Divaina - සිංහලයේ නිදහසේ ධර්මපාල අර්ථකතනය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 
 anagarika


 ආචාර්ය චන්දිමා ගයාති‍්‍ර විජේසුන්දර
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,සමාජවිද්‍යා අධ්‍යනාංශය
 රුහුණ විශ්වවිද්‍යාලය
 
සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ උපන් දිනය නිමිත්තෙනි
 
මෙම ලිපියේ අරමුණ වන්නේ මෑත කාලීන ඉතිහාසය පිළිබ`දව හෝ අපගේ වත්මන් පරපුර සවිඥානික වීම මත ස්වකීය ජාති වාත්සල්‍යය ඔප් නැංවීමත්, එමඟින් ජාතිකවාදී සටන් ඉතිහාසය පිළිබ`දවත්, අනගාරික ධර්මපාල වැනි ජාතික විරුවන්ගේ චින්තනය පිළිබ`ද දැනුවත් කර ලීමත්ය. එමඟින් ඒ ඒ පුද්ගලයා සතු යුගයේ කාර්ය භාරය පිළිබ`ද හෘදයාංගම ලෙස සවිඥානික වීමටත්ය. ජාතිවාදී වීමට නොව ජාතිකවාදී, සාධනීය මානසික මට්ටමක සිහිිය පිහිටවා තැබීමටත්ය. මේ වන විට සියලූ ඇමැති ධුර දැරූ මුස්ලිම් දේශපාලන නායකයන් එක්වී සිටීමේ අර්ථය සෙසු මහත් බහුතර සිංහල ප‍්‍රජාව ද අවබෝධ කර ගත යුතුය. ඔවුන් රටට ලබා දුන් ආදර්ශය ඉමහත්ය. මහා සමාජය අවබෝධ කර ගත යුත්තේ වෙන්වී නැසෙන්නේද එක්වී සැනසෙන්නේ ද කියාය.
 
 නායකයකු බිහිවීම:
 
 ”සාමාන්‍ය විපත්ති හා කැලඹිලි පවත්නා හැම කාලයක්ම ශ්‍රේෂ්ඨ චින්තකයින් නිපදවීමෙහි සමත් විය. පිරිසිදුම ලෝහ නිපදවනු ලබන්නේ උෂ්ණතම උ`දුනකිනි. ඉතාම දීප්තිමත් අකුණු නික්මෙන්නේ අ`දුරුතම කුණාටුවෙනි.”
 
 කැලේබ් කෝල්ටන්
 
 සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීමට අප‍්‍රමාණ හැකියාවක් තිබූ අනගාරික ධර්මපාලතුමන් එකී මගෙන් බැහැරව තම රටට, ජාතියට, ආගමට සේවය කිරීමේ උදාර පරමාර්ථ මාර්ගය තෝරා ගැනීමෙන් උදාර ජාතික නායකයෙකු රටට උරුම විය. එදා ශී‍්‍ර ලාංකීය සමාජය මුහුණ පා තිබූ සමාජ, ආර්ථික, දේශපාලනික, ආගමික පසුබිම සම්පූර්ණ ලෙසම ස්වදේශිකයාට අහිතකර මට්ටමක් ගනු ලැබූ බව එතුමන්ගේ ලිපි මඟින් සනාථ කරනු ලබයි. එතුමාගේ විවිධ වූ සංචාරයන්ගේ නිගමනය වූයේ ”මේ සියලූ ජාතික ප‍්‍රශ්නවලට මූලික හේතුව නිදහස නැතිවීම බවයි.” කොතරම් සුභදායක වූවත් විදේශීය පාලනය ස්වදේශිකයා මුලාවට පත් කරවන්නක් බව එතුමන් ප‍්‍රකාශ කළහ. දේශපාලන වශයෙන් නිදහස් නොවන තාක් කිසිදු ජාතියකට ශ්‍රේෂ්ඨත්වයකට පැමිණිය නොහැකි බව අනගාරික ධර්මපාලතුමා අවබෝධ කර ගන්නා ලදි. එතුමන්ට අනුව ”කිසියම් ජාතියක් තවත් ජාතියකට යටත්ව සිටින විට දුබල ජාතියේ පෞද්ගලිකත්වය නැතිවී යයි. යටත් ජාතියකට වීරයන් බිහි කළ නොහැකිය. වහලූන් ලෙස ජීවත් වන විට සාමාජික හෝ ආර්ථික ප‍්‍රගතියක් ලැබිය නොහැකිය.” එතුමන් එදා සිතුවේත්, අරමුණු කර ගත්තේත් ලංකාව නිදහස් රටක් විය යුතු බවයි. අද ගෝලීයකරණ කි‍්‍රයාවලියේ අප හ`දුනා ගන්නා සාධක එතුමන් එදා නුවණින් දුටුවේය. බලවත් ආධිපත්‍යයක් සහිත රාජ්‍යයක් තවත් ජාතියක් අභිබවනය කරන විටදී එකී බලවත් රටේ සංස්කෘතිය, ආර්ථික, ආගමික ආධිපත්‍යයට කුඩා රට යටපත්වීම නොවැළැක්විය හැකි දෙයක් බව එතුමන් තේරුම් ගත්හ. එකී ව්‍යසනයෙන් රට ජාතිය බේරා ගැනීමට බහුවිධ කි‍්‍රයාමාර්ග ගත යුතු බව පසක් කර ගත්හ. ඒ අනුව එතුමන්ගේ ව්‍යාපෘතිය ජාතිවාදී නොව ජාතිකවාදී ස්වරූපයක් ගන්නා ලදි.
 
 බටහිර විදේශිකයන් පමණක් නොව දේශීය වශයෙන් සිංහල වෙළෙඳුන් අභිබවනය කරමින් බෝරා, පර්සි, මුස්ලිම් වෙළෙඳුන් කොළඹ පිටකොටුව වෙළෙ`ද ඒකාධිකාරියක් පවත්වා ගන්නා අයුරු එතුමන් දුටුවේය. එනිසා සිංහල වෙළෙ`දුන්ගේ කුසීත හෝ අදූරදර්ශී කි‍්‍රයා පිළිවෙත් තවත් අර්ධ ශතකයක් ඉදිරි අනාගතය වන විට අනිටු ප‍්‍රතිවිපාක දැකිය හැකි බව එතුමෝ විවිධ අවස්ථාවල ප‍්‍රකාශ කළහ. දේශීය සුළු ධනේශ්වර පංතියේ නියමුවෙක් ලෙස ද එතුමන්ට වෙළෙ`ද හා ආර්ථික කි‍්‍රයාවලිය පිළිබ`ද ප‍්‍රබල සහජ බුද්ධියක් හිමිවිය. නමුත් අද වනවිට ලාංකීය සමාජය දම්පල් තුමන් අපේක්‍ෂා කළ නිදහස් ස්වෛරී රටක ලාක්‍ෂණිකයන් යටපත් වෙමින් එතුමන් දුටු අනාගත උවදුර ක‍්‍රමයෙන් හිස ඔසවමින් පවතින ස්වරූපයක් නිරීක්‍ෂණය කළ හැක. අද වන විට මානසික වහල් භාවයෙන් හා පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන අපේක්‍ෂාවෙන් දේශීය හා විදේශීයන් සමඟ කටයුතු කරන ස්වදේශීය පාලකයන් නිසා ලාංකීය ජන සමාජය මුහුණ දී ඇත්තේ අතිශය ඛේදනීය ඉරණමකටය. අතීතයේ සිටි ජාතිමාමක ගිහි පැවිදි විරුවන්ගේ සටනින් රැකගත් ලාංකීය සමාජය අද උග‍්‍ර ව්‍යවසනයක අභිමුව පවතී. සන්ධිස්ථානයක පවතින ලාංකීය සමාජ දේශපාලන නෞකාවට නැවත ප‍්‍රබල මාර්ගෝපදේශයක් දීමට හැකි නියමුවරයකුගේ අවශ්‍යතාව ඉතිහාසයේ අන් කවර කලකටවත් වඩා අද අවශ්‍යව තිබේ.
 
 බෞද්ධ පුනරුදයේ නායකයකු ලෙස;
 
 ”බෞද්ධ පුනර්ජීවනය” යනුවෙන්් අදහස් වූයේ අවුරුදු දෙදහසකටත් අධික කාලයක් මුළුල්ලේ දේශීය ජනයා විසින් රැක ගන්නා ලද බෞද්ධ ජීවන ක‍්‍රමය, ආගමික, දේශපාලනික, සංස්කෘතික වශයෙන්ද විජාතිකයන් නිසා පිරිහීමට පත්වීමය. මෙසේ විදේශාධිපත්‍ය කරණ කොට ජාතිමාමකත්වය හා දේශ වාත්සල්‍යය රහිත පරගැති ස්වදේශීය පරපුරක් බිහිවීමේ අවදානමක් එවකට සමාජය තුළ ඇති වූ බව එතුමන් ඇතුළු දේශීය ජාතික නායකයන් විසින් හඳුනා ගන්නා ලදී. එකී සමාජ උවදුරට මුහුණ දීම ස`දහා දියත් කළ ජාතික චින්තන ව්‍යාපෘතිය බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය විය. එය ආගමික, ආර්ථික, අධ්‍යාපනික ආදි විවිධ අංශ හරහා ස්වදේශියත්වයේ මුදුන් මුල සොයා යාමක් විය.
 
 මේ අනුව බි‍්‍රතාන්‍යයන්ගෙන් දුරු වීමට නම් ඒ ස`දහා ප‍්‍රබල සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බව එතුමන් දැන සිටියේය. ජාතික නිදහස පතා උද්ඝෝෂණ පැවැත්වීම ජාතිකාභිමානයේ අතුරු ඵලයකැයි එතුමා අවබෝධ කර ගත්තේය. ”තම ඉතිහාසය කියවා තම සංස්කෘතිය පිළිබ`දව අභිමානයක් ඇති කර ගන්නා ලෙස එතුමා සිංහලයන්ගෙන් ඉල්ලා සිටියේය. ඉතිහාසය ඉගෙනීම වූ කලී ජාතික හැඟීම වර්ධනය කර ගැනීමට අතිශයින්ම වැදගත් වන්නක් ලෙස මම සලකමි.” ලෙසින් එතුමන් කීවේය.
 
 ආර්ථික සංවර්ධනයක බලවත් අවශ්‍යතාව පිළිබ`ද සම්පූර්ණ අවබෝධයක් ධර්මපාල තුමන්ට තිබිණ. එතුමා ලංකාවේ තරුණයන් අමතා මෙසේ පැවසීය. ධනය නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ හුවමාරුව පිළිබ`ද පළමු සිද්ධාන්තය ගැන අපි කිසිත් නොදනිමු. අප පරිභෝජනය කරන නමුත් අලූතින් ධනය නිපදවීමක් නොකරමු. අප අපේ මුතුන් මිත්තන්ගේ ධනය සුඛෝපභෝගී ද්‍රව්‍ය ස`දහා නාස්ති කර දමමු.
 
 කර්මාන්ත පැවැත්වීමෙන් ධනය වැඩි කිරීම පිණිස නව ක්ෂේත‍්‍ර අපි නොසොයමු. කුඹුරුවලට ජලය සැපයීම පිණිස වැව් ඉදි කිරීමේ විද්‍යාව පිළිබඳව පරම්පරා හැත්තෑවකට ආසන්න කාලයක් තුළ අප විශේෂඥයන් වී සිටියෙමු. එහෙත් අද අපේ වැඩ කරවා ගැනීමට අප විදේශීන් ගෙන්වා ගනිමු. තම නිෂ්පාදන අපට සපයන ඈත සිටින ඔස්ටි‍්‍රයානුවන් හා බෙල්ජියමුන් පෝෂණය කිරීමට පළමු අපේ රට වැසියන්ට වැඩ සපයන පිණිස අපේ කර්මාන්තවලට පුනර්ජීවයක් දෙමු. එතුමන් තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කරන ලදි. විදේශින් සරණ නොසොයා අපේම දෙපයින් නැගී සිටීමට අප උගත යුතුය. අප අපේ එළදෙනුන්ට අපේ කුඹුරුවල කුස ගින්නේ මියදෙන්නට ඉඩ හැර අප කිරි හා බටර් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තයේ හා ඩෙන්මාර්කයේ හෝ එළදෙනුන් පෝෂණය කරමු. අපට තමන්ගේ හාල් කුළු බඩු සහ උම්බලකඩ විකුණන ආසියාතික වෙළෙන්දා දෙස බලන්න, සකල ලෝකයෙන් වෙන් වී අන්දමන් දූපත් වැසියන් මෙන් අපි මේ රටෙහි වෙසෙමු. අපේ ජනයාගේ ධනය වර්ධනය කිරීම පිණිස අප එක්සත්ව සමගියෙන් වැඩ කරමු. අපි අපේ අනාගත පරපුරේ භාරකාරයන් වෙමු. අනාගත සිංහල පරම්පරාවල සුභ සිද්ධිය ආරක්‍ෂා කිරීම පිණිස අප අනාගතය දෙස බැලිය යුතුය. එතුමා කථාවට පමණක් සිය දේශන සීමා නොකර කි‍්‍රයාවට ද නැංවීය. එතුමන් පිහිට වූ ආයතන කුඩා කර්මාන්ත වර්ධනයට, සංවර්ධනයට උපකාරී වීය. එතුමාගේ සංවර්ධන වැඩ සටහන් තිරසර විය.
 
 රටේ සමාජ ආර්ථික, දේශපාලන, ආගමික, අධ්‍යාපනික ප‍්‍රශ්න පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ජාතික අවබෝධයක් ඇති කරලීම එතුමාගේ උදාර පරමාර්ථය විය. අද ඇති වී තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්න හා ගැටලූ සඳහා එතුමන් එදා සිදු කළ ප‍්‍රකාශන හා චින්තනය කොතරම් මනෝඥ ද යන්න අප අවබෝධ කර ගත යුතුය. එතුමාගේ චින්තනය අපට අදටද මාර්ගෝපදේශකත්වය ලබා දෙයි. මේ ලිපිය මගින් කුළු ගැන්වීමට උත්සාහ දරන සාරය එයයි. එතුමාගේ අභාවයෙන් (1933.04.29) වසර 86 කට පසුවත් එතුමාගේ මේ කාහල නාදය අදටත් වලංගුය.
 
 නැගිටිව්ෟ පිබිදෙව්ෟ එක්වෙව්ෟ පාරිශුද්ධියේ හා සාමයේ බල සෙනගට බැඳෙව්ෟ පාපී සතුරු බල පරදවමුෟ එතුමාගේ මේ උදාන වාක්‍ය, දම්පල් චින්තනය අදට ද එලෙසම වලංගු වේ.
 
 පැරණි ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරය
 
 2500 වසරක අතීත ශී‍්‍ර ලාංකීය ශී‍්‍ර විභූතිය පිළිබඳ දම්පල් තුමන් උදම් ඇනුවේ මෙසේය. දිවයිනේ ඉතිහාසය, මහා රාජ වංශ පරම්පරාවක ඉතිහාසයත්, ආගමික ඉතිහාසයත්, සිද්ධස්ථාන පිළිබඳ ඉතිහාසයත්, මහා බෝධි වංශ ඉතිහාසයත්, ධාතූන් වහන්සේලාගේ ඉතිහාසයත් ගැන උදම් ඇනිය හැක්කේ මිහි පිට අන් කවර නම් ජාතියකටද? දීප වංශයක්ද, මහා වංශයක්ද, ශාසන වංශයක්ද, ථූප වංශයක්ද, බෝධි වංශයක්ද, දාඨා වංශයක්ද ඇත්තේ සිංහලයාට පමණි. ශත වර්ෂ 22ක කාල පරිච්ෙඡ්දයක් තිස්සේ සිද්ධස්ථාන කරා අඛණ්ඩව ගලා ආ වන්දනාකරුවන් පිරිසක් ගැන ජෙරුසෙලමටත්, රෝමයටවත්, ඇතැන්සයටවත්, බැබිලෝනියාවටවත්, බරණැසටවත්, ගයාවටවත්, මක්කමටවත් ආඩම්බර විය නොහැකිය. මහාමදාම්ගමිකයන් විසින් බරණැස විනාශ කරන ලදි. ගයාවට ද සිදු වූයේ එයමය. එහෙත් අද අනුරාධපුර ශුද්ධ නගරය ථුපාරාමය, රුවන්වැලි සෑය, ඉතාම පැරණි ඓතිහාසික වෘක්‍ෂය වන මහා බෝධි වෘක්‍ෂයද ප්‍රෞඪව නැගී සිටින්නේය. පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක ශී‍්‍ර විභූතිය ගැන එතුමන් පුන පුනා ප‍්‍රකාශ කළේ එකල සිටි ජනයාගේ දේශමාමක බව කුළු ගැන්වීමටය. ‘සිංහලයිනි අවදි වෙව්ෟ’ කියා කීවේ ද එනිසාය. වචනාර්ථය පමණක් නොව එහි සැඟවුණු අර්ථය ද අප මෙනෙහි කළ යුතුය. ඊට හොඳම කාලය මෙයයි.
 
 විදේශ ආක‍්‍රමණ හා ජාතියක පිරිහීම
 
 ‘සිංහල ජනතාව පළමු වන වතාවට බටහිර වැසියන්ට මුහුණ දුන්නේ මීට අවුරුදු 400 කට ඉහත දීය. එතැන් පටන් අවුරුදු 300 ක කාලයක් ලංකාව පෘතුගී‍්‍රසින්ගේ, ලන්දේසින්ගේ දඩබිමක්ව පැවතුනි. සිංහලයන් කෙමෙන් දුර්වල වී යෑම අවසන් වූයේ 1815 දී උඩරට ඉංගී‍්‍රසින් විසින් අල්ලාගනු ලැබීමෙනි. අද සිංහලයෝ, කලක් දේශයේ ස්වාමිවරු වශයෙන් සිටි සිංහලයෝ, තම රටේම විදේශිකයන් බවට පත් වී තමාගේම ඉඩම් තමාටම විකුණනු ලබමින් ඇත. අප අනාගතය ඇත්ත වශයෙන්ම අඳුරුය.’ දම්පල් තුමන්ගේ මෙම වැකි අද සමාජයට ද වලංගු වෙමින් පවතී. අනගාරික දම්පල්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පිහිට වූ මහා බෝධි සංගමයෙන් නිකුත් කළ මහා බෝධී සඟරාවේ සඳහන් පරිදි, ‘ම්ලේච්ඡු බි‍්‍රතාන්‍යයන්ගෙන් පැවත එන්නෝ තෑගි දෙකක් නොමසුරුව දෙන්නාහ. එනම් අරක්කු සහ මාරක විෂ ද්‍රව්‍යයක් වූ අබිං ද වේ. මේ රටේ බි‍්‍රතාන්‍ය පාලනය අවුරුදු සියයක් තිස්සේ පැවත ඇත. අද දින සිංහලයන් සියලූ ආසියානු ජනතාව අතරින් ඉතාම නොදියුණු ජාතියයි.’
 
 සත්‍ය ලෙසම වර්තමානයේදී එකී තත්ත්වය තවත් වර්ධනය වී ඇත. මත්ද්‍රව්‍ය භාවිතය රට තුළ ව්‍යාප්ත වීම හා එම ජාවාරම් රට තුළ සිදු කරන පුද්ගලයින් කව්ද යන්න පිළිබඳව ප‍්‍රසිද්ධ රහස් පවතී. වත්මන් දේශපාලනඥයන් සිදු කළ යුත්තේ එවැනි සමාජ පිළිළ තුරන් කිරීමට කටයුතු කිරීමය. එසේ නැතිව ස්වකීය ඡුන්ද පදනම රැක ගනීමට පවතින අවශ්‍යතාව නිසා ඔවුනට උඩගෙඩි දීම නොවේ. මත්පැන් මගින් රටේ ආදායම වැඩි කර ගැනීමට හේතු වුවත් සමාජ දූෂණ හා නොයෙකුත් සමාජ විරෝධි කි‍්‍රයා අභිවර්ධනය වීම ඒ මගින් සිදු වන හෙයිනි. අද වන විට රටේ ‘මතට තිත’ කෙසේ වෙතත් ‘තිතට මත’ යන තත්ත්වය නම් සාර්ථකව සිදු වෙමින් පවතී. අනෙක් අතට පවතින ජාතික ආපදා තත්ත්වය අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හබන් කුකුළන්ගේ භූමිකාව ජයටම රඟපානු ඇත.
 
 තරුණයින්ට පණිවිඩයක්
 
 දම්පල් තුමා තරුණයින් අමතා මෙසේ කියයි. ‘තරුණ ඔබට පණිවිඩයක් දෙන ලෙස මට ආරාධනාවක් කර ඇත. දැන් අපගේ ජාතික ඉතිහාසයට අවදානමක් එල්ල වී ඇති හෙයින් අපේ පෙම්බර ලංකාවේ උරුමක්කාරයින් වන අපි සෑම අතින්ම පෙනෙන්නා වූ පිරිහීම වළක්වා ගැනීමට තරයේ අදිටන් කරගත යුත්තෙමු. මෙය ඉතා දරුණු බරපතල අවදානමකි. වහ වහා පැමිණෙන්නා වූ විපත්තිය වළක්වාලීමට අවශ්‍ය පියවර ගැනීමට ලංකාවේ සෑම දේශමාමකයකුම තරයේ සිතට ගත යුතුය. එය ජීවත් වෙම්ද, නොවෙම්ද යන දෙක අතර ප‍්‍රශ්නයකි. පරම්පරා 70කට ආසන්න කාලයක් තුළ අපගේ මී මුත්තන් පෝෂණය කරනු ලැබූ අපගේ ජාතියත්, සාහිත්‍යයත්, අපගේ භූමියත් අපගේ විභූතිමත් ආගමත් ආරක්‍ෂා කර ගැනීමට නම් දේශමාමක විද්‍යාව ඉගෙනීම සඳහා අපගේ ඉතිහාසය අවුස්සා බැලිය යුතු ව ඇත. ශතවර්ෂ තුනක කාලයක් තුළදී පෘතුගි‍්‍රසී, ඕලන්ද හා ඉංගි‍්‍රසි නායකයන් විසින් මුළුමනින්ම ප‍්‍රතාපවත් ගොඩනැගිලි සහිත අපගේ ශිෂ්ටාචාරය විනාශ කරනු ලැබීය. අද දේශපාලන වශයෙන් ද අතීත ශී‍්‍ර විභූතිය ද ඉතා පහළට වැටීම් ගැන අපි හඬා වැළපිය යුතුය. දේශමාමක හැඟීම් වර්ධනය කර ගැනීමට නම් ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් යැයි මම සිතමි. අපිට වඩා දීප්තිමත් ඉතිහාසයක් ලෝකයේ අන් කවර හෝ ජාතියකට හෝ තිබුණේ නැත.
 
 අපගේ වංශ කථාවල විස්මයජනක සත්‍යතාව සාක්‍ෂි සපයන්නේ පැරණි ගොඩනැගිලිවල නෂ්ටාවශේෂයන් ය. නමුත් අද වන විට සිංහලයින් අවුරුදු 100 කට ආසන්න කාලයක් තුළ එක තැනම රැඳී සිටින්නෝය. 1818 විප්ලවයේදී අපගේ හොඳම උඩරට දේශමාමකයන් වෙඩි තබා මරනු ලැබූහ. එවක පටන් සිංහලයෝ සෙමින් සෙමින් පිරිහෙන්නෝය.
 
 ‘ලංකාවේ තරුණයිනිෟ අපගේ නැති වී ගිය පෞරුෂත්වය කලින් පැවති ශ්‍රේෂ්ඨ ස්ථානයට යළි නගා ලීමේත්, පුනර්ජීවයට පත් කිරීමේත් ශ්‍රේෂ්ඨ කාර්ය ඉටු කිරීම ඔබට භාරය. සිංහල මව්පියන්ට ලැබෙන සෑම දරුවකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අප වග බලා ගත යුතු වෙමු. අප අවුරුදු 100 ට ආසන්න කාලයක් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ ජීවත් වී ඇත්තෙමු. එසේ වුවත් කර්මාන්ත උගන්වන උසස් පන්තියේ තාක්‍ෂණ විද්‍යාල එකක් වත් දිවයිනේ නැති වීම කනගාටුවට කරුණකි.’ මේ අනුව රට තුළ කාර්මික සංවර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව එතුමන් හඳුනා ගන්නා ලදී. තාක්‍ෂණික ආයතන ඇති කිරීම අවශ්‍ය බවත්, ඒ සඳහා ඇමරිකාව, ජපානය වැනි රටවලින් එතුමන් ලබා ගත් අත්දැකීම් ද බෙදා හදා ගන්නේ අලූත් අලූත් දේ නිපදවීම නොහැකි ජාතිය සංවර්ධනයට පත් නොවන බව දක්වමිනි. කර්මාන්ත මගින් අපගේ ධනය වැඩි කර ගන්නා අලූත් ක්‍ෂේත‍්‍ර අපි සොයා නොබලමු. මූලික නිෂ්පාදනයන් කීපයක් පමණක් නිපදවීමට සීමා වූ ආර්ථිකය විවේචනයට බඳුන් කල හා කාර්මික සංවර්ධන අවශ්‍යතාවන් ගැන කියා සිටි ප‍්‍රථම ලාංකිකයා වූයේ දම්පල් තුමන්ය. ජාතික ප‍්‍රාර්ථනාවන්ට විරුද්ධ වී යන තැනැත්තා නිවැරදිව සිතන සෑම මිනිසකුගේම පිළිකුළට භාජනය වන බව එතුමන් ප‍්‍රකාශ කළේය.
 
 වර්තමානයේදී බොහෝ දේශපාලකයන්ට මැති ඇමැතිවරුන්ට ජනතා විරෝධය පැන නැගෙන්නේ ද මේ නිසාය. මේ වන විට ගම්පහ ප‍්‍රදේශයේ බෞද්ධ භික්‍ෂුන් ස්වකීය විහාරස්ථානවලට ඇතැම් ඇමැතිවරුන් පැමිණිම ප‍්‍රතික්‍ෂේප කරන්නේද ජාතික ප‍්‍රාර්ථනාවන්, ජාතියේ හද ගැහෙන රාවය ඔවුනට හඳුනා ගත නොහැකි වූ නිසාය. සත්‍ය ලෙසම ජාතික නායකයන් විය යුතු පුද්ගලයන් නාම මාති‍්‍රක, හිස්, පුහු මිනිසුන් වීම ජාතියේම අවාසනාවක් වන්නේය.
 
 අද වන විට මෙතෙක් නිද්‍රාශීලීව සිටි ජාතියක් දේශපාලනික, ආගමික, ජාතික වශයෙන් සවිඥානික වී ඇත. ජාතික ආපදාවල ජාතික ව්‍යසනය ඔවුන් හඳුනා ගෙන ඇත. අද සිවිල් සමාජය එකම බල සමූහයක් ලෙස ඒකරාශීව කටයුතු කිරීමට පෙළඹි සිටිනු දක්නට ලැබේ. ජාතික විපත හඳුනා ගෙන, එක්සත්ව නැගී සිට අනාගත පරපුර සඳහා ස්වෛරී රාජ්‍යයක් සපයා දීම වත්මන් පරපුරේ සමාජ වගකීම වේ. වඳ වී යන ජාතියක් නොවී කල් පවතින ජාතියක් ලෙස පැවතීමට නම් අද අප සතු වගකීම අවබෝධ කරගත යුතුය. මේ සඳහා අතීතයේ සීහනාද පැතිර වූ ධර්මපාල තුමන් වැනි ජාතික නායකයන්ගේ චින්තනයන් වෙත අප අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් තරුණ පරපුර අපගේ අතීත ජාතික චින්තනය හඳුනා ගත යුතුය. මන්ද, රටේ අනාගතය නොබෝ දිනකින් ඔවුන් අතට පත් වන හෙයිනි. අව්‍යාජ නොවන පාලකයින්ගේ වෙස් මුහුණු ඉරා දමමින් සැබෑ මුහුණු හඳුනා ගැනීමට කාලය එළඹ ඇත.
 
 ‘මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව, මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න හතර ආරක්‍ෂා කර ගැනීම මගේ යුතු කමකි. මෙසේ එක එක සිංහලයන් විසින් කල්පනාවට ගෙන, සතර අගතියෙන් වෙන්ව කි‍්‍රයා කළ යුතුය.’ - ධර්මපාල -
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles