Divaina - ළමා දිනයේදී ‘‘ෂානා’’ කිවූ කතාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka

 

lama

පුන්‍යා චාන්දනී ද සිල්වා

ජාත්‍යන්තර ළමා දිනය ගැන ලෝකයක් කතා කරන අවස්ථාවකදී තමන්ගේම දෙමවුපියන්ගෙන් සිදු වෙන ශාරීරික අපයෝජන ඉවසා ගත නොහැකිව තමා නිවැසි මහල් නිවාසයේ නව වැනි මහලෙන් පැන ජීවිතක්ෂයට පත් දරුවකුගේ කනගාටුදායක සිදු වීමක් යුක්රේනයෙන් වාර්තා වේ.

අට හැවිරිදි ඔහු හැඳින්වූයේ ‘‘ ඇන්ටන් ’’ යන නමින්ය. දෙමවුපියන් තම දරුවා වෙනුවෙන් කිසිදු බැඳීමක් නොතිබුණ නිසාම ඔහුට නම් තබා තිබුණේ ඇන්ටන් යනුවෙන් පමණි. ඒ තරමටම මේ දරුවා දෙමවුපින්ට නොවැදගත් චරිතයක් විය.

අට හැවිරිදි මේ දරුවාට දෙමවුපියන් විසින් නිරන්තරවම පහර දෙන බැව් තමා හොඳින්ම දන්නා බැව් එම මහල් නිවාසයේ නිවැසි ‘‘ෂානා ’’ සඳහන් කරයි. මේ සිදුවීම වුණ දිනයේදීත් දරුවාට පහර දෙන ශබ්දය තමාට ඇසුණ බවත් එයින් අනතුරුව දරුවා වේගයෙන් අඩි තබමින් ඇවිදින හඬ තමාට ඇසුණ බවත් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත. මුළුතැන්ගෙයි සිටි ෂානා යම් ශබ්දයක් ඇසී බලන විට දුටුවේ නව වැනි මහලේ ජීවත් වුණ ඇන්ටන් නමවැනි මහලේ සිට පැන ඇති බවයි. ඔහු වහාම දරුවා ආරෝග්‍යශාලාව වෙත රැගෙන ගියත් ඒ වෙන විටත් ඇන්ටන් ජීවිතක්ෂයට පත්ව සිටි බැව් ෂානා සඳහන් කරයි.

දරුවාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ ඔහු දැඩි ලෙස අපයෝජනයට පත්ව සිටි බවයි. දෙමවුපියන් විසින්ද ඔවුන් දරුවා අපයෝජනය කළ බැව් පිළිගත් අතර මේ වන විට ඔවුන් රහසිගතව එම නිවසෙන් පිටව ගොස් ඇත. ඔවුන් දරුවා අපයෝජනය කරන විට ඇන්ටන් දුව ගෙන ගොස් ජනේලයෙන් එළියට පැන්නේ යැයි පාපොච්චාරණයේදී පවසා ඇත. දෙමවුපියන් විසින් තමන්ගේ ලෙයින් මසින් උපන් දරුවා අපයෝජනය කරයි නම් එහු මේ අවනඩුව කාට කියන්නද?

දරුවකු වෙනුවෙන් දෙමවුපියන් විසින් දඬුවම් ලබා දීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මේ පහර දීම ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. බාලකාලයේ පටන්ම ඇන්ටන්ගේ ගති පැවැතුම් නිසා නිතරම ඔහුට පහර දුන් බැව් දෙමවුපියන් සඳහන් කර ඇත. මේ අතර ඇන්ටන් අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පති ‘‘ඔක්සානා සෙලෙන්කා ’’ ප‍්‍රකාශ කරන්නේ ඇන්ටන් පන්තියේදී ඉතාම පසුගාමී දරුවකු වූ නිසා ඔහු පළමු ශ්‍රේණියේ රඳවා ගැනීමට පවා සිදු වූ බවයි. ඇන්ටන් වෙනුවෙන් කීප විටක්ම මනෝවිද්‍යා උපදේශන ලබා දුන් බව මනෝවිද්‍යාඥ ‘‘සෝයා පර්ෂිනා ’’ සඳහන් කරයි. ඒත් සියල්ල අවසාන වූයේ කටේ කිරි සුවඳවත් නොගිය කුඩා දරුවා මහල් නවයකින් බිමට පැන සිය ජීවිතය අහිමි කර ගැනීමෙන් පසුවය. මේ සිදුවීම කිසිසේත්ම සියදිවි හානි කර ගැනීමක් නොව දෙමවුපියන්ගේ අතවරයන්ගෙන් මිදෙනු පිණිස ඔහු සැණින් ගත් තීරණයක් විය හැකිය. තමාගේ ජීවිතයේ ආරක්ෂකයින් ගෙන් ඔහු අනාරක්ෂිත වූ තැන කිව යුත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව නොවේද?

ඬේලිමේල් ඇසුරිනි


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles