Divaina - මේ ප‍්‍රතිවාදියාට මුහුණ දීමට ඇති අසීමාන්තික බියයි - නීතිඥ ආර්. මනෝජ් ගමගේ කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 prathi
 
සාකච්ඡා කළේ - සිරිමන්ත රත්නසේකර
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අපේක්ෂකයකු පරාජය කළ යුත්තේ මහජන ඡුන්දයෙන් මිස අධිකරණයෙන් නොවන බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.
 
 ඔහු ඒ බව සඳහන් කළේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
 
 පහතින් පෙළ ගැසෙන්නේ නීතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා සමග කළ සාකච්ඡාවයි.
 
 ප‍්‍රශ්නය - රට තුළ වර්තමානය වනවිට නීතියේ ආධිපත්‍යය කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
 
 පිළිතුර - ඇත්තෙන්ම නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් මේ වනවිට පිරිහීමකට ලක් වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි නීතිය කි‍්‍රයාත්මක වීමේ තත්ත්වයත් භයානක අඩියකට පත් වෙලා.
 
 ප‍්‍රශ්නය - එයට හේතු ලෙස ඔබ දක්වන්නේ කුමක්ද?
 
 පිළිතුර - ඔබ දැක්කා පසුගිය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වෙලා තිබෙන්නෙ කියලා. එය සමාජය හමුවේ දැන් නිරාවරණය වෙලා අවසන් කාරණයක්. දේශපාලන බලපෑම්වලට යටත් නොවූ නිලධාරීන්ට එරෙහිව රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වුණේ කෙසේද යන්න දැන් අනාවරණය වෙලා තිබෙන්නේ. පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට උපදෙස් ලැබුණේ කොහෙන්ද? කාගෙන්ද යන්න නිරාවරණය වෙලා. පසුගිය වසර 4 1/2 ක කාලය පුරාවට විරුද්ධ පක්ෂයේ පුද්ගලයන් සහ අපේක්ෂකයන් දඩයම් කිරීමේ මධ්‍යස්ථානයක් බවට අරලියගහ මන්දිරය පත්ව තිබෙනවා. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවාට වඩා රට සංවර්ධනය කරනවාට වඩා විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයින් දඩයම් කිරීම තමයි. මේ කාලසීමාව තුළ සිදුකර තිබෙන්නේ. ඒ සඳහා ඔවුන් බොරු සාක්ෂි නිර්මාණය කර තිබෙනවා. මෙය ඉතාම නරක සහ බරපතළ තත්ත්වයක්. ඒ නිසා රටේ නීතියේ ආධිපත්‍යය බරපතළ අනතුරකට, තර්ජනයකට ලක් වෙලා.
 
 ප‍්‍රශ්නය - නමුත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා අධිකරණ කි‍්‍රයාවලීන් සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකදී සඳහන් කළේ පසුගිය වසර 4 1/2 තුළ අධිකරණයට හෝ විනිසුරුවරුන්ට කිසිදු බලපෑමක එම කාලසීමාව තුළ සිදු නොවූ බවයි. ජනාධිපතිවරයාගේ
 
 ඒ අදහසට ඔබ එකඟ නැතිද?
 
 පිළිතුර - එම කාරණය සම්පූර්ණයෙන් මම ප‍්‍රතික්ෂේප කරනවා. එතුමාගේ අදහස සමග මම තර්ක කරන්න යන්නේ නැහැ. එතුමා හෝ එතුමාගේ පාර්ශ්වයෙන් අධිකරණයට බලපෑම් එල්ල වුණා ද නැද්ද යන්න මම දන්නේ නැහැ. නමුත් රජයේ පාර්ශ්වයෙන්, විශේෂයෙන් එජාප ආණ්ඩුව පාර්ශ්වයෙන් අධිකරණයට හා විනිසුරුවන්ට සෘජුව හා වක‍්‍රව දැඩි බලපෑම් එල්ල වූ බවට මම විශ්වාස කරනවා.
 
 ප‍්‍රශ්නය - එතකොට මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ අගවිනිසුඅරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය නිවැරදිද?
 
 පිළිතුර - එම කාරණයේදී අධිකරණයට රාජපක්ෂ පාලනයෙන් බොහෝ බලපෑම් එල්ල වූ බවට බොහෝ චෝදනා එල්ල වුණා. එවකට පැවැති සහ දැනට පවතින නීතිමය තත්ත්වය මත අගවිනිසුරුවරයකු ඉවත් කිරීමේ කි‍්‍රයාපටිපාටිය අනුව තමයි සිදුව තිබෙන්නේ. නමුත් එම ක‍්‍රමවේදයේ යම් යම් අඩුපාඩු තිබූ බව කවුරුත් පිළිගන්නවා. නමුත් එය නීතියෙන් නියම කළ ක‍්‍රමවේදය බවත් කියන්න ඕන.
 
 මේ යහපාලන රජය පත්වූ පසු අගවිනිසුඅරු ලෙස කටයුතු කළ මොහාන් පීරිස් මහතාට එම ධුරයෙන් ඉවත් කළේ කැලෑ නීතිය පාවිච්චි කර යම් දාමරික ආකාරයෙනුයි. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් බෙල්ලෙන් ඇදලා එළියට දැමීමක් තමයි මොවුන් කළේ. එතනින් පටන් ගත් අධිකරණයට තර්ජනය කිරීම් මේ දක්වා සූක්ෂම ලෙස යම් යම් ආකාරයෙන් සිදු වුණා.
 
 මේ ආණ්ඩුව යටතේ ඇතැම් විනිසුරුවරුන්ට රාජපක්ෂ ලේබලය අලවා ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨත්වයට අනුව ලැබිය යුතු උසස්වීම් ඇතැම් විනිසුරුවරුන්ට අහිමි වුණා. තවත් අයට දුර පළාත්වලට මාරු කළා. අපට ඒවා ඇස් පනාපිට සිදු නොවුණත් ඉතා සූක්ෂම ලෙස ඒවා කි‍්‍රයාත්මක වුණා. අපට ඒවා පෙන්වා දෙන්න පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වුණත් එය සූක්ෂම ලෙස සිදු වූ බව කියන්න ඕන.
 
 ප‍්‍රශ්නය - අධිකරණයට ආණ්ඩුවෙන් බලපෑම් එල්ල වූ බවට සඳහන් කරනවා. අධිකරණයට දේශීය බලපෑම්වලට අමතරව විදේශීය බලපෑම් එල්ල වුණේ නැතිද?
 
 පිළිතුර - එජාප ආණ්ඩුව සමයේ ජාත්‍යන්තරයෙන් අපගේ අධිකරණයට බලපෑම් එල්ල කළා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයකු ඇවිත් යම් යම් නඩු තීන්දු කිහිපයක් පිළිබඳ අගවිනිසුරුවරයාගෙන් කරුණු විමසූ බව ඔබට මතක ඇති. එය සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයක ස්වාධීනත්වයට, විශේෂයෙන් ස්වාධීන රාජ්‍යයේ ස්වාධීන අධිකරණ පද්ධතියෙහි ස්වාධීනත්වයට විදේශීය අනවශ්‍ය ඇඟිලි ගැසීමක් ලෙසයි මම දකින්නේ. රටක අගවිනිසුරුවරයා හෝ නීතිපතිවරයා ආමන්ත‍්‍රණය කර ඔවුන්ගෙන් නඩුවල තොරතුරු විමසීමට වෙනත් රටක රාජ්‍ය තාන්ති‍්‍රකයකුට හෝ දූත මෙහෙවරක යෙදෙන නියෝජිතයකු ලෝකයේ වෙන කිසිදු රටකදී හැකියාවක් නැහැ.
 
 ප‍්‍රශ්නය - නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ළඟ දිල්රුක්ෂි ඩයස් මහත්මිය අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් රජයේ කි‍්‍රයාත්මක වීම ඔබ දකින්නේ කෙසේද?
 
 පිළිතුර - ඇත්තටම හාත්ස්‍ය ජනකයි. දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ දුරකථන සංවාදය තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇවන්ගාර්ඞ් සමාගමට එරෙහිව නීතිය නැවුනේ කොහාමද කියලා මුල්වරට අනාවරණය වුණා. ඒ සමගම ඇයට එය ධුරයෙන් සමුගන්න සිදු වුණා. නමුත් එහි වැදගත්ම කාරණය ඇය අස්කිරීම නෙමෙයි ඇය සඳහන් කළ කාරණා ගැන සොයා බැලීමට මේ වන තෙක් කිසිදු කොමිසමක් හෝ කි‍්‍රයාමාර්ගයක මේ වන තෙක් ගෙන නොතිබීමයි. එතුමිය කී කතා ඇත්තනම් බොරු නඩු පැවරීම තුළින් රැකියා අහිමි වූ හයදහසකට ආසන්න සේවක පිරිසකට ඉටු වන යුක්තිය කුමක්ද?
 
 ඒ වගේම ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා ඇමැතිවරුන් බලපෑම් කළ ආකාරය ඔහු හෙළි කළා. එහි ඇති තවත් පුදුම කාරණය වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් විදේශීය පුරවැසියකු වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එයට සම්බන්ධ වී තිබීමයි. එයට ජ. වි. පෙ. නිරුවතත් සුහද ගම්ලත් මහතා මෙහිදී හෙළි කළා. විරුද්ධවාදීන් දඩයම් කරන්න අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ සිට කටයුතු කළේ කොහොම කියලා දැන් හෙළි වී තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - සුහද ගම්ලත් මහතාට සිය තනතුරින් ඉවත් වන ලෙස අධිකරණ ඇමැතිවරිය දන්වා තිබෙනවා නේද?
 
 පිළිතුර - ඔව්. මේක මහ අරුම පුදුම රටක්. නීතිය අවභාවිත කිරීමක් ගැන යම් නිලධාරියකු හෙළි කිරීමක් කළ පසු ඒ නිලධාරියෙක් ආණ්ඩුව පළි ගන්නවා. නමුත් ඒ නිලධාරියා හෙළි කළ සංවේදී කරුණු ගැන විමර්ශනයක් මේ දක්වා නැහැ. මේ වගේ සිදුවීමක් එංගලන්තයේ, ඇමරිකාවේ වගේ රටක වුණා නම් මෙයම ඇති රජයට ඉල්ලා අස්වෙන්න. නමුත් අපේ රටේ කරන්නේ හෙළි කිරීම කළ නිලධාරියාගෙන් පළි ගැනීමයි.
 
 ප‍්‍රශ්නය - ත‍්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී නීතිය කි‍්‍රයාත්මක වීම සම්බන්ධයෙන් ඔබ යම් යම් ප‍්‍රකාශ කළා. එම ප‍්‍රකාශ නිසා ඔබට අපරාධ නඩු පැවරීම් සිදු වූ බව අප දැක්කා.
 
 පිළිතුර - ඔව්. ඉතා කනගාටුදායක තත්ත්වයන්ට මුහුණ දීමට මට සිදු වුණා. ලංකාවේ පළමු වතාවට නීතිඥයකුට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ ප‍්‍රධානියා පැමිණිල්ලක් කළා. එමගින් මාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ උත්සාහයන් තිබුණා. නමුත් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය සහ නීතිපති දෙපාර්තමේන්තුව මේ අනතුර කලින්ම දුටුවා. ඒ නිසා මාව ආරක්ෂා වුණා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති උත්තරිතර අයිතියත් වන අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට මොවුන් අභියෝග කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී ඇති නීතිඥයකු ලෙස මට අන් පුරවැසියන්ට වඩා අදහස් දැක්වීමේදී අයිතියක් තිබෙනවා. මම පොලිස් නිලධාරියාට සඳහන් කළේ ..... සිදු කරන කාර්යයන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක විය හැකි බවයි.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ බෝම්බ නිපද වූ ත‍්‍රස්තයන් සති දෙකෙන් ඇප ලබා නිදහස් වනවිට රටේ සාමාන්‍ය ජනතාව දොස් කියන්නේ අධිකරණයටයි. නමුත් මේ සැකකරුවන් නිදහස් වන්නේ පොලිසිය එසේ නැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස වගකීම් ඉටු නොකිරීම නිසයි. මේ නිසා අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුවට සිදු වූ අපකීර්තියට වගකිවයුත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ යම් යම් නිලධාරිනුයි. ඒ නිසා තමයි මම පොලිසියට චෝදනා කළේ.
 
 පොලිසිය මේ සැකකරුවන් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළ බව රටේ ජනතාව කියන්න ගත්තා. මම පෙනී සිටියේ ඒ ජනතාව වෙනුවෙන් සහ නීතිමය අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. මට අවශ්‍ය වුණේ මගේ රටට සහ රටේ අනාගත දරුවන්ට ත‍්‍රස්තවාදයෙන් තොර රටක් නිර්මාණය කිරීමටයි. එහි කිසි දේශපාලනයක් නැහැ.
 
 ප‍්‍රශ්නය - ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නඩු භාණ්ඩයක් යැයි ඇතැමුන් කියනවා. ඇත්තටම ඔහුට විරුද්ධව නඩු පැවරීම් සිදු වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?
 
 පිළිතුර - කෙටි පිළිතුර නම් මෙය ප‍්‍රතිවාදියාට මුහුණ දීමට අනෙකාට ඇති අසීමාන්තික බියයි. මේ රජයට වසර 4 1/2 ක් තිබුණා මේ නඩු දාන්න. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි ප‍්‍රකාශ වූ පසු ඔහුට එරෙහිව දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. මෙය බියගුලූ සහිත සහ ලැජ්ජා සහගත කාරණයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අපේක්ෂකයකු පරාජය කළ යුත්තේ ඡුන්දයෙන් මිස අධිකරණයෙන් නෙමෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ කකුල් මාට්ටු දැමීම නෙමෙයි.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles