Divaina - උරග ලෝකයේ ගැඹුර සොයා ඔස්ටේ‍්‍රලියාව පීරන ශ‍්‍රී ලාංකික පර්යේෂකයා - රුචිර සෝමවීර

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
  uraga
 
 * මුළු ජීවිත කාලයම සර්පයන්” කිඹුලන්” හූනන්” කටුස්සන් සමඟ
 
 
නොයෙකුත් හේතූන් මත ශ‍්‍රී ලංකාවේ බුද්ධිමතුන්” පර්යේෂකයන් රට හැර යෑම බොහෝ විට රටට පාඩුවක් මිස ලාභයක් නොවේ. මන්ද නිදහස් අධ්‍යාපනයෙන් උගෙන” නිදහස් සෞඛ්‍ය පහසුකම් ලබාගෙන අධ්‍යාපනය හමාර කරන මොවුන්ගෙන් වැඩිදෙනා රට වෙනුවෙන් යම් සේවයක් සලසනු වෙනුවට රට හැරයෑම මඟින් තමන් උපන් රටට කිසිදු සේවාවක් ඉන් සිදු නොවන නිසාය.
 
 මෙසේ රටින් බැහැරව පිටරටකට යන ඇතැමුන් එක්කෝ රැකියාවකට” පදිංචියකට හෝ අධ්‍යාපනය ලැබීමට හෝ යන්නන් වන අතර අධ්‍යාපනය සඳහා යන්නන්ගෙන් ඇතැමෙක් පෙරළා මෙරටට පැමිණ රට වෙනුවෙන් යළිත් සේවය කරන්නේ ද නැත්තේ නොවේ.
 
 තවත් කොටසක් විශේෂ රැකියා අවස්ථා ලැබ හෝ විශේෂ අධ්‍යාපන අවස්ථාවන් සඳහා ගොස් ලෝකයේ ‘ශ‍්‍රී ලංකා නාමය. බැබළවීමට කටයුතු කරන අවස්ථා ද විරල නොවේ. එවන් පුද්ගලයන්” කාන්තාවන්” ශ‍්‍රී ලාංකික දරු දැරියන් ලෝකය ඉදිරියේ කැපී පෙනෙන කටයුතුවල නිරත වූ ප‍්‍රවෘත්ති අප පසුගිය කාලයේදී මාධ්‍ය තුළින් අසා දැනගනිමු.
 
 අභ්‍යාවකාශ ක්‍ෂේත‍්‍රය” ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය” ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රය” නව නිපැයුම් යනාදී වශයෙන් ලොව දැවැන්තයන් හා කරට කර තම දැනුම උරගා බලමින් ශ‍්‍රී ලංකාවට ගෞරව කීර්තිය ලබාදුන් හා දැනටමත් ලබාදෙන චරිත ඒ අතර වේ. එසේම අප එතරම් නොසිතන ක්‍ෂේත‍්‍රයක කටයුතු කරමින් රටට ගෞරවයත්” තමන්ට ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම හා ලෝකයට අලූත් දැනුමත් (නව සොයාගැනීම්)
 
 සපයා දෙන අපේ පරපුරේ තරුණයකු ගැන කතාකරන්නටයි මෙවර අපගේ ‘පරිසර තීරයේ. ඉඩහසර වෙන්කරනු ලබන්නේ. ඔහු නමින් රුචිර සෝමවීරය. වඩාත් හොඳින් කියන්නේ නම් ආචාර්ය රුචිර සෝමවීරය.
 
 රුචිර” අප පළමුව හඳුනාගන්නේ ශ‍්‍රී ලංකාවේ උරගයන් පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය ලැබූ උපාධි අපේක්‍ෂකයකු ලෙසය. එකල පටන්ම ශ‍්‍රී ලංකාවේ සර්පයන් ඇතුළු උරගයන් පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කළ මෙම තරුණයා” සර්පයන් ඇල්ලීම” කටුස්සන්” හූනන්” හිකනලූන්” කබරයන්” තළගොයින්”
 
 ඉබ්බන්” කැස්බෑවන් ඇතුළු උරගයන් සමඟම කාලය ගතකරමින් පර්යේෂණ කරන” උරගයන් සමඟම දිවි ගෙවන තරුණ පර්යේෂකයකු ලෙස අප ඔහු හඳුනාගන්නේය.
 
 අනතුරුව හේ වඩාත් ප‍්‍රකට චරිතයක් බවට පත්වන්නේ මා විශ්වාස කරන පරිදි ‘ශ‍්‍රී ලංකාවේ සර්පයින්. නම් පූර්ණ තොරතුරු හා ඡුායාරූප ඇතුළත් සිංහල භාෂාව සඳහා සර්ප අත්පොත ප‍්‍රකාශයට පත්කිරීම නිසාය. 2000 වසරටත් පසුව එළිදැක්වුණු මෙම පොත ශ‍්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳව සිංහල භාෂාවෙන් හදාරන විද්‍යාර්ථීන්ට” පරිසරවේදීන්ට මහත් අස්වැසිල්ලක් වූ ග‍්‍රන්ථයක් බව ලියුම්කරුම සාක්‍ෂිය.
 
 ඉන් අනතුරුවත් උරගයන් පිළිබඳව බොහෝ දක්‍ෂ දේශකයකු” උරගුන්ගේ හැසිරීම් පිළිබඳව දක්‍ෂ පර්යේෂකයකු ලෙස ප‍්‍රකට වන රුචිර” ක්‍ෂේත‍්‍රයේ අති දක්‍ෂයන් වන ඇන්ස්ලම් ද සිල්වා වැන්නවුන් ගුරුකොට ගනිමින් ශ‍්‍රී ලංකාවේ උරග සංරක්‍ෂණය සඳහා ගත් ක‍්‍රියාමාර්ග අතිශය වැදගත් වේ.
 
uraga2විශේෂයෙන්ම” අන්තර්ජාතික වන සත්ත්ව වාර්තා රැගත් ‘නැෂනල් ජියොග‍්‍රැෆික්. නාලිකාව සමඟ එකතු වී ශ‍්‍රී ලංකාවේ උරගුන් පිළිබඳව පර්යේෂණ” වාර්තා චිත‍්‍රපට ආකාරයෙන් ඉදිරිපත් කරන්නකු (Presenter) ලෙස පසුව කටයුතු කරන ඔහු ඉන්පසු උරගයන් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය සඳහා ‘උරග ලෝකයට. එබි බැලීමේ අවස්ථාව උදාකරගනී.
 
 ඒ ඔස්ටේ‍්‍රලියාවේ පර්යේෂණ විද්‍යාඥයකු ලෙස පත්වීමත් සමඟය. වර්තමානයේ ඔස්ටේ‍්‍රලියාවේ (පර්ත්) හි පදිංචිව සිට එහි තම කාර්යාලය පවත්වාගෙන යන ආචාර්ය රුචිර සෝමවීර” ඔස්ටේ‍්‍රලියාවේ බොහෝ දුෂ්කර ප‍්‍රදේශයන්හි විෂඝෝර සර්පයන් හා පර්යේෂණවල නිරතවෙමින් හා මහාද්වීප හතරක එකවර කටයුතු කරමින් පර්යේෂණ විද්‍යාඥයකු ලෙස බොහෝ භාරදූර කටයුත්තක නියැළෙමින් සිටී.
 
 ඒ ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විද්‍යා නියෝජිතායතනයට යටතේ පවතින පොදුරාජ්‍ය මණ්ඩලයී විද්‍යා සහ කර්මාන්ත සංවිධානයේ The Commenwealth Scientific and Industrial Research Organisation) (CSIRO) පර්යේෂණ විද්‍යාඥයකු ලෙසය.
 
පසුගියදා ශ‍්‍රී ලංකාවේදී පැවති ‘නිවර්තන කලාපීය ජීව විද්‍යා සහ සංරක්‍ෂණ සංගමයේ. ආසියා - ශාන්තිකර කලාපයේ 2019 සමුළුවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටි ආචාර්ය රුචිර සෝමවීර” එම සමුළුවේ කටයුතු සඳහා ද තම සක‍්‍රීය දායකත්වය ලබාදුන් අතර එහිදී තම ගුරුන් වූ ඇන්ස්ලම් ද සිල්වා මහතා වෙනුවෙන් උපහාර උළෙලක් ද සංවිධානය කිරීමට කටයුතු කළේය. එසේ පැමිණ ශ‍්‍රී ලංකාවේ ගතකළ කෙටි කාලයේදී ඔහු ‘දිවයින. පරිසර අංශය හා තම අදහස් පළ කළ අතර මෙහි දැක්වෙන්නේ ඔහුගේ අදහස්වලින් ගොඩනැඟුනු විශේෂාංගයකි.
 
 රුචිර උපන්නේ 1981 වසරේදී කෑගල්ලේදීය. බාල සහෝදරයා ද සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගණන සිවු දෙනෙකි. අම්මාත්” තාත්තාත් දෙදෙනාම විද්‍යා උපාධිධාරීන් වූ නිසාම රුචිරටත්” මල්ලිටත් බොහෝ විට කන වැකුණේ විද්‍යාව හා මුසුවූ තොරතුරුය. නැතහොත් ඔවුන්ගේ පවුලේ ආභාෂය විද්‍යාව විය.
 
 රුචිර උගත්තේ මහනුවර නගරයේ මෙන්ම” ශ‍්‍රී ලංකාවේ ද ඉතා ප‍්‍රකට පාසලකය. ඒ මහනුවර නගරය මැද පිහිටි ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. එම විදුහලේ ඉගැනුම ලබද්දීම ඔහුගේ ලැදියාව උරගයන් වෙත ඇදී ගියේ විශේෂයෙන්ම” ඇන්ස්ලම් ද සිල්වා වැනි උරග විශේෂඥයන් විසින් පුවත්පත්වලට සම්පාදනය කළ ලිපි පරිශීලනය නිසාමය. උපාලි පුවත්පත් සමාගම මඟින් ප‍්‍රකාශිත ‘විදුසර. පුවත්පත ඇතුළු විද්‍යා ප‍්‍රකාශනවල පළවන උරගයන් පිළිබඳව ලිපි එකතු කරගැනීමේ පුරුද්දක් ඇතිකරගත් ඔහු අනතුරුව ඇන්ස්ලම් ද සිල්වා වැනි ජ්‍යෙෂ්ඨයන් ඇසුර පතමින් උරගුන් පිළිබඳව මුල සිටම උගත්තේය.
 
 එසේම ත‍්‍රිත්ව විද්‍යාලය තුළ පරිසර හා වනජීවීන් අධ්‍යයනය සඳහා පරිසර සංගමයක් ද ගොඩනඟා ගත්තේය. මේ නිසා බොහෝ පරිසර පද්ධති තුළ සැරිසරන්නට ද ඔහුට අවකාශය ලැබිණ.
 
 අනතුරුව ඔහු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට වෛද්‍ය පීඨයට යන්න තරම් වරම් හිමිකරගත්ත ද රුචිර ඇලූම් කළේ සත්ත්ව විද්‍යා පීඨයට ඇතුළු වී සත්ත්ව අධ්‍යයනය කෙරෙහිය. මාපියන්ගෙන් ද ඊට විරෝධතාවක් එල්ල නොවූ බැවින් 2000 වසරේදී රුචිර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයට ඇතුළත් විය. විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයකු ලෙස සිටි කාලය ඔහුගේ ස්වර්ණම යුගය ලෙස රුචිර හඳුන්වයි. මන්ද ක්‍ෂේත‍්‍රයේ සැරිසරමින් උරගයන් අතපත ගාමින් උන්ගේ
 
 හැසිරීම් රටා පිළිබඳව ඔහු උගත්තේ ඒ සඳහා දක්‍ෂතා පෙන්වූ තවත් සගයන් රැසක් පිරිවරාගෙනය. විශේෂයෙන්ම සත්ත්ව විද්‍යා පර්යේෂණයන් සඳහා තෝතැන්නක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්යවරුන්ගේ මඟපෙන්වීම මත ඊටම නොදෙවැනි වූ සගයන් අනුව යමින් තරගකාරීව උරගයන් (සතුන්) ගේ කටයුතු හදාළ රුචිර ඒ වනවිටත් දක්‍ෂ දේශකයකු ලෙස නමක් දිනාගත්තේය. අනතුරුව ඔහු ගෞරව සාමාර්ථයක් ද සහිතව විද්‍යාවේදී උපාධිය එහිදී හිමිකරගනු ලැබීය.
 
 ඒ අතරතුර රූපවාහිනී මාධ්‍යයේ සත්ත්ව විද්‍යා දේශකයකු ලෙස ශ‍්‍රී ලංකාවේ සත්ත්වයන්ගේ හැසිරීම් රටා උන්ගේ වැදගත්කම් ගැන ඉදිරිපත්කරන්නකු ලෙස මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට එන්නේ එම වැඩසටහනේම ශාක හා වනාන්තර පද්ධති ගැන ඉදිරිපත් කිරීම භාරව කටයුතු කළ ප‍්‍රවීණ උද්භිද විද්‍යාඥ මහාචාර්ය නිමල් ගුණතිලක මහතාගේ ආරාධනයෙනි. එතුමන් ඔහුට ලබාදුන් අවස්ථාව හා උරගයන් පිළිබඳව තමන්ට දැනුම ලබාදුන් ඇන්ස්ලම් ද සිල්වා මහතාව ද ඔහු සිහිපත් කරන්නේ භක්ති පූර්වකවය.
 
 එසේ කටයුතු කරන අතරතුර ඔහුගේ දේශනයක් දැක ප‍්‍රවීණ සත්ත්ව විද්‍යා පර්යේෂක හා විද්‍යා ග‍්‍රන්ථ සම්පාදක රොහාන් පෙතියාගොඩ මහතා ඔහුට සිංහල බසින් ‘ශ‍්‍රී ලංකාවේ සර්පයන්. පිළිබඳව ග‍්‍රන්ථයක් රචනා කිරීමට ආරාධනය කරයි. ‘වනජීවී උරුම භාරය. පිහිටුවා එකල පෙතියාගොඩ මහතා වන සත්ත්ව ක්‍ෂේත‍්‍රයේ අත්පොත් (Field Guids) කිහිපයක්ම රචනා කරන්නට එම ක්‍ෂේත‍්‍රවල ප‍්‍රවීණයන්ට අවස්ථාව ලබාදී තිබූ අතර ‘ශ‍්‍රී ලංකාවේ සර්පයන්. ග‍්‍රන්ථයේ අවස්ථාව උදාවුණේ රුචිර සෝමවීරටය.
 
 එය ඔහුගේ දිවියේ වැදගත් කඩඉමක් විය. අදටත් සිංහල බසින් සර්ප අත් පොතක් ලෙස භාවිත කරන මෙහි බොහෝ ඡුායාරූප ද රුචිරගේය.
 
 ඒ අතරතුර රුචිර විවිධ සත්ත්ව පර්යේෂණ රැසක් සඳහා වනජීවී හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලපත‍්‍ර ලබා කටයුතු කරන පර්යේෂකයකු සේ කි‍්‍රයා කළ අතර මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඔහු අලූත් සත්ත්ව විශේෂ විද්‍යා ලෝකයට හඳුන්වාදීමට කටයුතු කළ පර්යේෂකයකු නොව උරගයන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අධ්‍යයනය කරමින් නව විද්‍යා දැනුම ලොවට එකතු කරන පර්යේෂකයකු ලෙස කටයුතු කිරීමය. නිදසුනක් සේ සර්පයන්ගේ දෂ්ඨන” ඔවුන්ගේ ආහාර” ඔවුන්ගේ ජීර්ණ රටා” ආක‍්‍රමණශීලී හෝ මන්දගාමී හැසිරීම් රටා පරිසරයට හැඩගැසෙන අයුරු යනාදිය වේ.
 
 ‘අම්ම තාත්තා කියන විදිහට පොඩි කාලෙ ඉඳලම ගෙම්බො” උරගයො ගැන මට ගොඩක් ආසාවක් තිබිල තියනවා. ඒ නැතිව අපේ පවුලේ කවුරුවත් වන සත්තුත් එක්ක කටයුතු කරල නැහැ. වනජීවී හෝ පරිසර අංශවල අපේ කවුරුත් නෑදෑයො නැහැ. ආභාෂය අම්ම තාත්තා විද්‍යා උපාධිධාරීන් වීමම තමයි.
 
 කොහොම හරි සත්තු ගැන කුතුහලය දැනගන්න අම්ම” තාත්තා මට උදව් උපකාර කළා. අපි මධ්‍යම පාන්තික පවුලක්. මම මුලින්ම ගියේ කෑගල්ලෙ පොඩි පාසලකට. ඊට පස්සෙ දෙමාපියන් අමාරුවෙන් සල්ලි හොයාගෙන තමයි මාව ත‍්‍රිත්ව විද්‍යාලයට යැව්වේ. ඒක ලොකු අනාගත ආයෝජනයක් වුණා.
 
 කොහොමහරි මට මතකයි පහ වසර වගේ ඉගෙන ගන්නකොට ජගත් ගුණවර්ධන මහත්තයා (අයියා) පේරාදෙණිය උiානයට ආවා මත්ස්‍යයන් ගැන වැඩසටහනක් කරන්න.
 
 ඒකට ගිහින් මම මාළුන් ගැන ඉගෙන ගත්තා. ඒක තමයි ගේ පළමු විද්‍යාත්මක පාඩම. ඊට පස්සෙ මාළුන් අධ්‍යයනය කරන්න පටන් ගත්තා. සීයලගේ ගමේ ගිහිල්ල නෙට් එකක් හදාගෙන මාළු අල්ල අල්ල ඉන්නකොට ඒකට දියබරියෙක් අහුවුණා. ඒකෙන් පස්සේ තමයි මට උරගයන් ගැන ආසාවක් ඇති වුණේ. ‘සර්පයින් මාරයි. කියල අදහසක් මට ආවේ එදා.
 
 ඒ වගේම මගේ ඥාතියකුගෙන් ‘වාරණ. සහ ‘විදුසර. ස`ගරා වගයක් ලැබුණා. ඒ කාලයේදීම මේ දෙකේම ‘ශ‍්‍රී ලංකාවේ සර්පයින්. ගැන ලිපි පෙළක් ගියා. ඇන්ස්ලම්ද සිල්වා තමයි ලියල තිබුණේ. මේ සිද්ධි දෙකම එකම කාලයේදී සිද්ධ වුණේ. ඉතින් මට මාරම වෙනසක් දැනෙන්න පටන් ගත්තා. කවුරුත් කරන්නෙ නැති දෙයකට අතගහන්න හිතුනා.
 
 මෙහෙම වසර 2-3 ක් යනවිට සර්පයින් පිළිබඳව ප‍්‍රායෝගිකව මම කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම ඉංග‍්‍රීසි ඉගෙන ගන්න මම බි‍්‍රටිෂ් කවුන්සලයට ගියා. එතනදී මම දැක්ක ලංකාවේ සර්පයින් ගැන දේශනයක් ගැන දාල තියෙනවා ඇන්ස්ලම් ද සිල්වා මහත්තයාගේ. ඒකට මම ගියේ ඇන්ස්ලම් සිල්වා මහත්තයාගේ පත්තර ආර්ටිකල්වලින් සදාගත්ත පොතක් එක්ක. ඒ වගේම ලංකාවේ පළමු උරග - උභයජීවී ස`ගරාව” ‘ලයිරොසෙෆාලස්. කියන ස`ගරාව එදා ඔහු මට දුන්නා. ඒක මට දීල ඔහු මාව මේ ක්ෂේත‍්‍රයට උනන්දු කළා. එතකොට මම ඉස්කෝලෙ 7 වසරේ. මගේ පන්තියේ තව යාළුවෝ දෙන්නෙක් හිටිය කනිෂ්ක උකුවෙල” ඔහු දැන් සත්ත්ව විද්‍යා කථිකාචාර්යවරයෙක්. අනෙක් එක්කෙනා සේනානි කරුණාරත්න එයා දැන් සිඞ්නි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. අපි තුන්දෙනාම පසුව ආචාර්ය උපාධිය ඔස්ටේ‍්‍රලියාවේදී එකටම සම්පූර්ණ කළා. පොඩි කාලෙ ඉඳලම හිිටියෙත් එකටමයි. ඒක විශේෂ දෙයක්.
 
 විශ්වවිද්‍යාල කාලයේ අපි තුන් දෙනාම හැම සිකුරාදාම පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටියට ගිහිල්ල ඇන්ස්ලම් ද සිල්වා මහතා හමුවෙනවා. ඒ වගේම අපේ ත‍්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා විදිහට ආවා මහාචාර්ය ඩබ්ලිව්. ආර්. බ්‍රෙකන්රිජ් මහතා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප‍්‍රධානියා. මේ නිසා ත‍්‍රිත්ව විදුහලේ පරිසර අධ්‍යයන කටයුතු සඳහා විශාල ප‍්‍රබෝධයක් ඇති වුණා.
 
 අනුග‍්‍රහයක් ලැබුණා. පාසලේ ‘නැචුරල් හිස්ටි‍්‍ර සොසයිට්. එක හැදුවේ අපි. ඒක උච්චතම තැනකට ගෙනාවා. ඒ කාලෙ මැණික් දෙන පුරාවිද්‍යා රක්‍ෂිතයත් භාරදීල තිබ්බෙ අපේ පාසලට. මැණික්දෙන හිටපු සත්තු ගැන පර්යේෂණ කරලා අපි පොතක් කළා. අපිට එහිදී ආචාර්ය චන්න බඹරදෙණිය” ආචාර්ය මාධව මීගස්කුඹුර යන අය (අපේ ආදි සිසුන්) අපට විශාල ලෙස උදව් කළා. එයාල ඒ කාලෙ විශ්වවිද්‍යාල සිසුන්. ඒ වගේම ආචාර්ය මැග්වන් ජයසූරිය අපට විශාල ලෙස උදව් කළ කෙනෙක්. මේ නිසා මේ ක්ෂේත‍්‍රයෙන් අපි හරි ඉක්මණට උඩට ආවා. ඊට පසුව පාසල් කාලයේදීම ලෝක සංරක්‍ෂණ සංගමයට එක්වීමත් විශාල භාග්‍යයක් වුණා. ඔහොම තමයි අපි ඉදිරියට ආවේ.
 
uraga3ලෝක සංරක්‍ෂණ සංගමය තුළ අපි සෑහෙන වැඩ කොටසක් කළා. ජ්‍යෙෂ්ඨයන් අතර” මම පාසල් සිසුවකු ලෙස ලෝක සංරක්‍ෂණ සංගමයේ වැඩකරමින් බූන්දල ජාතික උiානයේ සත්ත්ව අධ්‍යයන කටයුතු කළා. ඇත්තටම ක්ෂේත‍්‍ර අධ්‍යයන පටන් ගත්තේ ලෝක සංරක්‍ෂණ සංගමයෙන්” අපි අලූත් තැනකට ආවේ එදා ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ ආභාෂයෙන්.
 
 කොහොම හරි මේ හැමෝගෙන්ම මට විශාල තල්ලූවක් ලැබුණා. ඉස්සරහට යන්න. 2002 දී තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. සත්ත්ව විද්‍යා විශේෂ උපාධිය හැදෑරුවා. පේරාදෙණියෙන් ඒ සඳහා ලබාදෙන පළමු ‘ගෝල්ඞ් මෙඞ්ල්. එක ලැබුණේ මට. කොහොම හරි මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොටත් සතුන්. අධ්‍යයනය පිළිබඳ ප‍්‍රකාශන රැසකටම දායකත්වය දක්වල තිබුණා.
 
 
 ඒ කියන්නෙ අපි පෙර සූදානමකින් හා දැනුවත්කමකින් තමයි මම විශ්වවිද්‍යාලයට ගියේ.
 
 උපාධි අපේක්‍ෂකයකු ලෙස ඉන්න අවස්ථාවේදීත් මම ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දෙකක් එක්ක කටයුතු කළා. කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණා මාස කිහිපයක්ම ලන්ඩන්වල ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ වැඩ කරන්න. යටත්විජිත කාලයේ ලංකාවෙන් හඳුනාගන්න සත්ත්වයින් (උරගයින්ගේ) සත්ත්ව නිදර්ශක වැඩි ප‍්‍රමාණයක් තියෙන්නෙ එතැන. ඒවා රැසක් මම අධ්‍යයනය කළා. මට එහෙදී ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකෙ ඩිජිටල් පුස්තකාලයක් හදන්න.
 
 ඒ වගේම හාවඞ් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා බෝර්නියෝ දූපතේ ජෛව විවිධත්ව අධ්‍යයනයක් කරන්න. මාසෙක විතර කාලයක.
 
 මේ අත්දැකීම් මට විශාල උදව්වක් වුණා මගේ ජීවිතේට. විශේෂයෙන්ම පළමු වතාවට ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායම් එක්ක වැඩ කරන්න. මට මේ සඳහා එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්ය මණ්ඩලය විශාල ලෙස උදව් කළා.
 
 කොහොම හරි ආපහු ලංකාවට ඇවිත් උපාධි අපේක්‍ෂකයකු ලෙස කටයුතු කරන අතරතුරම මම සගයන් සමග එකතු වෙලා ‘‘පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්වවේදීන්ගේ සංගමය. පටන් ගත්තා. බොහොම ක‍්‍රියාකාරී සංවිධානයක්. ඒ ඔස්සේ තමයි උරගයන්ගේ හැසිරීම් පිළිබඳව” සත්තු පරිසරයට හැඩගැසෙන අයුරු මම වැඩිදුර අධ්‍යයනය කළේ. මගේ මූලික පර්යේෂණය ඒකයි.
 
 කොහොමහරි පොඩි කාලෙ දියබරියා හමුවූදා පටන් මම අධ්‍යයනය කළේ උරගයින් ගැන. ඔය අතර තරුණ සත්වවේදීන්ගේ
 සංගමය මගින් ප‍්‍රකාශිත ‘නැචුරලිස්ට්. ස`ගරාවට ලියපු ලිපියක් දැකල තමයි පෙතියා ගොඩ මහත්තයා මට. ශ‍්‍රී ලංකාවේ සර්පයින්. පොත ලියන්න ආරාධනා කළේ.
 
 ඊට පස්සේ 2006 දී විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණා. 2007 දී ඔස්ටේ‍්‍රලියාවේ ‘රිචර්ඞ් ෂයින් ගේ. ලැබ් එකට මම අයැදුම් කළා. ඔහු ලෝකයේ උරගයන් පිළිබඳ විශේෂඥයෙක්. මෙම අයැදුම් කිරීමට මට ශිෂ්‍යත්ව කිහිපයක් එකවර ලැබුණා ඔස්ටේ‍්‍රලියාවට යන්න. ශිෂ්‍යත්ව ලැබීම මට ලොකු සහනයක් වුණා. මොකද අපි ලොකුවට සල්ලි තිබුණු පවුලක් නොමෙයි. මගේ පැරැණි අධ්‍යයන වාර්තා පළකළ පර්යේෂණ පති‍්‍රකා ගොඩාක් ප‍්‍රයෝජන වුණා ඔස්ටේ‍්‍රලියාවට යන්න.
 
 ඉන් පසු තමයි මම තදින්ම උරග විද්‍යාව ගැන හදාරල ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ. ඒ සඳහා මම තෝරාගත්තේ ඔස්ටේ‍්‍රලියාවේ මිරිදිය වාසී කිඹුලන්ගේ චර්යාත්මක අධ්‍යයන ගැන. අපේ ගැට කිඹුලා වගේ ඔස්ටේ‍්‍රලියාවට ආවේණික කිඹුලෙක් ඉන්නවා. ඔස්ටේ‍්‍රලියාවේ අති දුෂ්කර පළාතක් තියනවා ‘කිම්බලි. කියලා. ලංකාව වගේ කිහිප ගුණයක් විශාලයි. දුෂ්කරයි” පාරවල් නැහැ. චොපර් (හෙළිකොප්ටර්)වල හෝ බෝට්ටුවල තමයි යන්න ඕන. හරිම සුන්දර පළාතක්. විශාල අත්දැකීමක් මම ජීවත් වුණේ කැරවෑන් එකක. අවුරුදු තුනක් ඒ සුන්දර ජීවිතයේ සාර්ථක ප‍්‍රතිඵලය තමයි ආචාර්ය උපාධිය ලබාගැනීම. ඒ වෙනුවෙන් පර්යේෂණ පත‍්‍රිකා 12 ක් මම ප‍්‍රකාශනය කළා. ඒක ඔස්ටේ‍්‍රලියානුවන්ටත් අතිශය වැදගත් වුණා.
 
 රුචිර කියයි.
 මතු සම්බන්ධයි
 
 ජගත් කණහැරආරච්චි 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles