්වීමෙනි.

Delta Force බලඇණියට අනුයුක්තව සිටි DNA තාක්ෂණ ශිල්පීන් විසින් සුන්බුන් අතර සිරව තිබූ අබුබකර් අල්-බග්ඩාඩි ගේ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල DNA පරීක්ෂණයට ලක්කළ අතර එම සාම්පල මධ්‍යම රහස් ඔත්තුසේවය සතුව තිබූ සාම්පල සමග සැසඳෙන බව පරිගණක තීරයේ දිස්වෙනවාත් සමග ඒ වන විටත් ඒ වටා රැඳී සිටි Delta Force භටයින්ගේ එකම ජයග‍්‍රාහික හඬ වුයේ '‘Jackpot Finish’’යනුවෙනි.

ISIS සංවිධානය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප‍්‍රසිද්ධියේ වෙඩි තබා ඝාතනය කරන ලද ඇමරිකානු සෞඛ්‍ය සහන සේවිකාවක් වූ ”කයිලා මුලර්” මෙනවියට කරන ලැබූ ගෞරවයක් ලෙස මෙම සමස්ත මෙහෙයුම Operation කයිලා මුලර් ලෙස හඳුන්වා දී තිබූ අතර, අත්‍යවශ්‍යම මිනිසා වූ ISIS නායක අබුබකර් අල්-බග්ඩාඩි මෙම මෙහෙයුම තුළ රහස් සංකේතය ලෙස නම්කර තිබුණේ ‘‘Jackpot’’ ලෙසය.

අබුබකර් අල්-බග්ඩාඩි සැලකෙන්නේ ISIS සංවිධානයේ සිටි නායකයන් තිදෙනා අතරින් දරුණුතම පුද්ගලයා ලෙසය. ඔහු නායකත්වයට පත්වීමෙන් පසුව සටන් පැවති සිරියානු ඉරාක කලාපයෙන් පිටත ISIS සංවිධානය විසින් රටවල් 09 ක් කේන්‍ද්‍ර කොට ත‍්‍රස්ත ප‍්‍රහාරයන් සිදුකර ඇත. එම රටවල් අතර, ඇමරිකාව, ප‍්‍රංශය, මහා බි‍්‍රතාන්‍ය, බෙල්ජියම, ටියුනීසියාව, ඊජිප්තුව, ජෝර්දානය සහ ශ‍්‍රී ලංකාව මුල් තැනක් ගනී. මෙම සියලූ ප‍්‍රහාර අතරින් දරුණුතම ප‍්‍රහාරය ලෙස සැලකෙන්නේ 2019 අපේ‍්‍රල් මස 21 වන දින පාස්කු ඉරිදා දින ISIS සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවේ සිදුකළ ප‍්‍රහාරයයි.

2014 ජුලි මස 14 වන දින ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කළ අවස්ථාවේ ජාත්‍යන්තර ජන මාධ්‍ය ඉදිරියේ ප‍්‍රසිද්ධියේ පෙනී සිටි අබුබකර් අල්-බග්ඩාඩි එම දිනයෙන් පසුව නැවත හඬ පටයක් ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කරනු ලැබුවේ 2019 අපේ‍්‍රල් මස 27 වන දින ශ‍්‍රී ලංකාව කේන්ද්‍ර කොට සිදුකළ ප‍්‍රහාරයේ වගකීම භාරගනිමින්ය.

එම සිද්ධියෙන් හරියටම මාස 06 ක් ගතවීමෙන් පසු එළඹුණු ඉරිදා දින පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවූ වේලාවටම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරයේ සිට ප‍්‍රකාශයක් කරමින් ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේ ‘ඔහු අඬමින්, බැගෑපත් වෙමින්, කොඳුරමින්, ආරක්ෂිත උමගයේ කෙලවර, බියසුල්ලෙක්, සුනඛයෙක් ලෙස ජීවිතය හානිකරගත් බවයි.’


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles