Divaina - ඉදිරි මැතිවරණවල ශ‍්‍රීලනිපයේ ස්ථාවරය

gotaad1

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 nidahas


ටී. චන්ද්‍රසේකර

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්වී දැයි ජනතාව තුළ ඇති කුකුස අදටත් එලෙසින්ම පවතී. ශ‍්‍රී ලනිප 68 වන සංවත්සරයේදී ජනාධිපතිවරයා ඒ කුකුස නැති කරනු ඇතැයි බහුතරය අපේක්ෂා කළත් එහිදී ජනාධිපතිවරයා කළ කතාව වෙනත් පක්ෂ අර්බුද ගණනාවකට ඇද දැමූ බව පැහැදිලිය. එහෙත් එම කතාවෙන් එකම දෙයක් පැහැදිලිව කියැවිණි. එනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු දවසක තවත් පක්ෂයක් සමඟ එක් නොවන ශක්තිමත් පක්ෂයක් වන අතර එම පක්ෂය වටා තවත් පක්ෂ ගණනාවක් එක් කරන පුළුල් පෙරමුණක් ගොඩනැඟීමය.

මේ වන විටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපති ධුර අපේක්ෂකයන් නම් කර ඇතත් එක්සත් ජාතික පක්ෂය තුළ අපේක්ෂකයන් පත්කිරීම පිළිබඳ පවතින අවුල දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් පේ‍්‍රමදාස පත්කරන්නට දිවිහිමියෙන් කැපවූ පිරිස දැන් අදිමදි කරන බවක් පෙනෙන්නට ඇත්තේ රනිල් වික‍්‍රමසිංහගෙන් එල්ල වන තර්ජන නිසාය. එසේ තර්ජනය කරන රනිල් වික‍්‍රමසිංහ කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයටත් තමන්ම තරග කරන බවය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂය. මේ හැමෝම ජනාධිපති ධුරයට පත්වීම ගැන මෙතරම් උනන්දුවක් දක්වනු ලැබුවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ගැන මෙතෙක් අනුගමනය කළේ නිහඬ ප‍්‍රතිපත්තියකි.

අද රටේ ජන්ද පුදුමාකාර ලෙස විහිදී ඇත්තේ කිසිවෙකුටත් සියයට පනහක ප‍්‍රතිශතය ඉක්මවා යෑමට නොහැකි ආකාරයෙනි. දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තමන්ගේ ස්ථාවරය පැහැදිලිව ප‍්‍රකාශ කර නොමැත. මීට අමතරව දකුණේ වාමාංශික පක්ෂවල ස්ථාවරය ද සෘජුව සඳහන් කර නැත. මෙවන් පසුබිමක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ ප‍්‍රබල දේශපාලන හස්තයකි. එවන් දේශපාලන හස්තයක් කිසිදු අවස්ථාවක තවත් පක්ෂයකට සහාය දක්වනු ඇතැයි සිතිය නොහැකිය. සිදුවිය යුත්තේ වෙනත් පක්ෂ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වීමය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක් වී ද යන්න ජනාධිපතිවරයා පැහැදිලි කරනු ඇතැයි ජනතාව බලා සිටි අතර ඒ පිළිබඳ පැහැදිලි සටහනක් තබන්නට ද ජනාධිපතිවරයා අමතක කළේ නැත. කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් විශාල ජනකායක් සංවත්සරයට සහභාගි වූ අතර ඒ ජනතාව අමතමින් වැදගත් කරුණු රාශියක් අවධාරණය කළේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ඉලක්කයද පැහැදිලි කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මෙරට විශාලතම දේශපාලන පක්ෂය වේ. මේ පක්ෂය කිසි දවසක තවත් පක්ෂයකට මුක්කු ගහන පක්ෂයක් නොවන බව ජනාධිපතිවරයා සිය කතාවෙන් නොකියා කියා සිටියේ පක්ෂයේ ගෞරවය හා අභිමානය සුරකිමිනි. ජනාධිපතිවරයාගේ එම අභිමානවත් ප‍්‍රකාශයට ජනතාවගෙන් ලැබුණේද ඉහළම පිළිගැනීමකි. එපමණක් නොව මෙම සංවත්සරය වඩාත් වර්ණවත් කරමින් ඊට සහභාගි වූ දි. මු. ජයරත්න, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩියු ගුණසේකර, මහචාර්ය තිස්ස විතාරණ වැනි දේශපාලන නායකයන්ද අගේ කරන්නට විය. මෙහිදී ජනාධිපතිවරයා විශේෂ සඳහනක් කරමින් කියා සිටියේ 2020 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන බවය.

මීළඟ ජනාධිපතිවරයා එනම් ඉදිරි ජනාධිපතිවරණයේ දී පත්වන ජනාධිපතිවරයා හුදෙක්ම කිසිදු බලයක් නැති නාමික ජනාධිපතිවරයකු වන බව කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථාවෙන් සියලූ බලතල අගමැතිවරයා පවරා ගැනීමට කටයුතු කිරීම හේතුවෙනි. 1978 ව්‍යවස්ථාවෙන් ඇතිකරන ලද ජනාධිපති ධුරයෙන් හිමිව තිබූ ඒකාධිපති බලය හිටපු ජනාධිපතිවරුන් රටේ යහපතට වඩා අයහපතට යොදා ගැනීම නිසා රටේ ජනතාව මේ ඒකාධිපති බලයේ පාපිස්සක් බවට පත්ව සිටියහ. මෙය ජනතාවගේ ජන ජීවිතයට කොතරම් හානිදායක වූයේද? ඒ විලංගුවලින් ජනතාව නිදහස් කර ගැනීම මූලික කරගෙන ජනාධිපතිවරයා එම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ගෙනෙනු ලැබුවේ පරාර්ථකාමි චේතනාවෙන්ය.

එහෙත් ජනතාවගේත්, රටේත් යහපත වෙනුවෙන් පාර්ලිමේන්තුවට ලබාදෙන ලද එම බලය වත්මන් අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව අවභාවිත කිරීම මහත් කනස්සල්ලට හේතුවිය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී පළකළේ එහි ප‍්‍රතිරාවයයි. පසුගිය කාලය පුරා රජයේ දේපළ විදේශ රටවලට බදු දීමට අගමැතිවරයා උත්සාහ කළේ ඒ බලය උපයෝගි කරගෙනය. ඒ සියල්ල කැබිනට් මණ්ඩලයේ දී තනි බලය යොදා වළක්වාලීමට ජනාධිපතිවරයා ගත් ක‍්‍රියාමාර්ගය ජනතාව හා රට වෙනුවෙන් ගනු ලැබූ අභීත ක‍්‍රියාමාර්ගයකි.

විධායක ජනාධිපතිවරයාගෙන් පාර්ලිමේන්තුවට ලැබුණු ඒ බලය අනිසි පුද්ගලයෙකු අතට පත්නොවිය යුතුය. ජනාධිපතිවරයා සංවත්සරයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඒ වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවෙන බවත් කීවේ එනිසාමය. 19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට පැවැරී බලය බල තණ්හාවකින් තොරව බලය ජනතාවට ප‍්‍රදානය කරමින් ජනතාවාදී පාලනයක් වෙනුවෙන් වෙහෙසෙන මෛත‍්‍රිපාල සිරිසේන මහතා වැනි නායකයෙකු අතට මිස වෙනත් අයෙකු අතට මෙම බලය මුලින්ම අත්පත් නොවිය යුතුය.

අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාව අදටත් ජනතාවට අභිරහසකි. මේ අපරාධය සිදුකළ අයට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැන ජනතාව තුළ තිබූ කුකුස නැතිකරමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන්ටත් වඩා ලොක්කන් උසාවි කූඩුවට නංවන බවය. සමස්ත ජනතාවගේ ඉල්ලීමත් එයමය. ගමක පොල්ගෙඩියක් හොරෙන් කැඩූ පුද්ගලයා දංගෙට යවන රටේ මහ බැංකුව කොල්ලකාපු එවුන්ට දඬුවම් නොකරන්නේ ඇයිදැයි ජනතාව තුළ වූ ගැටලූවට විසඳුමක් ලෙස එම ප‍්‍රකාශය කෙරිණි.

මේ අයුරින්ම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි ලෙස සීමා නිර්ණය වාර්තා යටගැසීම නිසා පළාත් රැසක කටයුතු අඩපණ වෙමින් පවතී. මෙහි වරදකරු කවුරුද යන්න පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය. මේ අයුරින් ආණ්ඩුව දිගටම සිදුකළේ ජනතාවට හානිදායක දේවල් මිස යහපතක් නොවේය. මෙවන් ආණ්ඩුවක් පලවා හැර ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්නට ජනාධිපතිවරයා සැමට ආරාධනා කළේ එනිසාමය. මේ අනුව ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රබල දේශපාලන බලවේගයක් වනු ඇතැයි යන විශ්වාසය මේ වනවිට ජනතාව තුළ ගොඩ නැඟී ඇත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles