Divaina - බෝරාවරුන් 21,000 ක් ලංකාවට ගෙනා ලොව ලොකුම සමුළුව දැන් බම්බලපිටියේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


bora


අනුර සොලමන්ස්

සහරාන්ගේ බෝම්බය පුපුරන්නේ මෙයට මාස කිහිපයකට පෙර පාස්කු ඉරිදා දවසේය. පිපිරීමෙන් ස්වල්ප මොහොතකට පසු මේ රටේ සංචාරය පිණිස පැමිණ සිටි සුද්දෝ සියලූ දෙනා පණ බේරා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගොස් සිය රටවල් බලා පලා ගියහ. ඉන් පසු ලංකාවට සංචාරකයන් ලෙස ආවේ කුඩු වෙළෙන්දන්, ගණිකාවන් පමණි. පණට ආදරය කළ සංචාරකයෝ කිසිවෙක් මෙහි නොආහ. මේ රටේ සංචාරක ව්‍යාපාරය කට්ට කාන්තාරයක් බවට පත්වී සංචාරක හෝටල් වැහෙන තත්ත්වයක් මතුවිය. මේ කාලකණ්ණි අන්ධකාරය අවසන් කරමින් රටවල් 40 කින් සංචාරකයන් 21000 ක් පසුගිය සතියේදී හදිසියේම මෙරටට සම්ප‍්‍රාප්ත වූහ. ඩවුඩි බෝරා ප‍්‍රජාව හෙවත් බෝරා මිනිසුන් ලෙස සැලකෙන එම ප‍්‍රජාව මේ දිනවල ඔවුන්ගේ වාර්ෂික මහා සමුළුව බම්බලපිටියේ සමුද්‍රාසන්න පාර හෙවත් Marine Drive හි පිහිටි බෝරා පල්ලියේ පවත්වති. මෙය ලොව ලොකුම සමුළුව ලෙස ද පිළිගනු ලැබේ. ඉකුත් පළමුවැනිදා පටන්ගත් එම සමුළුව අවසන් වන්නේ 10 වැනිදාය. කොළඹ පිහිටි හෝටල් සියල්ලම පාහේ ධනවත් බෝරා ප‍්‍රජාවගෙන් පිරී ගොස් ඇති අතර මේ මහා සමුළුව නිසා ශ‍්‍රී ලංකාව උපයාගත් ආදායම ඇමරිකන් ඩොලර් දස ලක්‍ෂ 31 හෙවත් රුපියල් බිලියන 5.611 කි. කවුද මේ බෝරා මිනිස්සු? බෝරා ප‍්‍රජාව එන්නේ කොහෙන්ද? මේ කෙටි ලිපිය ඒ ගැන කරුණු ගෙන එනවා ඇත.

⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

bora2ඉස්ලාමයේ ප‍්‍රධාන කොටස් හෙවත් නිකාය දෙකක් තිබේ. ඉන් ප‍්‍රධාන කොටසක් නම් ෂියා ඉස්ලාම්ය. මහම්මත්තුමා විසින් ස්වකීය අනුප‍්‍රාප්තිකයා ලෙස පත්කරන ලද අලි ඉබන් අබි තාලිබ්තුමා ඉස්ලාමයේ නූතන නායකයා ලෙස ඔවුහු අදහති. දෙවැනි කොටස වූකලී සුන්නි ඉස්ලාම්වරුය. ලොව පුරා වෙසෙන ඉස්ලාම් ප‍්‍රජාවගෙන් 87-90% ක් අතර ප‍්‍රමාණයක් සුන්නි ඉස්ලාමීයයන් වන අතර ඔවුහු අලි ඉබන් අබි තාලිබ්තුමාගේ අනුප‍්‍රාප්තිකත්වය නො පිළිගනිති. ඔවුන් කියන පරිදි ඉස්ලාමයේ නූතන නායකයා වන්නේ අබු බකර්තුමාය. එතුමා මහම්මත්තුමාගේ බිරිඳගේ පියාය. බෝරා ප‍්‍රජාව යනු මෙහි මුලින් සඳහන් කළ ෂියා ඉස්ලාමයේ උප නිකායක් වන ඉස්මයිලි ශාඛාව නියෝජනය කරන ඉතා ධනවත් පිරිසකි. ඉන්දියාව, යේමනය, පාකිස්තානය, නැෙ`ගනහිර අප‍්‍රිකාව යන රටවල බහුල ලෙසත් යුරෝපය, උතුරු ඇමරිකාව, අග්නිදිග ආසියාව සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල සාමාන්‍ය ප‍්‍රමාණවලිනුත් ඔවුහු ජීවත් වෙති. ඉස්ලාම් ආගමේ පොදු ලක්‍ෂණ වන දිනකට පස් වතාවක් යාඥා කිරීම, රාමදන් උපවාස කාලය පැවැත්වීම, මක්කම වන්දනාව යනාදිය ඔවුහු සිදුකරති.

බෝරා ප‍්‍රජාව අදහන ඉස්ලාම් ආගම තුළ ප‍්‍රධාන මූලධර්ම හතක් තිබේ. Seven pillars of Ismaili Islam ලෙස මේවා හඳුන්වනු ලැබේ. අල්ලා දෙවියන් වහන්සේට සහ අනාගත වක්තෲවරුන්ට (මහම්මත්තුමා) ශුද්ධ වූ ලේඛනවලට (කුරානය) පේ‍්‍රම කිරීම සහ කැප කිරීම ඉන් පළමුවැන්නය. දෙවැන්න, ආධ්‍යාත්මික පාරිශුද්ධතත්ත්වයය. තෙවැන්න, යාඥාවය, දුප්පතුන්ට සහ පුණ්‍ය කටයුතුවලට ආධාර ලබාදීම, උපවාසය, හජ්ජි වන්දනාව, ආගම වෙනුවෙන් සතුරන්ට මුහුණ දී දිවි පිදීම ඉතිරි කරුණුය. මෙකී අවසන් කාරණය Jihad යනුවෙන් හඳුන්වන අතර එම සංකල්පය සහරාන් වැනි ආගමික පිස්සකු අතට ගිය විට ඉතාම හානිකරය. එහෙත් බෝරා ප‍්‍රජාව කිසි කලෙකත් ආගම වෙනුවෙන් ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම, මිනී මැරීම වැනි පිස්සු කෙළිවල නිරත වී නැත.

බෝරාවරුන්ගේ ආගමික විශ්වාසයට අනුව ඔවුන්ගේ සංස්කෘතිය හැඩගැසී තිබේ. ඔවුන්ගේ ඇඳුම සෙසු මුස්ලිම් නිකායවල ඇඳුමට වඩා සුවිශේෂීය. එය ‘සාය’ ලෙස හඳුන්වනු ලැබේ. එය සිංහල භාෂාවේ ඇති ‘සාය’ යන වචනයෙන් හඳුන්වන ඇඳුම හා සමාන වන අතර, සාය යන වචනය සිංහල භාෂාවට පැමිණ ඇත්තේ ඉස්ලාම් මූලයකින්ද යන ප‍්‍රශ්නය ඇති කරයි. බෝරාවරුන්ගේ හිස්වැසුම රන් පැහැයෙන් කැටයම් කළ එකකි. බෝරා කාන්තාවෝ සාම්ප‍්‍රදායික මුස්ලිම් කාන්තාවන් කරන පරිදි බුර්කාවක් පළඳින්නේ නැත.

බෝරාවරුන් ආහාර ගන්නේ සාමූහිකවය. ‘තාල්’ නමැති විශාල ලෝහ පි`ගානකට ආහාර බෙදාගන්නා ඔවුහු 8-9 පිරිසක් සමග එය අනුභව කරති. ආහාර ගන්නා අතර තොප්පියක් පැළඳීම නිත්‍ය වශයෙන්ම සිදුකෙරේ. කාන්තාවන් දාස භාවයෙහි තැබීමත් ඔවුන් කුස්සියේ ලිප අසල කොටුකර තැබීමත් බෝරා ප‍්‍රජාව හෙළා දකිති. මේ අනුව 2012 දී ඔවුහු ‘ප‍්‍රජා මුළුතැන්ගෙවල්’ නමැති සංකල්පය හඳුන්වා දුන්හ. Community Kitchen නමැති මේ සංකල්පය තුළදී කාන්තාවන්ට රැකියා කිරීමේ අවස්ථාව ලැබේ. ඔවුන්ගේ පවුලට අවශ්‍ය ආහාර ප‍්‍රජා මුළුතැන්ගෙයින් ලබාගත හැකිය. බෝරාවරු ආහාර නාස්තියට තරයේ විරුද්ධය. ආහාර  සුරැකීම සඳහා වූ දන (ධාන්‍ය) තට්ටු’ ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ඔවුහු එක ධාන්‍ය ඇටයක් අපතේ නොයවති. බෝරාවරුන් සිිටින රටවල් 40 ක දන තට්ටු 6000 ක් තිබේ.

ලොව පුරා සිටින බෝරා ප‍්‍රජාව ගණනින් ලක්‍ෂ 25 කි. 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles