Divaina - චෙකෝෆ්ගේ භාෂාවේ සුන්දරත්වය තිබෙන්නේ සරල බව නිසයි - ආචාර්ය පාලිත ගනේවත්ත

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

sri lanka


 
cheko2

 සාකච්ඡුා කළේ රුවන් ජයවර්ධන

 

ලොව පහළ වූ විශිෂ්ටතම කෙටිකතාකරුවකු වන රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටිකතා .ඇනා ගෙල පැලඳ සහ තවත් කතා. නමින් සිංහලට අනුවාදය වී ඇත. රුසියානු මුල් බසින් එය සිංහලට අනුවාද කරනු ලබන්නේ ආචාර්ය පාලිත ගනේවත්ත විසින්ය. පහත පළ වන්නේ ඒ පිළිබඳ ආචාර්ය පාලිත ගනේවත්ත සමග සිදුකළ කතාබහක්ය.
 
 * ලෝ ප‍්‍රකට කෙටිකතාකරුවෙක් වන ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ අරබයා ඔබ විසින් මීට පෙරත් ග‍්‍රන්ථ 2 ක් රචනා කර තිබෙනව. මේ තෙවෙනි ග‍්‍රන්ථය. ඔබ චෙකොෆ් පිළිබඳ විශේෂ නැඹුරුවක් දක්වන්නේ...
 
 චෙකොෆ් ගැන මම පළ කළ පළමු පොත මේ ශ්‍රේෂ්ඨ ලේඛකයා මියගොස් ශත සංවත්සරය නිමිත්තෙන් පළ කළ ඔහුගේ කෙටිකථා එකතුවක්. දෙවන පොත වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ චෙකෝෆ්ගේ වෛද්‍ය වෘත්තීය ඔහුගේ සාහිත්‍ය නිර්මාණවලට බලපෑ අන්දම විමසා බලමින් රචනා කළ .දොස්තර චෙකොෆ්. නමැති පොත. ඒ පොත් දෙකටම ඇතුළත් නොවූ චෙකොෆ්ගේ කෙටි කතා මේ අලූත් පොතට ඇතුළත් වෙනවා. ඒ කතා අපේ පාඨකයනට කියවන්ට ලැබෙන්නේ පළමු වතාවටය.
 
 තවත් කාරණයක් නම් යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණ රීතිය හඳුන්වාදුන් පුරෝගාමියෙක් තමයි චෙකොෆ්” දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බටහිර රටවල මතුවෙලා ඉන්පසු ඔවුන් විසින්ම බැහැර කළ විවිධ අනවශ්‍ය සාහිත්‍ය මති මතාන්තර අපේ සිංහල සාහිත්‍ය ක්ෂේත‍්‍රයටත් පිවිසිලා අපේ සාහිත්‍යය වල්මත්වීමේ නැඹුරුවක් පසුගිය කාලයේ මතුවී තිබෙනවා. එය අපේ සාහිත්‍යයට යහපත් ප‍්‍රවණතාවයක් නොවෙය. මේ විනාශකාරී තත්ත්වයෙන් බේරීමට ඇති එකම ක‍්‍රමය නම් අපේ සාහිත්‍යය යළිත් වරක් නිසි මගට යොමු කිරීමය. යථාර්ථවාදී සාහිත්‍ය නිර්මාණ” විශේෂයෙන් සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණ කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. මෙන්න මෙතනදී තමයි ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ යළිත් වරක් කියවීම වැදගත් වෙන්නේ. මම චෙකොෆ් ගැන තවත් පොතක් ලියා පළ කරන්ට පෙළඹුනේ මේ නිසය.
 
 * විදේශ කෘතීන් බොහොමයක් සිංහලට නැගෙන්නේ පරිවර්තන කාර්යක් ලෙසය. නමුත් ඔබ විසින් සිදු කරන්නේ අනුවාදය කිරීමක්. මේ කාර්යන් දෙක අතර පවතින විශේෂ වෙනස්කම් මොනවද?
 
 පරිවර්තනය හා අනුවාදය අතර විශාල වෙනසක් ඇති බවටයි මම විශ්වාස කරන්නේ. ශාස්ත‍්‍රීය ලිපියක් නැත්නම් ස්වභාවික විද්‍යාත්මක විෂයන් ගැන ලියූ පොතක් මුල් බසින් වෙනත් බසකට හැරවීම පරිවර්තනයක් ලෙස හැඳින්විය යුතු ය. මොකද මුල් බසේ ඇති කරුණු ඒ විදියටම වෙනස් නොකර අන් බසට පෙරළීම අවශ්‍ය වන නිසය. එය සෘජු පරිවර්තනයක්.
 
 සාහිත්‍ය නිර්මාණයක් කෙලින්ම මුල් බසේ අන් බසට වචනයෙන් වචනය කෙළින්ම පෙරළන්ට බැහැ” එහෙම කළොත් එය නීරස කෘත‍්‍රීම පොතක් වෙනවා. මෙයට හේතුව මුල් බසේ කෝෂ අර්ථය ඉක්මවා ඒ වචනවලින් ද්වනිත වන භාවික අර්ථ වටහාගෙන ඒ අර්ථය මතු කරන සුදුසු වචනය අන් බසින් සොයා ගැනීමට ලේඛකයාට හැකි විය යුතුය. පරිවර්තනයේදී බොහෝවිට ශබ්ද කෝෂ පාවිච්චි කිරීමෙන් ඒ කාර්යය කරන්ට පුළුවන්” නමුත් අනුවාදයේදී එය එතරම් පහසු දෙයක් නොවෙය.
 
 නමුත් අනුවාදය යන්නෙන් මම අදහස් කළේ මගේ අභිමතය පරිදි මුල් කෘතියේ දේවල් වෙනස් කිරීම නොවේ.
 
 * ඔබ හිතන ආකාරයට යම් කෘතියක් වෙනත් භාෂාවකට නැගීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?
 
 මම කලින් ප‍්‍රශ්නයට දුන් පිළිතුරු මේ ප‍්‍රශ්නයටත් අදාළ වෙනවා. යම් කෘතියක් වෙනත් භාෂාවකට නැගීමේදී භාෂා දෙක ගැනම ප‍්‍රවීණ දැනුමක් නැත්නම් පරිවර්තනය හෝ අනුවාදය සාර්ථක වෙන්නේ නැහැි ඉතා විශිෂ්ට විදේශ කෘති සිංහලට පෙරළීමේදී පරිවර්තකයාගේ දුර්වල භාෂා දැනුම නිසා අසාර්ථක පරිවර්තන බිහිවී ඇති සැටි අපට ඕනෑ තරම් දකින්ට තිබෙනවා.
 
 තවත් වැදගත් කාරණයක් නම් මුල් කෘතිය” විශේෂයෙන්ම සාහිත්‍ය කෘතියක් නම් ඒ කෘතිය නිර්මාණය කිරීමට තුඩු දුන් සමාජ සංස්කෘතික පසුබිම ගැන හොඳ අවබෝධයක් පරිවර්තකයාට හෝ අනුවාදකයාට තිබිය යුතුය. මුල් පොත ලියූ ලේඛකයාගේ ජීවන තොරතුරු” ඔහුගේ පෞද්ගලික අත්දැකීම්” ඔහු ජීවත් වූ සමාජය” ඒ කාලයේ ඔහුගේ රටේ සිදු වූ සමාජ සංස්කෘතික පෙරළි” මේ සියල්ල හොඳට අධ්‍යයනය කර නොතිබුණොත් සාර්ථක පරිවර්තනයක් කරන්ට බැහැ.
 
 * විශේෂයෙන්ම ලෝ ප‍්‍රකට සෝවියට් සාහිත්‍ය මුල් බසින් අනුවාදය කිරීම කියන්නේ අර පරිස්සමින් කළ යුතු සාහිත්‍යමය ගනුදෙනුවක්. ඔබ ඒ සඳහා පරිචය ලබාගන්නේ කොයි ආකාරයෙන්ද?
 
chekoමට රුසියාවේ උසස් අධ්‍යාපනය ලබන්ට අවස්ථාවක් ලැබුණා” මේ අගනා අවස්ථාව නිසා රුසියානු භාෂාව හොඳින් ප‍්‍රගුණ කරන්ට මට අවස්ථාව ලැබුණා” පාසල් යන අවධියේ සිටම රුසියානු කතාවල පරිවර්තන කියවීමෙන් විශාල ආශ්වාදයක් ලැබූ මගේ සිහිනයක් වුණේ මුල් බසින්ම රුසියානු සම්භාව්‍ය සාහිත්‍යය කියවීමය. අවුරුදු ගණනාවක්ම රුසියාවේ ජීවත් වීම නිසා රුසියානු මිනිසුන් හොඳින් හඳුනාගෙන ඔවුනගේ සමාජ සංස්කෘතික ජීවිතවලට ඇතුල් වෙන්ට මට පුළුවන් වුණා. ගොගල්ගේ” ටෝල්ස්ටෝයිගේ” චෙකොෆ් ගේ කතාවලින් නිරූපණය වුණු චරිත වගේම මිනිසුන් ගැහැනුන් මට දැන හඳුනාගන්ට ලැබුණා”
 
 * ඔබ විසින් අනුවාදය කළ නවතම කෘතිය . ඇනා ගෙල පැලඳ සහ තවත් කතා. රචනා කිරීමේදී ඒ සඳහා තෝරාගත් චෙකොෆ්ගේ නිර්මාණ සහ ඒවා සිංහලට නගන්නට ගත් වෙහෙස...
 
 මේ පොතේ කෙටිකතා පෙළ ගස්වා ඇත්තේ කෙටි කතාකරුවකු ලෙස චෙකෝෆ්ගේ නිර්මාණාත්මක පරිණාමය පිළිබිඹු වන පරිදි* චෙකෝෆ් මුල් අවධියේ ලියූ කතා සාහිත්‍යමය අගයෙන් අඩු ලෙස තක්සේරු කර” ඔහු පසුකාලීනව ලියූ නිර්මාණ පමණක් උසස් නිර්මාණ ලෙස සැලකීමේ මතයක් ගොඩනැගී ඇත්තේ චෙකෝෆ්ගේ කෙටිකතා ඉංගී‍්‍රසියෙන් කියවූ විචාරකයන් විසිනි* ඒ මතය අසාධාරණයයි පිළිගැනීම අසීරුයි* කවර නිර්මාණකරුවකු වුවද මුල් යුගයේදී කරන නිර්මාණවලට වඩා පසුකාලීන නිර්මාණ උසස් බවක් උසුලන්නේ දැනුමෙන් හා වයසින් පැසීමේදී අත්දැකීමෙන් හා ජීවිත පරිඥානයෙන් ද ඔවුන්ගේ නිර්මාණ කුසලතා පෝෂණය වන බැවිනි* චෙකොෆ්ගේ කෙටිකතා නිර්මාණවල විශේෂත්වය වන්නේ බටහිර විචාරකයන් විසින් උසස් යැයි සම්මත චෙකොෆ්ගේ පසුකාලීන කෙටිකතාවල පෙරනිමිති අඩුවැඩි වශයෙන් ඔහු මුල් යුගයේ ලියූ හාස්‍යෝත්පාදක සිඟිති කතාවලින් ඉස්මතු වීමයි*
 
 * චෙකොෆ්ගේ භාෂා රීතිය ඔහුටම අනන්‍ය වූවක්. චිත්ත රූප මැවීමේදී ඔහු ඉහළම තැනක පසුවූ විශිෂ්ටයෙක්. චෙකොෆ්ගේ නිර්මාණ සමීපව ඇසුරු කරන්නෙක් ලෙස ඒ සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොන වදෙ?
 
 චෙකොෆ් ලියුවේ ඉතාම සරල භාෂාවෙන්” ඒ කතා රුසියානු භාෂාවෙන් පවා කියවීම ඉතා පහසුය. එතරම් උපමා රූපක ආදිය පාවිච්චි නොකළ චෙකෝෆ්ගේ භාෂාවේ සුන්දරත්වය තිබෙන්නේ මේ සරල බව නිසාමය. ටෝල්ස්ටෝයි වරක් කිව්වා චෙකොෆ් ගද්‍යයට පිවිසි පුෂ්කින් කියල” එයින් ටෝල්ස්ටෝයි අදහස් කළේ රුසියානු මහා කවි පුෂ්කින් කාව්‍යකරණයේදී දැක්වූ ප‍්‍රවීණත්වය හා කුසලතාවය චෙකෝෆ් විසින් ගද්‍ය නිර්මාණයේදී දැක්වූ බවය. සාහිත්‍ය නිර්මාණයක් සරලව ලිවීම තමයි අමාරුම කාරණය. චෙකොෆ්ගේ නිර්මාණවල සුන්දරත්ව තිබෙන්නේ ඔහු උපමා රූපක නොයොදා ඔහු යොදාගත් වචන පෙළ ගැස්වූ ආකාරයෙනුය.
 
 * ඔබගේ නිර්මාණ ජීවිතය ගැන කතා කරනව නම්... ඔබ ලේඛනය සඳහා යොමුවෙන්නේ කොයි ආකාරයෙන්ද?
 
 කුඩා කාලයේ ඉඳලම සාහිත්‍යයට ආසාවක් දැක්වූවා” විද්‍යා විෂයන් හැදෑරුවත්. වැඩිමහල් සහෝදරියන්ගෙන් බැණුම් ඇහුවා. ඒ අය විභාගවලට කියවපු .වීමංසා. සඟරා කියවන්ට ගොසින්. සමස්ත ලංකා පාසල් රචනා තරගවලින් දෙපාරක්ම දිවයිනේ පළමුවැන්නා වුණා. පත්තර සඟරාවලට කවි” කෙටි කතා ලිවුවා පාසල් යන කාලයේදී” පළමු කෙටි කතා පොත .ලේ හුරු සුවඳ. පළ කළ 2001 දී. ඔය විදියට තමයි ලියන්ට පටන් ගත්තේ.
 
 * ඔබ විදේශ රටක ජීවත්වෙන ලේඛකයෙක් ලෙස දේශීය කෙටිකතාව දකින්නේ කොයි ආකාරයෙන්ද?
 
 දේශීය කෙටිකතාව ගැන අපේ හොඳ ප‍්‍රසාදයක් තිබෙනවා. නමුත් අපිට දේශීය කෙටිකථා කියවන්ට ලැබෙන අවස්ථා අඩුය. අපේ සාහිතකාමීන් එකතුවෙලා සිඞ්නි නගරයේ ලේඛක සංසදයක් පිහිටුවාගෙන තිබෙනවා” මේ රටේ සිටින අපේ ලේඛකයන්ට පොත් පළ කිරීමට අපි අත හිත දෙනවා” සාහිත්‍ය වැඩමුළු පවත්වනවා” පොත් එළි දැක්වීම් කරනවා. ශ‍්‍රී ලංකාවෙන් අලූත් පොත් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙළකුත් තිබෙනවා. .දේශීය කෙටිකථා. ඉංග‍්‍රීසියෙන් පළ කර පිටරටවලට බෙදා හැරියොත් එය ඉතා වැදගත් කටයුත්තක්. අපේ දේශීය සිංහල සාහිත්‍ය ගැන ලෝකයේ පාඨකයන් දන්නේ නැහැ. අපේ ලේඛක සංසදයෙනුත් ඉදිරියේදී මේ වගේ වැඩ පිළිවෙළක් දියත් කිරීම අදහස් කර තිබෙනවා.
 
 * විශ්ව සාහිත්‍ය වෙත අපේ නිර්මාණ රැගෙන යන්න නම් නිර්මාණකරණයේදී අනුගමනය කළ යුතු අත්හදාබැලීම් සහ ක‍්‍රමවේදයන් කෙසේ විය යුතුද?
 
 විශ්ව සාහිත්‍යය දෙසට අපේ නිර්මාණ රැගෙන යෑමේ පළමු අදියර වන්නේ සිංහලෙන් ලියන අපේ නිර්මාණ ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ලෝකයට ඉදිරිපත් කිරීමය. පිටරටවල සිටින ශ‍්‍රී ලාංකික ලේඛකයින් කිහිප දෙනක් ඉංග‍්‍රීසි භාෂාවෙන් නිර්මාණ කරනවා. අපි මේ රටවල සිංහල උප සංස්කෘතියක් ගොඩ නංවමින් සිටිනවා කාලයක සිට. සාහිත්‍ය නිර්මාණ කිරීම මෙහිදී ඉතා වැදගත්. නමුත් පුළුල් ලෙස ලෝක ජනතාව වෙත එය පැතිරී යෑමට කාලයක් ගතවෙනවා”
 
 * ඔබ විසින් මීට පෙර රචනා කරන ලද ග‍්‍රන්ථ සඳහා ලැබුණ පාඨක ප‍්‍රතිචාර මොනවගේද ?
 
 මම මීට පෙර පොත් දහයක් රචනා කර තිබෙනවා. නවකතා පොත් දෙකක්” කෙටිකතා පොත් දෙකක්” කාව්‍ය සංග‍්‍රහ දෙකක්” චෙකෝෆ්ගේ කතා අනුවාද දෙකක්” එක කෙටි කතා පොතක ඉංග‍්‍රීසි පරිවර්තනයක් හා .ගුණදාස අමරසේකර සංවාද. නමින් පොතක්. එය මා ඔස්ටේ‍්‍රලියාවේ එස්. බී. එස්. ගුවන් විදුලියේ සිංහල සේවයේ නිෂ්පාදකවරයාව සිටි කාලයේ ගුණදාස අමරසේකරයන් සමග පැවැත්වූ සංවාද එක කර පළ කළ පොතක්. මගේ නවකතාවක් .ඇවිත් නොරටක. නවකතා පොත දැන් ඉංග‍්‍රීසියට අනුවාද කරනවා. හොඳ ප‍්‍රතිචාර ලැබුණා පාඨකයන්ගෙන් හැම පොතටම වාගේ.
 
 * ඔබගේ ඉදිරි නිර්මාණ ගැන යමක් සඳහන් කරනව නම්...
 
 .චෙකොෆ් ගේ ලියුම්. නමැති පොතක් දැනට මුද්‍රණයේ පවතිනවා. කවදාවත් ස්වයං චරිතාපදානයක් නොලියූ චෙකොෆ්ගේ චරිතය ගැන දැනගැනීමේ හොඳම ක‍්‍රමය ඔහු දිනපතා ලියූ ලියුම් කියවීමය. ඔහු අවංකව තම අදහස් හැඟීම් පළ කළේ ඒ ලියුම් තුළින්.
 
 සෝවියට් බලධාරීන් වාරණය කර තිබූ සමහර චෙකොෆ්ගේ ලියුම් දැන් පළ කර තිබෙනවා. චෙකොෆ්ගේ ජීවිතයේ මෙතෙක් අප‍්‍රකටව පැවති තොරතුරු ඒ ලියුම්වලින් හෙළිවෙනවා. සිංහල පාඨකයන් ඒ ලියුම් කියවීමෙන් ආස්වාදයක් හා චෙකොෆ්ගේ මුනිවරයකු වගේ ආධ්‍යාත්මයෙන් වැසුණු කෙළිලොල් හදවත දැනගැනීමට අවස්ථාව ලැබෙනවා.
 
 මීට අමතරව අනුවාදවලින් බැහැරව ස්වයං නිර්මාණ කිහිපයක් කිරීමටත් අදහස් කරනවා ඉදිරියේදී.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles