Divaina - සජීවි අක්මා බද්ධ පන්දාහක් කරලා... දින පහක බිළිඳකුත් ඒ අතර... ලෝකයේ අංක එකේ සජීවී අක්මාව බද්ධ කිරීමේ ශල්‍යවෛද්‍ය විශේෂඥයා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


   මහාචාර්ය මොහොමඞ් රෙලා ලංකාවට ඇවිත්
 akma
සිසිර විජේසිංහ
 
වර්තමානයේ ලොව සිටින සාර්ථකම අක්මා බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වන්නේ මහාචාර්ය මොහොමඞ් රෙලා මහතාය. ඔහු ශ‍්‍රී ලංකාවේ අසල්වාසී රාජ්‍ය වන ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ උපත ලද, ගිනස්වාර්තා තැබූ නූතන ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පතාකයෙකි. ඔහු විසින් මෙතෙක් සිදුකර ඇති සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සංඛ්‍යාව පන්දහසකට ආසන්න වේ. පසුගියදා මොහු ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වුයේ, මෙරට අක්මා රෝග සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්ගේ හමුවකට හා ඔහු විසින් දස වසරක් තුළ අක්මා බද්ධ සැත්කම කළ මෙරට රෝගීන්ගේ සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා ය. කොළඹ shangri -LA හෝටලයේ පැවති මෙම වෛද්‍ය හමුව ශ‍්‍රී ලංකාවේ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා වන උත්සහයේ පළමු ප‍්‍රවේශය ලෙස හඳුනා ගත හැකිය. මෙම වෛද්‍ය හමුවේදී මහාචාර්ය මොහොමඞ් රෙලා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග ද කෙටි පිළිසඳරක නිරත විය. පහත දැක්වෙන්නේ එහිදී ඔහු විසින් දැක්වූ අදහස්ය.
 
 ‘‘ඇත්තටම මම ශ‍්‍රී ලංකාවට පැමිණියේ කාරණා කිහිපයක් පදනම් කරගෙන. විශේෂයෙන්ම අද ලෝකයේ දක්ෂතම අක්මා බද්ධ කිරීමේ වෛද්‍ය කණ්ඩායම සිටින්නේ මා සමඟ. අපි උත්සහ කරනවා ලංකාවේ වෛද්‍යවරු සමග ශ‍්‍රී ලංකාව තුළ අලූත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන්න. ඒ කියන්නෙ ලංකාවේ අක්මා රෝග සඳහා ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු සමග දැනුම හා තාක්ෂණය හුවමාරු කරගැනීමට මම ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මයිලදුතිරිය, ප‍්‍රදේශයේ කිළිනූර් කියන අතිදුෂ්කර ගම්මානයේ ඉපදුනේ. චෙන්නායි බෙයන්ට් තියෝෆිකල් උසස් පාසලේ මූලික අධ්‍යාපනය හැදෑරුව. ඊට පසු stanly Medical university එකට ඇතුළත් වෙලා මූලික වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගත්තා.
 
 වැඩිදුරට අධ්‍යාපනය සඳහා මට 1985 වසරේ මහා බි‍්‍රතාන්‍යයට, යාමට අවස්ථාව උදාවෙනවා. ඒක මගේ ජීවිතයේ පරිවර්තනීය අවස්ථාවක්. බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිය ලබා ගෙන, ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හොස්පිටල් රෝහලේ සේවය කළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ සාමාජිකත්වය ලබා ගැනීම. එහිදී, පර්යේෂණ මට්ටමේ තිබුණ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා මා නිරන්තරයෙන් සහභාගි වුණා.
 
 1985, දී මම එංගලන්තයට යන විට, නැවත මව්බිමට එන්න අවශ්‍ය වෙයි කියල කොහෙත්ම හිතුවෙ නැහැ. අපි වගේ රටවල බොහෝ තරුණයින්ගේ හීනයක් තියෙනවා යුරෝපය හෝ බටහිර සමාජයට අවතීර්ණ වෙන්න. මටත් එදා ඒ වගේ හීනයක් තිබුණ. කිංග්ස් යුනිවර්සිටි එක කියන්නෙ අක්මා රෝග සම්බන්ධයෙන්, දිගින් දිගටම පර්යේෂණ පවත්වපු තැනක්. ඒ සෑම අවස්ථාවකටම මම සහභාගි වුණා. අවසානයේ දී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකිරීමේ අති සංකීර්ණ ක‍්‍රියාවලිය මා වෙත පැවරුණ. ඒක හරි පුදුම සහගත සිද්ධියක්. යුරෝපය හා බටහිර වෛද්‍යවරු සමග මා වැඩ කළේ ගොඩාක් සතුටින්. ඒ හැමෝම මට සහාය වුණා. ඒ අය දැන ගත්ත, අක්මාව බද්ධ කිරීමේ රිදීමය, මගේ ඇෙඟ් තියෙන දෙයක් කියල. කොහොම වුණත් මම වසර 22ක් කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ වැඩ කළා. ඒ කාලය තුළ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම හයදහසක් රෝහල තුළ සිදු කෙරිල තිබුණ. ඒ ශල්‍යකර්ම වලින් දෙදහසක් සිදුකළේ මමයි.
 
 එහිදී මා දුටුවා මේ ශල්‍යකර්මය සඳහා පැමිණෙන රෝගීන්, මුහුණ දෙන අභියෝග.
 
akma1ප‍්‍රධාන වශයෙන් මුදල්, සාමාන්‍යයෙන් යුරෝපයේ හෝ බටහිර රටක, පිළිගත් රෝහලක අක්මා බද්ධ ශල්‍යකර්මයක් සිදුකිරීමට අඩුම තරමින් ඩොලර් ලක්ෂ තුනක්වත් අවශ්‍ය වෙනව. ඒක අපි වගේ රටක රෝගියෙකුට කෙසේවත් දරාගන්න බැහැ. සමහර රෝගීන් මරණය අභියස විශාල සිත් තැවුලකින් පසුවන අවස්ථා මගේ ඇස් දෙකට දැක්ක. මම සාමාන්‍ය පවුලකින් පැවත එන කෙනෙක් විදිහට මේව ගැන යළි යළිත් හිතන්න පටන් ගත්ත. බොහෝ අවස්ථාවලදී මම කල්පනා කළා, මගේ සේවය යුරෝපයට හෝ බටහිරට පමණක් සීමා වෙලා තිබෙන්නෙ ඇයි කියල. එවැනි සිතුවිලි අතරේ මම තීරණයක් ගන්නව, සුදු අධිරාජ්‍ය හැර දමා මව්බිමට එන්න.
 
 ඒ අනුව මම ඉන්දියාවට පැමිණීමට හිතුව, ඒකට හිත හදා ගැනීමට මට මහා පරිශ‍්‍රමයක් දරන්න වුණා. මොකද කිංග්ස් විශ්වවිද්‍යාලයේ මගේ සමකාලීන වෛද්‍යවරු දිගින් දිගටම කිව්වා ඔයා ඉන්දියාවට යන්න එපා, යුරෝපය තුළ තිබෙන
 ස්ථාවරය හොඳයි කියල. ඉන්දියාවේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය මීට පෙර බොහෝ දෙනෙක් ආරම්භ කරන්න උත්සහ කළද ඒව අසාර්ථකයි කියල ඔවුන් කිව්වා. ඒ නිසා කිංග්ස් යුනිවර්සිටිය හැර දමා ඉන්දියාවට පැමිණීම නොකළ යුතු තීරණයක් බව පවසමින් ඔවුන් දිගින් දිගටම මාව අධෛර්යමත් කළා. මේ මේ නිසා මව්බිමට පැමිණීම ගැන මම දෙපාරක් හිතන්න පටන් ගත්ත. ඒ අනුව කිංග්ස් විශ්වවිද්‍යාලය මුළුමනින්ම අත්නොහැර ඉන්දියාවට පැමිණියා. දැනටමත් මම කිංග්ස් විශ්වවිද්‍යාලයේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා.
 
 මට අවශ්‍ය වුණේ සිරෝසිස් වැළඳීමෙන් මරණ මංචකයේ සිටින ජීවිත වලට යළි පණ දෙන්න. ඒක අද සාර්ථක වෙලා තියෙනවා.
 
 බොහෝ දෙනෙක් මගෙන් අහන ප‍්‍රශ්නයක් තමයි අක්මා බද්ධ කිරීමකින් පසුව රෝගියෙකුට මොන තරම් කාලයක් ජීවත් වීමට වරම් තියෙනවද කියල. ඒක සාධාරණ ප‍්‍රශ්න කිරීමක්, මොකද විශාල මුදලක් වැය කරල, ජීවිත අවදානම් අභියෝගයකට මුහුණ දීල, මේ අක්මාව බද්ධ කර මාස හයක් හෝ අවුරුද්දක් ජීවත් වෙලා ඵලක් නැහැ.
 
 1997 දී, කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ මා විසින් අති සංකීර්ණ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළා. අයර්ලන්ත කුඩා දැරියක්, ඉපදිලා දින 5 ක්, වෙනව. අක්මාව මුළුමනින්ම වගේ විනාශ වෙලා තිබුණේ. පැය 25 කට අධික කාලයක් තුළ, සිදුකළ දීර්ඝ සජිවී අක්මා බද්ධ ශල්‍ය කර්මයෙන් පසුව, ඒ දැරිය ජීවත් කරන්න හැකිවුණා. අද ඇය අයර්ලන්තයේ නීතිඥ වරියක් ලෙස කටයුතු කරනවා. අක්මාව බද්ධ කිරීමෙන් පසුව ජීවත් වීමේ කාලය ගැන කිසිවෙක් මගෙන් විමසුවහොත් මම දෙන පිළිතුර ඒක සහ මේ වගේ අත්දැකීම් බොහෝ තියෙනවා. ඇත්තටම මේ සිද්ධිය ගිනස් වාර්තාවටත් ඇතුළත් කෙරුණා. ඉන්දියාවේ සජීවී අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා කිසිදු අදහසක් නොතිබුණු මොහොතක තමා මම මේ ව්‍යායාමය ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ආරම්භ කළේ. ඉන්දියාවේ දී මම රෝහල් කිහිපයක සේවය කළා. ආසන්නතම රෝහල ලෙස ග්ලෝබල් රෝහලේ අක්මා බද්ධ ශල්‍යකර්මය විශාල වශයෙන් සිදු කළා. එතැන දී, මට හිතුනා මගේම, රෝහලක් ආරම්භ කරන්න, එතකොට තවත් මේ, ශල්‍යකර්මය සඳහා වැය වන, අධික මුදල් අවම කර ගන්න පුළුවන්, ඒක අද සිරෝසිස් රෝගීන්ට, මහත් පිටිවහලක් වෙලා තියෙනවා. ඒ අනුව 2018 වසරේ රෙලා ඉන්ස්ටිටිව්ට් ඇන්ඞ් මෙඩිකල් සෙන්ටර් රෝහල පටන් ගත්ත. අද මෙම රෝහල ලෝකයේ උසස්ම තාක්ෂණය භාවිතා කරන ආසියාවේ විශාලතම අවයව බද්ධ කිරීමේ රෝහල. අධි තාක්ෂණික ශල්‍යාගාර 14 ක්, ඇඳන් 130 කින්, සමන්විත දැඩි සත්කාර ඒකකයක්, අවයව බද්ධ රෝගීන් සඳහාම වෙන් වූ, රෝහල් කාමර 450 කින්, මෙය සමන්විතයි. එමෙන්ම සම්පූර්ණයෙන්ම, අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා, එංගලන්තයේ කිංග්ස් යුනිවර්සිටි කොලේජ් රෝහලේ පුහුණුවලත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කරනවා.
 
 වර්තමානයේ සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ලංකාවේ හෝ ඉන්දියාවේ, විතරක් නොවේ ආසියානු කලාපයේ කිසිවෙක් යුරෝපයට හෝ බටහිරට, යා යුතු නැහැ. යුරෝපයට හෝ බටහිර රටවලට, වඩා අපේ සේවය ඉහළ ගුණාත්මක තත්ත්වයක තියෙනවා.
 
 මේ වන විට මා විසින් සජීවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම 5000 කට, ආසන්නව සිදුකර තිබෙනවා. ලංකාවේ 100 කට වඩා පිරිසක් ඒ අතර වනවා. ඇත්තටම ලංකාවේ වෛද්‍යවරු මා සමග වසර දහයක පමණ කාලයක සිට කටයුතු කරනවා, මා විසින් සිදුකරන සජීවී අක්මා බද්ධ කිරීම් සිදුකළ රෝගීන්, වැඩිදුරටත් බලාගැනීම ලංකාවේ වෛද්‍යවරු විසින් සිදුකරනවා. මගේ අරමුණ වන්නේ මගේ වෛද්‍ය කණ්ඩායම සමඟ ලංකාවේ වෛද්‍යවරු සම්බන්ධ කරගන්න. ඒවගේම අපට හැකියාව තියෙනවා ශ‍්‍රී ලංකා රජය නිසි පදනමක් යටතේ අපට ආරාධනා කළහොත්, ලංකාවට පැමිණ සජිවී අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරන්න. ඒක ලංකාවට හොඳ අවස්ථාක්. එවිට ඒ සඳහා යන අධික වියදම, සැලකිය යුතු ලෙස අඩුකරගන්න පුළුවන්. මම මේ යෝජනාව ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයාට පෙන්වා දුන්නා. මම හිතන්නෙ එතුමා ඒ ගැන හිතල බලාවි. අපි සූදානම් හැම මොහොතකම ශ‍්‍රී ලංකාවට උපරිම සහාය වෙන්න, ඒක තාක්ෂණය වෙන්න පුළුවන්, දැනුම අතින් වෙන්න පුළුවන්. ඒකට අපේ කණ්ඩායමට, නිසි සැලැස්මක් යටතේ නිල ආරාධනාවක් තිබිය යුතුයි.
 
 අද සජීවී අක්මා බද්ධ කිරීමේ දී, ඊට පවුලේ සාමාජිකයෙක් ඉදිරිපත් වීම වැදගත්. ඒත් බොහෝ දෙනෙක් හිතනවා, අක්මාවෙන් කොටසක් ලබාදීම තුළින් ඒ දායකයාට කිසියම් හානියක් වෙයි කියල. ඒක මිත්‍යා මතයක්, මොකද අක්මාව කියන්නෙ, නැවත ලියලන අවයවයක්. සති තුනක් හතරක් ඇතුළත අක්මාව ලියලනවා. එම නිසා නිරෝගී පුද්ගලයකු, තමන්ගේ පවුලේ, අක්මාව බද්ධ කිරීමට අපේක්ෂාවෙන් සිටින සාමාජිකයකු සඳහා අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට කිසි සේත්ම බියට පත් විය යුතු නැහැ. අනෙක් කාරණාව ඔහුගෙන්, හෝ ඇයගෙන්, අක්මාවේ කොටසක් ලබාගැනීමට පෙර, පූර්ණ පර්යේෂණ ක‍්‍රියාවලියකට භාජනය කෙරෙනවා. එම පර්යේෂණ (100%) සියයට සියයක්ම, ගුණාත්මක මට්ටමක තිබෙනවා නම් පමණයි, පරිත්‍යාග කරන්නාගේ අක්මාවෙන් කොටසක් ලබාගන්නෙ. ඔහු හෝ ඇය මාසයක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයකට පත්වෙනවා.
 
 මා විශේෂයෙන් කියන්න අවශ්‍යයි මේ විෂයේදී, ශ‍්‍රී ලංකාවේත් සිටිනවා දක්ෂ වෛද්‍යවරු, ඔවුන් ඉන්දියාවේ වෛද්‍යවරු වගේම දක්ෂයි. අනාගතයේදී, ඔවුන්ට අවකාශ ලැබේවි සජීවී අක්මා බද්ධ කිරීම පටන්ගන්න. මම ඒ සඳහා පූර්ණ සහය දෙනව, ඒක මගේ අසල්වැසි, රට වෙනුවෙන් කරන ගෞරවාන්විත හා ආදරණීය පරිත්‍යාගයක්.”
 


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles