Divaina - පොඩි හාමුදුරුවන්ට ගැසූ ඌටියාට ගමේ මිනිස්සු බ‍්‍රහ්ම දණ්ඩය පනවති... ඌටියාගේ කඩෙන් බඩු ගැනීමත් නවත්වති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

* බිනර සඳ අහසේ පායද්දී හොරොව්පොතානේ පහළ වූ පාපතරයා

සමන් ගමගේ


uti1චුන්ද සූකරයාද බුදුන් දවස සිටි මහා පව්කාරයෙකි. ජේතවනාරාමය පසුපස ජීවත් වූ හේ ඌරන් මරා මස් අලෙවි කරමින් ජීවිකාව ගෙන ගියද කිසිදු දිනක ඒ පවෙන් මිදී ඇසට පෙනෙන මානයේ තිබූ ජේතවනාරාමයට ගොස් පිනක් දහමක් කරගන්නට කල්පනා නොකළෙන් අවසානයේ අවීචි මහා නරකාදියට ඇද වැටුනෙකි.

මෙකී චුන්ද සූකරයා සේම හොරොව්පොතාන මැදගම ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පිරිවෙන පෙනෙන මානයේ ජීවත් වූ චමින්ද ගලබඩ නොහොත් ඌටියාද දැන් අති සුප‍්‍රසිද්ධ කුප‍්‍රකට චරිතයක් ලෙස මෙලොවදීම අපාගත වී සිටී.

චුන්ද සූකරිකයා එදා ගියේ අවීචි මහා නරකාදියටය. ඌටියා ගොස් සිටින්නේ අනුරාධපුර බන්ධනාගරය හෙවත් රිමාන්ඞ් සිරගෙදරටය. සිර දෙර යනු අපායක් බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතු ද නැත.

අනුරාධපුර බන්ධනාගාරයත් අවීචි මහා නරකාදියත් අතරේ පැහැදිලි වෙනසක් නොවේදැයි දැන් මෙය දකින කෙනකුට සිතෙන්නට පුළුවන. එය සැබෑවකි. එසේ වුවද බන්ධනාගාරයට ගිය ඌටියා දැන් සිටින්නේ අවීචා මහා නරකාදියට යන පෙන්ඩින් ලිස්ට් එකේය. පැහැදිලි සත්‍ය ඇත්තේ එතැනය.

මහා සංඝරත්නය වැඩවසන හොරොව්පොතාන ස්වර්ණතිලකාරාම පිරිවෙන පෙනෙන මානයේ සිටියද අද චමින්ද ගලබඩ හෙවත් ඌටියාට මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇයි. ආනන්තරීය පාපකර්මය පමණක් දෙවැනි වූ මහා සංඝරත්නයට පහර දී පරිභව කිරීමේ පාපය නිසාය. ජේතවනාරාමය අසල ජීවත් වූ චුන්ද සූකරිකයාට එදා තිබුණේ මස් කඩයකි. එසේම ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පිරිවෙන අසල ජීවත් වූ ඌටියාටද වෙළෙඳ සැළක් විය. පිරිවෙනේ වැඩවිසූ වයස අවුරුදු 10 සහ 14 තරමේ පසුවූ කුඩු සාමනේර භික්‍ෂූන් වහන්සේ දෙනමක් ඉකුත් දිනක මුදලකුත් රැගෙන කිරි පැකට්ටුවක් බොන්නට ඌටියාගේ වෙළෙඳ සලට ආහ.

එසේ පැමිණි සාමනේර භික්‍ෂූන් දෙනම තම වෙළෙඳ සැලෙන් රුපියල් දහයක් වටිනා චොකලට් දෙකක් සොරකම් කළේ යැයි චෝදනා කරමින් මාරයකු සේ කිපුණු ඌටියා කුඩා භික්‍ෂූන් දෙනමට ම්ලේච්ඡයකු ලෙස පහර දුන්නේය. ඌටියා චුන්ද සූකරිකයකු සේ අවීචි මහා නරකාදියට යන පෙන්ඩින් ලිස්ට් එකට වැටෙන්නේ එහිදීය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්ද ඇත. එය වන්නේ ඌටියා මෙසේ සාමනේර භික්‍ෂූන් දෙනමට පහර දෙද්දී ඌටියාගේ හැඩි දැඩි සිරුරට බියේදෝ ඒ දෙස බලා සිටි අමුතු පිරිමින් දෙතුන් දෙනකුද ඒ මොහොතේ එම ස්ථානයේ සිටි බවය. ඔවුන් පිළිබඳ කියන්නට බොහෝ දේ ඇත. එහෙත් මොකුත් නැති වුන් පිළිබඳ කතා කිරීම ඵලක් නැති නිසා නිහඬ වීමට ඊට වාඩා හොඳය.

මේ සිද්ධියෙන් පසු ගම්වැසියන්ගේ පැමිණිලි මත හොරොව්පොතාන පොලිසිය ඌටියා අත්අඩංගුවට ගනු ලැබුවද ඒ වන විට සිය බිරිඳ දරුණු පිළිකා රෝගයකට ගොදුරුව පෙර අකුසලයක ඵල විඳිමින් සිටි ඌටියාට ඔහුගේ බිරිඳ සහ එකම දරුවාත් පිළිබඳ සිතා සමාවක් දෙන්නට ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පිරිවෙණේ වැඩවසන පිනැති මහාසංඝරත්නය සහ දායක සභාව තීරණය කරනු ලැබූහ.

ඒ අනුව ඌටියාට එහිදී සමාවක් හිමි වුවද රුපියල් දහයක චොකලට්ටුවක් පිළිබඳ ඇතිවූ සැකයක් මත තිරිසනකු මෙන් උඩ පැන පැන කුඩා සාමනේර භික්‍ෂූන් දෙනමට පහර දුන් ඌටියාගේ පව ස`ගවන්නට ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පිරිවෙණේ පිනැති භික්‍ෂූන් වහන්සේ ඇතුළු දායක සභාවට සහ ගම්වැසියනට නොහැකි විය.

uti2එසේ වූයේ පව පිළිබඳ කිසිදු හැ`ගීමක් නොවූ හැඩි දැඩි ඌටියා සාමනේර බික්‍ෂූන් දෙනමට පහර දෙන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක සටහන් වූ නිසාය. අවසානයේ එකී කැමරාවේ සටහන් වූ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය වූයේ සමස්ත ශී‍්‍ර ලංකීය සමාජයම කම්පනයට පත් කරමිනි.

සර්පයා, ගින්න, රාජ කුමාරයා සහ සාමනේර භික්‍ෂුව පිළිබඳ සුළුවෙන් නොතැකිය යුතු බව බුදු හිමියන් වදාළා ඇති බවත්, භික්‍ෂූන්ට පහර දීම ඌරන්, ගවයන් ආදී ලෙසින් සත්වයන් ඝාතනය කිරීමටත් එහා ගිය මව සහ පියා මැරීම යන ආනන්තරීය පාප කර්මයට එහා ගිය මහා අකුසලයක් ලෙස රේරුකානේ නාහිමියන් වරක් සඳහන් කර ඇති බවත් ඌටියා සාමනේර භික්‍ෂූන් දෙනමට පහර දෙන අයුරු දැකීමෙන් සංවේගයට පත් එක්තරා හිමිනමක් සමාජය දැනුවත් කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙන අයුරුද එහිදී දක්නට ලැබිණි.

මෙසේ ඌටියාගේ නරුම ප‍්‍රහාරය මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමත් සම`ග යළි ඔහුව අත්අඩංගුවට ගත් හොරොව්පොතාන පොලිසිය ඉකුත් එකොළොස් වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ මොහොතේ නම් ඌටියාට නියත වශයෙන්ම තමන් කළ පවේ තරම වැටහුනා විය හැකිය. ඊට හේතු වූයේ එදින අධිකරණයේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ඇතුළුව පදවිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ සමස්ත නීතිඥවරුන් සාමනේර භික්‍ෂූන් දෙනමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියදී ඌටියා වෙනුවෙන් පෙනී සිටිමට කිසිදු නීතිඥයකු ඉදිරිපත් නොවීම නිසාය.

එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා ඌටියා බන්ධනාගාරගත කිරීමට කැබිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළේය. එසේ නියෝග කිරීමෙන් පසු ඌටියා හතර අතට වැඳ වැටෙමින් යළි එසේ නොකරන්නෙමියි පවසන අතරේ අවීචියට පෙර තාවකාලික අපාය හෙවත්
බන්ධනාගාරයට ගෙන යන අයුරුද එදින මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරනු ලැබීය.

මෙසේ බන්ධනාගාරගත කෙරුණු ඌටියා යළි නිදහස්ව පැමිණීමෙන් පසු ඔහුට බ‍්‍රහ්ම දණ්ඩනයක් පැනවීමට මේ වන විටත් ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පිරිවෙණේ දායක සභාව ඇතුළු ගම්වාසීහු සූදානම්ව සිටිති.

එකී බ‍්‍රහ්ම දණ්ඩනයට අනුව ඉදිරියේදී ඌටියාගේ වෙළෙඳ සලෙන් කිසිවක් මිලදී නොගෙන සිටීමට සහ ඔහු සම`ග කතාබහ කිරීමෙන් වැළකී සිටීමට ඔවුහු තීරණය කර සිටිති.

මේ සිදුවීම පිළිබඳව ඉකුත් සිකුරාදා අප ශී‍්‍ර ස්වර්ණතිලකාරාම පරිවේනාධිපති වැලිමුවපොතානේ පි‍්‍රයරතන හිමියන්ගනේ කළ විමසීමකදී ඌටියාගේ පහර දීම හේතුවෙන් රෝහල්ගත කෙරුණු සාමනේර භික්‍ෂූන් වහන්සේ දෙනම මේ මොහොත වන විට යළි පිරිවෙනට ගෙනවිත් ඇති බව උන්වහන්සේ පැවසූහ.

ජාතක පොතේ ඇති පරිදි නම් එදා පවට ලොල්වූ චුන්ද සූකරයා අවසානයේ අපාගත වන්නේ ඌරන් මෙන් මහ හඬින් කෑගසමින් නරකාදි දුක් මොලොවදීම වි`දීමෙන් පසුවය. ඒ අනුව බලන කල හෙට දිනයේ යළි හොරොව්පොතාන මැදගම ගමට එන ඌටියාගේ ඉරණම කුමක් වනු ඇතිද? ඔහු සිදු කළ අකුසලය විසින්ම එය තීරණය කරනු ඇත.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles