Divaina - සනත් ජීවිතය අතහරියි...! විවාහය මහණකම මරණය මේ තුනෙන් උරුම දේ මට ලැබෙයි....!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sanath499

 

ඔසිත අත්තනායක


මාලබේ මංසන්ධියේ අවන්හලක් අසලදී ඇස් කොනකින් ඔහුගේ රුව දුටු සැණින් හෙවත් තිරයේ පායන තරු පාරේ බැස ඇවිද යනවා දුටුවිට ඇතිවන සුපුරුදු බව ඔහුගෙන් දිස්වෙන්නට පටන් ගත්තේය. එසැනින්ම පාරේ එහා පැත්තේ සිට ඔහු ආමන්ත‍්‍රණය කර, ආගිය කතා බහක නියැලූනෙමි. ජීවිතයේ කීවෙනි උපන්දිනය එළඹෙන්නේ දැයි නොදන්නේ වුවද මේ ඉරිදාව ද ඔහුගේ උපන් දිනයකි. අලූත් චිත‍්‍රපටයක වැඩ නිමවමින් සිටින අතරේ, ඔහු සිය දෛනික කටයුතු උදෙසා, අසල පිහිටි කඩයකට ගොඩ වැදී නික්මෙන ආකාරය දැක ඔහු සමග අරඹන ලද කතාබහ, විනාඩි කිහිපයකින් ඔහුගේ නිවසට ගොස් දිගු සාකච්ඡුාවක් කරන මට්ටමකට පත්වුණි. සනත් ගුණතිලක යනු තවමත් රිදී තිරයේ ඇති නළු පෙනුම සැබෑ ජීවිතයේදී බැහැර නොවූ කඩවසම් චරිතය ය. ඔහුගේ ජීවිතය විවර කරනා මේ ප‍්‍රශ්න සහ පිළිතුරු කිහිපය, සිනමාවේ ද අතීත අනාගත කතිකාවතේ පරිච්ෙඡ්දයකි.
 
 ඔබ ඇයි දැන් නිහඬ?
 
 ඔබ කොහොමද එහෙම කියන්නේ, ඔබ කොහොමද දන්නේ, මම නිහඬද, නැද්ද කියලා? මම පහුගිය කාලේ පත්තරවලට කතා කරේ නැති හින්දාද? එහෙමත් නැත්නම් රූපවාහිනී වැඩසටහන් වලට සහභාගි වුණේ නැති නිසාද, ඔබ ඔහොම කියන්නේ.
 
 මම නිහඬද නැද්ද කියලා දන්නේ මම විතරයි. මම කතා කළ යුත්තේ මොනවාද, මම කතා කළයුත්තේ කාටද, එසේත් නැතිනම් මොන මාධ්‍යයටද, මම කතා කළ යුතු දේ මොනවාද, ඒ කෙලෙසද... යන්න පිළිබඳව ඉතාම හොඳ අවබෝධයක් මට තියෙනවා. අදටත් සිනමා ක්‍ෂේත‍්‍රය සහ දේශපාලන ක්‍ෂේත‍්‍රය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිව යමක් හදාරන කෙනෙක් මම. එලෙස හැදෑරුවට මේ වේලාවේ අදහස් ප‍්‍රකාශ කිරීම කළ යුතුද නැද්ද යන්නත් හොඳින් දන්න කෙනෙක් මම. විශේෂයෙන් මගේ ක්‍ෂේත‍්‍රය වූ සිනමාව පිළිබඳව අතීතයේ සිට හදාරා එම අත්දැකීම් සමඟ ග‍්‍රන්ථයක් නිකුත් කළ (සිංහල සිනමාව සහ මම* එකම රංගන ශිල්පියා මම බවත් ඔබ නොදන්නවා ඇති.
 
 මට මේ ළඟදි යාළුවෙක් පොතක් දුන්නා ඒක ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් වන කි‍්‍රෂ්ණමුර්ති තුමාගේ ලිපිවල පරිවර්තනයක්. ඒ පොතේ නම ”නිහඬ බව ප‍්‍රඥාවේ ආරම්භයයි.”
 
 ඔබ එක්තරා පක්ෂයක ජනාධිපති අපේක්‍ෂකයකු වෙනුවෙන් ”කඬේ යන” වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප‍්‍රචාරය වන බව ඔබ දන්නවාද? ඔබට මේවා හොඳට පුරුදුයි නේද?
 
 මම ඒවාට සමීප නැති නිසා මම ඒක දැක්කේ නෑ. මගේ හෘද සාක්ෂියට එකඟව මා කළ දෙයක් ප‍්‍රතික්ෂේප කිරීමක් මම කරන්න යන්නෑ. සාධාරණයක් වෙනුවෙන් ”කඬේ යනවා” නෙමෙයි ”ීමචැර ඵ්රනැඑ” වුණත් මං යන්න අකමැති නැහැ. නමුත් අද මට එහෙම යන්න අවශ්‍යතාවයක් නැත්තේ, මට වගේම බහුතරයක් වූ මේ රටේ ජනතාවට ද එවැනි සැබෑ වුවමනාවක් අරමුණක් නොමැති නිසයි. 2015 දී මා අගේ කරන එක්තරා පුද්ගලයෙකු ගැන ඔය වීඩියෝවේ තිබෙන බව මට දැනගන්න ලැබුණා. ඒ එදා. ඔහු එවිට ජනාධිපති අපේක්ෂකයකු නෙමෙයි. අදටත් මා ඔහුව අගය නොකරනවා නොවේ. නමුත් අවුරුදු 04 කට ඉස්සර කියපු දෙයක්, අදට පාවිච්චි කරන්නේ ඇයි?, මොකද්ද? එහි ඇති සදාචාර සම්පන්න බව මට ප‍්‍රශ්නයක්. නිකමටවත් මගෙන් විමසා ඇතිද? මෙතනදී දේශපාලන න්‍යාය ධර්මවලට ආචාරධර්ම අනුව බංකොලොත් මම ද නැත්නම් ඒවා පාවිච්චි කරන අයද? මම කිසිවෙකුටත් කිසිවක් කියන්නේ නෑ.
 
 ඔබට මේවා හොඳට පුරුදුයි නේද?
 
 sanath1මට ඒවා පුරුදුයි. ඒ ගැන මතක් කරනවා නම් 1970 - 1971 තරුණ කැරැුල්ලට, මුල් වී රටට සේවයක් කරනවා කියා, තරුණ ජීවිත රාශියක් පාවාදී සමහරු පසුකාලීනව මාධ්‍යයට මුවා වී, ඒ හරහා ඉතාමත් සුචරිතවත් අපක්ෂපාති, පුද්ගලයන් ලෙස පෙනි සිටිමින් (එදත් - අදත්* කරපු සමහර වැඩ සහ මඩ, මට සමාන කළ හැක්කේ බත් කන අතින්, අසූචි කෑ ලෙසටයි. බ්ලේඕ තලවලින් මාර ගස් කපවන්න බැරි බව දැන්වත් ඔවුන් දන්නවා නම් හොඳයි. මාව එකවර මරා දමනවාට වඩා, මා නොකළ දේවල් හුවා දක්වමින් මා ජීවත්ව සිටියදීම නොමරා මැරූ ඔවුන් විසින්ම මාව, මාර
 
 ගසක් කිරීම පිළිබඳව මං ඔවුනුට පින් දෙන්නේ නෑ. බුදු දහම හොඳින් අදහන, මනුස්සයෙක් විදියට, මේ පව් හරහා ඔවුන්ට නිරය විවෘත වන බව සක්සුදක් සේ පැහැදිලියි. ඔවුන්ට විතරක් නෙමෙයි තිරයේ සිටින සහෝදරයෝ කිහිපදෙනෙකුටත් මේ නිරය ‘මරු මයි. මට ඔවුන් ගැන තියෙන්නේ සහ දැනෙන්නේ දැඩි අනුකම්පාවක් පමණයි.
 
 ඔවුන්ට අගතියක් නොවේවා කියා මා හැම වෙලේම ප‍්‍රාර්ථනා කරනවා.
 
 මෙවර ජනාධිපතිවරණය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
 
 2019 නොවැම්බර් 16 වෙනිදා එය පවත්වන බව දන්නවා. අර 35 දෙනා අතර මං නෑ. මා හිතාදර මිත‍්‍ර සුනන්ද දේශප‍්‍රියගේ සහෝදරයා මහින්ද දේශප‍්‍රිය මහතා දැඩි වුවමනාවතින් මෙන්ම දැඩි කැපවීමකින් මෙම කටයුත්තේ නිරතව සිටින බව මට පේනෙවා. මට හිතෙනවා.
 
 නෑ නෑ එහෙම නෙමෙයි ඔබ කාටද මෙහිදී සහය දෙන්නේ?
 
 මොන බම්බුවකට ද ඔයාට ඒක මං කලින්ම කිව්වනේ කුණුහරුප ප‍්‍රශ්න අහන්නෙපා කියලා.
 
 ඒක කොහොමද කුණුහරුප ප‍්‍රශ්නයක් වෙන්නේ?...
 
 මේ මිත‍්‍රයා මම නයා පෙන්නන්ඩ හදනවා නෙවෙයි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සිට වර්තමාන ජනාධිපතිතුමා දක්වා විවිධ තරාතිරම්වල, විවිධ තනතුරුවල, විවිධ පක්ෂවල දේශපාලඥයින් ඇසුරු කිරීමට මට ලැබීම පුරුවෙ පිනක්ද පවක් ද කියලා මම දන්නේ නෑ. නමුත් පසුගිය කාලයේ දේශපාලනයයි පාර්ලිමේන්තුවයි, මහජන නියෝජිතයිනුයි කුණුහරුපයක් නෙවෙයි කියලා බත් කන එකෙකුට කියන්න බෑ. මගේ මතය නම් මගේ අදහසට විරුද්ධ අය ඉන්නවා නම් පශු වෛද්‍යවරයෙකුට මොලය පෙන්වන එක හො`දයි කියන එකයි.
 
 ඔබට ගෝඨාභය රාජපක්ෂ ගැන හිතන දේ ?
 
 මට හිතෙන දේ ඔබටවත් කාටවත් වැඩක් නෑ.
 
 ඔබ එතුමා සමඟ වැඩකර තිබෙනවාද?
 
 ඔව් පසුගිය සමයක එක් විදේශික රටක මාධ්‍යයන් සහ විශේෂයෙන් එක් රූපවාහිනි නාලිකාවක් ඉතාම අගතිගාමී විදියට, ඒකපාක්ෂිකව අපේ රටෙත්, අපේ හමුදාවෙත් කීර්තිනාමයට තදබල ලෙස අපහාස කරද්දි එතුමා කරන ලද (රටේ ගෞරවය ආරක්ෂා කිරීම* රූපවාහිනි වැඩසටහන් කිහිපයකට මාගේ සහය දුන්නා. නමුත් එතුමාගේ සහෝදරයා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව නම් මම ඉතාම හොඳින් දන්නවා. ඒ ඇති නේද?
 
 එතකොට සජිත් පේ‍්‍රමදාස මැතිතුමාව දන්නවාද?
 
 මොකද නැත්තේ හැබැයි ඒ එතුමා දේශපාලනය කරන්න ප‍්‍රථම. එවකට අගමැති පේ‍්‍රමදාස මහතා හමුවන අවස්ථාවල මට මේ තරුණ සජිත්වත් හමුවුණා. නමුත් පේ‍්‍රමදාස මහතා ජනපති වී සිනමාව සම්බන්ධව මා සම`ග වැඩකටයුතු කරද්දි සජිත් මහතා සිටියේ පිටරට.
 
 ඔහු සංස්කෘතික ඇමැති වුණාට පසුව ඔබ හමුවුණේ නැද්ද?
 
 නැහැ. වර්තමාන සිනමාව සහ එතුමාගේ පියා එදා සිනමාව නගා සිටුවීමට දැරූ උත්සාහය පිළිබඳව මා ලියූ ලිපියක් නම් එතුමාට ලැබෙන්න ඇතැයි මා සිතනවා. කෙසේ වෙතත් ”මම විතරයි මටම විතරයි” කියලා හිතන අපේ ”ජාතක සංස්කෘතික උදාර සිතුවිල්ල” අපේ කලාකරුවන් අතර විශේෂයෙන් ප‍්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨයන් අතර අරටු බැසගෙන ඇති බැවින් මෙවැනි ලිපි එතුමාට ගියත් වැඩක්් වෙන එකක් නෑ. අපේ ”පූසන්ගේ” එකමුතුවක් නැතිතාක්, හැම දේශපාලනඥයකුටම ගජ වාසියි. ඒ නිසා මම පාඩුවේ ඉන්නවා. මොකද පාඩුවේ ඉන්න කොට ලාබයි.
 
 වර්තමාන ජනාධිපතිතුමා සමඟ ඔබ සිනමාව පිළිබඳව කතා කර නැද්ද?
 
 sanath2එතුමා සමඟ පමණක් නෙමෙයි. කතා නොකළ කෙනෙක් නැති තරම්. සිනමාව සම්බන්ධයෙන් වර්තමාන ජනපතිතුමා කිරීමට උත්සාහ කළ සමහර කටයුතු කිරීමට නොහැකි වූයේ මන්දැයි එතුමා හමු වී එතුමාගෙන්ම විමසන්න. තම ගම් ප‍්‍රදේශය වන පොලොන්නරුවෙන්, ඉතා සහන ක‍්‍රමයකට සිනමා ශාලාවක් සෑදීම සඳහා ඉඩමක් ආයෝජකයෙකුට ලබාදුන්නත් එම ආයෝජකයා එය අතරමග නවතා දමා තිබෙනවා. (ඔන්න සිනමාවේ වර්තමාන තත්ත්වය* මං දැන් වෙන ආයෝජකයකු සොයාගෙන ඒ කටයුත්ත නිම කිරීමට උත්සහ දරන්නේ එය මාගේ වගකීමක් සහ යුතුකමක් යැයි මා විශ්වාස කරන නිසා.
 
 ඔබ දේශපාලනය කථා කරන්න අකමැති නිසා අපි ඔබේ අලූත් නිර්මාණය ගැන කතා කරමු?
 
 ඒක ගැන කතා කරන්නත් කල් වැඩි. චිත‍්‍රපටියේ නම ”ගෑණු” එය ස්ත‍්‍රි චරිත මූලික කරගත්ත කථා තේමාවක් වගේම එදිනෙදා ජීවත් වන චරිත යම් යම් අවස්ථාවලදි හැසිරෙන, කි‍්‍රයාත්මක වෙන අන්දම ඉදිරිපත් කිරීමට දැරූ වෑයමක්. එය
 
 ගෑණුකම ගැන නෙමෙයි මනුස්සකම ගැන කරපු නිර්මාණයක්. ”ඔබට තාම
 
 ගෑණූ ගැන තේරිලා නැති හින්දද? මෙ වගේ කථාවක් තෝරගත්තේ කියල” මගේ හොඳ මිත‍්‍රයෙකුත් ඇහුවා. එක අතකට ඒක හරි වෙන්නත් පුළුවන්. මොකද මේ චිත‍්‍රපටිය කරද්දි ලබගත්ත අත්දැකීම් සමඟ.
 
 ඉතින් ඔබ දැන්වත් තේරුම් ගත්තද?
 
 අනේ නෑ. තාම තේරුම් ගන්න පටන් ගත්තා විතරයි. මැරෙනකම්ම පුළුවන් වෙයි කියලා මං හිතන්නෑ.
 
 ඒක ගැන තව ටිකක් කතා කරන්නකෝ...
 
 අනේ බෑ. ඒක ගැන කතා කරන්න සුදුසුම තැනැත්තියක්ව මම ළඟදීම ඔබට
 
 මුණගස්සවන්නම්. ඒ ඔබට අවශ්‍ය නම් සහ ඔවුන් කැමති නම් පමණයි. මොකද මෙහිදී මා සත්‍ය කථා කරනවා විනා කිසිම අයෙකුට අපහාස කරන්නේ නෑ.
 
 ඔබ ලාංකීය සිනමාවේ අද්විතීය ස්ථානයක රැුඳුණු කෙනෙක් ඉදිරියටත් ඒ ගමන එලෙසම ඉදිරියට යන්න ලැබෙවා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. ඔබ නැවත හැරිලා බලද්දි සාධාරණව හිතුවොත් ඔබ ගැන ආඩම්බර වෙනවාද? විශේෂයෙන් විරාගය ගැන?
 
 විශේෂයෙන් විරාගයේ අරවින්ද රංගනය ගැන එහෙම ආඩම්බරයක් නැහැ. තියෙන්නේ දුකක්, විරාගය චිත‍්‍රපටිය මා නරඹද්දි මගේ දෑසට කඳුළු එන්නේ’ මගේ බම්බුවෙ රඟපෑම හින්දා නෙමෙයි. ඒ විදියට හිතන්න පතන්න පු`ඵවන් උදාර මනුස්සයෙක් ගැන අපි නැවත දකින්නේ බුද්ධ චරිතයේ පමණයි නේද. ගිහියෙකුට එලෙස උදාර ජීවිතයක් ගත කළ හැකිද?
 
 අරවින්ද හිතපු විදියවත් හරි කියලා? අවබෝධ කරගන්න බැරි තත්ත්වයක නේද අද අපි ඉන්නේ. මමත් එහෙමයි කියලා හිතෙන කොට ‘තාවකාලික පැවිද්ද ලබා සිටි කෙනෙක් විදියටත්’ මට මා පිළිබඳවත් ඇති වෙන්නේ තරහක්ද... වෛරයක්ද... පිළිකුලක් ද කියලා මම දන්නෑ. ළ`ගදී මට සමීප එක්තරා හිතාදර යුවතියක් ප‍්‍රකාශ කළා - ඔයා අරවින්ද ර`ගපෑවට ඇත්ත ජීවිතේ අරවින්ද වෙන්න බැහැ නේද? කියලා. මට ඒකට උත්තර නෑ. ඔයා හරි නුදුරු අනාගතයේදී වත් මම අරවින්ද කෙනෙක් වෙන්න උත්සහ දරනවා.
 
 මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා, හැබැයි ඒ නැවත දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. සමහරු පිළිගත්තත් නැතත් අද අන්තර්ජාතික මට්ටමින් නිර්මාණකරණයේ යෙදෙන ප‍්‍රසන්න විතානගේගේ ”සිසිල ගිනි ගනී” නිර්මාණයට මාගේ දායකත්වය ලබාදීම පිළිබඳව මා තුළ තිබෙන්නේ ගෞරවාන්විත ආඩම්බරයක්. ඒ ආඩම්බරය සිනමාවේ වෙන කිසිම කෙනෙකුට ලබාගන්නත් බෑ ලබාදෙන්නත් බෑ බදාගන්නත් බෑ. ඒ වුණාට සිසිලත් ගිනි ගන්නවා කියලා එදා මම දැනගෙන හිටියේ නැති වුණාට දැන්නම් හොඳටම දන්නවා. ඒ වුණාට ඒවා ගැන මං දැන් හිතන්නේ නෑ.
 
 ඔබ කතා කරන්නේ කලකිරීමෙන්ද?
 
 මම කතාකරන්නේ කලකිරීමෙන් නොවේ. නමුත් සිදුවන දේවල් පිළිබඳ මා තුළ ඇතිවන්නේ ඉතාම ගුප්තජනක සිතුවිලි.
 
 අවංකව කතා කරනවා. කිසිවකු රවට්ටන්නේ නෑ කියන උදවියම, සමහර අවස්ථාවල හැසිරෙන වංක භාවය, අසත්‍යවාදී භාවය හිතට විශාල දුකක්්. ඒ දුක ආශ‍්‍රයෙන් කිට්ටුකම වැඩිවන තරමට වැඩිය විශාලයි.
 
 සමහර සිනමා නිෂ්පාදන කටයුතුවලදී පවා මේ වැනි හමුවීම් සිදුවෙනවා. මගේ හෘද සැත්කමෙන් මාස 3 ඉක්මවීමටත් ප‍්‍රථම මා වැඩකටයුතු කළ චිත‍්‍රපටයක අවස්ථා කිහිපයකදී නියමිත වේලාවට ආහාර නොලැබීම නිසා බෙහෙත් ගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී බෙහෙත් අවශ්‍ය වෙලාවට බැරිවුණා. නැවතී සිටි ප‍්‍රදේශයේන් වෛi උපදෙස් ප‍්‍රතිකාර ගැනීමට සිදුවුණා. අන්තිමට නිෂ්පාදන අංශයෙන් කිව්වා මගෙන් අවශ්‍ය සහයෝගය නෑ කියලා. කොළඹ හිටියා නම් ඔය වගේ දෙයක් වෙන්නේ නෑ. නවලෝක රෝහලේ වෛiවරු අවශ්‍ය හැම වෙලාවකදීම ඉතා උනන්දුවෙන් මා ගැන සොයා බැලූවා. මේ සමහරු සතුන්ටත් අන්තයි. සිදුහත් කුමාරයා ගිහිගෙය හැරයන විට ඒ දුකට හදවත පැලිලී කන්ථක අශ්වයා මියගියා. ඒත් ඒ සමග ගිය චන්න ඇමැතිට එහෙම වුණේ නෑ.
 
 නිෂ්පාදන අංශයෙන් මට දිගටම තර්ජන සහ අපහාස කෙටි පණිවිඩ මාර්ගයෙන් ආවා. ඒ හබය සමථයකට පත්කළේ ජයන්ත ධර්මසේන මහතා මැදිහත් වී... එදා කන්ථක අශ්වයාට තිබ්බ ගුණයවත් අද මිනිස්සුන්ට නෑ. මේ අයට මාව මරා දාන්න පුළුවන්. ඒත් මාව පරාජය කරන්න කාටවත් බෑ.
 
 ඔය දෙකම වෙන්න පුළුවන්. මම එන දේකට මුහුණ දෙන මිනිහෙක්. ‘අනේ මගේ නම කැතවෙයි. ඒ හින්දා ඔයගොල්ලෝ මේ විදියට හැසිරෙන්න එපා කියලා මම කවදාවත් මගේ ළ`ග සිටින හිතවතුන්ට කියන්නේ නෑ. ඒ නිදහස තියෙනවා. හැබැයි මගේ වැඩකදී, හැසිරීමෙන් හෝ වෙනයම් දෙයකින් මගේ වැඩකටයුතුවලට බාධා වෙනවා නම් සොරි ඩොට්කොම් තමයි. ඒක මගේ නිෂ්පාදනවලට සහභාගි වූ අය හොඳින් දන්නවා. විරාගයේ කියනවා, අපි බය මරණයටත්, ආපදාවටවත් නෙමෙයි, ලෝක ව්‍යවහාරයට කියලා. සහතික ඇත්ත... ඒ කියන්නේ අපි බය අනිත් මිනිස්සු අපි ගැන කියන දේවල්වලට. මම නම් ඉන්නේ ‘මට හොඳනම් තොට මොකෝ’ කියන මතයේ. හැබැයි මගෙන් අබමල් රේණුවකවත් හානියක් කිසිවකුට වියයුතු නැහැ. දැනුවත්ව හෝ විශේෂයෙන්ම නොදැනුවත්ව.
 
 ඔබ අනාගතයෙදී විවාහ වෙනවාද නැතිනම් මහණ වෙනවාද?
 
 අපගේ ජීවිතයේ කවියක් හරි ගීතයක් හරි වගේ. කවියක් හෝ ගීතයක් රසවත් වෙන්නේ අර්ථවත් වෙන්නේ, මිහිරි වෙන්නේ, නැවත නැවත මතක් කිරීමට ආශා හිතෙන්නේ එය සම්පූර්ණ වූවාට පසුවයි. කවිය හෝ ගීතය සම්පූර්ණ නොවුණොත් ඒ ගැන හරි අදහසක් දෙන්න කාටවත් බෑ. අපේ ජීවිතත්් ඒ වගේ. අපේ ජීවිතය ඉවර වුණාම අනුන්ගේ ප‍්‍රසාදයට හෝ අප‍්‍රසාදයට ලක්වේවි. මගේ මරණය දැන් අත ළ`ගයි කියා මට හිතෙනවා. ඒ නිසා ඉදිරියේදී මහණ වෙනවාද විවාහ වෙනවාද කියන තීරණය ගන්න වෙනවා. ඒක දෛවය...
 
 ඒ සනත්ගේ පිළිතුරය. ඔබ මේ සාකච්ඡුාව කියවන අද සනත්ගේ උපන් දිනයයි. සිංහල සිනමාවේ ප‍්‍රතාපවත් නළු පෞරුෂය සිය ජීවිතය පිළිබඳව දැන් මෙනෙහි කරන්නේ වෙන කිසිදාක නොවූවිරූ කලකිරීමකින් බව පෙනේ. එය පේ‍්‍රමයද, මුහුකුරා යෑමද කියා කීමට තව කල් වැඩිය. ඒ සියල්ල අනාගතයට භාර කරමින් සනත්ගේ නිවසින් මම පිටත්ව පැමිණියෙමි.
 
 සනත් තුළින් මතු වී ආ විරාගයේ අරවින්ද අතහැර යළි සනත් දෙස බැලීමි. ඔහු මිල්ටන් මල්ලවආරච්චි ලියූ ගීයේ අවසාන පේළිය මතකයට නැඟීණි.
 
 අපගේ පැතුම් විමානේ
 වෙන්වීලා එක්වුණේ
 භවයෙන් භවේ පැතූ අපගේ ආදරේ නිසා
 කාලේ ළඟා වුණා ආයේ වේදනා නිවා

 

 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles