Divaina - රණවිරුවන් බිල්ලට දීම සඳහා සාක්ෂි ඩිජිටල් කිරීම - ජනාධිපති ලේකම් අනුමැතිය දීලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali

N10 boy coverතිස් අවුරුදක් පැවති යුද්ධය නිමාකර 2009 දී රටට සාමය උදාකර දීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවන ලද්දේ ත‍්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශයන්ය. යුද්ධය අවසන් සමයේ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සාමාන්‍ය දෙමළ ජනතාව මුදා ගනිමින් කොටි බලමුළු සහමුලින්ම විනාශ කරලීමට ඔවුන් සමත් විය. නන්දිකඩාල් කලපුවේ අවසන් ගමන් ගිය ප‍්‍රභාකරන් අවසාන මොහොතේද සාමාන්‍ය දෙමළ ජනතාවට වෙඩි තැබූ හැටි අපට අමතක වී නැත. මේ ප‍්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකන් හමුදා සීරුවෙන් සිටි හැටිද කියන්නට හැකිය. නමුත් දෛවය මේ රටේ සාමය අපේක්ෂා කරන ජනතාවගේ වාසියට කටයුතු කරන දක්නට ලැබිණ. මේ මානුෂීය මෙහෙයුම නිසා ඇමරිකන් න්‍යාය පත‍්‍රය මෙන්ම ඉන්දීය න්‍යාය පත‍්‍රයද අකුළා ගන්නට සිදු විය. එහි වාඩුව ගන්නට ඔවුහු එක් වී ජිනීවා මානව හිමිකම් සමුළුවට බොරු සාක්ෂි මත යුද අපරාධ චෝදනා ගොනු කළහ. ඉන්පසු ජිනීවා 30/1 යෝජනාව මත හිටපු විදේශ ඇමති මංගල සමරවීර මේ යුද අපරාධ චෝදනා සඳහා සමදායකත්වය දක්වා රට පාවා දීමට කටයුතු කරන ලද්දේය. මේ තත්ත්වයෙන් පසුව යහපාලන රජය කිසිවිටකත් යුද අපරාධ චෝදනා වැරදි බව එම සමුළුවලදී කියා පෑවේ නැත. එ් වෙනුවට 2016 අතුරුදන් තැනැත්තන් පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළහ. ඉන්පසු අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත ද හානි පූර්ණ කාර්යාල පනත ද සම්මත කරන ලද්දේය. මේ අතුරුදන් කොමිසම මගින් උතුරු නැගෙනහිර පළාත්වල විශේෂ කොට අනෙක් දිස්ත‍්‍රික්කවලත් කරන ලද සාක්ෂි විමසීම මත අතුරුදන් කොමිෂන් වාර්තාව නිකුත් කරන ලදී. මේ කොමිසම මගින් උතුර සහ නැගෙනහිර සාක්ෂි එකතු කරලීමේ දී රාජ්‍ය නොවන සංවිධාන මගින් සංවිධානාත්මකව බොරු සාක්ෂි රාශියක් ඉදිරිපත් කර ඇත. එය සිදු වූයේ කලින් සූදානම් කරන ලද සාක්ෂි න්‍යාය පත‍්‍රය අනුව කරුණු එකතු කිරීමෙනි.
 
 මෙම කොමිෂන් වාර්තාව ජනාධිපතිවරයාට භාර දෙන ලද අතර එය ජනතාවගේ දැක බලාගැනීමට විවෘත නොකරන ලදී. එ් වෙනුවට එය රහස්‍ය ලේඛනයක් ලෙසට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා ඇත. මෙම කොමිෂන් වාර්තාව මෙන්ම බටලන්ද කොමිෂන් වාර්තාව, බැඳුම්කර කොමිෂන් වාර්තාව අශ්රෝෆ් කොමිෂන් වාර්තාව වැනි වාර්තා රාශියක් රහස්‍ය ලේඛන ලෙසින් එම දෙපාර්තමේන්තුව තුළ තැන්පත් වී ඇත. එ්වා නැවත මහජනයා වෙත නිකුත් කරනු ලබනුයේ වසර තිහක් ඉකුත් වූ පසුවයි. නමුත් යම් කිසි අවස්ථාවකදී අතරමැදදී එම ලේඛන ලබා ගැනීමට අවශ්‍ය නම් 1978 වසරේ එවකට සංස්කෘතික ඇමැති හුරුල්ලේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික ලේඛනාරක්ෂක පනතේ සංශෝධනයේ 3(ආ* සහ අ(ඇ* යටතේ ප‍්‍රතිපාදන ලබා දී තිබේ. එවැනි දෙයක් එලෙස කරන්නේ නම් පූර්ණ වගකීම එම රාජ්‍ය නිලධාරියා විසින් ගත යුතුය.
 
 ඔස්ටින් මුණසිංහ මහතා ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී 2018/05/09 දින මෙම ලේඛන නිදහස් කිරීම සඳහා යම් අවසරයක් ලබා දී ඇත. එවකට සංස්කෘතික ඇමැතිවරයා ලෙසට කටයුතු කරන ලද්දේ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාය. ජාතික ලේඛනාගාරයේ වර්තමාන අධ්‍යක්ෂවරිය විසින් අනුමැතියකින් තොරව එහි ලේඛන විදේශිකයන් වෙත නිකුත් කිරීමේ තැතක් නිසා ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එහිදී ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් එවකට අමාත්‍යංශ ලේකම් රත්නසිරි මහතාගේ මෙහෙයවීම මත ජාතික ලේඛනාරක්ෂක අධ්‍යක්ෂවරිය ඇතුළු සියලූ දෙන ඉදිරියේ මේ කරුණු විභාග කරන ලදී. එහිදී ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය වහා අවලංගු කිරීමට කටයුතු කර තිබේ. එයට ප‍්‍රධාන හේතුව වූයේ විජේදාස මහතා එම නිකුත් කිරීම්වලට දැඩි විරෝධයක් එල්ල කිරීමයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා සංස්කෘතික ඇමැති ධුරයෙන් ඉවත් වූ පසු සජිත් පේ‍්‍රමදාස මහතා පත් විය. අමාත්‍යංශයේ ලේකම් පදවිය ද වෙනස් විය. එසේම ජනාධිපති ලේකම් වශයෙන් උදය ආර්. සෙනෙවිරත්න මහතා පත් විය. ඔස්ටින් මුණසිංහ මහතාගේ කාලයේ අත්හිටුවන ලද ලේඛන පිටපත් කරලීමේ කාර්යයට නව ප‍්‍රවේශයක් ලබා දීමට මේ ලේකම්වරයා කටයුතු කර තිබේ. එ් අනුව 2019 ජනවාරි 09 දාතම යටතේ ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද ලියුමක් මගින් අතුරුදන් කොමිසමේ ලේඛන මෙන්ම තදන්තරව අනෙකුත් කොමිසම්වල ලේඛන ද අංකිතකරණයට අවසර ලබා දී තිබේ. එයට අමතරව 2019/05/24 සහ 2019/06/24 දිනයන්හි නිකුත් කරන ලද ලිපි මගින් නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ද මීට අනුමැතිය ලබා දී තිබේ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ලියුම ඉල්ලා මා විසින් ජනාධිපති ලේකම්ට යවන ලද ලිපියට පිළිතුරු වූයේ එවැනි ලියුමක් නිකුත් නොකළ බවයි.
 
 ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂවරිය මෙම අංකිතකරණය සිදුවන්නේ කෙලෙසකදැයි දක්වා දැන්වීමක් ප‍්‍රදර්ශනය කරන ලදැයි අසන්නට ලැබේ. එහි කොටසක් මෙසේය. ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. එ් යටතේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා 1991 වර්ෂයේ සිට පත් කරන ලද පහත සඳහන් ජනාධිපති කොමිෂන් සභාවල විමර්ශන ලේඛන අංකිතකරණය කර මෘදු පිටපත ජාතික ලේඛනාගාරයේ සහ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට නියමිතය.’
 
 1991 සිට මේ දක්වා අතුරුදන් වූ තැනැත්තන් අරභයා ඇති කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තා කීපයකි. එ් අතර මහානාම තිලකරත්න කොමිසම, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම, පරණගම කොමිසම ආදිය වේ. නමුත් බටලන්ද කොමිසම් වාර්තාව මෙයට අඩංගු නොවේ. අංකිතකරණය අනුව පරිගණක පිටපත් ලබා ගැනීම සිදු වෙයි. එ්වා නොයෙකුත් ආකාරයෙන් ඩිජිටල්කරණය කොට ගබඩා කරගත හැකිය. ජාතික ලේඛනාගාරයේ ඉතා පැරණි ලේඛන අංකිතකරණයට තවමත් එ් තරම් උනන්දුවක් දක්වා නොමැත. ටයිම්ස් ඡුායාරූප එකතුව පැරණි සිතියම් ආදිය එලෙස පරිගණක ගත කර තිබේ. පෙර සඳහන් කළ පරිදි රහස්‍ය ලේඛන කිසිවක් මේ දක්වා එලෙස කර නැත. මේ දිනවල ජාතික ලේඛනාගාරයේ පැරණි ගොඩනැගිල්ල කඩා අලූත්වැඩියා කරමින් පවතින ඇතර එහි පවතින අතිශය වටිනා ලේඛන තැන් තැන්වලට  ගෙනයමින් ඇත. මහනුවර ජාතික ලේඛනාගාරයට ද කොටසක් ගෙන ගොස් ඇත. සැබැවින්ම එම පැරණි ලේඛන පරිහරණය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වීම මත එ්වා විනාශ ව යන්නට ද ඉඩ ඇත. එවැනි තත්ත්වයක් තිබියදී අතුරුදන් තැනැත්තන් පිළිබඳ විශේෂයෙන් පසුගිය යුද්ධය සමයේ දී සිදු වූ දේ පිළිබඳවම අවධානය යොමුකරන කොමිෂන් වාර්තා තෝරා ගනිමින් අංකිතකරණයට උත්සාහ කිරීම සැකයට තුඩු දෙන්නකි.
 
 කොටි සංවිධානයට හිතවත් පිරිස්වල අභිප‍්‍රාය වන්නේ බොරු සාක්ෂි සියල්ල කැටි කර ශ‍්‍රී ලංකාව අස්ථාවර කිරීමයි. ඇමරිකාව විසින් ජිනීවා උගුල අටවා කළේ එ් දෙයයි. ඔවුහු ඉන්පසු ප‍්‍රභාකරන් ලවා කර ගැනීමට බැරි වූ දේ යහපාලන ආණ්ඩුවේ අත කරකවා කර ගැනීමට උත්සාහ දැරූහ. මේ නිසා රණවිරුවන් රාශියක් අත්අඩංගුවට පත් වූහ. අපකීර්තියට පත් වූහ. මෑතකදී ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති තනතුරට පත් කිරීමේ දී ඇමරිකාව සහ ඔවුන්ගේ තානාපතිනිය හැසිරුණු ආකාරය අප දුටුවෙමු. කෙසේ හෝ ඔවුන්ගේ ඉදිරි අරමුණ වන්නේ ලංකාවේ ඉඩම් අත්පත් කර ගැනීම ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ගැනීම පිණිස දරන උත්සාහය දැඩි කරමින් ඇත. ඉඩම් සිතියම් ගත කිරීම සහ ඩිජිටල්කරණයට ඇමරිකාව උදව් කරන්නේ එ් නිසාය. එවිට ලංකාවේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව වටා පමණක් ඇති දත්ත සියල්ල ඇමරිකාව සතු කර ගැනීමට මග පෑදෙනු ඇත. පසුගිය පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඇමරිකන් එෆ්.බී. අයි. නිලධාරීන් ලංකාවට පැමිණ මුස්ලිම් අන්තවාදීන්ගේ තොරතුරු එකතු කළහ. ආරංචියේ හැටියට ඉතා වැදගත් තොරතුරු මකා දමා ඇත. එවැනි තත්ත්වයක් යටතේ අතුරුදන් තැනැත්තන් ගේ කොමිසම සතු ලේඛන අංකිතකරණය තුළ තිබෙන්නේ තොරතුරු දත්ත ජාත්‍යන්තරයට මුදා හැරීමට පසුබිම සැකසීමයි. එ් සඳහා මෙම කොමිෂන්වල කාර්යාලවල රාජ්‍ය නොවන සංවිධාන ගැත්තන් රාශියක් ස්ථාන ගත කර තිබේ. කනගාටුව නම් ජනාධිපති ලේකම්, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයන් පවා රණවිරුවන් අරභයා සැලකිල්ලක් නොදක්වා මෙවැනි ව්‍යාපෘතියකට අවසර දීමට එකඟ වීමයි. වරක් ජනාධිපතිවරයා විසින් නවත්වන ලද ව්‍යාපෘතියක් නැවත ආරම්භ කරන ලද්දේ කාගේ බලපෑමෙන් ද යන්න සොයා බැලිය යුතුය.
 
 මතුගම සෙනෙවිරුවන්


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles