Divaina - පානදුර පොලීසියේ ටී56 න් අකුරැස්ස පොලීසියට වෙඩි පිට වෙඩි... අහම්බෙන් හෙළිවූ අපරාධ රැසක තොරතුරු...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


police

හේමන්ත රන්දුණු


police2අකුරැස්ස ප‍්‍රදේශය බූරුපිටිවලට බෙහෙවින් ප‍්‍රසිද්ධය. අකුරැස්ස ප‍්‍රදේශයේ රහසිගත ස්ථාන කීපයක පවත්වාගෙන යන බූරු පිටිවල මුදලට බූරු ක‍්‍රීඩා කිරීමට විවිධ ප‍්‍රදේශවලින් ව්‍යාපාරිකයන් ධනවතුන් මෙන්ම නොයෙක් තරාතිරමේ පුද්ගලයෝ පැමිණෙති.

බෝපගේ වෘත්තියෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකි. ඔහු පදිංචිව සිටින්නේද අකුරැස්ස ප‍්‍රදේශයේමය. බෝපගේ බූරු ක‍්‍රීඩා කප්පිත්තෙකු ලෙස මුළු අකුරැස්ස ප‍්‍රදේශයේම ප‍්‍රසිද්ධ චරිතයකි. ඔහු නිතර උත්සාහ කළේ කෙටි මාර්ගවලින් මුදල් ඉපයීමටය.

නීත්‍යානුකූල නොවන මාර්ගවලින් හෝ මුදල් උපයා ගැනීමට බෝපගේ නිතර කටයුතු කළේය. බෝපගේ සමග සමීප සබඳතා පැවැත්වූ තවත් තුන් හතර දෙනෙක් අකුරැස්සේ පදිංචිව සිටියහ. මේ පුද්ගලයන්ද හැම විටම උත්සාහ කළේ හොඳින් නැතිනම් නරකින් හෝ මුදල් උපයා ගැනීමටය.

බූරු පොළවල්වලට සමහර දාට ලොකු සල්ලියක් වැටෙනවා. සමහරු එක දිගට දිනන දවස් තියෙනවා. ඒ වගේ දවස්වලට දිනන උන් ළ`ග තියෙන සල්ලි ටිකට ගේම් එකක් දුන්නොත් අපිට ලේසියෙන් සල්ලිකාරයෝ වෙන්න පුළුවන්...’

බෝපගේ තම සගයන් සමග නිතර මේ ගැන කීවේය. බෝපගේ සමීප සබඳතා පැවැත්වූ කල්ලියේ එක් සාමාජිකයකු වික‍්‍ර‍්‍රමය. ඔහු හමුදා සෙබළෙකි. රාජකාරි කළේ පානදුර ප‍්‍රදේශයේ හමුදා කඳවුරකය. කරුණාදාස, බෝපගේගේ කල්ලියේ තවත් සාමාජිකයෙකි. සමීර නමැති 16 හැවිරිදි තරුණයකුද මේ කල්ලියට සම්බන්ධ වී සිටියේය.

බෝපගේ ගෙන ආ යෝජනාවට ඔහුගේ සමීපතමයන් සියලූ දෙනා කැමැත්ත පළකළහ. බූරු පිටිවලින් මුදල් ජයග‍්‍රහණය කරන පුද්ගලයන් අතරමගදී කොල්ලකෑමට බෝපගේ ඇතුළු සගයන් සැලසුම් කළහ.

මේ වැඬේට වෙපන් එකක් තිබුණොත් ලොකු පහසුවක්. වෙපන් එක දැක්ක ගමන් ඕනෙම කෙනෙක් ළ`ග තියන සියලූ සේසතම දෙනවා.

හමුදා සෙබළකුවූ වික‍්‍රම කීවේය. අපි කොහොම හරි ආයුධයක් හොයාගමු. වෙලාවෙ හැටියට සල්ලිවලට හරි කමක් නැහැ ආයුධයක් ගමු...’

බෝපගේ යෝජනා කළේය. ගිනි අවියක් සොයා ගැනීමේ කාර්ය වික‍්‍රම භාරගත්තේය. වැඩි දවසක් ගත වන්නට පෙර වික‍්‍රම ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ආවේය. බෝපගේ ඇතුළු සගයන් ටී 56 ගිනි අවි දෙක අතපතගාමින් එය පරීක්‍ෂා කළේ දැඩි සතුටකින් යුතුවය.

පසුගිය දිනක බෝපගේ සූදු පළකට ගොස් බූරු ක‍්‍රීඩාවේ යෙදුණේය. මේ සූදු පළට පැමිණි එක්තරා ව්‍යාපාරිකයකු රුපියල් ලක්‍ෂ 3 කට අධික මුදලක් ජයග‍්‍රහණය කර තිබුණේය. බෝපගේ එදින රාත‍්‍රියේ වික‍්‍රමට දුරකථනයෙන් කතා කළේය.

‘මේ බූරුපළේදී එකෙක් රුපියල් ලක්‍ෂ ගාණක් දිනුවා. මිනිහා මෙතනින් යනකොට අපිට මග රැක ඉඳලා ගේම් එකක් දෙන්න පුළුවන්.’

බෝපගේ කළ දැනුම්දීම අනුව වික‍්‍රම ක‍්‍රියාත්මක වුණේය. බූරුපළේ සිට පැමිණි ව්‍යාපාරිකයා අතරමගදී නතර කළ වික‍්‍ර‍්‍රම ඇතුළු සගයන් ඔහු සතු මුදල් කොල්ලකෑහ. එහෙත් ඒ මොහොතේ ව්‍යාපාරිකයා සතුව තිබුණේ රුපියල් තුන් දහසක මුදලක් පමණි.

ව්‍යාපාරිකයා බූරුපළෙන් ජයග‍්‍රහණය කළ මුදල් වෙනත් පුද්ගලයකුට ලබාදී තිබුණේ ආරක්‍ෂක හේතූන් මතය. බෝපගේ වික‍්‍රම ඇතුළු කොල්ල කල්ලියේ බලාපොරොත්තු බිඳවැටිණි. පළමු කොල්ලකෑම වැරදුණේය.

මේ වැඬේ වැරදුනාට අපිට ළ`ගදීම හොඳ වැඩක් සෙට්වෙයි. අපි හැමෝම රෙඩිපිට ඉමු.’

බෝපගේ තම සගයන් ධෛර්යමත් කරමින් කීවේය. බූරුපිටිවලින් මුදල් ජයග‍්‍රහණය කරන පුද්ගලයන් අතරමගදී කොල්ලකෑම විශාල ආදායම් මාර්ගයක් ඉපයිය හැකි ක‍්‍රියාවක් බව බෝපගේ මෙන්ම සෙසු සගයන්ද ඒ වන විට තේරුම් ගෙන සිටියහ.

සූදු ගහලා දිනන උන්ගෙන් සල්ලි මංකොල්ලකෑවට පවු නැහැ. අනික උන් පොලිසි යන්නෙත් නැහැනේ. වික‍්‍රම කීවේය. පසුගිය 06 වැනිදා ද බෝපගේ අකුරැස්ස ප‍්‍රදේශයේ බූරු පළකට ගියේය. බෝපගේගේ අරමුණ වී තිබුණේ බූරු ක‍්‍රීඩාවේ නිරතවීම නොව එහි මුදල් ජයග‍්‍රහණය කරන පුද්ගලයන් අතරමගදී කොල්ලකෑමය. ඒ සඳහා තම කල්ලියේ සාමාජිකයන් වූ වික‍්‍රම ඇතුළු පිරිස සූදානම් කර තැබීමටද බෝපගේ කටයුතු කර තිබුණේය.

වික‍්‍රම, කරුණාදාස සහ සමීර බෝපගේගෙන් පණිවිඩයක් ලැබෙනතුරු නිදිවර්ජිතව බලා සිටියහ. මධ්‍යම රාත‍්‍රියේදී වික‍්‍රමගේ ජංගම දුරකථනයට බෝපගේගෙන් ඇමතුමක් ලැබුණේය.

‘මෙතන බූරුපළේ එකෙක් හොඳ ගාණක් හොයා ගත්තා. අපිට ඌට වැඩක් දෙන්න පුළුවන්. උඹලා මම කියන තැනට වරෙල්ලා.

බෝපගේ තම කල්ලියේ සගයන්ට කීවේය. ඒ අනුව වික‍්‍රම, කරුණාදාස සහ සමීර ටී 56 ගිනි අවියක්ද රැගෙන යතුරුපැදියක නැගී බෝපගේ දැනුම්දුන් ස්ථානය වෙත යන්නට පිටත් වූහ.

එහෙත් වික‍්‍රමලාට වැඩි දුරක් යන්නට ඉඩ ලැබුණේ නැත. අකුරැස්ස තිබ්බොටුවාව මංසන්ධියේදී ට‍්‍රැෆික් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වික‍්‍රම ඇතුළු සගයන් ගමන්ගත් අංක තහඩු නොමැති යතුරුපැදිය නතරකරන ලෙස නියෝග කළහ.

යතුරුපැදිය පදවාගෙන ගියේ කරුණාදාසය. එහි මැද සමීර සිටි අතර පිටුපස සිටියේ වික‍්‍රමය.

බයික් එක නතර කරන්න එපා. එහෙම වුණොත් අපි සේරම මාට්ටු වෙනවා. පුළුවන් තරම් ස්පීඞ් කරලා යමු.’’

යතුරුපැදිය පිටුපස සිටි වික‍්‍රම කෑගැසුවේය. කරුණාදාස යතුරුපැදිය හැකි උපරිම වේගයෙන් ධාවනය කිරීමට උත්සාහ කළේය.

එහෙත් වික‍්‍රමලාට පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ගැලවීමක් නැත. ට‍්‍රැෆික් පොලිස් නිලධාරීන් දෙදෙනා නොනවත්වා ධාවනය වන යතුරුපැදිය ලූහුබඳින්නට වූහ.

පොලිසියෙන් අපිව ෆලෝ කරනවා. දැන් කරන්න දෙයක් නැහැ. වෙඩි තියලා හරි පැනගමු.

යතුරුපැදිය පැදවූ කරුණාදාස කීවේය. යතුරුපැදිය පිටුපස ගමන් කළ වික‍්‍රම ටී 56 ගිනි අවිය දෑතින්ම තරයේ අල්ලාගෙන සිටියේය. යුද හමුදාවේදී අවි පුහුණුව ලබා සිටි නිසා වික‍්‍රමට ටී 56 අවි හැසිරවීම ඉතාම පළපුරුදු ක‍්‍රියාවක් විය.

යතුරුපැදියේ යන අතරතුරම වික‍්‍ර‍්‍රම පිටුපසින් එන ට‍්‍රැෆික් බයිසිකලය ඉලක්ක කර පිට පිට වෙඩි ප‍්‍රහාර එල්ල කළේය.

අනපේක්‍ෂිතව එල්ල වූ වෙඩි ප‍්‍රහාරවලින් බේරීමට පොලිස් නිලධාරීන්ට ඉඩ ලැබුණේ නැත පොලිස් යතුරුපැදියේ පසුපස රෝදයටද වෙඩි ප‍්‍රහාර එල්ල විය. පොලිස් නිලධාරීන් දෙදෙනාද වෙඩි ප‍්‍රහාරයට ලක්වූ අතර ඔවුන් බිම ඇද වැටුණාහ.

පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ වික‍්‍රම ඇතුළු සගයන් නිරුපද්‍රිතව පලා ගියහ.

අකුරැස්ස පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කර කොල්ල කණ්ඩායමක් පලා ගිය පුවතක් අකුරැස්ස ප‍්‍රදේශයේ පමණක් නොව මුළු රටම උණුසුම් වුණේය.

police3අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස අලූතින් පත්වී ආ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් සිල්වා මහතා අපරාධකරුවන් ලූහුබැඳ යෑම මෙන්ම කෙසේ හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව හසල දැනුමක් ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.

පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පොලිසියට අභියෝග කළ සන්නද්ධ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ අභියෝගය පේ‍්‍රමලාල් සිල්වා සහ අකුරැස්ස පොලිසියේ නිලධාරීන් භාර ගත්හ.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී අනිල් ප‍්‍රියන්ත සහකාර පොලිස් අධිකාරි විජේගුණවර්ධන මහත්වරුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගත් අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති ප්‍රේ‍්‍රමලාල් සිල්වා අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රියංජන පෙරේරා ඇතුළු නිලධාරීන් පෞද්ගලික ඔත්තුකරුවන් යොදාගෙන මෙම සන්නද්ධ කණ්ඩායම පිළිබඳ තොරතුරු සොයන්නට වූහ.

මේ අතර අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතා වෙත ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබුණේය. ඉන් කියැවුණේ සමීර නමැති 16 හැවිරිදි තරුණයකු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට හවුල් වූ බවය.

පොලිස් නිලධාරීන් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර සමීර නමැති සැකකරු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වන්නට පටන් ගත්තේය.

‘අනේ සර් මට කරදර කරන්න එපා. සිද්ධ වෙච්ච හැම දෙයක්ම මම කියන්නම්.’

සමීර පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වුණේය.

‘පොලිස් නිලධාරීන්ට වෙඩි තිබ්බෙ වික‍්‍රම අයියා. එයා වැඩ කරන්නෙ ආමි එකේ. කරුණාදාස අයියා තමයි බයික් එක පැද්දෙ. අපි බූරුපළක් කොල්ල කන්න යද්දී තමයි පොලිසිය අපිව නතර කළේ.’

සමීර සිදුවූ සියල්ල එකින් එක කියන්නට පටන් ගත්තේය.

ඒ වන විට වික‍්‍රම සහ කරුණාදාස ප‍්‍රදේශය හැරගොස් සිටියහ.

පොලිස් නිලධාරීන් සමීර හරහා වික‍්‍රමට ඇමතුමක් ලබාදී ඔහු සම්බන්ධ කර ගත්තේය. සමීර මාර්ගයෙන් වික‍්‍රම

ගෙන්වාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැලසුම් කළේය.

ඒ වන විට වික‍්‍රම සහ කරුණාදාස සිටියේ තංගල්ල ප‍්‍රදේශයේය. අකරැස්ස පොලිස් ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා තංගල්ල පොලිසියට දුරකථනයෙන් කතාකර තංගල්ල බස් නැවතුම්පළේ සිටින වික‍්‍රම සහ කරුණාදාස අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන්නේය.

ඒ වන විට අකුරැස්ස පොලිසියේ නිලධාරීන් තංගල්ල පොලිසිය වෙත යමින් සිටියහ.

අකුරැස්ස පොලිසියේ නිලධාරීන් තංගල්ල පොලිසිය වෙත යන විට වික‍්‍රම සහ කරුණාදාස පොලිසිය වෙත ගෙනැවිත් සිටියහ. පොලිස් අත්අඩංගුවට පත්වූ සමීර සිටින බව වික‍්‍රම හෝ කරුණාදාස දැන සිටියේ නැත. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ මොවුන් දෙදෙනා අකුරැස්සේ වෙඩි තැබීම පිළිබඳ කිසිවක් හෙළි කළේ නැත. පසුව අකුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පේ‍්‍රමලාල් සිල්වා මහතා තමන් භාරයේ සිටි සමීර, වික‍්‍රම සහ කරුණාදාස ඉදිරිපිටට කැඳවාගෙන ආවේය.

‘උඹලා මේ කොල්ලව අඳුනනවද? උඹලා දෙන්න අපිට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා. ඇත්ත කිව්වොත් සහනයක් තියෙයි. එහෙම නොවුණොත් ප‍්‍රශ්න ගොඩකට මැදි වෙනවා.’’

පේ‍්‍රමලාල් සිල්වා මහතාගේ ගර්ජනය හමුවේ වික‍්‍රම සහ කරුණාදාස අසරණ වූහ. සත්‍ය හෙළි කරනවා හැරෙන්නට වෙනත් කළ යුතු යමක් නොමැති බව ඔවුන් තේරුම් ගත්හ.

‘අපිට කරදර කරන්න එපා. අපි ඇත්ත කියන්නම් මේ අපරාධයට සම්බන්ධ හැම කෙනෙක් ගැනම අපි කියන්නම්.’

වික‍්‍රම පොලිස් නිලධාරීන් ඉදිරියේ සියල්ල හෙළි කරන්න වුණේය. වික‍්‍රමගෙන් සහ කරුණාදාසගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත බෝපගේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

‘පොලිසියේ අයට වෙඩි තිබ්බ වෙපන් එක කොහෙද තියෙන්නේ. අපිට මේ වෙපන් එක තියෙන තැන පෙන්නපල්ලා. නැත්නම් වෙපන් ගන්න හැටි අපි දන්නවා...’ පොලිස් නිලධාරී වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය පිළිබඳව පේ‍්‍රමලාල් සිල්වා මහතා ප‍්‍රශ්න කළේය.

අකුරැස්ස තෙලිජ්ජවිල ප‍්‍රදේශයේ බෝක්කුවක් යට ටී 56 ගිනි අවි ස`ගවා ඇති බව වික‍්‍රම හෙළිකළේය. පොලිස් නිලධාරීන් ඒ මොහොතේම තෙලිජ්ජවිල ප‍්‍රදේශයට ගොස් බොක්කුව යට ස`ගවා තිබූ ගිනි අවි දෙක සොයා ගත්හ.

‘උඹලට කොහෙන්ද මේ වෙපන් දෙක හම්බ වුණේ. ඇත්ත නොකිව්වොත් වැඩ වරදින්න පුළුවන්. උඹලගේ පැටිකිරියම අපි දැන් සොයා ගෙන ඉවරයි.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි අනිල් ප‍්‍රියන්ත මහතා වෙත සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ ටී 56 ගිනි අවි ලැබුණු ආකාරය ඔවුන්ගෙන් ප‍්‍රශ්න කෙරිණි.

‘සර් මේ වෙපන් දෙක ගෙන්න ගත්තෙ මම මේක මට දුන්නෙ මම රාජකාරි කරන පානදුර කෑම්ප් එකේම යාළුවෙක් සුබසිංහ. මේ වෙපන් දෙකට රුපියල් ලක්‍ෂයක් ඉල්ලූවා. අපි වෙපන් දෙක අරගෙන එයාට දුන්නෙ රුපියල් හැට දාහයි. ඉතිරි හතළිස් දාහ ඉල්ලලා එයා නිතරම කරදර කරන්න පටන් ගත්තා. ඒත් එයාට දෙන්න අපට සල්ලි තිබුණේ නැහැ.

වෙපන් දෙකේ ඉතිරි සල්ලි සොයා ගන්න තමයි අපි බූරුපළ කොල්ල කන්න තීරණය කළේ. බූරුපළ කොල්ල කන්න යද්දී තමයි අපිව පොලිසියට කොටු වුණේ.

වික‍්‍රම තමන්ට ආයුධ ලැබුණු ආකාරය හෙළිකළේය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් සිල්වා සහ උප පොලිස් පරීක්‍ෂක ප‍්‍රියංජන පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වික‍්‍රමද ජීප් රථයක නංවාගෙන පානදුර හමුදා කඳවුර ආසන්නයට ආහ.

පානදුර කඳවුරේ සිටින සුබසිංහට දුරකථන ඇමතුමක් ලබාදී ඉතිරි රුපියල් හතළිස් දහස රැගෙන ආ බව පවසා කඳවුරෙන් පිටතට එන ලෙස දැනුම් දෙන්නැයි පොලිස් නිලධාරීහු අණකළහ.

වික‍්‍රම පොලිස් නිලධාරීන්ගේ නියෝගවලට කීකරු වුණේය. ඔහු ජංගම දුරකථනයෙන් පානදුර කඳවුරේ සිටි සුබසිංහට ඇමතුමක් ලබා දුන්නේය. විනාඩි කීපයක් ගතවන්නට පෙර සුබසිංහ පානදුර කඳවුරු භූමියෙන් පිටතට ආවේ වික‍්‍රම හමුවී රුපියල් හතළිස් දහස ලබා ගැනීමටය.

එහෙත් වික‍්‍රම අත්අඩංගුවට පත්ව සිටින බව දැකීමෙන් සුබසිංහ දැඩි ලෙස කලබලයට පත්වුණේය. තමන් කර මුලින්ම හසුවී සිටින බව සුබසිංහට තේරුම් ගියේය.

ඒ වන විට සුබසිංහට කිසිම ආකාරයක ගැලවීමක් තිබුණේ නැත.

ටී 56 ගිනි අවි ගනුදෙනුව පිළිබඳව සුබසිංහ සියලූ තොරතුරු හෙළි කරන්නට පටන් ගත්තේය පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වී සිටීම පළක් නැති බව තේරුම් ගොස් සිටි නිසාය.

මම පසුගිය දවස්වල පොලිසියත් එක්ක ඒකාබද්ධ මෙහෙයුම්වලට සම්බන්ධ වෙලා සිටියා. මම ඇටෑච් වෙලා හිටියෙ පානදුර පොලිසියට. සුබසිංහ ගිනි අවි ලැබුණු ආකාරය පිළිබඳ තොරතුරු පියවරෙන් පියවර හෙළිකළේය. මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක‍්‍රියාත්මක කළ මෙහෙයුම්වලට යුද හමුදාවද සම්බන්ධ වූහ. පානදුර කඳවුරේ රාජකාරි කළ සුබසිංහ පානදුර උතුර පොලිසියට සම්බන්ධ වී මෙම මෙහෙයුම්වලට එක්ව සිටියේය.

රාජකාරි අතරතුර සුබසිංහට පානදුර උතුර පොලිසියේ මුල්ලක තබා තිබූ ටී 56 ගිනි අවි දෙකක් දැක ගන්නට ලැබුණේය.

මෙම ගිනි අවි මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් පාවිච්චි කළ ඒවා විය.

ටී 56 ගිනි අවියක් අවශ්‍ය බව වික‍්‍රම තමාට කලින් කියා තිබූ බව සුබසිංහගේ මතකයට ආවේය.

ඔහු දෙවරක් නොසිතා මෙම ගිනි අවි දෙක හොර රහසේම රැගෙන පානදුර පොලිසිය ඉදිරිපිට ඇති කාණුවට එය අතහැර දැමුවේය. ගිනි අවි දෙක කාණුවට දමා පොලිසියේ හැසිරීම ඉතාම විමසිල්ලෙන් පරීක්‍ෂා කළද කිසිදු විශේෂත්වයක් නොමැති බව සුබසිංහ දුටුවේය.

ගිනි අවි කාණුවට දමා දින තුන හතරක් ගත වුවද පොලිස් නිලධාරීන් මේ අවි දෙක ගැන උනන්දුවක් නැති බව සුබසිංහ තේරුම් ගත්තේය.

පසුව දිනක් රාත‍්‍රි 11.30 ට පමණ සුබසිංහ පොහොර බෑගයක් රැගෙන පැමිණ පොලිසිය අසල කාණුවේ දමා තිබූ ටී 56 ගිනි අවි දෙක එහි දමාගෙන රැගෙන ගියේය.

ටී 56 ගිනි අවි ගනුදෙනුව සිදුවන්නේ ඉන් පසුවය. යුද හමුදාව පාවිච්චි කරන විශාල ඇලූමිනියම් පෙට්ටියක බහා මේ අවි දෙක මාතරට රැගෙන යෑමට සුබසිංහ කටයුතු කර තිබුණේ තම මිතුරා වූ වික‍්‍රමද සම`ගය.

ගිනි අවි දෙක රුපියල් ලක්‍ෂයක මුදලට බෝපගේ සහ සෙසු සගයන් විසින් මිලදී ගත්හ.

මෙම ගිනි අවි දෙක යොදාගෙන මහා අපරාධ රැසක් කිරීමට බෝපගේ වික‍්‍රම ඇතුළු අපරාධකරුවන් පිරිස ගත් උත්සාහය අකුරැස්ස පොලිසියේ නිලධාරීන්ගේ දක්‍ෂතාව නිසා වැළකී ගියේ ඒ ආකාරයටය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න පොලිස් අධිකාරි අනිල් ප‍්‍රියන්ත සහකාර පොලිස් අධිකාරි විජේගුණවර්ධන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පේ‍්‍රමලාල් සිල්වා උප පොලිස් පරීක්‍ෂක ප‍්‍රියංජන පෙරේරා ඇතුළු නිලධාරීන් මෙම විමර්ශනය පැවැත්වූහ.


විශේෂාංග

sikuru

සිනමා කලා

yak250new

නවලිය

neha250

දියග

sri250

මීවිත

meeema250

More Articles