Divaina - චූන් පාන් රසයි...හැබැයි සද්දය තිත්තයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 choon


 නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
 
ජනාධිපති සිරිසේන සැප්තැම්බර් 03 අඟහරුවාදා ශී‍්‍රලනිප සම්මේලනයේ කළ කතාව අතර, සමහර තැනක ජනාධිපති සිරිසේන වරෙක ජනවාරියේ වීරයා වේ. වරෙක ඒ ඓතිහාසික ජයග‍්‍රහණයට අවලාද නගමින් දුෂ්ඨයා වේ. සැප්තැම්බර් 03 දා ප‍්‍රකාශයෙන් වර්තමාන ව්‍යවස්ථාව අනුව, රටේ වඩාත්ම ප‍්‍රබල තානාන්තරය අගමැති තනතුර බව ජනාධිපති සිරිසේන විශ්වාස කරයි. කරුණු දෙකක් නිසා එය පරස්පර ප‍්‍රකාශයකි. පළමුවැන්න, අගමැති බලවත් නම් අගමැති රනිල්ගේ නිර්දේශය අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ලට ඛනිජ තෙල් අමාත්‍යාංශය භාර නොදුන්නේ ඇයි? දෙවැන්න, මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කළේ ඇයි? විවිධ හේතු මත ජනවාරියේ ඒකරාශි වූ 6,217,162ක් ජනතාව හෙවත් 51.28%ක් බලවේගයක් විසින් ප‍්‍රතික්‍ෂේප කළ මහින්ද රාජපක්‍ෂට එවැනි බලයක් දුන්නේ ඇයි? රට්ටු හිතන්නේ අනාගත ජනාධිපති නාම යෝජනාවට කෑදරව එසේ කළ බවය.
 
 එහිදී නායකයෙකු සහ විකල්ප වැඩ පිළිවෙළක් ගැනද කරුණු කීය. ඔක්තෝබරයේ මහින්ද වෙනුවට නිමල් සිරිපාල සිල්වා හෝ කුමාර ගෙනාවා නම්.....? ඒ කිසිවක් සිදු නොවිණ. වර්තමාන ශී‍්‍රලනිප නායකයා කළ යුත්තේ රටට නව වැඩපිළිවෙළක් හෝ නායකයෙකු සෙවීම නොවේ. ඔක්තෝබර් වරද නිවැරදි කර යහපාලනයේ කොටස් කාරයෙකු වීමය. මොරගහකන්ද ජලාශය ඒ. එන්. එස්. කුලසිංහ ජලාශය ලෙසද, නෙළුම් මාවත නැවත ආනන්ද කුමාරස්වාමි මාවත ලෙසද නම් කිරීමට මුල්ව ලංකා දේශපාලනයේ පුද්ගල පවුල් සාධක ප‍්‍රතික්‍ෂේප කොට උඩුගං බලා පිහිනමින් සිටි ජනාධිපති සිරිසේන අතීතයට විශිෂ්ටයෙකි. ඒ සිරිසේනම ඔක්තෝබර් 26 වෙනිදා රාජපක්‍ෂලා ළ`ග දණ ගැසීම, ඓතිහාසික පාවා දීමකි. ජනවාරි ජයග‍්‍රහණයේ ඓතිහාසික වාර්තා බොහෝය. ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡුන්ද පොළට පැමිණියේ ජනවාරියේය. එය ප‍්‍රමාණයෙන් 1,212,3482ක් හෝ 81.52%කි. ඒ ගැම්ම රාජපක්‍ෂලාට එරෙහිව පමණක් ද? නැත. නිදහස් ලංකාවේ අපේක්‍ෂා විනාස කළ පල් හොරුන්ට එරෙහිවය. මෙතෙක් රට කෑ පක්‍ෂ සහ නායකයන්ට එරෙහිව ය. එසේම නව රටක් තැනීමේ අරමුණෙනි. නව වැඩ පිළිවෙළක් වෙනුවෙනි. මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනා රට එක් සේසත් කොට පැවැත්වූ 2010 ජනාධිපතිවරණයේදී ඡුන්ද වැටීමේ ප‍්‍රතිශතය 74.50%කි. 17 අවුරුදු පාලනයට එරෙහිව පෙළ ගැසුණා කියන 1994 දී ඡුන්ද පොලට ආවේ 70.52%කි. එකී ජනවාරි විජයග‍්‍රහණය ඒකරාශී කළ ජය කුන්තය වූ සිරිසේනම සැප්තැම්බර් 03 දා ප‍්‍රකාශයෙන් දේශපාලන සුන්බුන් ගොඩක් බවට පත් විය.
 
 උචිත නායකත්වයක අවශ්‍යතාව අවධාරණය කිරීමෙන් හැෙඟන්නේ තමන් තුළ නායකත්ව ලක්‍ෂණ නොමැති බව පිළිගැනීමකි. මේ අනුමානය සැබෑ නම් කළ යුත්තේ ඊළඟ නායකයා තේරීමට කාසි උඩ දැමීම නොවේ. ජනාධිපති ධුරය අවසන් කළ යුතුය යන ජනවාරි අරමුණට ශක්තියක් වීමය. එදා හැට දෙලක්‍ෂයක් ජනතාව සමග සිරිසේන, රනිල් දෙදෙනාම එකී අරමුණ පිළිගත්හ. රනිල් වික‍්‍රමසිංහ අදටත් ඒ අරමුණ වෙනුවෙන් පෙනී සිටී. ජනාධිපති සිරිසේ්න නෙල්සන් මැන්ඬේලා, ඞී ක්ලාක් සමග නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමට හිත හදා ගත් හැටි මතක් කර ගත යුතුවේ. මම කිසිදු විවේචනයක් ඉල්ලා අස් කර නොගනිමි. ඞී ක්ලාක් යටපත් කර ගැනීමටද නොයමි. බිඳී වෙන් වුණොත් සියල්ල අඩපණ වේ. ඔහුද සාම කි‍්‍රයාවලියට අමිල සේවයක් කළ බව සිහි කරමි. අරමුණ කරා යෑමට කැමති සතුරෙකු සමග වුවද වැඩ කිරීමට සූදානම් වෙමි. ජනාධිපති සිරිසේනට ඇත්තේ නෙල්සන් මැන්ඬේලාට ආවේස වීම පමණකි. විශ‍්‍රාම ලැබ ගෙදර ගිය දිනෙක ඉතිරි වන්නේ හිතට එකඟව කළ කී දේ පමණකි.
 
 සජිත් පේ‍්‍රමදාසට දුන් සහතිකයෙන් සිරිසේන සිය දේශපාලනයේ කූඨප‍්‍රාප්තියට හෝ බංකොලොත් භාවයට සමීපව සිටියි. සජිත් පේ‍්‍රමදාස යනු ජාතික ප‍්‍රශ්න ගැන තබා අව්ව වැස්ස ගැන හෝ මතයක් නැත්තෙකි. ඔහුට ඇත්තේ වචන රටාවක් පමණි. ජන පදනම ගැන කියන විට ගම් මට්ටම, බිම් මම්ටම කියා තම්මැට්ටනේ වාක්‍ය අවසන් කරන්නෙකි. සිරිසේන අපේක්‍ෂා කරන උචිත නායකයා සජිත් පේ‍්‍රමදාසද? යූඇන්පී කාරයන් අතර සජිත්, රනිල්ට සාපේක්‍ෂව ඉස්මතුව සිටියි. ඒ හැර රට ඉල්ලන කිසිදු අනන්‍ය ශක්තියක් ඔහුට නැත. උචිතයා සජිත් නම් 2010 දී පොන්සේකාද, 2015 සිරිසේනද, තේරුවේ ඇයි? සාධාරණ සමාජයක් ව්‍යාපාරයේදී රනිල් වික‍්‍රමසිංහ දැක, දැක, මාදුළුවාවේ හාමුදුරුවෝ කරු ජයසූරියට ඇඟිල්ල දිගු කළේ කරු තුළ පැවති සුවිශේෂ අනන්‍යතාවන් නිසාය. විවිධ හේතු නිසා, කරු වෙනුවට, සිරිසේන කැඳවිණ. සජිත්ට සාපේක්‍ෂව එදා සිරිසේන ජනපි‍්‍රයව සිටියේද? සිරිසේන දික්කළ අගමැතිකම භාර නොගත් කරු ජයසූරිය ඔක්තෝබර් කුමන්ත‍්‍රණය දිය කොට පාර්ලිමේන්තු බලයත් ස්වාධීන කොමිෂන් සභා ශක්තියත් සහතික කළේය. ඒ කරු ජයසූරිය යනු වයසට වඩා පරමාර්ථයෙන් තරුණයෙකි.
 
 ජනවාරියේදී ඡුන්ද 6,217,162ක් වාර්තා කළ සිරිසේන, අගෝස්තුවේ මහින්දත් එක්ව කළ සටනේ ප‍්‍රතිඵලය මහින්ද ජනවාරියේ ලබා ගත් 5768090 වූ ඡුන්ද 1035426 ට අඩුවීමය. අගෝස්තු මහ මැතිවරණයෙන් සිරිසේන මහින්ද දෙදෙනා එක්ව ලැබුවේ ඡුන්ද 4732664 කි. 2018 පෙබරවාරියේ සිරිසේන සමග ශී‍්‍රලනිපය ඉතිහාසයේ ළිං පතුලටම වැටිණ. එවර සිරිසේනලාට ලැබුණේ ඡුන්ද 1497234කි. එහි මහින්දගෙන් කඩාගත් ඡුන්දයක් හෝ නො තිබිණ. මහින්ද අගෝස්තුවට වඩා පෙබරවාරියේ හාර ලක්‍ෂයක් වැඩි කර ගත්තේය. සිරිසේනට වැටුණේ පෙබරවාරියේ එජාපය එපා වූ ඡුන්ද 1458896න් කොටසකි. අගෝස්තුවේ එජාපය ලැබූ ඡුන්ද 5098916 ගණන පෙබරවාරියේ ඡුන්ද 3640020 තෙක් අඩු විය. එජාපයට අහිමි වූ 1458896 සකල ඡුන්ද ප‍්‍රමාණය දැකිය හැක්කේ සිරිසේනට ලැබුණ 1497234 තුළය. එහි විලෝමය සිරිසේනට ලැබුණ ශී‍්‍රලනිප ඡුන්ද ප‍්‍රමාණය 38338ක් පමණක් බවය. ඔක්තෝබරයේ උද්දාම වූ, කළුතර රත්තරන් කීවේ දැන් අප පෙබරවාරියේ ලැබූ 5006837 සහ සිරිසේන ගත් 1497234 එකතුව වූ 6504071 ප‍්‍රමාණයක් ඉදිරියෙන් සිටින බවය. එජාපයට අහිමි වූ ඡුන්ද 1458896 ප‍්‍රමාණය පක්‍ෂ දේශපාලනයට ආයුබෝවන් කීවේ 2010දීය. ඒ ඡුන්ද රට වෙනුවෙන් පෙළ ගැසී හමාරය. එපමණක් නොවේ. ජනවාරියේ මහින්දට ලැබුණ 5768090න් පෙබරවාරියේ ලැබුණ 5006837න් අඩුකළ විට ඉතිරිවන එකී 761253 ආපසු මහින්ද බැසිල් ගෝඨා පෝස්ටරයට වශී වන්නේ නැත. ඔවුහු නූරිවත්තේ අතකොටා ගස් යෑමෙන්ද හම්බන්තොට පිස්තෝල ප‍්‍රනාන්දු හිරේ යෑමෙන්ද සිරිසේනගේ කුඩු සංහාරය ද නිසා රටේ ඇතිවූ වෙනස තේරුම් ගත් අය වෙති. සාරුව සුනිල්ලා විනාස කළ බෙලිඅත්තේ නොඉඳුල් පොහොට්ටු දැන් තරුණියන් ය. වැඩිහිටි ගැහැනුන්ය.
 
 ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් විතැන් වූ 2220149 ක් දෙනා චෛත්‍ය දෙදහසක් සහ ගම්මාන 20000 ක් තනා මේ දූපතේ භූමිය විනාස කිරීමට සජිත් පේ‍්‍රමදාසට රට බාර දෙන්නේ නැත. සජිත්ගේ වර්තමාන රැඟුම නිසා රනිල් එපා කී යූඇන්පී කාරයන්ද සජිත්ට එරෙහිව හිටගෙන හමාරය. එය හරියටම ඔක්තෝබර් කැරැල්ලේදී මහින්දට එරෙහිව සකල බලවේග එකට හිට ගත්තා වැනි ප‍්‍රාතිහාර්යකි. එය රනිල්ගේ පරිවාස කාලය දික් කිරීමක් මිස, රනිල් හරි කීම නොවේ. ඔක්තෝබරයේ සිරිසේන වැටුණේ මහින්ද නිසාය. මෙවර සිරිසේන දිය වුණොත් ඒ සජිත් නිසාය. එසේම මම ජනාධිපති රනිල් අගමැති කියන්ට සජිත්ට බැරිය. අද එජාපය, රනිල්ට වඩාත් ලෙන්ගතුය. ඒ සජිත් කෙළින් කිරීමට සිරිසේන ගහන තුරුම්පුව නිසාය. සිරිසේන, මහින්ද නම් මුට්ටිය පාර්ලිමේන්තුවට දමා අවතැන් විය. සිරිසේන, සජිත් නම් මුට්ටිය සිරිකොතට රිංගවා බලා සිටී. රනිල් මේ මුහුණ දෙන්නේ දෙවන ඔක්තෝබරයකටය. අවසානයේ බිඳෙන්නේ ඇත් මූණ නම් නොවේ. ඒත් වැඬේ නැගලා යනවාය. කුරුණෑගල සෙනඟ අති විශාලය. සමහර විට එයින් එජාපය බිය විය හැකිය. කෝටි බාගයක් වැය කර වැසිකිළි තැනවූ රෝසි සේනානායකත් පුට් නෝට් කාරයන් දෙදෙනාත් පක්‍ෂ සභාපති කබීර් හෂීම් ද සජිත් සමගය. එහෙත් පෙබරවාරියේ මහින්දට අකැමැති වූ 761253 සහ එජාපය හැර ගිය 1458896 ගේ එකතුව 2220149 හුස්ම ගන්නේ දෙස් දෙවොල් තියන්නේ සිරිසේනට සහ සජිත්ටය. සජිත්ට දර්ශනයක් වැඩපිළිවෙළක් නැති බව දන්නා අය සජිත් ඉල්ලන්නේ එජාපය තුළ ඔහුට ඇති කැමැත්ත නිසාය. එක් කෝටි විසි පන් ලක්‍ෂයක් සිටින රටේ තිස් හය ලක්‍ෂයක් සියයට 51 ක් වෙන්නේ කෙසේද?
 
 සජිත් 2000දී සිට 2010 තෙක් හම්බන්තොටින් ගත් මනාප ගණන, ලක්‍ෂකට අඩු ය. ඔහු 2015 මනාප 112645ක් වාර්ත කළේය. එය 2010දී විසි අට ලක්‍ෂයට කොටුවූ එජාපය 2015 පනස් ලක්‍ෂයක් ලැබුවා වැන්නකි. එජාපය පෙබරවාරියේ 3640020 ට වැටෙන විට හම්බන්තොටින් එජාපයට ලැබුණ 101702 තුළ සජිත්ගේ මනාප ගණනවත් නැත. ජයපි‍්‍රයත්වය පුද්ගල බද්ධ වේ. කරුට වඩා පබා මනාප ගත්තා වාගේය. අරමුණු දිනවීම ඊට වෙනස් අභ්‍යාසයකි. අගෝස්තුවේ කොළඹින් එජාපයට ඡුන්ද 640743ක් හෙවත් 53.00%ක් ලැබිණ. හම්බන්තොටින් එජාපයට ඡුන්ද 130433ක් හෙවත් 35.65%ක් ලැබිණ. කොළඹදී එජාපය ලත් මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් රනිල් ගත් මනාප ගණන 78.12%කි. සජිත් හම්බන්තොට මුළු එජාප ඡුන්ද සංඛ්‍යාවෙන් 86.36%ක මනාප ලැබීය. මහින්ද කුරුණෑගලදී 89.32%ක මනාප ලැබීය. ජනපි‍්‍රය කවුද? මනාප අනුව, පිළිවෙළින් 1 සජිත්ය. 2 මහින්දය. 3 රනිල්ය. පුද්ගල මනාප සංඛ්‍යාව අනුව, රනිල් 555566ක් ලැබීය. මහින්ද 433529ක් ලැබීය. සජිත් 112649ක් ලැබීය.
 
 ගම්පහින් පබා උපේක්‍ෂා ස්වර්ණමාලි මනාප 88135 ගන්නා විට කරු ජයසූරියට ලැබුණේ 60310 කි. කරු ජයසූරියගේ නම 2015 දී මෙන්ම වර්තමානයේද ජනාධිපති අපේක්‍ෂකත්වයට සුදුසු බව බහුතර මතය වේ. මෙහිදී ජනපි‍්‍රයත්වය නම් සාධකය ප‍්‍රතික්‍ෂේප නොවේද?
 
 එජාප පළාත් සභා සමුළුවේදී සජිත් එජාප ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු යැයි මහියංගන ප‍්‍රාදේශීය සභා සභාපති කරූ වීරරත්නගේ යෝජනාව, සේරවාවිල ප‍්‍රාදේශීය සභා සභාපති ඒ. ජේ. රණසිංහ ස්ථීර කළ බව වාර්තා වේ. මේ වැඬේ මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක නොකළේ ඇයි? 2004 දී රනිල්ට එරෙහිව මාතලේ රන්ජිත් අලූවිහාරේගේ ගෙදරදී පැවති රැස්වීමේදී සජිත් පේ‍්‍රමදාසගෙන් රත්තොට ප‍්‍රාදේශීය සභා සභාපතිව සිටි අතුල වික‍්‍රමනායක, දෝෂාභියෝගයේදී ඔබේ තාත්තා බේරා ගත්තේ රනිල් වික‍්‍රමසිංහ නේද කියා ඇසීය. චූන් පාන් රස විය හැකිය. එහෙත් සද්දය සමහර විට වදයකි.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles