Divaina - කොළඹ වයඹට කැඳවීමේ වික‍්‍රමසිංහ සැලැස්ම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali

 ranil
 
 නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
 
‘‘සුදු ජාතිකයන්ගේ පාලන සමයේ සිට පොල් ආර්ථිකය පදනම් කරගත් කුරුණෑගල දිස්ති‍්‍රක්කය නවීකරණය කිරීමේ තම අරමුණ ඉටු කිරීමේ කාලය පැමිණ ඇති හෙයින් තමා ඊට සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුලියාපිටියේදී ප‍්‍රකාශ කළ බව වාර්තා වේ. පොල් ති‍්‍රකෝණය නවීකරණය කිරීම ගැන වැඩිදුරටත් කරුණුු පැහැදිලි කළ, අග‍්‍රාමාත්‍ය වරයා, 1977 බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ තමා නියෝජනය කළ ග‍්‍රාමීය වටපිටාවක් සහිත ගම්පහ දිස්ති‍්‍රක්කය නවීකරණය කළ බව සිහිපත් කළේය.
 
 ගම්පහ ග‍්‍රාමීය වටපිටාවේ පිහිටි බියගම වෙළෙඳ කලාපයේ බිහිවූ කර්මාන්ත ශාලා සහ නව නගර එකී ප‍්‍රදේශයේ භූමිය පුරාම විසිරී පවතී. ඒ දියුණුව පිබිදීම හරහා ප‍්‍රතිලාභ ලැබුුණේ කෝටිපති ආයෝජකයන්ට හා වෙළෙඳ කලාපයේ රැකියාලාභි තරුණ තරුණීයන්ට පමණක් නොවේ. යටිතල පහසුකම් අතින් ගම්පහ දිස්ති‍්‍රක්කය බොහෝ ජයග‍්‍රහණ ලැබීය. එකී තත්ත්වය සාපේක්‍ෂකව විස්තර කරයි නම්, සියවස් ගණනක් ලංකාවේ අග නගරයව පැවති කොළඹ ප‍්‍ර‍්‍රදේශයට වඩා ගම්පහ දිස්ති‍්‍රක්කය නවීනත්වයෙන් ශක්තිමත් විය. 1975 වනවිට මල්වානේ ඉඩම් අක්කරයක තක්සේරු මිල මෙන් සිය ගුණයක වටිනාකමකට වර්තමානයේ මල්වානේ ඉඩම් මිල වෙමින් විකුණෙමින් තිබේ. ගම්පහ ප‍්‍රදේශයෙන් බැසිල් රාජපක්‍ෂ අත්පත් කරගත් බවට වාර්තා වූ දේපළ තොරතුරු හරහා මේ ප‍්‍රගතිය තහවුරු වේ. බැසිල් රාජපක්‍ෂගේ බවට චෝදනා කෙරෙන මල්වාන මහවත්ත ගඟබඩ පාරේ අංක 111/3 ලිපිනය දැක්වෙන නවීන නිවෙස සහ විශාලත්වයෙන් අක්කර 16ක් වන පොල් ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් ලක්‍ෂ 1900 කි. මල්වානේ රඹුටන් ගැන දන්නා ප‍්‍රමාණයටම රටේ ජනතාව මල්වානේ බැසිල් රාජපක්‍ෂ ඉදි කළ නිවෙස ගැන දනිති. ගම්පහ නගරාසන්නයේ ඔරුතොට පාරේ පිහිටි බැසිල් රාජපක්‍ෂගේ බවට චෝදනා කෙරෙන අක්කර එකයි රූඞ් දෙකයි පර්චස් දහතුනයි දශම අටයි තුනක් විශාලැති ඉඩමේ තක්සේරු වටිනාකම රුපියල් ලක්‍ෂ 1500 කි. අගමැති වික‍්‍රමසිංහගේ මැදිහත්වීම හරහා ගම්පහ සිදුවූ වෙනස පුළුල් විග‍්‍රහය මෙවැන්නකි. අගමැති රනිල් වික‍්‍රමසිංහ, මතුගමට රැස්වූ ජනතාවට බස්නාහිර නගර සංවර්ධන වැඩසටහන පිළිබඳව කළ විස්තරය අවසන් කළේ මෙසේය. බස්නාහිර කොළඹ ව්‍යාපෘතිය සම්පූර්ණ වෙද්දී මතුගම ප‍්‍රදේශයේ ඉඩම් පර්චසයක් කොළඹ බොරැල්ලේ වටිනාකමට සමාන වෙන බව මම කිව යුතුයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මතුගම දී කළ ප‍්‍රකාශයට සාක්‍ෂි දරන්නේ රාජපක්‍ෂ ති‍්‍රමුර්තියෙන් එකක් වූ බැසිල් රාජපක්‍ෂ විසිනි. රනිල් වික‍්‍රමසිංහ බියගමට ගෙනගිය කොළඹ වන්නි හත් පත්තුවටද රැගෙන යන බවට සහතික වී ඇත. කුරුණෑගල ජනතාව තීරණය කළ යුත්තේ වාහන දඩ අඩු කිරීමට රාජපක්‍ෂවරු දිනවා, මහ මග මැරෙනවාද? ගම රට දියුණු කරනවාද යන්නය.
 
 අග‍්‍රාමාත්‍ය වරයා කුලියාපිටියේදි, සමහරු තමන්ට බෝක්කු ඉදි කරන්නේ නැත කියා චෝදනා කරන බව කීය. තමන් බලයට පැමිණියේ රට දියුණු කිරීමට මිස, බෝක්කු ඉදි කිරීමට නොවන බව දැඩි සේ අවධාරණය කළේය. ශ‍්‍රී ලංකාව තීරණාත්මක මැතිවරණයකට ආසන්න වෙමින් සිටී. කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ජීවත්වන සමස්ත ජනගහනය 1610299 කි. ඔවුන්ගෙන් සිංහල ජනගහනය 91.9%කි. ලංකා මුස්ලිම්වරු 8.3%කි. ලාංකේය දමිළ ප‍්‍රජාව 2.1%කි ඉන්දීය දෙමළ පිරිස 00.2%කි. අගමැති වරයා බෝක්කු කතාව හරහා ඉස්මතු කරන ගැඹුරු දේශපාලන භාවිතාව හා දර්ශනය ජනතාව තේරුම්ගත යුතුවේ. ඔහු නොකියා කීවේ තමන් ඡුන්්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා සිල්ලර කතා කියා ජනතාව රැවටීමට තමන් සූදානම් නැති බවය. වඳ සැත්කම් කළ බවට චෝදනා නැගෙන වෛද්‍ය ෂාෆි ගැන හෝ් රථ වාහන වැරදි සඳහා මෑතක වැඩි කළ දඩ මුදල් අඩු කිරීම වැනි දේශපාලන ගුණ්ඩු මල් නිලා පත්තු කිරීම රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය නොවේ. ඔහු ජනපි‍්‍රය නැතැයි සමහරු හිතන්නේ ඒ නිසාය.
 
 ඉහත බෝක්කු කතාව හරහා රනිල් ගමට වැඩ කරන්නේ නැත යන ප‍්‍රකාශය ව්‍යර්ථ කරමින් ජනතා අවශ්‍යතා විශාල ප‍්‍රමාණයක් අගමැතිවරයා එදින සමාජගත කළේය. කුලියාපිටිය නාරංගල්ල තාක්‍ෂණවේදි අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල් තැබීම,වයඹ විශ්ව විද්‍යාලයේ නව විද්‍යා පීඨය විවෘත කිරීම, කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ
 ගොඩනැගිලි කිහිපයකට මුල් ගල් තැබීම, බෝවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම, ඉලූක්හේන බෙරිවැව මාර්ගය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම, කුලියාපිටිය නගරයේ පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීම, ආදි සංවර්ධන කි‍්‍රයා ගණනාවක් අගමැතිතුමා අතින් ජනතා අයිතියට පවරිණි. අනාගතයට උචිත ජාතික මට්ටමේ සැලැස්මක් සඳහා ජනතාව මෙහෙයවිය යුත්තේ මුල්ගල් සහ විවෘත කිරීම් තොරණ පෙන්වා නොවේ. ජනතාව දැනුවත් කිරීමෙනි.
 
 රියැදුරු පුහුණුව ලැබීමට එල් බෝඞ් ගසා එ දවස ජන ශූන්‍ය කුලියාපිටිය නගරයේ වාහනය පැදවූ බව කී
 අගමැතිවරයා තම පරපුුරේ වැඩිහිටියන් වැඩි පහසුකම් පැවති කොළඹට සංක‍්‍රමණය වුණේ වන්නි හත්පත්තුවේ සිට බව කුලියාපිටියේදි සිහිපත් කළේය. වික‍්‍රමසිංහ පරම්පරාවේ මව් පාර්ශ්වය වන්නි හත්පත්තුවේ හුලූගල්ල මූණමලේ පරම්පරාවල පුරුකකි. කොළඹ පහසුකම් වන්නි හත් පත්තුවට සමීප කිරීම වික‍්‍රමසිංහලා සතු ඓතිහාසික කාර්ය භාරයකි.
 
 වෛද්‍ය ෂාෆිට ඇප දුන්නොත් ලක්‍ෂ ගණනින් කොළඹ වට කරන බවට කළ තර්ජනය කිරීමත් රජය රථවාහන වැරදි සම්බන්ධ වැඩි කළ දඩ මුදල් අඩු කරනවා කීමත් රටේ නීතිය දේශපාලනයට ගැට ගැසීමකි. එක් දිනකට මාර්ග අනතුරු වලින් 8 දෙනකු ජීවිතක්‍ෂයට පත්වන රටක පාලකයන් කළ යුත්තේ කුමක්ද? දඩ අඩු කිරීමට දෙන ඡුන්දය පාරේ මිනී මැරීමට දෙන සහතිකයකි. අඹු දරුවන් දෙමාපියන් සිටින අදාන්ත රියැදුරෙකු හෝ මේ ඡුන්ද ගැටයට අසු වෙත්ද? එවැනි නායකයන්ගේ පාලනයක අපේක්‍ෂා කුමක්ද?
 
 රටට අවශ්‍ය වන්නේ, ගමේ බෝක්කු ගැන, වෛද්‍ය ෂාෆි ගැන වැඩිකළ දඩ ගැන කතා කර මැතිවරණ දිනන නායකයන් නොවේ. මැතිවරණ ඉතිහාසයේ හඳෙන් හාල් ගෙනවිත්, බඩගින්න නිවන පොරොන්දු දී පත් වූ ආණ්ඩුවක් යටතේ ලංකාවේ බස් නැවතතුම්පළවල මිනිසුන් බඩගින්නේ මිය ගියහ. ධරණීය සංවර්ධනය පිණීස පවත්නා සැලසුම් මිස, පැලැස්තර සිල්ලර පොරාන්දුවලට ජනතාව තවදුරටත් රැවටිය යුතු නොවේ. පාස්තු ප‍්‍රහාරය හරහා අනාරක්‍ෂිත බියක් මතු වී ඇත. හිතූ මතේට ආරක්‍ෂක කවුන්සිය නොකැඳවීමේ වගකීම ශී‍්‍රලනිප නායකත්වය දරණ ආරක්‍ෂක ඇමැතිවරයා දැරිය යුතුවේ.
 
 අගමැති වික‍්‍රමසිංහගේ කුලියාපිටි ප‍්‍රකාශයෙහි ප‍්‍රදේශයට සැලසුම් කළ පාසල් ගණන, රෝහල් ගණන, කර්මාන්ත ශාලා ගණන විස්තර නොවේ. ඔහු ජනතාව සිනහ ගන්වමින් කී බෝක්කු කතාවෙන් ඉඟි කළේ සමහරු සංවර්ධනය මුවාවෙන් ජනතාව රවටන බවය. කෙනෙකු විද්‍යාගාර ඉදි කළ පමණින් රටේ හැම පාලකයා විසින්ම විද්‍යාගාර ඉදි කළ යුතුද? මම බලයට පැමිණියේ බෝක්කු ඉදි කිරීමට නොවේ කීමෙන් අගමැති වික‍්‍රමසිංහ අදහස් කළේ පාලම් බෝක්කු ඉදි නොකරන බව නොවේ. සමස්ත සංවර්ධනය උපාය කෙරෙහි පවත්නා ඔහුගේ පුළුල් දැක්මය. මතුගමදී දැක්වූ උදාහරණය හරහා බස්නාහිර නගර ව්‍යාපෘතිය හකුලා දැක්වීය. ඔහුු සංවර්ධනයේ ප‍්‍රතිලාභ විස්තර කළේ වැඩිවන ඉඩම් වටිනාකම උදාහරණයට ගනිමිනි. නිමි ඇඳුම් කර්මාන්තය හරහා තරුණ තරුණීයන් බොහෝ දෙනාට රැකියා අවස්ථා උදා විය. කවුරු මොනවා කීවත් අද ලාංකේය ශ‍්‍රම බළකාය තුට්ටු දෙකට ශ‍්‍රමය විකුණන්නේ නැත. එය විශිෂ්ට පෙරළියකි.
 
 මහ කොළඹ ආයෝජන කලාපය හරහා ඇතිවූ නව රැකියා අවස්ථා සඳහා කටුනායකට පැමිණි දස දහස් ගණනින් තරුණ තරුණීයන්ට පැක්ටරි ඉදිවූ වේගයෙන් ඉඳුම් හිටුම් නවාතැන් පහසුකම් නො ලැබිණ. එහිදී කුමක් සිද්ධ වීද? ප‍්‍රදේශයේ පැවති ගෘහස්ථ කුකුළු ගොවිපළ සඳහා ඉදි කර තිබුණ බොහෝ තාවකාලික කුකුළු කූඩු එක් රැයින් නවාතැන් පළවල් බවට පරිවර්තනය විය. සංවර්ධනය යන්න විශ්මිත ආශ්වාදයකි. මහවැලි කඩිනම් ව්‍යාපාරය නිසා, උතුරු මැද පළාතේ වැව්ගම් හරහා එක් රැයින් මහා මාර්ග ඉදිවෙනු දුටු ජනතාව පුදුම විය. ආණමඩුව ප‍්‍රදේශයේ ඉඟිනිමිටිය ව්‍යාපරය ජේ. ආර්. ජයවර්ධන යුගයට අයත්ය. එක් දහස් නවසිය පනස් අටේදී සැලසුම් නිම කළ ඉඟිනිමිටිය ව්‍යාපාරය පිළිබඳ ව්‍යාපෘති යෝජනාව දිගු කලක් ලිපි ගොනුවකට සීමා විය. එකල ඉඟිනිමිටිය ප‍්‍රදේශය නියෝජනය කළ ගමට ආදරය කළ මන්ත‍්‍රීවරයා එවැනි ව්‍යාපාරයක් දෙමළ හත් පත්තුවට විශාල වැඩි යැයි විශ්වාස කළේය. මේ කතාව මා ඇසුවේ ඉසුර සඟරාව වෙනුවෙන් පුත්තලම් පළාතේ සංචාරය කරද්දී ය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ගිය සතියේ කුලියාපිටියේදී වයඹ සංවර්ධනය ගැන ප‍්‍රකාශය ඇසූ මට ඉහත සිද්ධිය සිහිපත් විය. ඉඟිනිමිටිය කතාව, අගමැතිගේ කුලියාපිටි ප‍්‍රකාශය සමග බෝක්කු කතාව සම්බන්ධ වන්නේ කෙසේද? මෙය ආකල්පය සම්බන්ධ හෙළිදරව්වකි. ඉඟිනිමිටිය පමා කිරීම ඒ මන්තී‍්‍ර වරයා දුටුවේ ගමේ අනන්‍යතාව සහ සන්සුන්කම පැත්තෙනි. ඔහු කීවේ දීර්ඝ කාලයක් හරකා බානෙන් ගොවිතැන් කරන වන්නියේ මිනිසුන්ගේ සංසුන්කම එසේම පැවතීම තමන්ට ආශ්වාදයන් බවය. එය දඩ වැඩි කිරීමෙන් රියැදුරන්ට වරදක් වුණා වැනි කතාවකි. දඩ අඩු කිරීමෙන්, සිය පාරම්පරික ඉඩමට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නැත.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles