Divaina - සතරඝෘර්ධිපාදයන් වඩන්නාගේ ආයුෂ දීර්ඝ වේ - මහරහත් වැඩි මඟ ඔස්සේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka



maharahat

රාජගිරියේ අරියඤාණ හිමි

 

දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා.

භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප‍්‍රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්‍ෂුව එහෙම ප‍්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි ඇති කොටගත්තා වූ මෛති‍්‍ර චිත්තය එම වයෝවෘද්ධ අම්මාගේ ආයුෂය දීර්ඝ වීමට කුසල් ධර්මයක් වෙන නිසාවෙයි.

පිංවත් සත්පුරුෂ ඔබ, තවත් කෙනකුට දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරන්න ප‍්‍රාර්ථනා කරන්න අකැමැති වෙන්න ලැජ්ජාවෙන්න එපා. පිංවත් ඔබ තවත් කෙනකුට ප‍්‍රාර්ථනා කරන දීර්ඝායුෂය ඔබේ දීර්ඝායුෂය පිණිසමයි හේතුවෙන්නේ. පිංවත් ඔබට පුුළුවන් නම් මේ මුළු රටේම ජනතාව, මේ මුළු ලෝකයේම ජනතාව එකමොහොතේ සිහියට නඟාගෙන, සියලූම ජනතාවට දීර්ඝායුෂ ලැබේවා කියලා. මෙත් සිතින් සිතන්න. එසේත් නැතිනම් දස දිශාවේම සත්වයන් සිහියට නඟාගෙන, සියලූම දිව්‍ය, බ‍්‍රහ්ම, මනුෂ්‍ය, සතර අපා සත්ත්වයන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා මෙත් සිතින් සිතන්න. ඒ සෑම සිතුවිල්ලක්ම මෙත් සිතින් දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කළ පිංවතාට, දීර්ඝායුෂ පිණිසමයි හේතුවෙන්නේ.

අනුනට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කොට එම කුසල් සිතේ ශක්තියෙන් තමන්ට දීර්ඝායුෂ ලබන ධර්මයක් තමයි, මේ උතුම් සම්බුදු ධර්මය.

භික්‍ෂුව මුණගැසෙන්නට පැමිණි මහත්මයෙක්, ප‍්‍රකාශ කළේ මගේ අල්ලපුගෙදර මනුෂ්‍යයාගේ මුහුණ දකිත්දී මට කේන්ති යනවාය කියලා. පවුලේ ඥාතීන් දකිත්දී, ආයතනයේ ප‍්‍රධානීන් දකිත්දී, තමන්ගේ ව්‍යාපාරික තරගකරුවා දකිත්දී, තමන්ට වඩා දක්‍ෂයන් දකිත්දී, කේන්ති ගන්න පින්වතුන්ලා සමාජයේ අප‍්‍රමාණව සිටිනවා. මෙවැනි පින්වතුන් තමන් කෙරෙහි අනුකම්පාවෙන් තේරුම් ගන්න ඕනේ, අනුන් කෙරෙහි ඇති කොටගත්තාවූ මේ කේන්තිය, තමාගේ ආයුෂය හීනවීම උදෙසාම හේතුවෙනවාය කියලා.

මහා සංඝරත්නය වන අපගේ, ආයුෂය වර්ණය, සැපය, භෝග සම්පත් සහ බලය වර්ධනය කොට දෙන ධර්මතාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ගේ ශක්තිය ජීවිතවලට එකතු කොට ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ, තම ශ‍්‍රාවකයන් වන අපට දේශනා කොට තිබෙනවා තම පියාණන්ගෙන් උරුම වූ හැසිරීමට අදාළව, අපිට හැසිරෙන්නය කියලා. අපගේ පියාණන් වන බුදුරජාණන්වහන්සේගෙන් අපට ලැබුණු පිය උරුමයේ හැසිරීම වෙන්නේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ට අදාළව ජීවත් වීමයි.

මහා සංඝරත්නය වන අපගේ ආයුෂය වැඞීම පිණිසත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය වැඞීම පිණිසත්, බුදුරාණන් වහන්සේ දේශනා කරන එකම ධර්මය වන්නේ ඡුන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන සතරඝෘද්ධිපාද ධර්මයනුයි.

maharahat1මහා සංඝරත්නය වන අපි, කුසල් ධර්මයන් කෙරෙහි ඇති කොටගන්නා ඡුන්දය හෙවත් කැමැත්තත්, ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වුණාවූ උජුපටිපන්න ගුණය කෙරෙහි ඇති කොටගන්නා වූ වීර්යයත් උතුම් ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වුණා වූ විදර්ශනාමය චිත්තයත් මේ සියලූ ධර්මතාවන් අනිත්‍ය වූ ධර්මතාවයන් බව විනිවිද දකින විමංසාවත කියන සතරඝෘර්ධිපාද ධර්මයන් වඩන්නාගේ ආයුෂය, දීර්ඝ වෙන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

උතුම් රහත්ඵල අවබෝධය නොලැබූ, සෑම ගිහි, පැවිදි, පිංවතෙක්ම, සතර ඝෘර්ධිපාද ධර්මයන් වැඞීමේදී කුසලයෙන් පෝෂණය වුණා වූ සංස්කාරයන්ගේ ශක්තිය ජීවිතයට එකතු කොට ගන්නවා.

ගෞරවනීය සංඝ සමාජයේ අපි සිතෙන්, කයෙන්, වචනයෙන්, කුසල් ධර්මයන් කෙරෙහිමයි. කැමැත්ත ඇති කොට ගත යුත්තේ, අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ලෝභ සිත් ඇතිකොට ගත යුතු නැහැ. මේ උතුම් පැවිදි ජීවිතය කෙරෙහි පැවිදි ජීවිතයේදී අපි ලැබූ අධ්‍යාපනය, පදවි, තනතුරු, සිව්පසය, කෙරෙහි ලෝභ සිත් ඇති කොටගත යුතු නැහැ.

ඉහත සෑම ධර්මතාවයන්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්, විදර්ශනාවෙන් විනිවිද දකින්න. එවිට අපි තුළ වැඩෙන්නේ දීර්ඝායුෂයට අදාළ සතරසෘර්ධිපාද ධර්මයන්මයි.

අපගේ පිංවත් මාතෘ භූමියේ ජීවත් වෙන ජනතාවගේ, ආයුෂය වේගයෙන් අඩුවෙන දිශාවටයි ගමන් කරන්නේ, ඒ වග්මයි අඩු ආයුෂයෙන් මිය යන ළමා, තරුණ, මධ්‍යම, මරණ මාර්ග අනතුරු හේතුවෙන් වැඩිවෙලා තිබෙනවා.

සමාජය ඉදිරියේ අභියෝගයක්ව මතුවෙන ආයුෂ හීනවීමට එකම ධර්මානුකූල විසඳුම වෙන්නේ සතරඑර්දිපාද ධර්මයන් වැඞීමට අනුබල දෙන සමාජයක් බිහි කිරීමයි.

නමුත් වර්තමානයේ අපේ රටේ කුමක්ද සිද්ධ වෙන්නේ, කුසල් ධර්මයන් සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයන් පෝෂණය නොකර, අකුසල් ධර්මයන් මිච්ඡුා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ම පෝෂණය කරනවා. එහි අවසාන ඵලය හැටියට සමාජගතවෙලා තිබෙන්නේ, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුකමයි.

බරපතළ ආකාරයෙන් සමාජගත වී ඇති මේ දුක නිවන්න අලූත් රාජ්‍ය නායකයෙක් පත් කොට ගැනීමේ ලොකු සූදානමක් රට තුළ පෙළගැසෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයෝ ධර්මයෝම වඩත් කියලා, ඒ වගේමයි අධර්මයෝ අධර්මයෝම වඩත්ය කියලා. පින්වත් ගෞරවනීය ඔබලාගේ කණ්ඩායමේ, මැතිවරණ කි‍්‍රයාන්විතය ඉහත ධර්මයන් දෙකෙන්, කුමකටද අයිති වෙන්නේ කියලා. සත්පුරුෂභාවයෙන් සිතා බලන්න ඕනේ.

අධර්මයේ දුර්ගන්ධයෙන් අපවිත‍්‍ර වී යන මවුබිමට ධර්මයෝ ධර්මයන්ම වැඩෙන්න නම්, මේ උතුම් සතරඝෘර්ධිපාද ධර්මයන්ගෙන් ජනතාවට පූර්වාදර්ශයක් දිය හැකි, රාජ්‍ය නායකයකුගේ සම්ප‍්‍රාප්තිය, රටට අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තිබෙනවා.

වර්තමානයේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ, තවත් රාජ්‍ය නායකයෙක් පමණක්ම නොවේ, වර්තමානයේ රටට අවශ්‍ය මේ රටේ බෞද්ධ, කි‍්‍රස්තියානි, ද්‍රවිඩ, මුස්ලිම්, ජනතාවට මාතෘත්වයෙන්, පීතෘත්වයෙන් තම යුතුකම් ඉටුකරන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්.

ඒ අම්මා, තාත්තා තුළ මේ රටේ සෑම ජනවර්ගයක් කෙරෙහිම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ගුණයන්ගේ රැකවරණය තිබෙන්නට ඕනේ.

මේ මව්බිමේ නිදහස බලවත් අනතුරකට පත්වී ඇති වර්තමානයේදී ඉදිරියේ එළැඹෙන රාජ්‍ය නායකයා තෝරන මැතිවරණය, විවෘතවම ඇත්ත සහ බොරුව අතර තරගයක් වෙනවා ඒකාන්තය. භික්‍ෂුව ඉහත කාරණය සටහන් තැබීමෙන් කිසිම පාර්ශ්වයක් භික්‍ෂුව සමග අමනාප නොවිය යුතුය. පින්වත් ඔබ කළයුතුව ඇත්තේ, බොරුවෙන් බැහැරවී, ඇත්ත වෙනුවෙන් පෙනී සිටීම පමණක්මය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, රජතුමාගේ මංගල හස්තිරාජයා, සංග‍්‍රාම භූමියේදී සතුරන් සමග සටන් වදින්නේ, තම හොඬවැලේ ආරක්‍ෂාව උදෙසා, හොඬවැලේ අග කොටස මුඛයේ දමාගෙන, ජීවිත ආශාව ඇතිවය කියලා.

නමුත් රජතුමාගේ මංගල හස්තිරාජයාට දැනුණොත් , සංග‍්‍රාම භූමියේදී තම පාර්ශ්වය පරාජය ලබනවා කියලා. රජතුමාගේ මංගල හස්තිරාජයා තම ජීවිත ආශාව අතහැර හොඬවැලම උපයෝගී කොටගෙන යුද වදිනවාය කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ උතුම් මවුබිම අසරණකොට දැමීමට, දරදිය ඇද්ද සියලූම ගෞරවනීය පින්වතුන්ලා, සත්‍ය ගරු කරන ජනතාව ඉදිරියේ පරාජයේ සෙවණැලි දැක, රජුගේ මංගල හස්තිරාජයා පරාජය ඉදිරියේ ජීවිත ආශාව අතහැර, තම පාර්ශ්වයන් වෙනුවෙන් සටන් කරනවා වගේම, වැදගත් ගෞරවනීය, මහත්මා මනුෂ්‍ය ජීවිතයක් සතුවිය යුතු සියලූම මනුෂ්‍ය ධර්මයන්, ගුණධර්මයන්, සදාචාර ධර්මයන්, සත්‍යවාදී ගුණයන් කෙරෙයි, ආශාව අතහැර, හෙට දවසේ, අකුසල් මූලයන් ඉදිිරියේ අකුසලය උදෙසාම
පෙළගැසෙනු ඇත.

පින්වත් ඔබලාගේ ආයුෂය දීර්ඝ කරන සතරඝෘර්ධිපාද ධර්මයන් ගැන සටහන තබත්දී, ඉදිරි මැතිවරණ සූදානමට අදාළව ඉහත සටහන තැබුවේ, රටට අවංක බව ආදරය කරන, සියලූම ගෞරවනීය රටවැසි පිිංවතුන්ලාට, සමාජගත වෙන වංචාකාරී ධර්මයන් ඉදිරියේ පින්වත් ඔබලාගේ ආරක්‍ෂාව, උදෙසා, සතරඝෟර්ධිපාද ධර්මයන්ම ජීවිතයට එකතුකොට ගන්න කියන කාරණය මතක්කොට දෙන්නයි.

මෙය සටහන් තබන භික්‍ෂුව කොහේ වැඩසිටියත්, සෑම උදෑසනකම, සෑම රාති‍්‍රයකම, බොරුව සහ ඇත්ත වෙනුවෙන්, පෙනී සිටින සෑම පාර්ශ්වයකම පින්වතුන්ලාටම, මෙත් සිතින් ආශිර්වදා කරනවා. සියලූම සත්වයෝ සුවපත් වේවාය කියලා.

භික්‍ෂුව බොරුව සහ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින දෙපාර්ශ්වයටම සුවයක් වේවා යැයි කියලා මෛති‍්‍රය වඩන්නේ එම මෙත් සිතේ කුසල් බලයෙන් ඇත්ත ජය ගැනීම උදෙසාමයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචඋපාදානස්කන්ධ මාරයා සමග කටයුතු කිරීමේදී, ආවේගශීලීභාවයෙන් තොරව, සිහිනුවණින් කටයුතු කරන්නය කියලා.

බොරුවට වෛරකරලා කවදාකවත්, සත්‍යය දිනන්න බැහැ. පින්වත් ඔබ බොරුවට වෛර කළොත්, ඔබත් බොරුවක් කරන කෙනෙක් බවටයි පත්වෙන්නේ. බොරුව කියන්නේ, පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේම හේතුඵල ධර්මයක්ය කියලා උපේක්‍ෂාවෙන්ම දකින්න අවශ්‍යයි.


ලබන සතියට


 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles