Divaina - ශ‍්‍රී ලාංකික විචිත‍්‍රත්වය ඇමෙරිකාවට ගෙන යන ”The Beauty Of Sri Lanka - 2019” අන්තර්ජාතික ඡුායාරූප ප‍්‍රදර්ශනය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 pic
 
 ප‍්‍රභාත් රත්නායක
 
ශ‍්‍රී ලාංකික විචිත‍්‍රත්වය ලොවට කියාපාන හා දේශීය අනන්‍යතාව ලොවට ප‍්‍රදර්ශනය කෙරෙන ”The Beauty Of Sri Lanka -2019” ඡුායාරූප ප‍්‍රදර්ශනය සහ ප‍්‍රවර්ධන වැඩසටහන ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UCLA) සැප්තැම්බර් 21 සිට 27 දක්වා පැවැත්වෙය. ඇමෙරිකා ශ‍්‍රී ලංකා ඡුායාරූප කලා සංගමය (America Sri Lankan Photographic Art Society (Member of PS & Los Angeles) & Beauty Of Sri Lanka -2019 ප‍්‍රදර්ශනය සංවිධානය කරය.
 
 වසර 2500 කට වඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව පෞඪ ඉතිහාසයක් මෙන් ම සුවිශේෂී ස්වභාව සෞන්දර්යක් සහිත දිවයිනක. එකී දිවයිනේ සුන්දරත්වය මෙවර ප‍්‍රදර්ශනයෙන් ලොවට ප‍්‍රදර්ශනය කරනු ලබය.
 
 ශ‍්‍රී ලංකාවේ අසිරිය කියාපාන ශ‍්‍රී ලංකාවේ ආවේණිකත්වයකින් යුත් සුවිශේෂී සත්ත්ව හා ශාක රැසකින් පවතින තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය” දියළුම” දුන්හිඳ වැනි මනස්කාන්ත දියඇලි” උඩවලව” යාල වැනි සුන්දර අභයභූමි” සුන්දර මධ්‍යම කඳුකරය” අලංකාරවත් තේ වතු” මන්දාරම් නුවර වැනි කඳු නිම්න තැනිතලාවලින් සමන්විත” මහවැලි” කළු” වලවේ යන මහා ගංගාවන්ගෙන් පෝෂිත කෙත්යායෙන් පිරි පරිසරය” මහා රජ දරුවන් ඉදි කළ අභය වැව” තෝපාවැව” කලාවැව යන වාරි සංස්කෘතියෙන් ආඪ්‍ය වූ කෘෂිකර්මාන්තය” හික්කඩුව” ආරුගම්බේ” නිලාවේලි” මාබල් බීච් වැනි අති සුන්දර රමණීය වෙරළ තීරය ශ‍්‍රී ලංකාව ලෝකයේ තිබෙන මනස්කාන්ත දිවයින බවට සාක්ෂි සපයය. එවන් සුන්දරත්වය සහිත දිවයිනක තෙවැනි ඇසක සටහන් මෙලෙස මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය මඟින් ඔබ සමීපයට ගෙන එනු ලබය.
 
pic2දේශීය අනන්‍යතාව ලොවට ප‍්‍රදර්ශනය කරමින්” ලාංකික ස්වභාව සෞන්දර්ය ලොවට ගෙන යෑමේ අරමුණින් සංවිධානය කර තිබෙන මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය ඇමෙරිකාවේ වෙසෙන එරට වැසියන්ගේ මෙන්ම එරට සිටින ශ‍්‍රී ලාංකික වැසියන්ගේ ප‍්‍රසාදයට පත්වීම අනිවාර්යයෙන් ම සිදුවන්නක. මන්ද යත්” මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය සඳහා සම්බන්ධවන ඡුායාරූප ශිල්පීන් එම ක්ෂේත‍්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පීන් වන බැවින.
 
 මෙම ප‍්‍රදර්ශනය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඡුායාරූප ශිල්පීන් 06 දෙනෙකු ඇමෙරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටිය. ඇමෙරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන මෙම සුවිශේෂී ඡුායාරූප ප‍්‍රදර්ශනය සඳහා ශ‍්‍රී ලාංකික ඡුායාරූප ශිල්පීන් 06 දෙනෙකු එකවර සහභාගී වන්නේද ප‍්‍රථම වරටය.
 
 කේ. ජී. කීර්තිර්ත්න” යමුනී රශ්මිකා පෙරේරා” රංජනී පෙරේරා” විකුම් සේනානායක” රෝහිත ගුණවර්ධන” කුමාර කරුණාරත්න” යන විශිෂ්ට ඡුායාරූප ශිල්පීන් ”The Beauty of Sri Lanka” ඡුායාරූප ප‍්‍රදර්ශනය සඳහා සහභාගී වන අතර යමුනි රශ්මිකා පෙරේරා (AFIAP, EFIAP, Hon, FNPAS)” රංජනී පෙරේරා (AFIAP, LRPS, APSS)” යන කාන්තා ඡුායාරූප ශිල්පිනියන් දෙදෙනකු එක්වන්නේ ද ප‍්‍රථමවරටය. මෙම ඡුායාරූප ශිල්පීන් සියලූ දෙනා ජාත්‍යන්තර ඇගයීමට පාත‍්‍ර වූ ඡුායාරූප ශිල්පීන් වීම විශේෂිතය.
 
pic3මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනයේ දී ශ‍්‍රී ලංකාවේ වනජීවී” ස්වාභාවික සෞන්දර්ය” නාගරික සංවර්ධනය” සංස්කෘතික වටිනාකම්” කලාව” ආදී සංචාරක ආකර්ෂණය ඇති කරවන කෘති රැසක් ප‍්‍රදර්ශනයට එක් කර ඇත. එහි ප‍්‍රදර්ශනය කෙරෙන ඇතැම් කෘති මේ වනවිටත් අන්තර්ජාතික වශයෙන් සුවිශේෂී සම්මානයන්ට පාත‍්‍ර වූ නිර්මාණය.
 
 ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වන ඡුායාරූප ශිල්පීන්ට අමතරව ඇමෙරිකාවේ සිටින ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පීන් රැසක් මේ ඡුායාරූප ප‍්‍රදර්ශනය සඳහා එක්වීම ද සුවිශේෂී වෙය.
 
 දෙරටේ සිටින ඡුායාරූප ශිල්පීන් සිය ක්ෂේත‍්‍රයේ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළු ද මෙම ප‍්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබය. එමෙන්ම ඡුායාරූප ශිල්පීන් ක්ෂේත‍්‍ර චාරිකා කීපයකට ද එක්වීමට නියමිතය.
 
 වනජීවී ඡුායාරූප ශිල්පියෙකු වන සූරිය පෙරේරා මෙහි ප‍්‍රධාන කාර්යභාරය ඉටු කරන සම්මානලාභී ප‍්‍රවීණ ඡුායාරූප ශිල්පියෙක. එසේම ඇමරිකාවේදී ඡුායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත් වූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික ඡුායාරූප ශිල්පියා ද වන අතර ඒ වෙනුවෙන් එරට රජයෙන් සම්මානයක් හිමිවීම ද විශේෂත්වයක. අන්තර්ජාතික තලයේ දක්ෂතා දැක්වූ ඡුායාරූප ශිල්පීන් දෙදෙනෙකු වන සුමේධ ජයසේන” මෝරන් පෙරේරා” මෙහි දී සිය නිර්මාණ දායකත්වය ලබාදෙය. එමෙන්ම භූමි දර්ශන ඡුායාරූප ශිල්පියකු ලෙස ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වයට පත් ඡුායාරූප ශිල්පී ඇන්ඩි‍්‍ර සමරසේන ද මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය ඔහුගේ නිර්මාණවලින් අලංකාරවත් කරය. මොවුන් සියලූ දෙනා ඇමෙරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයය.
 
 මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වන ලොස් ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ” ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය කියාපාන ඡුායාරූප රැසක් සහිත ප‍්‍රදර්ශනයක් ඉහළ මට්ටමින් පැවැත්වීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බවය. එමෙන් ම මෙවැනි ප‍්‍රදර්ශන තුළින් ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ධනාත්මක සහයෝගයක් ලබාදීමට හැකිවන බව ද ඇය ප‍්‍රකාශ කරය.
 

pic4ඇමෙරිකා ශ‍්‍රී ලංකා ඡුායාරූප කලා සංගමයේ (America Sri Lankan Photographic Art Society (Member of PSA & Los Angeles) සභාපති සූරිය පෙරේරා මෙම කාර්ය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදෙය. මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලොස් ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මියද” ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා පදනමේ නිර්මාතෘ වොල්ටර් ජයසිංහ මහතා සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස නන්දසිරි ජසෙන්තුලියන මහතාද සහභාගී වෙය. 2018 වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් ලොස් ඇන්ජලීස් නුවර සෙපුල්වෙදා වනජීවී කලාපයේදී පැවැත්වූ කුරුල්ලන් නැරඹීම” චිත‍්‍ර ඇඳීම හා ඡුායාරූපකරණය වැඩමුළුවට සහභාගී වූ දරුදැරියන්ට සහතික පත‍්‍ර ප‍්‍රදානයද එදින සිදුවේ.
 
 මෙම ඡුායාරූප ප‍්‍රදර්ශනය තුළින් ශ‍්‍රී ලාංකීය විශිෂ්ට ඡුායාරූප ශිල්පීන් රැසකට තම හැකියාවන් ලොවට ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබෙන බවත්” ඔවුන් සියලූ දෙනාට ම ඇමෙරිකාවට පැමිණ ඒ සඳහා දායකත්වයක් ලබාදීමට අවස්ථාව සළසාදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රජයේ සියලූ පාර්ශවයන්ටද” අධ්‍යක්ෂ ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මියගේ සම්බන්ධීකරණයට දායක වූ මාලා සෙනෙවිරත්න සහ සදිසා හුලංගමුව මහත්මියන්ට ද තම ස්තූතිය පුදකරන බව ද සූරිය පෙරේරා මහතා සඳහන් කළේ ය.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles