Divaina - කියුබ්වලින් නොව කොට්ටවලින් ගන්න... ගල් නැති සිප්පි නැති සියයට සීයක් මුහුදු වැලි...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

wali499

* ගල් නැති සිප්පි කටු නැති සියයට සීයක් මුහුදු වැලි
* අපතේ යන්නේම නැත... සියයට තිහක්ම ඉතිරියක්


wali2මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රය තුළ ”වැලි” සඳහා පවතින්නේ අධික ඉල්ලූමක් ය. රට තුළ සිදුවන ශීඝ‍්‍ර සංවර්ධන කටයුතු සහ වෙනත් වෙනත් ඉදිකිරීම් පිණිස අවශ්‍ය මූලික වාණිජ සම්පතක් ලෙස ගැනෙන වැලි ගොඩදැමීම ප‍්‍රවාහනය සහ අලෙවිය පිණිස රජයේ අවසර හිමි විය යුතු අතර මේ වන විට රට පුරා එවැනි නීත්‍යනුකූල බලපත‍්‍ර යටතේ මෙන්ම නීති විරෝධී ආකාරයෙන් මහාපරිමාණ වැලි වෙළඳාමක් ක‍්‍රියාත්මකය. ව්‍යාපාරික අරමුණු මත පදනම්ව පමණක් රටේ වැලි සම්පත බරපතළ ලෙස සූරාකෑම දිගින් දිගටම සිදු වීම හේතු කොට මේ වන විට රට තුළ උග‍්‍ර පාරිසරික ගැටලූ රැුසක් නිර්මාණය වී තිබෙන අතර එයට තිරසාර විසඳුමක් සැපයීම පිණිස රජයන් විසින් ගනු ලැබූ බොහෝ තීන්දු තීරණ කලින් කලට කාලයේ වැලි වැලිතලාව මත මිහිදන්ව යන අයුරු කලක පටන් දක්නට ලැබෙන සුලබ සිදුවීමක් විය.

මේ වන විට වැලි කියුබ් කියුබික් මීටර මිලියන 30 ක් පමණ මෙරට ඉදිකිරීම් සඳහා වාර්ෂිකව යොදා ගන්නා අතර වේගයෙන් ක්ෂය වෙමින් පවතින ඛනිජ සම්පතක් වන වැලි සඳහා පවතින ඉල්ලූමට ප‍්‍රමාණවත් සැපයුමක් ලබා ලබාදීමට නොහැකි වන දිනය අත ළඟට පැමිණෙමින් ඇත. දීර්ඝකාලීන අධ්‍යයනයකින් අනතුරුව නවීන තාක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වෙනත් විකල්පයක් මේ වන විටත් රට හමුවට හඳුන්වා දීමට හඳුන්වාදීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අනුබද්ධ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සමාගම (රෙඞ්කෝ* මගින් සෝදා හලන ලද මුහුදු වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර ඒ හරහා තම අවශ්‍යතාව පිණිස අවශ්‍යතාවේ ප‍්‍රමාණයට වැලි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වී ඇත.

වැලි කියුබ් වෙනුවට මුල් වරට මෙරට තුළ වැලි පැකට් මිලදී ගැනීමේ පහසු හා කඩිනම් සේවාවක් ආරම්භ කරමින් ක‍්‍රියාත්මක මෙම දැවැන්ත ව්‍යාපෘතිය රටට හඳුන්වා දීමත් සමඟ වැලි ගොඩ දැමීම මගින් සීඝ‍්‍ර ලෙස හානියට පත් වෙමින් පැවති ගංගා ඇළ දොළ ආශ‍්‍රිත පරිසර පද්ධතිය නැවත නිරෝගිමත් වීමට ලක්වීම සිදුවන අතර ඒ හරහා ඉදිරියේදී වඩාත් යහපත් පරිසරයක් රට තුළ නැවත නිර්මාණය වීමට නියමිත ය.

ඉහත සඳහන් ව්‍යාපෘතිය මගින් වෙළඳපළට හඳුන්වාදී ඇති වැහි වතුරෙන් සෝදා හරින ලද පිරිසිදු කරන ලද මුහුදු වැලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සඳහා යෝග්‍ය බව පිළිගත් ආයතන රැුසක් විසින් මේ වන විට නිර්දේශ කර තිබේ. ඒ සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රමිති සහතිකය ද

wali3හිමි ව ඇත. නව තාක්ෂණය යොදා ගනිමින් මහා පරිමාණයෙන් මුහුදු වැලි වෙළඳපලට හඳුන්වා දීමේ ව්‍යාපෘතියේ පුරෝගාමියා බවට පත් වන්නේ මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. 2015 වර්ෂයේ එම අමාත්‍යාංශය විසින් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වගකීම භාර ගැනීමත් සමග ඒ වන විට සක‍්‍රීයව පැවැති මෙම ව්‍යාපෘතිය සිය පිළිබඳව අවධානය යොමු කළ ඇමැතිවරයා එයට වඩාත් කඩිනම් හා විද්‍යානුකූල අයුරින් වැඩි දියුණු කිරීම අරඹන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මුහුදු වැලි සෝදා හැලීම් කටයුතු මහා පරිමාණයෙන් ආරම්භ කරනු ලබයි. ඒ අනුව 2018 වසරේදී පමණක් වැලි කියුබ් දෙලක්ෂ පනස් දහසක් පමණ වෙළඳ පොළට යොමු කිරීමට ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සමත්ව තිබේ. එහි දිගුවක් ලෙස ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන වැලි ඇසුරුම් කොට අලෙවි කිරීමේ ව්‍යාපෘතිය පිණිස ඉදි කිරීම් ආරම්භ කරනු ලබන්නේ 2018 වසරේ අගෝස්තු මස 18 වැනි දිනදීය. ඒ අනුව වත්තල කෙරවලපිටිය පිහිටි සංස්ථාව සතු බිමක් මත ඉදිකිරීම් අරඹන අතර එම ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිකිරීම පිණිස ඇස්තුමේන්තු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 400ක් යක්ය.

ඒ අනුව බෙල්ජියම් රාජ්‍යයේ සමාගමකට අයත් නෞකාවක් වන ”රෝඞ් නිල්සන්” නමැති නෞකාව මගින් ගොඩබිමෙන් කිලෝමීටර දහයක් පමණ දුර ගොස් මුහුදු වැලි රැුගෙන එන අතර එය කෙරවලපිටිය ඇසුරුම් මධ්‍යස්ථානය දක්වා රැුගෙන යන්නේ ගොඩබිමේ සිට කිලෝමීටර දෙකක් පමණ මුහුදට එලන ලද නළ මාර්ග

මගින්ය. එක වරකට මුහුදු වැලි කියුබ් 3500 ක් පමණ රැුගෙන ඒමට එම නෞකාවට හැකියාව පවතින අතර එලෙස රැුගෙන එන වැලි පිරිසිදු කිරීම සහ ඇසුරුම් කිරීම සිදුවන්නේ කෙරවලපිටිය පිහිටි ඇසුරු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය
විසිනි.

පුළුල් ඉඩකඩකින් යුත් මෙම වැඩ බිම තුළ සිදුවන දීර්ඝ ක‍්‍රියාවලියකින් අනතුරුව ඇසුරුම් කරන ලද කිලෝග‍්‍රෑම් පනහකින් යුත් වැලි පැකට් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ රුපියල් දෙසිය විස්සක් වැනි මිලක් නියම කිරීම තුළිනි.

wali1ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ එම සංස්ථාව මගින් මගින් පාලනය වන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගමේ සභාපතිත්වය දරන්නේ රොෂාන් ගුණවර්ධන මහතාය. මුහුදු වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා එහි ක්ෂේත‍්‍ර චාරිකාවක් සංවිධානය කර තිබිණි. එහිදී ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග අදහස් දක්වමින් රොෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙය ලාභ අපේක්ෂාවෙන් සිදු කරන ව්‍යාපෘතියක් නොව මහජනතාව සඳහා වඩාත්ම ඵලදායි සේවාවක් ඉටු කිරීම අරමුණින් ක‍්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් බවය.

”මෙවැනි ඉංජිනේරුමය ක‍්‍රියාවලියක සාර්ථකත්වය පවතින්නේ සැලසුම්කරණය මතයි. අප මෙම ක‍්‍රියාවලිය ඉතාමත් සැලසුම් සහගතව සිදු කර තිබෙනවා. අපගේ මෙම මධ්‍යස්ථානයේ දිනකට වැලි බෑග් 6000 සිට 40,000 දක්වා ඇසුරුම් කිරීමේ හැකියාව මේ වනවිට තිබෙනවා. එය ඉදිරි වසර 3 තුළ දහගුණයකින් ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා.

මෙම වැලි බෑගයක අන්තිම වැලිකැට දක්වා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව තිබෙනවා. ගංගා ඇළ දොළ වලින් ගන්නා වැලි මෙන් අපිරිසිදු බවක් හෝ ඉවතලීමටයි කිසිවක් මෙම වැලි තුළ නැහැ. ඒ වගේම මෙය ප‍්‍රවාහනය කිරීම සඳහා විශේෂ අවසර ලබා ගැනීමත් අවශ්‍ය වන්නේ නැහැ. වැසි වතුරෙන් සෝදා හදන ලද වැලි මිලදී ගැනීම නිසා ගල් බොරළු ඉවත් කිරීම අවශ්‍ය වෙන්නේත් නැහැ. කාලය මුදල් හා ශ‍්‍රම නාස්තියක් නොවීම වැනි ප‍්‍රතිලාභ රාශියක් මෙම වැලි පැකට් මිලදී ගැනීමෙන් පාරිභෝගිකයාට හිමිවන බව කියන්න ඕනෑ.

ඒ වගේම මෙම වැලි භාවිතාව පිළිබඳ කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි අපි අවධාරණය කරනවා. අධිවේගී මාර්ගවල සියලූ පාලම් බෝක්කු මෙන්ම අප සංස්ථාව මගින් ඉදිකර අවසන් කර ඇති නිවාස සංකීර්ණයන්හි ඉදිකිරීම් සඳහා යොදා ගෙන ඇත්තේ මෙම මුහුදු වැලි බව සඳහන් කරන්න කැමතියි..මෙම අලූත්ම සංකල්පය ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ අලූත් පිම්මක් වූ බව මගේ විශ්වාසයයි ” යැයි රොෂාන් ගුණවර්ධන මහතා කීවේය.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සමාගමේ සාමාන්‍යධිකාරී සුනිල් පෙරේරා මහතා

”මුහුදු වැලි භාවිතයට ගත හැකි මට්ටමට පත් කිරීම දීර්ඝ ක‍්‍රියාවලියක්. ඒ සඳහා අපි දැන් නවීන තාක්ෂණය යොදා ගෙන තිබෙනවා. සියයට සියයක්ම පිරිසිදු වැලි සියයට සියයක්ම භාවිතාවට ගත හැකි ලෙස අපි

පාරිභෝගිකයන්ට ලබා දීම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයයි. 2020 වසර වන විට මෙහි ධාරිතාව වැලි කියුබ් 350000 දක්වා වර්ධනය කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජනතාවට බියෙන් සැකයෙන් තොරව තම ඉදිකිරීම් කටයුතු සඳහා මෙම මුහුදු වැලි භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.”

ඉහත සඳහන් සියලූ කරුණු කාරණා ගත්කල කලක් තිස්සේ රට හමුවේ පැවැති කාලීන අවශ්‍යතාවක් රට හමුවේ සැබෑවක් බවට පත්ව ඇත. ඒ අනුව මෙතෙක් කලක් වැලි ගොඩ දැමීම පිණිස ක‍්‍රියාත්මක මහා පරිමාණ ජාවාරම් ඇතුළු තවත් අකටයුතු ක‍්‍රියාකාරකම් රැුසක් සඳහා නතර කිරීමේ තිත තැබීමට හැකියාවක් උදාවනු ඇත. මේ වන විට ඉහත සඳහන් නිෂ්පාදන ක‍්‍රියාවලිය සකසන වැලි තොග කෙරවලපිටිය පිහිටි ප‍්‍රධාන අලෙවි සල ඇතුළුව කැලණිය, මුඳුන් ඇළ, නාවල, කිරිමණ්ඩල මාවත, දෙහිවල, අත්තිඩිය, රාජගිරිය, අඹගහ හන්දිය සහ හංවැල්ල ආදී ප‍්‍රදේශයන්හිදී මිලට ගත හැක. ඉදිරි වර්ෂය තුළ වැලි මිලදී ගැනීමේ තවත් මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කිරීමට නියමිතය. වැලි පැකට් පාරිභෝගිකයන්ට ලබා දීමේ ක‍්‍රියාවලිය මූලික අදියර යටතේ බස්නාහිර පළාතේ ක‍්‍රියාත්මක කෙරෙන අතර අනතුරුව එය අනෙකුත් දිස්ත‍්‍රික්කයන් වෙත ව්‍යාප්ත කිරීමට එම සංස්ථාව සැලසුම් කර තිබේ. දැනට ශ‍්‍රී ලංකාවේ සිදුකරන සියලූම අධිවේගී මාර්ගයන්හි සෑම පාලමක් බෝක්කුවක්ම ඉදි කරනු ලබන්නේ ඉහත ක‍්‍රියාවලිය මගින් පිරිසුදු කරන ලද මුහුදු වැලි උපයෝගී කරගනිමිනි. මේ වනවිට ශ‍්‍රී වනවිට විට ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඉදිකර තිබෙන සියලූම මහල් නිවාස යෝජනා ක‍්‍රම සඳහා මෙම මුහුදු වැලි භාවිතා කර තිබෙන අතර මෙම නව ව්‍යාපෘතිය හරහා අනාගතයේ දී මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු වනු නොඅනුමානය.
 

සිරිමන්ත රත්නසේකර


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles