Divaina - විජයබා කොල්ලය චිත්තාකර්ෂණීය යි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali



 vijeba
 
 ආචාර්ය ප‍්‍රණිත් අභයසුන්දර
 
 
70 දශකයේ මැද භාගයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට ලිවීමට සිංහල සාහිත්‍යය ඉගෙන ගතිම. කොළඹ ආනන්ද විද්‍යාලයේ අපේ ගුරුවරු පණ පොවා” රස කවා” සාහිත්‍යය ඉගැන්වූහ. ඩබ්ලියූ. ඒ. සිල්වා මහතා ලියූ .සුනේත‍්‍රා. හෙවත් අවිචාර සමය” එක් සාහිත්‍ය කොටසක. එහි කතා රසයෙන් පිනා ගිය මම” අපේ තාත්තාගේ පොත් ගුලේ තිබී .විජයබා කොල්ලය. කියැවීම. එම පොත 28 වරක් මුද්‍රණය වී ඇත.ඉමහත් ආසාවෙන් එම පොත කියැවූ මට” උසස් පෙළ විභාගයට ලියන කාලයේ දැන ගන්නට ලැබුණේ ඩබ්ලියූ. ඒ. සිල්වා හට විශ්වවිද්‍යාලවල ඇතැම් උගතුන් කළ කෙණෙහිලි කම්ය. වසර හතළිස් ගණනකට පසුව ආපසු හැරී බලන කල ගද්‍ය” පද්‍ය” රසානන්දනය නම් උල්පත් සිඳී ගිය වැව් යායක පුපුරා ගිය බොල් පොළොවක් මෙන් අපේ ජන සමාජය රැඳී ඇති තත්ත්වය පෙනී යය. ගැදි පැදි රස අරුත් හීන වූ ජන සමාජයක් සංවේදී වන්නේ” නැත. සොක‍්‍රටීස් පඬිතුමා කියන ලෙස සරඹ ක‍්‍රීඩා ආදිය ජීවිතයේ එක් පැත්තක. අනෙක් පැත්ත සෞන්දර්යය ක‍්‍රියාකාරකම්ය. ණය බරින්” විරැකියාවෙන්” කුලමල-ගෝත‍්‍ර වාදයෙන්” ආගම්-ජාතිවාදයෙන් ඔද්දල් වූ රටක පුරවැසියෝ අපි වෙමු. කවදා ද මේ අගාධයෙන් මිදී සෞභාග්‍යවත්” සශ‍්‍රීකවත් සාමකාමී” විනයගරුක” නීතිගරුක ජන සමාජයක් බිහිවන්නේ? විපිළිසරව” විපරීතව සිටින කෝටි ගණන් වූ පුරවැසියන් අතර මම ද දූවිලි අංශුවක්ම.
 
 ශ‍්‍රී ලාංකික සමාජ සංස්කෘතික ජීවිතයේ විනෝදායනය යොමුවී ඇත්තේ නිසරු” අශ්ලීල” අවිනීත වාණිජවාදී පාරිභෝගිකකරණයටය. එම අශිෂ්ටත්වයේ මං මුළාවැල් පෑඟුණු සමයක .විජයබා කොල්ලය. චිත‍්‍රපටය නැරඹීමට ගාලූ පාරේ” ගල්කිස්ස” දෙහිවල” වැල්ලවත්ත මායිමේ සිනමා ශාලාවක් වෙත ගියෙම. ජේම්ස් මොනැකෝ නම් විචාරකයා ලියා ඇති මට කියවන්ට ලැබුණු ”චිත‍්‍රපටයක් කියවන්නේ කෙසේද යන කෘතිය සිහිපත් විය. චිත‍්‍රපටයක් නැරඹීමට නොව” කියැවීමට හැකි නම් එය වාසනාවක. සිනමාවක් නැරඹීමට විශාල මුදලක් වියදම් කළ යුතුව ඇති කාලයක” එම ශාලාව ඉදිරිපස විශාල පේ‍්‍රක්ෂක පිරිසක් සිටියහ. අවසර පත් ලබා ගැනීමට හැකිදෝ යන සැකයෙන් සිටියෙම. කෙසේ හෝ .විජයබා කොල්ලය. ත‍්‍රිමාණ රූපයෙන් නැරඹීමේ අවස්ථාව ලැබී ප‍්‍රීතියට පත් වීම. එම ප‍්‍රීතිය සිත කය පොබවය ය. පුබුදය. මේ කාලයේ මේ තරම් දේශපාලකයන් මෙන්ම” රට වැසියන් ද සිනාසෙන්නේ ව්‍යාජ ලෙසය. විනෝදයක් නැත. විවේකයක් නැත. රවා” ඔරවා” ගොරවා ජීවත් වෙන කුජීත කාලයක සිනමා කෘතිය නරඹා මහත් අස්වැසිල්ලක් ලද්දෙම. මේ කාලයේ සිත” කය රෝග පීඩාදියෙන් රැකගැනීමට නොයෙක් ප‍්‍රතිකාර” චිකිත්සා ඇති බව දනිම. ජලය” සංගීතය” චිත‍්‍ර” වර්ණ” පොත්පත්” සංචාරය” සොබාදහම” පරිසරය ඇසුරු කිරීම” ආගම ධර්මය හා ආධ්‍යාත්මික වර්ධනයට උත්සාහ කිරීම මෙන්ම නාට්‍යය” චිත‍්‍රපටය නැරඹීම ඉතා හොඳ චිකිත්සාවක.
 
 එකට හිඳ චිත‍්‍රපට නැරඹීමෙන් සබඳතා ඉහළ යන බව චිම්පන්සීන් සම්බන්ධකොට කළ පර්යේෂණයක තොරතුරු විදුසර විද්‍යා සඟරාවෙන් කියවා තිබුණි. සාමූහිකත්වයට වඩා පෞද්ගලිකවම” ස්වාර්ථ සාධනයේ යෙදෙන රටේ” ජන සමාජයේ පොදු වස්තුව” සම්පත තමන්ගේ බූදලයක් කොට රුදුරු ලෙස හැසිරෙන බහුතරයක් ඇති ජන සමාජයක .විජයබා කොල්ලය. චිත‍්‍රපටය නැරඹීමෙන් දේශ වාත්සල්‍යය” ජාතිමාමකත්වය” භාෂා හා ආගමාලයත්” මනුෂ්‍යාත්ම භාවයේ කදිම ප‍්‍රපංචයක් වූ පේ‍්‍රමයේ ආහ්ලාදයත් නැවතත් විඳ ගත්තෙම.
 
vijeba2සිංහල පේ‍්‍රක්ෂකයන් නොපැමිණෙන සිනමා ශාලාවන් කරා සහෘදයන් ආකර්ෂණය කරගැනීමට .විජයබා කොල්ලය. සමත් වනු නිරනුමානය. එහි තිර රචකයා තිස්ස අබේසේකර සුධීමතාණෝ ය. ඔහු මෙහි දී ඉතා අසීරු කාරියක නිරත වෙය. එනම් දීර්ඝ නවකතාවක් දෙපැයක තිරනාටකයකට අනුවර්තනය කිරීමය. .විජයබා කොල්ලය. නවකතාවේ පරිච්ෙඡ්ද 46ක. ඒ සමස්තය තිරයට ගෙන ආවේ නම් .විජයබා කොල්ලය. හෝරා හයක්වත් දීර්ඝ වනු ඇත. එබැවින් ඔහු එහි ආ උපාඛ්‍යාන කිහිපයක් ඉතා සූක්ෂ්ම ලෙස ඉවත් කර තිබේ. මායාදුන්නේ ලීලාවති සහ කන්දඋඩරට වික‍්‍රමබාහු සාමන්තයා පිළිබඳ කථාව” කුටිඤ්ඤෝ පියතුමා කෝට්ටේ රාජධානියට පැමිණ සංඝරාජ ස්වාමීන් වහන්සේ ළඟ නතර වී ඇති කර ගන්නා ගැටුම්” විජයබාහු රජුගේ අන්තඃපුරට පිළිබඳ විස්තර” පරිච්ෙඡ්ද 02 ක් පුරා දිවෙන .මනමෙ. නාඩගම පිළිබඳ විස්තර නයනානන්ද සහ මහත්තේ රාල අතර ගැටුම” අන්ධ මහල්ලාට මුණුපුරා කරන යුද විස්තර ඒ අතුරින් කිහිපයක.
 
 නවකතාවේ නම .විජයබා කොල්ලය. වුව ඩබ්ලියූ.ඒ. සිල්වා පවා ප‍්‍රමුඛස්ථානය දී ඇත්තේ නයනානන්ද - නීලමණී - අසංග පේ‍්‍රම වෘත්තාන්තයටය. නවකතාව කියවා අවසානයෙහි අප සිත්හිලැගුම් ගන්නේ ද විජයබා රජු හා ඔහුගේ පුත් කුමරුවන් නොව පූර්වෝක්ත පෙම්වතුන් සහ පෙම්වතියන් ය. චිත‍්‍රපටයෙහි දී සිදු වන්නේ ද එය ම ය. අප සිත් සසල කරන්නේ පෙම් පුවත ය. එහෙත් සිල්වා මහතා නවකතාව අවසාන කරන්නේ .විජයබා කොල්ලය. නමැති ඵෙතිහාසික සංසිද්ධියෙන. ආචාර්ය අබේසේකර සහ මහාචාර්ය ආරියරත්න චිත‍්‍රපටය අවසන් කරන්නේ අසංගගේ අභාවයෙන. අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විද්වතාණෝ ය. සියල්ල දෙදරා ඇද වැටී” බංකොලොත් වූ ලංකාවේ මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කළෝ එච්. ඞී. පේ‍්‍රමසිරි පවුල ය. සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ කලාකරුවාගේ ය. සංවාද සහ ගේය කාව්‍ය රචනා සුනිල් ආරියරත්නයන්ගේය.
 
 ඉතිහාසය පුරා බෞද්ධ භික්ෂූහු යහපත් දේශයක් ගොඩනඟා ගැනීමට මැදිහත් වූයේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින. බටහිර ආක‍්‍රමණ සමග පූජකවරු ද විවිධ කාරණාවන්ට මැදිහත් වූහ. ක‍්‍රිස්තු වර්ෂ 1611 පමණ වූ පරංගි සමය පාදක කොටගත් විජයබා කොල්ලය සිනමාවේ මූලිකත්වය ලබා දී ඇත්තේ පේ‍්‍රම වෘත්තාන්තතයකට ය. එහි ඇත්තේ කාම රාගය ඔජ වඩවන කෑදර සිතක් නොව” විචිත‍්‍ර වූ චාටුවෙන් මිදුණු ආදරයක. අසංග” නීලමණී” නයනානන්දගේ කායික උජ්වලිත භාවයත්” රණකාමී ජවසම්පන්න ලාලසාවත් චිත‍්‍රපටයෙහි මැනවින් පිළිබිඹු වෙය. එහි පසුබිම දේශපාලනික වූවක. නාරි-සුරාවෙන් මත් වූ රජුගේ නස්පැත්තිය” ඔහුගේ දරු තිදෙනාටත්” රට ජාතියටත්” ආගම ධර්මයටත්” පුරවැසියන්ටත් බලපාන සැටි” එහි දේශපාලනික කතා වස්තුව ය.
 
 සිංහලයන් හා මුසල්මානුවන් අතර පැවැති වෙළෙඳ ගනුදෙනු අතරට” ප‍්‍රතිකාලූනගේ ආක‍්‍රමණය පැමිණ ව්‍යසනයකට පත්වන රටක් ගැන පුවතක් ද ඉන් විද්‍යමාන ය. චිත‍්‍රපටයේ රංගන වින්‍යාශනය තරුණ තරුණියෝ සාධනීය සාර්ථකත්වයක් කරා ගෙන යත. හේමාල් රණසිංහ (නයනාන්ද)” සෙනාලි ෆොන්සේකා (නීලමණී)” අශාන් ඩයස් (අසංග) මෙන් ම හාන්ස් බිලිටෝරියා (ද ලසර්දා)” චුලක්ෂි රණතුංග (හම්දුම්මා)” මහාචාර්ය ආරියරත්න කළුආරච්චි (විජයබා රජු) ආදීන්ගේ රංගන දායකත්වය ද චිත‍්‍රපටය සිසාරා දැකිය හැකි ය. කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත සහ වස්ත‍්‍රාභරණ නිර්මාණය කළ වෙනුක වික‍්‍රමාරච්චි විශිෂ්ට ලෙස කෝට්ටේ යුගය ප‍්‍රතිනිර්මාණය කර තිබේ. චන්න දේශප‍්‍රියගේ කැමරාකරණය අතිශය ප‍්‍රශස්තය. අතිශය ප‍්‍රසන්න ය. චිත‍්‍රපටයේ එකී ආනුෂංගික අංග-ප‍්‍රත්‍යංග ප‍්‍රමාණවත් පරිදි සංයෝග කොට ගෙන සිනමාව පරිසමාප්තියකට ගෙන ඒමට සිනමාකරුවා දැරූ ව්‍යායාමය චිත්තාකර්ෂණීය වෙය. විජයබා කොල්ලය වනාහි ජන කාන්ත හා විදග්ධ සංස්කෘතියේ සජීවී සම්මිශ‍්‍රණයක.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles