Divaina - දීගොඩ කුමාරගේ දේව මෙහෙයේදී තිදෙනෙක් මිය ගියේ කොහොමද?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 

leda
තරංග රත්නවීර
 මිහින්තලේ - රංග චතු
 වාද්දුව විශේෂ සේපාලි ගුණසිංහ

 

යම් පුද්ගලයකුට අසනීපයක්, රෝගාබාධයක් වැළඳුණු කල්හි වෛද්‍ය ප‍්‍රතිකාරවලට සුව නොවූ විට දේවාල, පල්ලිවල පිහිට පැතීම අරුමයක් නොවේ. යකැදුරන්, භූතයන්, ආරූඪකරුවන්, පේනකරුවන්, අංජනංකරුවන් පසු පස යති. එය නූගත් පිරිස පමණක් නොව උගත් බුද්ධිමත් පිරිස ද එසේ කරති. දියෙහි ගසාගෙන යන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙන්නේ යැයි කියමනක් තිබේ. රෝගාබාධවලින් පීඩාවට පත්වන්නා උත්සාහ දරන්නේ කෙසේ හෝ එයින් මිදී සුවය ලබන්නටය. ලෙඩට සුවය සලසා දෙන්නේ යැයි කියන ඕනෑම තැනකට යෑමට රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු පසුබට නොවෙති. අසරණ වූ සිතක ස්වභාවය එයයි.
 
 පසුගිිය 07 වැනිදා හොරොව්පොතාන රුවන්මැලි මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයට ද මෙරට නන්දෙසින් රෝගීන් එක්රොක් වූයේ තම ශරීර කූඩු වෙලාගෙන තිබෙන රෝගාබාධවලට සුවයක් ලබාගැනීමටය. ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ දුක් සුවපත් කිරීමට දේව මෙහෙය ආරම්භ කිරීමට දීගොඩ කුමාර දේවගැතිවරයා ද සූදානම් වෙමින් සිටියේය. රෝගීහු සහ ඔවුන්ගේ ඥාතීහු දහසකට අධික පිරිසක් ක‍්‍රීඩාපිටියට එක්රොක් වෙමින් සිටියහ. මුළු ක‍්‍රීඩාපිටියම පිරී ඉතිරී ගොස් තිබිණි. මද්දහනෙ චණ්ඩ හිරුගේ රශ්මියට ක‍්‍රීඩාපිටිය ගිනිගෙන තිබිණි.
 
 විවිධ රෝගාබාධ සහිත මිනිසුන් ගිනි මද්දහනේ ක‍්‍රීඩාපිටිය තුළ තෙරපෙන විට ඇතැම්හු සිහිසුන්ව ඇද වැටුණහ. එයින් අටදෙනකු හදිසි ප‍්‍රතිකාර ගැනීම සඳහා හොරොව්පොතාන ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබිණි. ඔවුන් අතරින් තිස්නව හැවිරිදි කාන්තාවක් සහ හැත්තෑඅට හැවිරිදි තැනැත්තෙකු මියගොස් තිබිණි. එම ක‍්‍රීඩාපිටිය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වූ තවත් දහතුන්දෙනකු අනුරාධපුර ශික්ෂණ රෝහලට පිටත් කර යවා තිබිණි. එම රෝගීන් අතරින් තවත් පුද්ගලයකු පසුගිය 08 වැනිදා මිය ගියේය. හේ අනුරාධපුර කලාවැව විජිතපුර ප‍්‍රදේශයේ පදිංචිව සිටි ටී. බී. විජේතුංගය. ඔහු කාලයක සිට වකුගඩු රෝගයකින් පීඩා විඳි තැනැත්තෙකි. වයස අවුරුදු පනස්දෙකකි. හේ හොරොව්පොතාන දේවමෙහෙයට පැමිණ සිටියේ කාලයක සිට පීඩා විඳි වකුගඩු රෝගය සුවපත් කරගැනීමේ බලාපොරොත්තුවෙනි.
 
 හොරොව්පොතාන ප‍්‍රාදේශීය රෝහලේදී මිය ගිය තිස්නව හැවිරිදි කාන්තාව දිනූෂා ද සිල්වාය. කළුතර මහ වස්කඩුවේ පදිංචිව සිටි ඇය එක්දරු මවකි. පසුගිය දිනක දිනූෂාගේ මළගමට සහභාගි වූ අපි ඇයගේ සැමියා සමඟ එම අවාසනාවන්ත සිද්ධිය ගැන කතාබහ කළෙමු. ඔහු වර්ණ ගුණසේකරය. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන හේ බිරිඳගේ මරණය සිදු වූ ආකාරය ගැන මෙසේ විස්තර කළේය.
 
 ‘‘මගේ වයිෆ්ට දරුව ලැබෙන්න ගිහින් ටිකක් අමාරු වුණා. අන්තිමේ දරුවා ගත්තේ ඔපරේෂන් කරලා. දරුවා ලැබිලා මාසයකට පස්සෙ වයිෆ් අසනීප වුණා. දෙපයින් හිටගන්නවත් බැරි වුණා. විශේෂඥ වෛද්‍යවරු හමු වෙලා බෙහෙත් ගත්තා. ඒත් සුවයක් ලැබුණේ නෑ. අන්තිමේ ඇඳටම සීමා වුණා. අවුරුදු එකොළහක් දුක්වින්දා. ස්නායු රෝග සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න සියලූම විශේෂඥ වෛද්‍යවරුන් හමුවෙලා පරීක්‍ෂණ කරලා බෙහෙත් අරගත්තා. සිංහල වෙදකම් කළා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. වයිෆ්ට තියෙන ලෙඬේවත් වෛද්‍යවරු අපිට කිව්වේ නෑ...’’
 
 leda2‘‘පින්කම් කළා. පුළුවන් හැම වෙලාවටම බෝධි පූජා තිබ්බා. දේවාලවල ගිහින් දෙවියන්ට බාර වුණා. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් වැඩ කළා. ඒත් කිසිම ප‍්‍රතිඵලයක් පෙන්නුවේ නෑ. දීගොඩ කුමාර දේවගැතිවරයාගේ දේව මෙහෙයක් තියෙනව කියලා ආරංචියට තමයි හොරොව්පොතානට ගියේ. මමයි, තව කිහිපදෙනෙක් ගියා. අපි ඒ පිට්ටනියට යනකොට 11 ට විතර වුණා. ගිනි ගහන අව්ව. කූඩයක හෙවණ යටවත් ඉන්න අමාරු වුණා. එතකොටත් පහළොස්දාහක, විසිහදාහක විතර සෙනඟක් ඇවිත් හිටියා. දේවමෙහෙය පටන් ගන්න තිබුණේ 2.30 ට. පිට්ටනියට ඇතුළු වෙලා විනාඩි පහක්, දහයක් යනකොට වයිෆ්ට හුස්ම ගන්න අපහසුයි කිව්වා. ඒ මොහොතේම අපි වයිෆ්ව හොරොව්පොතාන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. රෝහලට ඇතුළු කරලා සුළු වෙලාවක් යනකොට වයිෆ් නැති වුණා...’’
 
 ‘‘මාධ්‍යයේ පළවෙන්නෙ බොරු. අපෙන් අහන්නෙත් නැතිව අසත්‍ය ප‍්‍රකාශ පළ කරනවා. මගේ බිරිඳ නැති වුණේ දේවමෙහෙය අතරතුර නෙමෙයි. දේවමෙහෙය පවත්වන්න ඉස්සෙල්ලා. මරණ පරීක්‍ෂණ වාර්තාවෙත් තියෙන්නෙත් මරණයට හේතුව හුස්ම ගන්න අපහසුතාවයක් කියලයි. අම්මා නැති දරුවටයි, අපිටයි දුක දරාගෙන හිත හදාගන්න ඕනෑ. මාධ්‍යයට කියන්නෙ බොරු ප‍්‍රකාශ කරන්නෙ නැතිව අපිට පාඩුවේ ඉන්න දෙන්න කියල තමයි...’’ වර්ණ පැහැදිළි භාෂාවෙන් බිරිඳගේ මරණය ගැන එසේ කතා කරන විට ඔහුගේ පියා ද කතාවට එකතු වී කියා සිටියේ ඇත්ත ඇති සැටියෙන් පළ කරන්න කියාය. රජයේ හිටපු පරිපාලන නිලධාරියකු වූ ඔහු ද ලේලියගේ මරණය ගැන අතිශය සංවේගයෙන් කතා කළේය.
 
 දීනුෂාගේ එකම දරුවා ද වර්ණට තුරුළු වී සිටියේය. එහෙත් දරුවගේ නම, පාසල සඳහන් කරනවාට වර්ණ අකැමැති විය. එමෙන්ම ඔවුන්ගේ පින්තූර ප‍්‍රසිද්ධ කිරීමට අකැමැති විය. එහෙයින් අපි ඔවුන්ගේ ඉල්ලීමට සවන් දී ඡායාරූප ගැනීමෙන් වැළකී ගාල්ල ඌරල, දික්හේනවත්තට ගමන් කළෙමු. ඒ හොරොව්පොතාන දේවමෙහෙයට සහභාගි වී සිටියදී මිය ගිය ඒ. එම්. රණවකගේ මළගමටය. එහෙත් අපට ඔහුගේ මළගමට සහභාගි වීමට නොහැකි විය. අප එම ගමට යන විටත් ගාල්ලේ මල් ශාලාවක තබා තිබූ රණවකගේ නිසළ දේහය භුමදාන කටයුතු සිදු කිරීම සඳහා රැගෙන ගිය බව ආරංචි විය. දුරකථනය ඔස්සේ ඔහුගේ ඥාතියකු සම්බන්ධ කරගත්ත ද මරණය ගැන කිසිවක් ප‍්‍රකාශ කිරීමට ඔහු මැලි විය.
 
 හොරොව්පොතාන දේවමෙහෙය අතර මියගිය පුද්ගලයන්ගේ අවසාන කටයුතු එසේ සිද්ධ වන විට එම දේවමෙහෙය පැවැත්වීමට සූදානම්ව සිටි දීගොඩ කුමාර දේවගැතිවරයාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපි උත්සාහ කළෙමු. ඔහුගේ සමීපතම හිතවතෙකුට කතා කළ විට ඔහු පවසා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් දේවගැතිතුමා මාධ්‍යයට කිසිදු ප‍්‍රකාශයක් නිකුත් නොකරන බවය. දේවගැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින්නේ අනවශ්‍ය වචන පිට වෙයි යන බියට විය හැකිය. ඔහු හොරොව්පොතාන දේවමෙහෙය පවත්වනු ලබන්නේ පුරුදු වන්නට නොවේ. මීට පෙර ද කීප අවස්ථාවක් මෙරට නොයෙක් ප‍්‍රදේශවලදී මෙවැනි දේව මෙහෙයන් පවත්වා ඇත. එම දේවමෙහෙයන්වලට ද විශාල රෝගීන් පිරිසක් සහභාගි වී ඇති බව ද වාර්තා වේ.
 
 වරද සිදු කර ඇත්තේ සඳ තරණය කර වෙනත් ග‍්‍රහලෝක ගැන පවා විද්‍යාත්මකව පර්යේෂණ කරන යුගයක, විශ්මිත සැත්කම් සිදු කොට රෝගීන් සුවපත් කිරීමට තරම් නවීන විද්‍යාව දියුණු වී ඇති සමාජයකදී, විශ්ව ශක්තිය සොයාගෙන වියැළෙන හොරොව්පොතානට පිච්චෙන්න ගිය මිනිසුන්ය. අධික අව් රශ්මිය පවතින මෙවැනි කාලගුණ තත්ත්වයකදී එළිමහන් පිටියක් තුළ ගිනිමද්දහනේ දේවමෙහෙයක් පැවැත්වීමට අවසර දී ඇති රාජ්‍ය නිලධාරීන්ය.
 
leda3මෙම දේවමෙහෙය පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත්තේ හොරොව්පොතාන ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් බව වාර්තා වේ. එමෙන්ම මෙම දේවමෙහෙය පවත්වාගෙන යෑමට අවශ්‍ය ආරක්‍ෂාව සපයා ඇත්තේ හොරොව්පොතාන පොලිසියෙනි. දේවමෙහෙයට පැමිණෙන මිනිසුන්ට පානීය ජලය සහ අවශ්‍ය සනීපාරක්‍ෂක පහසුකම් සම්පූර්ණ කර දී ඇත්තේ හොරොව්පොතාන ප‍්‍රාදේශීය සභාව මගිනි. මොළ කළඳක් හෝ ඇති නිලධාරීන් මරණාසන්නව සිටින රෝගීන් ගිනි අව්වේ හිටුවා තැබීමට පෙර සිහිබුද්ධියෙන් සිතාබැලිය යුතුය. සිදු වී ඇති අවාසනාවන්ත මරණ තුනට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ අධික රශ්මිය තුළ, විශාල පිරිසක් අතර තෙරපීමේදී සිදු වූ සංකූලතාවකි. දැන් අපට ඇති ගැටලූව විශ්ව ශක්තියෙන් බරපතළ ලෙඩ සුවපත් කිරීමට සූදානම්ව සිටි දේවගැතිවරයාට මේ අසරණයන් තිදෙනා මරණයෙන් මුදාගැනීමට නොහැකිවීම ගැනය.
 
 මිනිසකුට කායික හා මානසික රෝග ඇතිවීම ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයකි. ඒ සඳහා ප‍්‍රතිකාර කළ යුත්තේ වෛද්‍ය විද්‍යාවෙනි. මේ වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවේ හිණිපෙත්තට ආසන්න වෙමින් විශ්මිත සැත්කම් සිදු කරමින් මියැදෙන්න යන මිනිසුන්ට පණ දෙති. හදවත, මොළය වැනි ශරීර අවයව විවෘත කොට ශල්‍යකර්ම සිදු කරන දෙවිවරු වැනි වෛද්‍යවරු සිටිති. එහෙයින් රෝගයක් වැළඳුණු කළ වෛද්‍යවරයෙක් සොයා යනවා විනා විශ්ව ශක්තියේ පිහිට පැතීම අනුවණ ක‍්‍රියාවකි. එමෙන්ම ඇතැම් රෝගවලට කොතරම් වෛද්‍ය ප‍්‍රතිකාර කළ ද සුව නොවන අතර තවත් සමහර රෝගවලට වෛද්‍ය ප‍්‍රතිකාර සොයාගෙනවත් නැත. මෙබදු රෝගීන් සිදු කළ යුත්තේ කර්ම ශක්තීන් වර්ධනය කරගැනීමට අවශ්‍ය විවිධ පින්කම් සිදුකිරීමය. බෝධි පූජා පැවැත්වීමය. පිරිත් දේශනා ශ‍්‍රවණය කරමින් කුසල් වැඞීමය. කුසල් වැඩෙන විට අකලට හටගත් ලෙඩ රෝග ද සුවපත් වීමට ඉඩ ඇත.
 
 බුදුදහම තුළ විශ්ව ශක්තියට නොව මුල්තැන දී ඇත්තේ ස්වශක්තියට හෙවත් ආත්ම ශක්තියටය. චිත්ත ශක්තිය වර්ධනය වන්නේ කුසල් වර්ධනය කරගැනීමෙන් පමණි. පිරිසිදු සිතැත්තාට මුළු විශ්වය තුළම පවතින ශක්තිය තමා වෙතට ගත හැකිය. නොපෙනෙන බලවේග මිථ්‍යා විශ්වාස පසුපස යෑමෙන් සිදු වන්නේ අකුසලය වර්ධනය වීම පමණි. එහෙයින් සිදු කළ යුත්තේ දෙනෝ දහසක් සෙනඟ අතර තෙරපෙමින් විශ්ව ශක්තිය සොයා යෑම නොව වෛද්‍යවරුන් නියම කරන ඖෂධ ගෙන හැකි සෑම මොහොතකම ති‍්‍රවිධ රත්නයේ ආශීර්වාදය පැතීමය.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles