Divaina - ගොඩනැගිලි ආකෘතිය දෙස බලා, බුද්ධ දේශය යැයි තීරණය කිරීම මෝඩ කමකි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


goda

* සංවාදයට එන අයත් බුදු දහම විකෘති කරනවා 04

කොත්මලේ කුමාර කස්සප හිමි

මෙම ලිපිය පසුගිය 29 වැනි ඉරිදාද පළවූ අතර නැවත එම ලිපිය පළකරන්නේ එම ලිපියේ සඳහන්ව තිබූ ඇතැම් කොටස් මුද්‍රණ දෝෂයක් හේතුවෙන් මගහැරී තිබූ නිසාය. පාඨකයාට සිදුවූ අපහසුතාව ගැන කනගාටුව අයදිමු.

2019 සැප්තැම්බර් 8 වැනි ඉරිදා වාරියපොළ ධම්මගවේශී හිමියන් විසින් අසරණ බෞද්ධයන්ට පිළිසරණක් වීම පිණිස යැයි ඉදිරිපත් කරන නාමික, මධ්‍යස්ථ ලිපියට පිළිතුරක් ලෙස මෙම ලිපිය ලියන්නට සිත්විය. මෙය හුදෙක්ම ලියා තබනුයේ තර්ක කිරීම පිණිස නොව ලිපියේ විමසා ඇති ගැටලූ සාමාන්‍ය ජනතාවටත් ඇතිවන ඒවා වන නිසාත් අනවබෝධයෙන් කරුණු විමසන්නන් ඊනියා මධ්‍යස්ථ දෘෂ්ටිග‍්‍ර‍්‍රහණයෙන් වළකාලීම සඳහාත්ය. අප ලිපිකාර හිමියන් මුලින්ම සිදුකොට ඇති ප‍්‍රකාශනය පිළිබඳව මට පළමුව විමසීමට දෙයක් ඇත. උන්වහන්සේ මධ්‍යස්ථ මතයක් කියන බවක් හැඟවීම පිණිස අප යොදාගත් ශ‍්‍රමණ ප‍්‍රතිරූපක යන වචනය ද්වේශ සහගත ප‍්‍රකාශයක් ලෙස හා සිසිර මහත්මා දක්වන අරිහතුන් යන්නත් යම් විවේචනයකට ලක් කරයි. ප‍්‍රතිරූපක යනු ද්වේශ සහගත වචනයක් දැයි මම නොදනිමි. නමුත් මට පසුගිය ලිපියෙන් ගම්‍ය කිරීමට අවශ්‍ය වූයේ විනයානුකූල පැවිද්ද අහිමිය යන අර්ථයක් විනා දෝෂාරෝපණයක් නොවේ.

සමිතපාපී පුද්ගලයා හෙවත් රහතන් වහන්සේ ශ‍්‍රමණ යනුවෙන් හඳුන්වන බවට බුදුරජාණන් වහන්සේම දේශනා කළ සූත‍්‍ර අපට දක්නට හැකිය. මීවනපලානේ සිරිධම්මාලංකාරයන් අගවනා පරිදි ඔහු අරිහත්ය. නමුත් අප ලියුම්කාර හිමියනුත් තම ලිපියේදී මීවනපලානේ ධම්මාලංකාරයන්ගේ අරිහත්වය වැරදී බව කියා සිටියි. එසේනම් ඔබවහන්සේට අනුවද මීවනපලානේ ධම්මාලංකාරයන් රහත් නොවී රහතෙකු ලෙස පෙනී සිටින්නෙකි. එසේ නම් හිමියනි, ඒ අර්ථයෙන් ඔබ වහන්සේගේම අදහසට අනුව වුවද අරිහත් නොවී අරිහත් ලෙස පෙනී සිටින්නා ශ‍්‍රමණ ප‍්‍රතිරූපකයෙක් කීම වරද නැත.

එමෙන්ම හිමියනි, සාමණේරයෙක් පාරාජිකා වීමට අවැසි දස පාරාජිකා ඔබ වහන්සේ දන්නවා ඇතැයි සිතමි. පාරාජිකාවකට පත්වූ සාමණේර කෙනෙකුගේ හා ගුරුවරුන් විසින් නෙරපා හැරි සාමණේරයකුගේ පැවිද්ද නැතිවන බවද ඔබ වහන්සේ විනය හදාල කෙනෙකුන් නම් දන්නවා ඇත. එසේම ථෙය්‍යසංවාසක නම් පුද්ගලයා පැවිදි උපසම්පදාව ලබා සියක් වස් ගියද ඔහු ගැන දැනගත් දිනයේදීම සිවුරු හරවා යැවිය යුතු බව බුද්ධ පඤ්ඤත්ති විනයයි. එසේ නම් ඒ සියලූ කරුණුවලට හසුව ඇති මීවනපලානේ සිරිධම්මාලංකාරයන් ප‍්‍රතිඥා කරන ශ‍්‍රමණ බව ප‍්‍රතිනිරූපණයක් නොවන්නේ කෙසේදැයි ඔබවහන්සේගෙන් පළමුව ප‍්‍රශ්න කරනු කැමත්තෙමි. එසේම සද්ධම්ම පතිරූපක හිස් පැවිද්දන් ගැන, මුලින්ම දේශනා කළෝ නම් මාගේ ශාස්තෲ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. එය ඔබ වහන්සේටම සද්ධම්මපතිරූපක සූත‍්‍ර මගින් දත හැකිය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ඒ ප‍්‍රතිරූපක හිස් පැවිද්දන් ගැන දේශනා කළේ ද්වේශයෙන් නොවන බවටද සලකනු මැනවි. මම බුදුරාජාණන් වහන්සේ සේ සිත් ඇත්තෙකැයි නොකියමි. නමුත් ප‍්‍රතිරූපකයන් ප‍්‍රකෘති භික්‍ෂූන් ලෙස සැලකීමට ද එතරම් රුචි නොකරමි. එමෙන්ම ශ‍්‍රමණ ප‍්‍රතිරූපක යන්න මම දැක්වූයේ ප‍්‍රතිරූපකයකට ප‍්‍රතිරූපකයක් නොකියා වෙනත් දෙයක් කීමට අනවශ්‍ය බව හැඟුන නිසා මිස ද්වේශ ප‍්‍රකාශනයක් ලෙස නොවේ. ඒ නිසා තම ඊනියා මධ්‍යස්ථ බව හැඟවීමට, අනවශ්‍ය දේ, මින් මතුවටත් ශාස්තී‍්‍රය සාකච්ඡුා සඳහා යොදා නොගනු ඇති බව අප විශ්වාසයයි.

එසේම මීළඟට දක්වන කරුණද විද්වත් ඕනෑම සමාජයක් විසින් ප‍්‍රතික්ෂිප්ත වන ප‍්‍රාථමික අදහසකි. මගේ වයස 27 ක් වන නිසා හා මීවනපලානේ සිරිධම්මාලංකාරයන් 70 ක වයසක කෙනෙක් නිසා විවේචනයට සදාචාරාත්මක අයිතියක් නැති බව කීම කොතෙක්දුරට යුක්ති යුක්තවේදැයි විමසිය යුතුව ඇත.

එහිදී මා විසින් ගවේෂණය නොකළ දෙයක් හා මීවනපලානේ සිරිධම්මාලංකාරයන් ගවේෂණය කොට බුදුන්ගේ දේශය ගැන කියන බවක් ද කියා ඇති මුත් මෙම ලියුම්කාර හිමි නම කිසිම කලෙක මාගේ ගවේෂණය ගැන හෝ මම ඒ පිළිබඳව අධ්‍යයනය කර ඇති සීමාව මගෙන් විමසා නැතිවාක් මෙන්ම උන්වහන්සේ ඒ ගැන දන්නේද නැත. එහෙයින් එතන උන්වහන්සේ දන්නා එකම ස්ථාවර කරුණ නම් මගේ වයස හා මීවනපලානේගේ වයසය. වයස අනුව දැනුම හෝ කරුණක සත්‍යාසත්‍යතාව මනින ඔබ වහන්සේට මම කිසිත් නොකියා ධම්මපදයෙහි එන ගාථා දෙකක් පමණක්ම උද්ධෘත කොට දැක්වීමට කැමත්තෙමි.

‘න තේන ථෙරො හොති - යෙනස්ස පලිතං සිරො
පරිපක්කෝ වයො තස්ස - මොඝජිණ්ණෝති වුචචති’


හිස කෙස් පැසුණු පමණින්ම ස්ථවිර නමක් නොවේ. ඔහුගේ වයස මුහුකුරා ගියා පමණි. (ඔහුට) හිස් මහල්ලා යයි කියනු ලැබේ.

‘න මුණ්ඩකේන සමණො - අබ්බතො අලිකං භණං
ඉච්ඡුා ලෝභසමාපන්නෝ - සමණෝ කිං භවිස්සති?’

ශීලයක් නැති බොරු කියන පුද්ගලයා හිස මුඩු කළ පමණින් මහණෙක් නොවේ. නොයෙක් දේ ලබන ආශාවෙන් හා ලැබූ දෙයට ඇලෙන ලෝභයෙන් යුතු පුද්ගලයා කෙසේ නම් ශ‍්‍රමණයෙක් වේද? නිවන ගැන හා ලංකාවේ ඉතිහාසය ගැන ගවේෂණාත්මක අධ්‍යයනයක නිරත වූ ඔබවහන්සේ ඉදිරිපත් කොට ඇති කරුණු සමුදාය දෙස බලන විට අධ්‍යයනයේ තරම කෙසේදැයි අපට සිතා ගැන්ම එතරම්ම අසීරු නොවේ. ඉන්පසුව ඇති ගැටලූව ‘පති ආරච්චි’ නම් කෙනෙක් පුරාවිද්‍යා ගවේෂකයෙකු ලෙස දක්වා තිබීමය. මම දන්නා පරිදි එනමින් සිට සෙල්ලිපි කියවන පුද්ගලයා ලොරි රථ රියැදුරෙකි. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රය තුළ සපුරා නැති ඔහු පුරාවිද්‍යා ගවේෂකයෙකු ලෙස දැක්වීම නම් එතරම් සුදුසු නොවන බව අප හැඟීමයි.

එය තෙරුන් වහන්සේම සඳහන් කරයි. එය එසේනම් බුද්ධඝොෂ තෙරුන් අටුවා ගිනිතිබ්බ බවක් ඇති පොතේ ඒ සිද්ධිය ද බොරුවකි. මෙබදු බොරු ගොඩක් ඇති පොතක එන කරුණු මත බුද්ධඝොෂ තෙරුන් හෙළ අටුවා ප‍්‍රධාන අනෙක් පොත් ගිනිතිබ්බා යැයි යමෙකු තීරණය කරන්නේ නම් ඔහුගේ බුද්ධිය පිළිබඳව මහත් ගැටලූවක් පැන නගී.

11. 14 වන කරුණේදී දේවානම්පියතිස්ස රජුගේ අවධානය මහියංගනය ආදී සෑ කෙරෙහි නොලැබුණේ මන්ද? දැන නොසිටියේ මන්දැයි ප‍්‍රශ්න කෙරෙයි. එයට විවිධ හේතු බලපෑ හැකිය. තෙවරක් බුදුරජාණන් වහන්සේ වැඩමකළ පමණින් ලක්දිව සිටි සියල්ලෝම මග ඵල ලැබූ බව කිව නොහැකිය. එසේම බුදු දහම සඳහා රාජ්‍ය අනුග‍්‍රහයක් බැදු දහම වෙත ලැබී නොතිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. ඇතැම් විට ඇතැම් ප‍්‍රදේශවල බුදු දහම පවතින්නට ද ඇත. එක එල්ලේ එය එසේ නොවේ යැයි කිව නොහැකිය. නමුත් බුදු දහම මහා පරිමාණයෙන් ව්‍යාප්තව තිබූ බවට කිසිදු සාධකයක් ද දක්නට නැත. සාධක විරහිතව යම් නිගමනයකට බැස ගැසීම ශාස්තී‍්‍රය නොවන බව අප ලියුම්කාර හිමියන්ටත් මතධාරී සියල්ලන්ටත් විශේෂයෙන් සිහිපත් කළ යුතුය. 12. 15 වන කරුණ දිව්‍යලෝකය හා මනුෂ්‍ය ලෝකය ගැන අනවබෝධයෙන් කරන ප‍්‍රශ්න කිරීමකි. සෝවාන් සුමන සමන් දෙවියන් සිටියදී මිහිදු හිමියන් එන විට බුදු දහම අතුරුදන් වූයේ කෙසේ දැයි ධම්ම ගවේශී හිමියන් ප‍්‍රශ්න කොට ඇත. අනාගාමී ඝටීකාර බ‍්‍රහ්මයා බ‍්‍රහ්ම ලෝකය් සිටියත් කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මෙලොවින් අතුරුදන්වූ බව අප දන්නා දෙයකි. එයට හේතුව මෙලොව හා බඹ ලොව ලෝක දෙකක් වීමය. අනාගාමී බ‍්‍රහ්මයකුත් සිටියදී ධර්මය විනාශ වුණේ කොහොම දැයි යම් විතන්ඩවාදියකුට නම් ගැටලූවක් ඇතිවිය හැකිය. එසේ වන්නේ මෙම භූමි නානත්වය ගැන ඔහුගේ දැනුමේ මද කමක් නිසා බව කරුණු දන්නා ඕනෑම කෙනකුට තේරුම්ගත හැකිය. මෙතනත් ඇත්තේ එයමය. සුමන සමන් යනු දෙවියෙකි. දිව්‍යලෝකය හා මනුෂ්‍ය ලෝකය වෙන් කර ගත්තා නම් උන්වහන්සේට මේ ගැටලූව ඇති නොවනු ඇත. මිහිදුමහරහතන් වහන්සේ වැඩමකළේ දෙවියන්ට බණ කීමට වඩා මිනිසුන්ට බණ කීමටයි. ඒ නිසා දෙවියන් සෝවාන්ව සිටිය ද එය මනුෂ්‍ය තලයට අදාළ නැත.

13. 16 හා 17 වන කරුණ ලෙස ධම්ම ගවේශී හිමි දක්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් වැඩි කලක් නොපැවැත්වුණු බුදුදහම මිහිදුමහරහතන් වහ්නසේගේ වැඩමවීමෙන් දෙදහස් ගණනක් පැවතියේ කෙසේද යන ප‍්‍රශ්නයයි. මිහිදුමහරහතන් වහ්නසේ මෙහි ම වැඩසිට රාජ්‍ය තන්ත‍්‍රයේ ඉහළ සිට සමාජයේ පහළටම ධර්මය දේශනා කළ අතර ම ලක්දිව ම උපන් කුමරුන් මෙරට ම පැවිදි කිරීම තුළින් මෙහි ක‍්‍රමවත් පදනමක් දැමූහ. ඒ නිසා ම මෙහි ධර්මය චිරස්ථායී විය. උන්වහන්සේ පරිනිර්වානය තෙක්ම මෙහි වැඩ සිටි සේක. ඒ නිසා ඉතාම සුදුසු කල මේ ලක්ධරණීතලය තුළ බුදුරජාණන් වහන්සේගේ ශාසන ධර්මය ප‍්‍රතිෂ්ඨාපනය වූ බව සිතිය හැකිය.

14. 18 වන කරුණ බුද්ධ ගයාවේ ආකෘතිය ගැන ගැටලූවකි. ගොඩනැගිලි ආකෘතිය දෙස බලා, යමක් බුද්ධ දේශය යැයි තීරණය කිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම අතිශය අශාස්තී‍්‍රය ක‍්‍රමයකි. එය කාලනිර්ණය, ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යාවේ පරිණාමීය ලක්ෂණ, හා සමාජ පරිවර්තන, ඉතිහාසය, භාෂාව හා වාග් විද්‍යාව ආදී මූලික පදනම් රාශියක් ඔස්සේ විමසීමෙන් තීරණය කළ යුතු දෙයකි. එය ලංකාවේ තියන කෝවිලක් වගේ, කියා කෙනකුට හිතුන පමණින් තීරණය කළ නොහැකිය. ඒ සඳහා භාරතීය ස්ථූපයේ ක‍්‍රමික විකසනය, ඉදිකිරීම් හා ගොඩනැඟිලි විකසනය, සංස්කෘතික සංස්පර්ශයන් ආදී විවිධ දේත් පුරාවිද්‍යා කැනීම් ආදිය අධ්‍යනය කිරීම හා කැනීම් සිදු කිරීම් ආදී පර්යේෂණයන් කොට අදහස් ප‍්‍රකාශ කරන්නේ නම් එය නියම අධ්‍යනයක් ලෙස පිළිගත හැකිය. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ තැනත් එලෙසටම කැණීම් කොට කාබන් පර්යේෂණ ආදිය සිදුකොට විවේචන එල්ල කළාට කම් නැත. නමුත් ගැටලූව ඇත්තේ කිසිත් නොදත් ලින්මැඩි මානසිකත්වයෙන් පෙළෙන්නන් පුරාවිද්‍යාඥයන්ගේ කාර්ය ඉටුකිරීමය. බුද්ධ භූමිය ගැන බේගල් ඇදබාන කිසිවකුත් පුරාවිද්‍යා කැණීම් කොට එය ඔප්පු කොට නැත. සෙල්ලිපි පාඨ වැරදි ලෙස අර්ථ ගැන්වීම හා කාලනිර්ණය පිළිබඳවත් කිසිම අවබෝධයක් මොවුන්ට නැති බව මොවුන්ගේ අසත්‍ය ප‍්‍රචාරයන් විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.

බුද්ධගයාවෙහි දැනට දක්නට ඇති වජිරාසනයට යටින් තවත් වජිරාසනයක් දක්නට ඇත. එය අශෝක සමයට අයත් වන අතරම මධ්‍ය ප‍්‍රදේශ් හි භාරුත් කැටයම්වල පවා බෝධිය හා වජිරාසනය කැටයම් කොට ඇත. එමෙන්ම එම භාරුත් හි ‘‘භගවතො ශක මුනි බෝධි’’ නමින් වජිරාසනයේ කැටයමට යටින් සඳහනක් ද ඇත. ඉන් හැඳින්වෙන්නේ ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය යනුවෙනි. නමුත් ඒ හා සමගාමීව සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ ලක්දිව බුදුරජාණන් වහන්සේ බුදු උනා යැයි කිසිම තැනෙක මේ දක්වාත් සෙල්ලිපියක්වත් හමුනොවන බවයි. ලංකාවේ බොහෝ සිද්ධස්ථානවලට ගොස් ඒවා පිළිසකර කරවූ නිශ්ශංකමල්ල වැනි රජවරුන්ටත් සිංහලයන්ටත් ලංකාවේ තියනවා යැයි බොරුවට අද මවාපාන මහා බෝධිය අමතකව ගියා යැයි සිතිය නොහැකිය. එය අප සිංහල ජාතියටම කරන නිගාවකි. එසෙයින් හැඩය බලා

ස්ථානය තීරණය කිරීම කිසිසේත් බුද්ධිගෝචර නොවේ. එසේ කරන්නකු චෛත්‍යක් කියා මුස්ලිම් පල්ලියකටත් (චෛත්‍ය ගර්භය ලෙස ඉදිකිරීමක් ඇති නිසා) ඉදිරියේදී යනු ඇත.

15. 20 වන කරුණ ලෙස සංකස්සය ගැන ද ඇත්තේ උන්වහන්සේට ගැටලූවකි. දිව්‍යලෝකයට ඇති දුර ගණනය කරන අප ලියුම්කාර හිමියන්ට ඉද්ධිවිධ ඥානය අමතකව ගියා සේය. ‘‘බක බ‍්‍රහ්ම සූත‍්‍රය’’ ආදී සූත‍්‍ර නොදුටු අප ලියුම්කාර හිමියන් කලා යැයි කියන මහා ගවේෂණය කුමක්දැයි වෙනම ප‍්‍රශ්න කළ යුතුය. උන්වහන්සේට එම සූත‍්‍රය අධ්‍යනය කළා නම් බුදුරජාණන් වහන්සේ දෙවුලොවට නොව ඊටත් එහා බඹ ලොවට වැඩි අයුරුත් උන්වහන්සේට දැකගත හැකි වනවා පමණක් නොව සංකස්සයට වැඩම කිරීමේ දුර හෝ රන් ගැන මුග්ධ අදහස් ද පළ නොකරනු ඇත.

එය දැක ගත හැකි වනවා පමණක් නොව සංකස්සයට වැඩම කිරීමේ දුර හෝ රන් ගැන මුග්ධ අදහස්ද පළ නොකරනු ඇත.

එක අතකට ඉද්ධිමය ඤාණය හෝ හිත වැඞීමේ අංශුවක්වත් නොකළ ඇතමුන් බුදුරජාණන් වහන්සේ රත්තරන් උණුකොට වක්කල පඩි පෙළකින් යොදුන් දහස් ගණනක් පයින් ආවා යැයි සිතීමත් අරුමයට කරුණක් නොවේ යැයි හැෙඟ්. ඔවුන්ගේ

චින්තනය එතරම්ම අශාස්තී‍්‍රය හා ධර්ම විනය විරෝධී නිසාමය. මෙයට මම දීර්ඝව පිළිතුරක් සපයනු වෙනුවට ති‍්‍රපිටකයේ දීඝ හා මජ්ඣිම නිකායේ පොත් පරිශීලනය කොට ඉද්ධිවිධ ඤානය ගැන සොයා බලා තවදුරටත් ගවේෂණය කරන ලෙසට පමණක් උන්වහන්සේට වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.

එබැවින් නිරාගමික බව ආගම කොටගත් නිරාගමික ආගමිකයන් සේ මධ්‍යස්ථ බවින් පින්තාරු කළ අන්තගාමී අදහස් පසෙකින් තබා සහේතුකව කරුණු විමසන ලෙස ධම්ම ගවේශී හිමි ප‍්‍රධාන කරගත් මීවනපලානේ ශ‍්‍රාවකයන්ටත් වැඩිදුරටත් කියනු කැමත්තෙමු.

තවද ජෛන මහාවීර හෙවත් නිගන්ඨ නාථ ඉන්දියාවේ බව පිළිගන්නා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ
සමකාලීනව එකම රටේ නිගන්ඨ ජීවත් වූ බවට ති‍්‍රපිටකයේ ඇති සූත‍්‍ර නොදකිනු ඇත. නැත්නම් ති‍්‍රපිටකයේ සූත‍්‍ර වැරදි යැයි ඒවාත් බමුණන්ට පවරා දෙනු ඇත. නොඑසේ නම් ජෛන මහා වීර ඉන්දියාවේ සිටි බවට හා නිගන්ඨ නාථ මෙහේ හිටි බවට හෝ කියනු ඇත. හැරුණු හැරුණු අතට මුසා බස් දොඩන ඔවුන්ට එය සරල දෙයක් බවද අපි දනිමු. නමුත් අප බුද්ධියෙන් විමසා එය ගත යුතුව ඇත. තව බොහෝ කරුණු කීමට තිබුණද අප ලිපිකාර හිමියන් ඉදිරියේදී ඉදිරිපත් කරන කරුණු හා සමගාමීව සත්‍ය පහදා දීමට අදහස් කරමි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles