Divaina - රැකගත යුත්තේ ගැහැනු දරුවන් විතරද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

daru
 
රූත් දිල්රුක්ෂී
 අපරාධ විද්‍යාව විශේෂ 


‘‘සුදු ඇත් පැටවෙක් සුදු පියුම හොඬින් ගෙන පැදකුණු නොකළත් සිරි යහනේ පෙරුම්පුරා මා කුසට පැමිණි බිලිඳා මට රජ පැටියෙක් ජීවිතයේ නව ඇරඹුමක් සනිටුහන් කරමින් ස්ත‍්‍රියක සහ පුරුෂයකුගේ එකතුවීමෙන් පසු ඊළඟ අපේක්ෂාව බවට පත්වන්නේ මවුපියවරුන් වීමේ සිහිනයයි. ඒ අනුව දරුවකු තම පවුලට එක්කාසු වූ දින සිට මවන යථාර්ථය වනුයේ තම දරු පැටවා ඉක්මනින් ලොකු මහත්වනු දැකීමයි. රත්න ශ‍්‍රී විජේසිංහයන් විරචිත රෝහණ වීරසිංහයන් අතින් හැඩ ගැන්වුණ මෙම ගීතය මගින් නිරූපණය වන්නේ එබඳු සිහිනක ප‍්‍රාර්ථනයයි.
 
 ‘‘පුතෙකු වුවත් දුවෙකු වුවත් වෙනසක් නොමැති ආදරයකින්’’ දරුවා මව පිළිගන්නේ පවුලේ වටිනාම සම්පත බවට එතැන් සිට එම දරුවා පත්වන හෙයිනි. ජෝර්ජ් එලියට් පෙන්වා දෙන්නේ ‘‘දරුවකු යනු ආදරය සහ වගකීම පිළිබඳ නිරන්තර බැඳීමක සංකේතයක්’’ බවයි. ඒ අනුව පවුල් සංස්ථාවක තීරණාත්මක චරිතය බවට දරුවා පත්වෙයි. ලෝකය තුළ තිරිසන් සත්ත්වයා සේම මිනිසා ජීව විද්‍යාත්මක ඓන්ද්‍රියකු වශයෙන් උපත ලබයි. නමුත් තිරිසන් සත්ත්වයාට වඩා මානව දරුවා තරමක් පරිණතභාවයට පත්වන තෙක් ‘‘නොදරුවා’’ යන භූමිකාවෙහි දිගු කාලයක් ගතකරයි. එම කාල පරිච්ෙඡ්දය තුළ පවුල් සංස්ථාවෙන් හිිමිවන අපමණ මෙහෙවර දරුවා යහපත් සමාජ පුරවැසියකු කිරීමෙහිලා දායක වෙයි. එහිදී ද මවගේ සහ
 පියාගේ භූමිකාවන් අත්‍යන්තයෙන් බලපැවැත්වෙන බව සමාජ මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.
 
 වර්ෂ 1989 නොවැම්බර් 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව මගින් දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ විශ්ව ව්‍යාප්ත ප‍්‍රතිඥප්තියක් ලොවට දායාද කළ අතර 1991.07.12 වන දින මෙරට ද ඊට එකඟවීය. එම ප‍්‍රතිඥප්තිය ප‍්‍රකාරව අවුරුදු 18 ට අඩු සියලූම ගැහැනු සහ පිරිමි ‘‘ළමුන්’’ යනුවෙන් හඳුන්වනු ලබයි. ඒ අනුව ස්ත‍්‍රී පුරුෂ විෂමතාවකින් තොරව ‘‘ළමයාට’’ සියලූ ළමා අයිතිවාසිකම් හිමිවිය යුතු බව පිළිගනු ලබයි.
 
 විශේෂයෙන්ම රටක අනාගත ජීවනාලිය දරුවා වන අතර ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන සැලකිලි සහ සුරක්ෂිතතාවක් අත්කර දෙමින් ඔවුන්ගේ යහපත සැලසිය යුතුවෙයි. නමුදු අප සමාජය තුළ තවමත් පිරිමි දරුවාට සාපේක්ෂව ගැහැනු දරුවා අධික සුරක්ෂිතතාවයට ලක් කරනු ලබයි. අතීත ලාංකේය සමාජය තුළ ද එකී සමාජ තත්ත්වය පැවති අතර විශේෂයෙන් පීතෘ මූලික සමාජ ක‍්‍රමය තුළ පියාගේ රැකවරණය සහ අපේක්ෂාව යටතේ දියණියට සහ ගෘහණියට විශේෂත්වයක් හිමිවිය.
 
 දියණියක වැඩිවියට පත්වන තුරුත් ඉන් අනතුරුව විවාහ කර දෙන තෙක්ම ‘ඇයව’ ආරක්ෂා කිරීමට එකල සමාජය කටයුතු කළ අතර දියණියක සහෝදරියක ඔබට ඇත්නම් තවමත් මෙම සමාජ තත්ත්වය රැඳී පවතින බව ඔබේ පවුල තුළින්ම දැකගත හැකිය.
 
daru2අතීත සමාජයේ දරුවකු ඉපදුනාට පසුව මවගෙන් සරමක් ද කම්බායක්දැයි විමසා සිටියේ පිරිමි දරුවාට වඩා ගැහැනු දරුවා කෙරෙහි පැවැති වගකීම්වල බරපතළ බව නිසාවෙනි. පිරිමි දරුවකුගේ උපත පවුලට නිවනක් බඳුවිය. එසේ නම් එම දරුවා කොතරම් ආරක්ෂා කරගත යුතු නොවේද? නමුත් අද කනගාටුදායක වන්නේ පිරිමි දරුවා උපත ලබන විට වටිනා චරිතයක් වීමත් ඉන් පසුව ඔහුට අසීමිත නිදහසක් ලබාදීමත් සමඟ ඔහුව නොවටිනා චරිතයක් බවට පත්වීමට ඉඩහැරීමන්ය.
 
 කිසියම් පවුලක දැඩි අවධානයක් ආරක්ෂාවක් හෝ ආදරයක් විශේෂ දරුවකුට යොමුවීමේදී එය අහිමි වන අනෙක් දරුවා තුළ ඌන පෞරුෂයක් ඇතිවන බවත් එය දිගුකාලීන සමාජ ගැටලූ සඳහා හේතුවන බවත් සමාජ මනෝවිද්‍යාඥයන්ගේ අදහසය. ඇල්ෆඞ් ඇඞ්ලර් නම් මනෝ විද්‍යාඥයා හීනමාන සංකීර්ණය (inferior Complexity) මෙය වැඩිදුරටත් පැහැදිලි කරනු ලබයි.
 
 ඒ අනුව පවුල තුළ තමා නොවැදගත් පුද්ගලයකු යැයි ඉච්ඡුාභංගත්වයට පත්ව හීනමානයක් ඇතිකර ගන්නා එබඳු පිරිමි දරුවන් සමජ අපගාමීකි‍්‍රයා සඳහා යොමුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව බාල අපචාර සම්බන්ධව ලොව පුරා සිදුකරනු ලැබූ අධ්‍යයනයන්ගෙන් මනාසේ පැහැදිලි වෙයි.
 
 පවුල් ඒකකය තුළ පිරිමි දරුවාට හිමිවන අවම සුරක්ෂිතතාව යනු ඔහු බාල අපචාරවලට යොමුවීමට ඇති අවසරයක් ලෙසටත් විවරණය කළ හැකිය. මෙබඳු දරුවන් බොහෝවිට හිතුවක්කාරී ගති පැවතුම්වලින් සමන්විත වන අතර සම වයස් හෝ වැඩිමහල්
 
 පුද්ගලයන්ගේ පවා අනිසි ආශ‍්‍රයන්ට යොමුවිය හැකිය අපරාධ විද්‍යාඥයකු වූ එඞ්වින් සදර්ලන්ඞ් විසින් පර්යේෂණයකට භාජනය කරන ලද දරුවන්ගෙන් 82% ක් බාල අපරාධවලට යොමුව ඇත්තේ ඔවුන් ඇසුරු කළ සමූහවල චර්යාවන් අනුගමනය කිරීමෙන්ය.
 
 ‘‘අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වසා වැඩක් නැතැයි අපේ සමාජයේ ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. යමක් සිදුවූවාට පසුව කොතරම් හඬා වැළපුණ ද එහි හරයක් නොමැත්තේය. ගැහැනු දරුවා තරමටම පිරිමි දරුවාද සුරක්ෂිත කිරීමේ වටිනාකම පිළිබඳ දෙමාපිය අවධානය යොමුවිය යුත්තේ මේ කරුණෙහිලාය.
 
 විශ්වවිද්‍යාලය අධ්‍යාපනයෙහි ලබන අවදියෙහි දී ‘‘ළමා අපයෝජන’ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී අපහට හමුවූ සත්‍ය පුවතක් සිහිකැඳවයි. කථානායක දරුවා ‘චාමර’ යැයි හඳුනා ගනිමු. කන්තලේ ප‍්‍රදේශයේ ජීවත්වූ ඔහු අවුරුදු 12 ක දරුවෙකි. ඔහුට සහෝදරයෙක් විය. තිස් වසරක යුද්ධයෙන් අනතුරුව උතුරු ප‍්‍රදේශය තුළ සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුවිය.
 
 ඒ අනුව චාමරගේ පවුලත් එකී නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කන්තලේ ප‍්‍රදේශයේ ඉඩම් කැබැල්ලකට හිමිකම් කියන ලදී. දිනක් නිවසේ අඩුපාඩුවකට මව විසින් මෙම පිරිමි දරුවා තරමක් දුරින් වූ කඩයකට යවා ඇත්තේ සුරතල් තම කොලූපැටවාගේ ගමන් ගාස්තුව පගාව ලෙසට ටොෆි කන්නට රුපියල් 5 ක් ලබාදීමෙනි. මව ලියාදුන් බඩු සියල්ල කඩෙන් ලබා ගත් දරුවා මුදලාලිට මුදල් ලබා දුන් අතර මුදලාලි දරුවාගේ අත මිරිකා සිනහ වී ඇත. එය විහිළුවකැයි සිතා දරුවා යළි නිවසට පැමිණ ඇත. මේ පරිදිම යළිදු දවසක මවගේ ඉල්ලීමට එම වෙළෙඳසැලට ගිය දරුවාගේ අත ක්‍ෂණිකව තදින් අල්ලාගත් මුදලාලි විසින් වෙළෙඳසැල ඇතුළෙහි අඳුරු කාමරයකට ඇදගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇත.
 
 සිද්ධිය කිසිවකුටත් හෙළි නොකර සිටීමට තර්ජනය කළ මුදලාලි අමතර රුපියල් 100 ක් දරුවාගේ අත තබා ඇත. ඉන්පසුව ඔහු දරුවා පිටත්කර හැරියේ එම සිදුවීම රහසක් ලෙස තබා ගන්නා බව දරුවාට පවසමිනි. මෙම දරුවාට මෙම වෙළෙඳ සැලට යළිඳු වරක් යෑමට සිදුවූ අතර පෙර පරිදිම අයෝජනයට ලක්විය. පසුකාලීනව මෙම දරුවා තමාට එය ඇබ්බැහිගත චර්යාවක් වූ අතර තමාට ලබාදෙන රුපියල් 100 හේතුවෙන් එයට කැමැත්ත පළකර ඇත. එක් දිනකදී මළපහ කිරීමේ අපහසුතාවක් නිසා රෝගී වූ දරුවා තමාට මුදලාලි විසින් සිදුකරන ලද සියල්ල තම මවට හෙළිකරන ලදී.
 
 මවගේ පැමිණිල්ල අනුව පොලිස් විමර්ශනයක් හරහා අපයෝජකයා අත්අඩංගුවට ගන්නා ලදී. අධිකරණ වෛද්‍ය විමර්ශනවලදී මෙම දරුවා අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය විය.
 
 අප සමාජය කවදත් ගැහැනු දරුවන් ගේ ආරක්ෂාව පිළිබඳ පමණට වඩා බියවූ අතර පිරිමි දරුවා පිළිබඳ එතරම් නොතැකීය. නිවසේ හදිසි අවශ්‍යතාවකදී තම පිරිමි දරුවා කඩපිලට හේනට, කුඹුරට තනිවම යවන මවුවරුන් තවමත් අප සමාජයේ වෙසෙන අතර එම මවුවරුන් කිසිවිටෙකත් තම දරුවාට මෙබඳු අපරාධයක් වෙතැයි නොසිතති. ගැහැනු දරුවකුට වඩා පිරිමි දරුවකු අපයෝජනයට ලක්වීමේදී එහි විපාක දරුණු වෙයි.
 
 තම පියා විසින් අපයෝජනයට ලක් කළ අවුරුදු 9 ක තරම් කුඩා දරුවකු පිළිබඳ පරිවාස නිලධාරිනියකගේ අත්දැකීමක් පිළිබඳව තොරතුරු ලදිමි. එම දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව සිටි අතර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත. පියා විසින් දිගුකාලීනව මෙම දරුවා අපයෝජනයට ලක්කිරීමේ විපාක වශයෙන් මෙම දරුවා බාහිර වශයෙන් පරිණත පුද්ගලයකුගේ චර්යාවක් රඟ දැක්වූ අතර අභ්‍යන්තරික වශයෙන් පියා සමඟ සමලිංගික්වයට රුචිකත්වයක් දක්වන බව හෙළිදරව් විය.
 
 කුඩා දරුවකුගෙන් මෙවැන්නක් පිළිබිඹු වීම බරපතළ ව්‍යසනයක පෙර නිමිති පහල කරන්නකි. දිගු කලක් එම ක‍්‍රියාවට භාවිතය වීම තුළ එය සාමාන්‍යකරණය විය. මේ තත්ත්වය මානසික සංසිද්ධියකි. කුඩා කලදී එබඳු අපයෝජනයන්ට ලක්වූ සහ ඇබ්බැහි වූ දරුවන් පසුකාලීනව ලිංගික අපරාධකරුවන් වීමේ ප‍්‍රවණතාවක් පවතින බව අපරාධ විද්‍යාඥයන්ගේ මතයයි.
 
 ඔර්ඩසි ්‍යසරිජයස නම් සමාජ විද්‍යාඥයාට අනුව සමාජ බැඳීම් අකර්මණ්‍ය වීම තුළ සමාජ විරෝධීන් බිහිවීමේ සම්භාවිතාවක් පවතී. ඒ අනුව පවුල් ඒකකය තුළ මවගේ සහ පියාගේ නිසි ආදරය රැකවරණය ගැහැනු දරුවාට මෙන්ම පිරිමි දරුවාටද අත්‍යවශ්‍යය. ලබා දිය යුතු ආදරය හා රැකවරණය පරිමාව පිළිබඳ ෆරැන් කොයිස් රොඩෙල්ස්ගේ පහත ප‍්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ‘‘දරුවකු යනු පිරී ඇති භාජනයක් නොව උණුසුම්වීමට අවශ්‍ය ගින්නකි.
 
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles