Divaina - දැන් ස්වීප් ඇදෙන්නේ නැද්ද? එහෙමනම් ඒ ඇයි? විශේෂ හෙළිදරව්වක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

දිනකට ලොතරැුයි ගණනාවක් නිකුත් වෙන රටේ, ඒවා දිනුම් ඇදෙන්නේ අඩුවෙන් බවට මේ වන විට කනින් කන චෝදනා එල්ල වෙමින් පවතී. හිතාමතාම ලොතරැුයි දිනුම් අඩු කරනවාද.n12 3..? දැන් ඉස්සර වගේ තෑගි මලූ ඇදෙන්නේ නැද්ද...? මේ සියල්ල පිළිබඳව අසා දැනගැනීමට අපි යොමු වූයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා වෙතය. ආර්ථික විශ්ලේෂකයෙකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු, ව්‍යාපාරිකයකු වන ඔහු සංවර්ධන ලොතරැුයියේ කාර්යභාරය සහ මේ චෝදනාව සඳහා පිළිතුරු ලබාදුන් ආකාරයි මේ.
 
 මේ රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් තමයි සංවර්ධන ලොතරැුයිය ආරම්භ කළේ... අපේ වර්තමාන වාර්ෂික ආදායම බිලියන දහසයට එහා ගිහිල්ලා තියෙනවා. අපි පාලනය වෙන්නේ පාර්ලිමේන්තු පනතක් අනුව... එම පනත අනුව අපි ලැබෙන ආදායමෙන් සීයයට පනහක්, ඒ කියන්නේ භාගයක්, තෑගි ලෙස ලබාදිය යුතු වෙනවා. අපි දෛනිකව ටිකට් පත් හතරක් දිනුම් අදිනවා... ඒ වගේම ක්ෂණික ලොතරැුයි පතක් තියෙනවා. එම ආදායමෙන් සීයයට පනහක් අනිවාර්යෙන්ම තෑගි සඳහා වෙන් කළ යුතුයි කියලා, අපට නියම කර තිබෙනවා. එය ජාතික ලොතරැුයි මණ්ඩලයටත් සාධාරණයි. ඒ සියයට පනහක මුදල කියන එකේ තේරුම වන්නේ, අපි අද මිලියන පහක ආදායමක් ලබා ගත්තොත්, එයින් මිලියන 2.5 ක් ආයෙමත් තෑගි ලෙස අපෙන් යනවා.
 
 මුදලින් 50%ක්ම තෑගි...
 
 සුපිරි ජයමල්ලක් ඇදෙනවා කියන එක ඒකෙන් අදහස් කරන්නේ නැහැ... ඒ තෑගි බෙදිලා යන්නේ මේ විදිහට... රුපියල් විස්සේ තෑගිවල ඉඳන්, සීයය, දාහ, දහදාහ, ලක්ෂය, පන් ලක්ෂය... දස ලක්ෂය ආදී තෑගි නිශ්චිත ආකාරයකින් දිනුම් ඇදෙන රටාවක් තියෙනවා. වෙළෙඳපොළේ පහුවදාට තෑගි ලෙස එන්නේ ඒ මුදල්...
 
 n11 2සුපිරි ජයමල්ලක් හැමදාම යන්න ගියොත් මේ ආයතන වසා දමන්න වෙනවා... ඒක එතරම් විශාල මුදලක්... සුපිරි ජය මල්ලක් ඇදීම සඳහා හේතු වෙන්නේ, එම ටිකට් පත් මුද්‍රණය කරනු ලබන ක‍්‍රමවේදය සහ යොදා ගන්නා බෝල ප‍්‍රමාණය... ඒ වගේම ලග්න සලකුණ, ඉංග‍්‍රීසි අක්ෂරය ආදී තවත් ගැලපීම් ගණනාවක් සුපිරි තෑග්ගට තිබෙනවා. මේ සියල්ල ගැලපීම පහසු දෙයක් නොවෙයි. මේ නිසා ටිකට් පතෙන් ටිකට් පතට, සුපිරි ජය මල්ල ඇදීමේ සම්භාවිතාව වෙනස් වෙනවා. ලග්න වාසනාව ටිකට් පතේ මාසයකට සුපිරි ජයමල්ල තුන් වතාවක් පමණ ඇදෙනවා. එතැන තියෙන්නේ බෝල හැටයි... අපේ නොවන සමහර ලොතරැුයිවල පන්දු අසු හතරක් දාපු වෙලාවල් තිබෙනවා. එවැනි ලොතරැුයියක ජයමල්ල ලැබෙන සම්භාවිතාව ඊට වඩා අඩුයි... මේ ටිකට් පත් මුද්‍රණය කරන ක‍්‍රමවේදයත් ඔබ මේ අවස්ථාවේ සිතට ගත යුතු වෙනවා...
 
 අදින ක‍්‍රමය මේකයි
 
 මේක මරණාධාර සමිතියක වගේ කරන දිනුම් ඇදීමක් නෙමෙයි... සමහර විට අපි ටිකට් මිලියන තිහක් පමණ මුද්‍රණය කරනවා. අර මිලියන තිහක විතර ටිකට් පත් ගොඬේ සුපිරි ජය මල්ල තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්... සමහර විට විකිණෙන්නේ නැතුව තියෙන ගොඬේ, ඒ කියන්නේ අපිට ආපසු භාර දුන් ගොඬේ මේක තියෙන්න පුළුවන්... ඒක අපිට දැනගන්න බැහැ. මේ බොලේ එන්නේ අහඹු ලෙස...
 
 මෙම ටිකට් පත් සඳහා අපිට විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. මෙම ටිකට් පත් ප‍්‍රවාහනය කළ යුතුයි... ඒවායේ මුද්‍රණ වියදම ඉතා ඉහළයි... කොටසක් ආපසු ලැබෙනවා... අපි ආදායම් බදු ගෙවිය යුතුයි. ටිකට් පතේ වැට් එකඟ ගෙවන්නෙත් අපි... ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවන්නෙත් අපි... මේ සියල්ල ගෙවලා අපිට වසරකට රුපියල් මිලියන දෙදහසක් පන්සියයක් පමණ ඉතිරි වෙනවා. මම මේ තනතුරට පත්වුණාට පස්සේ, ජනාධිපති අරමුදලට ලබා දුන්න වැඩිම මුදල ලබා දුන්නා... ඒක මිලියන දෙදහස් එකසිය තිස් හතක්... අපිට ඉතුරු වෙන ලාභය අපි ජනාධිපති අරමුදලට හැම මාසයේම අන්තිමට බැර කරනවා... අපි ජනාධිපති අරමුදලට මුදල් යැව්වාම ඒ සල්ලිවලින් සීයයට පනහක් මහපොළ භාරකාර අරමුදලට යවනවා... මේ ආයතනය පිහිටුවලා වසර තිස් හතක් වෙනවා, ඒ වසර තිස්හතේ මේ රටේ උපාධිධාරීන් තුන් ලක්ෂ හත් දාහකට අපි මුල්‍යාධාර ලබාදී තිබෙනවා. ඒ සියල්ල කෙරෙන්නේ මේ රුපියල් විස්සෙන්... එහෙම බලන කොට ඒ සියල්ල ආයෙත්ම ලැබෙන්නේ ජනතාවට... මේක ජයග‍්‍රාහකයෝ බිහිකරන තැනක් පමණක් නොවේ, රටම දිනවන තැනක්...
 
 කෝටි පහට වැඩි දිනුම් දහ අටක්...
 
 අද කෝටිපති කියන ලොතරැුයිය විසින් පමණක්, මේ මාස විසි හයට කෝටි පහට වැඩි සුපිරි ජයමල්ල දහ අට වතාවක් දිනුම් ඇදලා තියෙනවා. ලග්න වාසනාව කියන එක මාසයකට සුපිරි ජයමල්ල තුන් වතාවක් පමණ ඇදෙනවා... ඒ විතරක් නෙමෙයි, අපේ අලෙවි කරන්නන්ගේ ආදායමත් අපි වැඩි කරලා තියෙනවා. ඒ අයට ටිකට් පතකින් 17.5%ක් ලබා දෙනවා. අපට ඉතුරු වන්නේ 13%යි. ඒ අයට අපි නවීන ලොතරැුයි කුටි ලබා දී තිබෙනවා. එයින් සීයට පනහක බරපැන අපි දරනවා. උතුරු සහ නැගනෙහිර පළාත්වල අපේ ලොතරැුයි ප‍්‍රවර්ධනය සදහා අපි කුටි සියයක් නොමිලේ දුන්නා.
 
 රැකියා ලැබෙන ප‍්‍රමාණය
 
  n11 1මේ ව්‍යාපාරය නිසා මේ රටේ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත පිරිසට, විශාල රැකියා ප‍්‍රමාණයක් ලැබෙනවා. වයස අවුරුදු පනස් පහට වැඩි විශාල පිරිසක් අපේ ලොතරැුයි පත් විකුණනවා. සමහරුන්ට අතපය නැහැ... වෙනත් රැකියාවක් කරන්න තරම් සෞඛ්‍ය සම්පන්න නැහැ... එවැනි අයට අපි තුන් රෝද රථ ලබා දෙනවා... රුපියල් තිස් අටදාහක් වන එම තුන් රෝද රථ, එකසිය හතළිහක් අපි නොමිලේ ලබා දී තිබෙනවා. ඒ පුද්ගලයන් අද තමන්ගේ දෑතේ ශක්තියෙන් ටිකට් පත් විකුණලා තමන්ගේ දරු පවුල නඩත්තු කරනවා.
 
 මේ වෙන කොට කෙටි පණිවිඩ මගින් අපේ ප‍්‍රතිපල ලබාදෙනවා. ඒ වගේම හඬ ඔස්සේ දැන් ප‍්‍රතිපල අහගන්නත් පුළුවන්. එසේම දැන් අපේ ටිකට් පත් ජංගම දුරකතනය ඔස්සේත් ලබා ගන්න අපි වැඩපිළිවෙළක් සාදා තිබෙනවා.
 
 අලූත් ඇප් එකක්...
 
 ඒ විතරක් නෙමෙයි අපි නව තාක්ෂණය වැඩි වැඩියෙන් අපි දැන් භාවිතා කරනවා. දිනෙන් දින, පියවරෙන් පියවර සාර්ථකත්වයේ මාවත ඔස්සේ ඉදිරියටම යන අපි  DLB SWEEP APP මඟින් අපේ පාරිභෝගිකයින්ට වඩාත් ඉහළ සේවාවක් ලබාදීමට කටයුතු කරනවා. මේ DLB SWEEP යෙදවුම මඟින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් සියලූ ලොතරැුයි ජයග‍්‍රහණයන්හි දෛනික නිල ප‍්‍රතිපල හා මාස 06ක් පැරණි නිල ප‍්‍රතිපල ඉතාම විශ්වාසවන්ත ලෙස නිවැරදිව, ඉක්මණින් දැන ගැනීමේ හැකියාව දැන් තිබෙනවා..
 
 කාර්යබහුල ජීවන රටාවට පහසුවක් වෙමින් DLB SWEEP APP හරහා ඔබේ ජංගම දුරකථනයට ඔබ කැමති ඕනෑම වේලාවක ජයග‍්‍රාහී ලොතරැුයි නිල ප‍්‍රතිපල ඉතාම නිවැරදිව, එසැණින් දැනගැනීමේ අවස්ථාව පමණක් නොව ලොතරැුයි ටිකට් පතේ ඇති ූඍ සංකේතය භාවිත කර ලොතරැුයි ටිකට් පතට අදාළ ත්‍යාග තිබේද හා ඊට අදාළ ත්‍යාග මුදල දැනගැනීමේ පහසුකම ද දැන් සලසා තිබෙනවා.
 
 DLB SWEEP APP හරහා ජයග‍්‍රාහී ලොතරැුයි නිල ප‍්‍රතිපල ලබාගැනීමේ හැකියාව දැනටමත් ක‍්‍රියාත්මක වෙනවා. මේ DLB SWEEP APP ඔස්සේ තවත් පහසුකම් ගණනාවක් අපි ඉදිරියේදී හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
 
 මනෝජ් අබයදීර
 ඡායාරූපය - නිශාන්  එස්. පි‍්‍රයන්ත


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles