Divaina - වටිනාකම කෝටි විස්සක පිළිකා කාරක අඩංගු වියලි මිරිස් කිලෝ ලක්‍ෂ පහමාර වෙළෙඳපොළට ආපු හැටි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



  miris

උපාලි ද සේරම්
 

පිළිකා කාරකයක් වන ඇෆ්ලාටොක්සින් (Aflatoxin) සහිත වියළි මිරිස් කිලෝ ග‍්‍රෑම් ලක්‍ෂ පහමාරක් (මෙටි‍්‍රක්ටොන් 550) නිසි අනුමැතියකින් තොරව දේශීය වෙළෙඳපොළට මුදාහැර ඇතැයි ශ‍්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් පසුගියදා මාධ්‍ය වෙත අනාවරණය කරන ලදි .

මෙම මිරිස් තොගය වෙළෙඳපොළට නිකුත්ව ඇත්තේ මෙම වසරේ (2019) මාර්තු මාසයට පෙරය. එනිසා මේ වන විට මෙම මිරස් කිලෝග‍්‍රෑම් ලක්‍ෂ පහමාර සම්පූර්ණයෙන් විකිණී අවසන්ව තිබිය හැකිය. එසේ වී නම් මෙම පිළිකාකාරක මිරිස් ශ‍්‍රී ලංකාවාසී අප සියලූදෙනාම ජාති ආගම් බේදයකින් තොරව ආහාරයට ගෙන ඇත. ඒ අනුව දැන් අපට ඇත්තේ මේ පිළිබඳව පශ්චාත් පරීක්‍ෂණයක් පැවැත්වීම පමණකි.

ශ‍්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ එක්කය සඳහන් කරන පරිදි මෙම මිරිස් තොගය ආනයනය කර ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදී ය.

මනුෂ්‍ය පරිභෝජනය සඳහා ආහාරපාන හෝ කිසියම් අමුද්‍රව්‍යයක් මෙරටට ආනයනය කළ විට එය රේගුවෙන් මුදාහරිනු ලබනනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්‍ෂකවරයා විසින් ඒ පිළිබඳව ලබාදෙන තත්ත්ව පරීක්‍ෂාවෙන් පසුය.

ඒ අනුව මෙම මිරිස් බහාලූ කන්ටේනර් 39 පරීක්‍ෂා කළ ආහාර පරක්‍ෂකවරයා එම වියළි මිරිස්වල අඩංගු ඇෆ්ලාටොක්සින් නමැති පිළිකා කාරකයේ ප‍්‍රතිශතය කොපමණ ප‍්‍රමාණයකින් පවතින්නේ ද යනන හඳුනාගැනීම සඳහා පරීක්‍ෂණ වාර්තාවක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

එම පරීක්‍ෂණ වාර්තාවට අනුව මිරිස් තොගයෙහි ඇති ඇෆ්ලාටොක්සි් ප‍්‍රතිශතය කිලෝග‍්‍රෑමයකට තිබිය යුතු මයික්‍රොග‍්‍රෑම් 30 ට වඩා වැඩි බව හෙළි වී තිබේ.

miris2මෙම වාර්තාව අනුව රේගු අවදානම් කළමනාකරණ ඒකකය අදාළ මිරිස් තොග සිත කන්ටේනර් 39 වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීම සඳහා 2019 වසරේ මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී සූදානම් වන විටදී හෙළිවන්නේ එම මිරිස් තොග රේගු අනුමැතියකින් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බවකි.

මෙම මිරිස් කිලෝ ලක්‍ෂ පහමාර ආනයනය කළ පිටකොටුව තොග වෙළෙඳ ආයතන අතර මෙරට ප‍්‍රධාන පෙළේ කුළුබඩු වෙළෙඳ ආයතනයක් සිටින බව හඳුනාගෙන ඇත.

ඔවුන් මෙම මිරිස් තොග මුදා හැරීම සම්බන්ධව පවසා ඇත්තේ සෞඛ්‍ය තත්ත්ව පරීක්‍ෂාව ලැබීම ප‍්‍රමාද වීම නිසා ඉන් මෙම මිරිස් තොගය තවදුරටත් කන්ටේනර්වල බහා තිබීමෙන් සිදුවන පාඩුව සලකා බල වෙළෙඳපොළට මුදාහළ බවය.

මෙම මිරිස් තොගයෙහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි විස්සකට අධිකය.

ආනයනය කරනු ලබන ඕනෑම ආහාරපානයක් සම්බන්ධව ආහාර පරීක්‍ෂකවරයා පළමුව නිරීක්‍ෂණය කරන්නේ එම ආහාර වර්ග බහාලූ කන්ටේනර් විවෘත කර බැලීමෙනි.

දෙවනුව ඊට අදාළ පරීක්‍ෂණාගාර වාර්තාවක් ලබා ගනී.

මිරිස්, රටකජු, රතු ගම්මිරිස්, කහ, සාදි්කා, බඩඉරිඟු වැනි ආහාර වර්ගවල බැඳෙන පුස්වල ඇෆ්ලාටොක්සින් නමැති පිළිකා කාරකය අඩංගුය. එබැවින් මෙවැනි ආහාර වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර ඒවායේ ඇති මෙම පිළිකාකාරකයේ අනුපාතය පරීක්‍ෂා කරනු ලබයි. ශ‍්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල් මෙම අනුපාතය නියම කර ඇත්තේ කිලෝවකට මයික්‍රොග‍්‍රෑම් 30 ට වඩා අඩුවිය යුතු බවය.

ඇමරිකාව වැනි බටහිර රටවල් එම අනුපාතය නියම කර ඇත්තේ කිලෝවකට මයික්‍රොග‍්‍රෑම් 5 ත් 10 ත් අතර අගයකි.

මෙම ඇෆ්ලා ටොක්සින් නමැති පිළිකා කාරකය සහිත පුස්වර්ගය මිරිස් ඇතුළු ආහාරවල බහුලව පවතින්නේ ඒවා නිසි පරිදි වියළි තත්ත්වයේ නොමැති විටදී.

මෙම මිරිස් තොගය ද එලෙස නිසි පරිදි වියළි තත්ත්වයේ තිබී නැති බවට පරීක්‍ෂණාගාර වාර්තාව අනුව හෙළි වී ඇත.

ඉන්දියාවේ පසුගිය වසරේ පැවැති වැසි සහිත කාලගුණය මත බොහෝ වගාකරුවන්ට තම මිරිස් අස්වැන්න නිසි පරිදි වියළා ගැනීමට නොහැකි වූ නිසා අඩුමිලට ඒවා අලෙවි කර ඇත.

miris3නිසි පරිදි වේලා නොගත් මිරිස් කරල් ගෝනිවල බහා ගබඩා කර තබන විට ඒවායේ ඉතා වේගයෙන් පුස් බැඳීම සිදුවේ.

හිරු එළියට හොඳින් වේළා ගත් මිරිස් කරල් හි පුස් බැඳීම සිදුවන්නේ නැත. එනිසා ඇෆ්ලා ටොක්සින් පිළිකා කාරකය ද අඩංගුව නැත.

මෙම පිළිකා අවදානම පවතින්නේ බාගෙට වියලා ගත් මිරිස්වලය.

ඇෆ්ලා ටොක්සින් පිළිකා කාරකය ශරීරයට එක්වීම නිසා අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානමක් මතුවන බව වෛද්‍ය පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.

රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් මේ වන විට අදාළ ව්‍යාපාරික ආයතනවලට එරෙමිව නීතිමය පියවර ගැනීමට සූදානම් වේ.

එම නීතිමය පියවර ගැනීම තුළින් අදාළ ව්‍යාපාරිකයන්ට දඩ මුදල් නියම කිරීම හෝ ඔවුනගේ ආනයන බලපත‍්‍ර අත්හිටුවීමක් සිදුවිය හැකිය.

නමුත් මෙලෙස පරිභෝජනයට සුදුසු නැති ආහාර වර්ග වෙළෙඳපොළට නිකුත්වීම වැළැක්වීමට එය ප‍්‍රමාණවත් නොවේ.

මෙවැනි ආහාරවර්ග සම්බන්ධව සිදුකරන තත්ත්ව පරීක්‍ෂණ වාර්තා ප‍්‍රමාදයකින් තොරව කඩිනමින්

ලබාගැනීමේ පහසුකම්වල අඩුවක් පවති නම් එම පහසුකම් වැඩිදියුණු කිරීමට ද පියවර ගත යුතුය.

මන්ද යත් කොතැනින් හෝ සිදු වූ වරදකින් වන්දි ගෙවා ඇත්තේ මේ කිසිවක් නොදන්නා පාරිභෝගික ජනතාවය. ඔවුන් වෙළෙඳපොළෙන් මිරිස් කරල් ලෙස හෝ කුඩු ලෙස මිලදී ගෙන මේ වන විට පරිභෝජනය සිදුකර ඇත.

ඉදිරියේදී මේ අයුරින් රටකජු, සාදික්කා, ඉරිඟු, කහ වැනි ආහාර වර්ගත්, හොර රහසේ වෙළෙඳපොළට මුදාහැරිය හොත් එය පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ඉතා බරපතළ අනතුරක් වනු ඇත.

එනිසා මෙවැනි බාල තත්ත්වයේ ආහාර වර්ග සම්බන්ධව සිදුකරන සෞඛ්‍ය පරීක්‍ෂාවන් සහ ඒවා මුදාහැරීම සම්බන්ධව රේගුව අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත ද කාර්යක්‍ෂම කළ යුතුය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles