Divaina - මල්සරා බැල්ම හෙළනවා! - මා ඈ සොයා යනවා... නගර සෝභනියන් සොයා යෑමේ ඇත්ත හේතුව...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

-
 
 
n7 1හවස දෙකෙන් පසුව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ මීගමුවත් හංවැල්ලත් අතර බස් නැවතුම් අංගන ආශ‍්‍රිතව තිබෙන ආසන වලට බරදී පැය භාගයක් පමණ කල් ගතකරන තැනැත්තෙකුට මාවත්වාසීව වෙසෙන ලිංගික සේවා සපයන්නියන් එහෙමත් නැත්නම් අභිසරුලියන්ගේ ආලවට්ටම් දැකගත හැකිය.
 
 කාම අග්නියෙන් පෙළෙන එක් එක් තැනැත්තන් මේ තැනැත්තියන් සමගින් විනාඩියක් දෙකක් කතා කොට එක්වරම අතුරුදන් වන අයුරු සුලබය. මේ තැනැත්තියන් අතර ඇතැම් උදවියගේ වයස අවුරුදු 60 ක් ඉක්මවා තිබෙන අයුරුද දැකගත හැකිය. නාඹර ගැටයන් මේ මේ ආච්චිලා සමඟ රතිසැප සොයා කොළඹ කොටුවේ කාමර වලට රිංගා යති. මරදාන,
බොරැුල්ල, කොටුව දුම්රිය ස්ථානය මේ ‘‘චර්යාවට’’ ප‍්‍රකටය.
 
 ලෝකයේ ඉපැරණිතම වෘත්තිය ලෙසට සඳහන් වන්නේ ගණිකා වෘත්තියයි. තාක්‍ෂණිකව සහ සමාජවිද්‍යාත්මකව ගණිකා වෘත්තියේ සැකසුම් රටාව ආකාර හතරකට විග‍්‍රහ කර ඇත. ඉන් පළමුවැන්න පිරිමියෙකු විසින් මුදල් ගෙවා ස්ත‍්‍රියක ලිංගික කාර්යයන් සඳහා උපයෝගී කර ගැනීමය.
 
 දෙවැන්න පුරුෂයකුට මුදල් ගෙවා ස්ත‍්‍රියක විසින්  ලිංගික සතුට ලබාගැනීමය. තෙවැන්න සමලිංගික ගණිකා සේවනයයි. පුරුෂයකු විසින් තවත් පුරුෂයකුට මුදල් ගෙවා ලිංගික සතුට ලබා ගැනීමයි. එසේම ස්ත‍්‍රියක විසින් ස්ත‍්‍රියකට මුදල් ගෙවා ඇය සමගින් සමලිංගික ගණිකා සේවනය ලබාගැනීමත් මෙයින් අරුත් ගැන්වේ.
 
n7 2 සාහිත්‍යයේ බොහෝ රසවත් කතා ගණිකාවන් පිළිබඳව සඳහන් ව ඇත. ලංකාවේ සුපිරි රජෙකු ලෙසට ප‍්‍රචලිතව හුන් කුමාරදාසයන් එවකට මහා භාරතයේ හුන් මහා කවි කාලිදාසයන් සමගින් මිත‍්‍රව සිටි බවත් ඔවුන් දෙදෙනාම එකම ගණිකාව කරා ගිය වගද ඉන් අනතුරුව මේ කථාව ශෝකාන්තයකින් කෙළවර වූ බවද පැරකුම්බා සිරිතෙහි සඳහන් වෙයි. කුරුධර්ම ජාතකය, මහාසාර ජාතකය, විමසා බලන්නෙකුට ගණිකා වෘත්තිය පිළිබඳ තොරතුරු උකහා ගත හැකිය. අම්බපාලියද බුදුන් සමයෙහි හුන් ප‍්‍රකට ගණිකාවකි.
 
  වෙසඟන යන වදනද අපේ සමාජයට එක්ව ඇත්තේ ‘‘වෙස්බඳ සරන්නි’’ යන්න අනාවරණය කරන්නටය. අතීතයේ සිටම මෙම වෘත්තිය ප‍්‍රකට වූ ආකාරය මෙයින් සනාථ වෙයි. බොහෝ සමාජවල ගණිකාව සමාජයීය වශයෙන් වැදගත් කාර්යයක් ඉටුකරන තැනැත්තියක් ලෙසට අරුත් ගන්වයි. සමාජ විද්‍යාඥයන් ඒ පිළිබඳව කියන්නේ කෘත්‍යාත්මික කාර්යයක් ඇය ඉටුකරනු ලබන වගය.
 
 පෙරේරාගේ වයස අවුරුදු හතළිහකි. පෙරේරාගේ බිරින්දෑ හිටි අඩියේ රෝගාතුර වූයේය. වෛiවරු කීවේ ඇයට බරපතල රෝගී තත්ත්වයක් වැළඳී තිබෙන බවය. පෙරේරාට දරුවන් තිදෙනෙකි. පෙරේරා ඔහුගේ බිරිඳටද බොහෝ ආදරය කළේය. එහෙත් ඔහුට රාග ගින්නත්් සමනය කර ගත යුතු විය. එයට මගක්ද නැත. අනියම් ඇසුරක් පැවැත්වීමටද නොහැකිය. දරු පැටවුන්ට එල්ල වන ගැටලූකාරී තත්ත්වයන්ද වළකා ගත යුතුය. ඔහු විකල්පයක් තෝරාගත්තේය.
 
 ඒ මුදල්දී ස්ත‍්‍රියක හා කම්සැප විඳීමය. සදාචාරාත්මක හා ආගමික වශයෙන් එය නොහොඹිනා කටයුත්තකි. එහෙත් ඔහු දවන රාගාශා සපුරාගන්නටද ඔහු උත්සාහ දැරුවේය. පවුලත් රැුකගෙන යහපත් සැමියකු හා යහපත් පියෙකු වී ඔහු තම ජාමද බේරාගෙන ජීවත්වූයේය. ඉහතින් කී ලෙසට ගණිකාවක් සමාජයට කෘත්‍යාත්මික කාර්යයක් ඉටුකරන්නේ යටකී ලෙසටය. ගණිකා වෘත්තියට පාත‍්‍රවූ තැනැත්තියක වෙතට ගොස් තම කාමගින්න සමනය කර ගන්නට ‘‘පෙරේරා’’ ඉඩකඩක් නොලැබුවත් මේ පෙරේරා අතින් සමහර විට තරුණියක්, දැරියක් හෝ සමහර විට ආච්චි අම්මා කෙනෙක් ¥ෂණය වන්නට ඉඩ තිබිණි.
 
 ගණිකා වෘත්තියේද විවිධාකාර සමාජ මට්ටම් ස්ථර තිබේ. වීදි සරන ලියන් සාමාන්‍ය මිනිසුන්ට කම්සැප මිලට ලබාදෙන අතර Call-girls ලාගේ පහස ලබාගත හැක්කේ සුපිරියට මිල මුදල් යහමින් අතමිට ගැවසෙන්නවුන්ටය. තමන්ගේ නිවසටම දුරකථන මගින් ගෙන්වාගත හැකි මේ ගණිකාවන් අතර ටෙලිනාට්‍ය නිළියන්, සිනමා නිළියන් ද වෙති.
 
 බොහෝ කලකට පෙර කාලේ මේ වෘත්තිය සමාජ පිළිකුලට පාත‍්‍ර වුණත් වර්තමානයේ එච්චරටම නරක විදියට සමාජ අපහාසයට පාත‍්‍ර වන සෙයකුත් දකින්නට නැත. හේතුව වඩ වඩාත් මේ වෘත්තිය නවීකරණයට ලක්වීම. ඉස්සර කොළඹ හෝටල කිහිපයකට විතරක් සීමාවෙලා තිබුණු සම්බාහන ආයතන දැන් පඳුරක් ගානේ දැකගන්න පිළිවන්. ඇත්තටම මේ සම්බාහන ආයතන ඇතුළේ කෙරෙන්නේ අනියම් ආකාරයක ලිංගික හැසිරීමක් නොවෙයිද අවසානයේ තමන්ව සම්බාහනය කරපු රුවැත්තිය මුදල් කොලවලට කොහේදෝ තැනකට දුරට යන්නට මේ වගේ තැන්වලට යන එන පිරිමින් උත්සාහ කරන්නේම නැත්ද?
 
 ගණිකාවකුත් එහෙම නැත්නම් ලිංගික සේවා සපයන්නියක (Sex worker) සහ ඇය වෙතට සේවය ලබාගන්නට එන තැනැත්තෙකු අතර පවතින සම්බන්ධය කුමක්ද මේ පිළිබඳව අපූරු සටහනක් මගේම ගුරු මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් චිරචිත ‘ශ‍්‍රී ලංකාවේ ගණිකාවෝ’ නම් කෘතියෙහි අපූරු සටහනක් තබා ඇත. පේරාදෙණිය සරසවියේ සිප් ලබන යුගයෙහි තම මිතුරන් ගේ ඇරයුමකට මේ ආකාර තැනැත්තියක් හමුවට ගිය එතුමන්ට මහා අලකලංචියකට මැදිවන්නට සිදු විය. (ශ‍්‍රී ලංකාවේ ගණිකාවෝ හැඳින්වීම)
 
 බොහෝ සමාජ විද්‍යාඥයන් එකඟ වන කාරණාවක් බවට පත්ව ඇත්තේ ගණිකාවක් සහ ගනුදෙනුකරුවා අතර පවතින්නේ හුදු ආධ්‍යාත්මික බැඳීමක් නොවන බවයි. ඔබත් මමත් පි‍්‍රයකරන අමරසිරි පීරිස් ගයන ‘‘ළැම පමණක් පෙනෙන ළය නොපෙනෙන’’ වීථි සරන ගැහැනියකගේ කතාවෙන්ද කියැවෙන්නේ මේ කතාවමය.
 
තමන්ගේ රාගාශාව සමනය කර ගන්නට පමණක් ඇයව මුදලට ගනිති. එහෙත් ඇගේ සිතේ පවතින දුක සංතාපය හෝ පීඩනය අසන්නෙක්, දකින්නෙක් හෝ විවරණය කරන්නෙක් සොයාගැනීම උගහටය.
 
 ගණිකාවක් වෙතට බොහෝ විට සතුට සොයා යන්නට හේතු පාදක වන කාරණා මොනවාද යන්නත් විමසීම වැදගත්ය. Kinaey කළ අධ්‍යයනවලට අනුව ඇමෙරිකාවේ එවකට හුන් පිරිමින්ගෙන් 69% ක්ම තමන්ගේ ජීවිතයේ කුමන හෝ යුගයක ගණිකාවක් ඇසුරට ගොස් තිබිණි. ලිංගික කාරණාවන් චර්යාවන් පිළිබඳව විස්තර සෘජුවම ප‍්‍රකාශ කිරීමට බොහෝ දෙනා මැලිවෙතත් ඇමරිකානු පිරිමින් මේ කාරණාවට සෘජුවම පිළිතුරු දුන්හ. පි‍්‍රය සහෘදයනි, මේ අධ්‍යයනය අප රටේ සිදුකළහොත් අපට ලබාගත හැකි ‘‘උත්තරය’’ කොපමණ සාහසික වේවිද?
 
 මෙහෙම ඇසුරකට පිරිමින් වැඩිපුර යොමුවන්නේ ඇයි. ඒ පිළිබඳවත් ගැඹුරු පර්යේෂණ ලෝකයේ බොහෝ රටවල සිදු කර තිබේ. කාලෙකට ඉස්සර අනුරාධපුර, මැදවච්චිය වගේ ප‍්‍රදේශවල ගණිකාවන් විශාල වශයෙන් එයට හේතුව වූයේ ඒ කාලේ උතුර නැගෙනහිර සටන් බිමේ ඉඳලා මාස ගණනාවක් කැලේ කොලේ හටන් කරල එන හමුදා භටයන්ගේ ගමන් සංධිස්ථානයක් හුවමාරු මධ්‍යස්ථානයක් බවට මේතැන් පත්වෙලා තිබීමය. ගොඩාක් කාලයක් ‘‘සතුට’’ නොදැක අත්නොවිඳපු අයට පැය කිහිපයකට සතුට මිල කරන්නට මේ වගේ තැන්වල ගණිකාවන් බහුලව හුන් බව එකල මේ පිළිබඳව පර්යේෂණ කළ සමාජ විද්‍යාඥයන් ප‍්‍රකාශ කළා. ගැඹුරින් හිතල බැලූවොත් ලිංගික සතුටක් සඳහා අවස්ථාවන් අවමව ලැබෙන ඇත්තන් (insufficient opportunity) ගණිකාවන් ඇසුරට බොහෝ විට යොමුවනවා. මාස ගණන් පි‍්‍රය බිරින්දෑවරුන්ගෙන් වෙන්වෙලා ඉන්න. සමහර විට තමන්ගේ පේ‍්‍රමවන්තිය ගමේ ඉන්නකොට ආර්ථිකය නිසා බොහෝ තරුණයන්ට එක දිගට මාස ගණන් කොළඹ වගේ තවත් නගරවල වැඩකරන්නට සිද්ධ වෙනවා. ඒත් ඔවුන්ගේ කාම ගින්න හුදෙකලාවේ බුර බුරා දැල්වෙන්න පටන් ගන්නවා. එවිට ඔවුන් විකල්ප සොයා යන්නේ අබිසරුලියක් වෙතට.
 
 එහෙම අබිසරුලියක් ගාවට එන ගැටවරයෙක් එහෙමත් නැත්නම් විවාහකයෙක් අතර ඇතිවන සබඳතාව මොනවගේ එකක්ද? මුළුමහත් මනෝවිද්‍යාවේදීම ඉමහත් සම්භාවනාවට ලක්වෙන
Brayan J.H. විද්‍යාර්ථියා තමන් (ජෙ.එච් බ‍්‍රයන්) Apprenticeships in Prostitution කෘතියේදී මේ සබඳතාව සිද්ධි අධ්‍යයන හරහා ඉතා අපූරුවට ඉදිරිපත් කරනවා. ‘‘මාත් එක්ක හැසිරෙන්න එන සමහර එවුන් හරිම අශිෂ්ටයි. උන් ගොඩාක් බීලා එන්නේ උන් හිතන්නේ අපි ඉන්නෙම උන්ව සතුටු කරන්න විතරක්මයි කියලා. අපිරිසිදු හැඩිදැඩි උන් ගාව කිසිම මනුස්සකමක් නැහැ..’’ එහෙම කිව්ව ටි‍්‍රලීෂියාගේ වයස අවුරුදු 19 යි.
 
 ටි‍්‍රලීෂියාල වගේ අය තමන්ගේ ගනුදෙනුකාරය සමගින් කරන ගනුදෙනුව ඉතාම ඉක්මනින් අවසාන කරන්නට තමයි උත්සාහ ගන්නේ. කිසිදු ලෙසක චිත්තාවේග පිබිදීමක් (Emotional arousal) ඔවුන් අතර සිදු නොවන බවත් අබිසරුලියන්ම ඔවුන්ගේ චර්යාවන් වලට තහංචි දමා ගන්නා බවත් බ‍්‍රයන් තවදුරටත් විවරණය කරනවා. ඒත්... සමහර වෙලාවට තමන් සමගින් ඇසුරට එන ගනුදෙනුකරුවකු සමගින් ආලවන්තකමකටද යොමුවන අබිසරු ලියන්ගේ කතා පුවත්ද බ‍්‍රයන් තමන්ගේ අගනා කෘතියට ඇතුළත් කර තිබිණි.
 
 ‘‘එයා ගොඩාක් හොඳ කෙනෙක්. එයාට එයාගේ නෝනා අකරුණාවන්ත නිසා තමයි, මාව ආස්සරය කරන්ට පටන් ගත්තේ. ඒත් මට නිතරම එයාව මතක් වුණා හැමදාම එයා මා ගාව ඉන්නව නම් කොච්චර හොඳද? කියලා මට හිතුණ වාර අනන්තයි. අපි දෙන්න එක්කල ගිහිල්ලා අයිස්ක‍්‍රීම් පාලර් එකකට ළගින්ම වාඩිවෙලා අයිස් ක‍්‍රීම් කන්න තියෙනවනම් කොච්චර හොඳද.. බ‍්‍රයන්ගේ පොතේ මේ විදියට කියන්නේ ජුලියා එයාගේ වයස අවුරුදු 26.. ඒත් එහෙම ආදරයකට කොයිතරම් බාධක හිරිහැර ගැටුම් කොච්චර ඇති වෙයිද?
 
 මෙම සබඳතාව පිළිබඳව සමාජ විද්‍යාඥයින් අතර ස්ථිර වූත් ඒකමතිකවූත් තීරණයන් දැකගැනීම උගහටය. එලෙස වන්නට හේතුව වන්නේ මෙම සබඳතාවන් වල ස්ථිරතාවය පත්වන්නේ ගනුදෙනුකරුවාත් ඇයත් අතර පවත්නා සබඳතාවයේ ස්වරූපය මතය. සමහර විට මේ සබඳතාව ඉතා උණුසුම් එකක් විය හැකි අතර ඇතැම් විටෙක මේ සබඳතාව අඳුරු සීතල එකක් විය හැකිය.
 
 (තව කොටසක් ලබන සතියට)
 
 ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
 සමාජ විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය
 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles