Divaina - හමුදා බුද්ධි අංශ ප‍්‍රතිසංස් කරණයට... නව බුද්ධි ප‍්‍රධානියෙක්... පාන්කඩ ලේකම්...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


army
 

මනෝජ් අබයදීර 

නව යුද හමුදාපතිවරයාගේ ආගමනයත් සමග යුද හමුදාව තුළ ප‍්‍රතිසංස්කරණ ගණනාවක් ඇතිවෙමින් තිබේ. වන්නි මානුෂික මෙහෙයුමෙන් පසු දිගටම ජයග‍්‍රාහී තත්ත්වය ආරක්ෂා කරගෙන සිටි යුද හමුදාව, පසු බැසීමක් ප‍්‍රකට කරන්නේ පසුගිය කාලයේදීය. යුද හමුදා බුද්ධි අංශ කඩා වැටීම මෙහිලා විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පොලිස් ප‍්‍රභූ ආරක්ෂක කොට්ඨාසය විසින් කල් ඇතිව දැනුම්දීම් සිදුකර තිබියදී පවා, යුද හමුදා බුද්ධි අංශ වෙත එම තොරතුරු ලැබී නොතිබීම විශේෂත්වයක් විය. හිටපු යුද හමුදාපතිවරයා සඳහන් කර තිබුණේ, පාස්කු ප‍්‍රහාරය පිළිබඳව තමන් දැන ගත්තේද අන්තර්ජාලය ඔස්සේ බවය. එවැනි කඩා වැටීමකට ලක්ව තිබූ යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානයේ වැදගත්කම යුද හමුදාපතිවරයා විසින් සිය ප‍්‍රථම කතාවේදීම අවධාරණය කරන ලදී. ඒ වන විටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කර තිබුණේ, අදාළ අසමත්වීම සොයා බලා, ත‍්‍රිවිධ හමුදාව ප‍්‍රතිසංස්කරණයට ලක් කිරීම සඳහාය.

කෝට්ටේගොඩ අත තබයි

හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක ලේකම් ලෙස පත්වීමෙන් පසු, බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී. යුද හමුදාව තුළ දීර්ඝ කාලයක් බුද්ධි රාජකාරියේ යෙදී සිටි පළපුරුදු නිලධාරියෙකු වූ ජෙනරල් කෝට්ටේගොඩ, තම අත්දැකීම් ඇසුරෙන් රාජ්‍ය බුද්ධි යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රධාන පියවර කිහිපයක් අනුගමනය කළේය.

පාන්කඩ ලේකම්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මතුව තිබූ තත්ත්වය හේතුවෙන් එවකට සිටි ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි, හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, සෞඛ්‍යමය හේතු දක්වමින් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. රටේ ප‍්‍රධාන බුද්ධි අංශ නිලධාරියා ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරන ලද්දේ, ඔවුන් විසින් දිගටම යුද හමුදාව රාජ්‍යයෙන් කොන් කිරීම සඳහා ගෙන ගිය වැඩ පිළිවෙළේ කොටසක් ලෙසය. ලෝකයේ බලගතුම ත‍්‍රස්ත සංවිධානය වූ එල්ටීටීඊය සතුව තිබුණේ, ජාත්‍යන්තර බුද්ධි ජාලයකි. පොට්ටුඅම්මාන්, කුමාර් පද්මනාදන් වැනි චරිත පරදා, බුද්ධි මෙහෙයුම් දියත් කරන ලද ත‍්‍රිවිධ හමුදා බුද්ධි නිලධාරීන් සිටියදී පොලිස් නිලධාරියෙකු බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස පත් කිරීම සහ ආරක්ෂක ලේකම් තනතුර සඳහා ‘පාන්කඩ’ චරිත දිගටම පත් කිරීමේ පාඩම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉගෙන ගනු ලැබුවේ, පාස්කු ප‍්‍රහාරය හේතුවෙනි. නව ආරක්ෂක ලේකම් ලෙස යුද හමුදාපතිවරයෙකු පත් කරන ලද්දේ සහ නව හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන ලද්දේ, නව ප‍්‍රතිසංස්කරණයක් ආරක්ෂක අංශ කෙරෙහි ඇති කිරීමට තිබූ වුවමනාව නිසා බව සිතිය හැකිය.

රුවන් කුලතුංග ආගමනය

සිසිර මෙන්ඩිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර සඳහා පත් වන්නේ මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංගය. පාබල හමුදාවට අයත් නිලධාරියෙකු වූ ඔහු, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යුද හමුදාපති ධුරය දැරූ සමයේ ඔහුගේ යුද සහායක ලෙස කටයුතු කරන ලද්දේය.

සහ සම්බන්ධය යළි ගොඩනැ`ගීම

මෙය 2015 වසරේ සිට නොතිබුණු සම්බන්ධයකි. ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප‍්‍රධානියා අතර 2015 වසරේ සිට තිබුණේ අතිශය දුරස්, රාජකාරි සම්බන්ධයක් පමණය. යහපාලනය පැමිණි පසු බුද්ධි අංශ අඩාල කිරීම, සිවිල් නිලධාරීන් ආරක්ෂක ලේකම් තනතුර සඳහා පත් කිරීම සහ එක දිගට ආරක්ෂක ලේකම්වරු මාරු කිරීම හේතුවෙන් ජාතික බුද්ධි ප‍්‍රධානියා කෙසේ වෙතත් සමස්ත බුද්ධි අංශ යාන්ත‍්‍රණයම විශාල බිඳ වැටීමකට ලක්විය. එවැනි පරිසරයක් තුළ ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටෙගොඩ හමුදාපති ධුරය දරන ලද අත්දැකීම් සහිත නිලධාරියෙකු වීම සහ ඔහු සමග සම්බන්ධයක් සහිත නිලධාරියෙකු ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස පත්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අගනා තත්ත්වයක් බව කිව හැකිය.

බි‍්‍රගේඩියර් හේවාවිතාරන පත්වේ

army3නව හමුදාපතිවරයා සිය ප‍්‍රථම කතාවේදීම අවධාරණය කරන ලද්දේ, යුද හමුදා බුද්ධි අංශ යළි නගා සිටුවන ආකාරය පිළිබඳවය. ඒ සඳහා ඔහු විසින් ගන්නා ලද ප‍්‍රථම පියවර ලෙස සඳහන් කළ හැක්කේ, මෙතෙක් යුද හමුදා බුද්ධි ප‍්‍රධානි ලෙස කටයුතු කරන ලද බි‍්‍රගේඩියර් චූලා කොඩිතුවක්කු වෙනුවට

බි‍්‍රගේඩියර් ශාන්ත හේවාවිතාරණ පත් කිරීමය. වන්නි මානුෂිය මෙහෙයුම සමයේදී 57 සහ 58 සේනාංක සමග රාජකාරි කටයුතු කරන ලද බි‍්‍රගේඩියර් හේවාවිතාරණ යුද හමුදාවේ සිටින දක්ෂ නිලධාරියෙක් ලෙස සැලකේ. ඔහු කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කිරීම නිසා සමහරු චෝදනා කරන්නේ, බුද්ධි රාජකාරි සඳහා කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරියෙකු ගැළපෙන්නේ කෙසේද කියාය.

කාලතුවක්කු රෙජිමේන්තුවට ගිය බුද්ධි අංශය

යුද්ධය ආරම්භ වූ මුල් කාලයේදී සරත් ෆොන්සේකා විසින් යුද හමුදා බුද්ධි ප‍්‍රධානි ලෙස පත් කරන ලද්දේ, කාලතුවක්කු රෙජිමේන්තුව නියෝජනය කරන ලද මේජර් ජෙනරාල් ජම්මික ලියනගේය. ස්වල්ප කාලයක් ඔහු එම තනතුරේ සේවය කිරීමෙන් පසු වන්නි මානුෂිය මෙහෙයුමේදී ප‍්‍රබල බුද්ධි දායකත්වයක් ලබාදෙමින් යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරය. ඔහු පාබල රෙජිමේන්තුව නියෝජනය කරන ලද නිලධාරියෙක් විය. 2016 දී යුද හමුදා බුද්ධි ප‍්‍රධානි ලෙස සේවය කරන ලද්දේ බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලකය. ඔහු සිංහ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙක් විය. එතැනදී වැදගත් වූයේ බුද්ධි ප‍්‍රධානියා පැමිණි රෙජිමේන්තුවට වඩා, ඔහුගේ දක්ෂතාවය. එම ආදර්ශය ගනිමින් නව හමුදාපතිවරයා විසින් අලූත් බුද්ධි ප‍්‍රධානියෙක් යුද හමුදාව සඳහා නම් කරන ලද බව කිව හැකිය.

ජනාධිපතිවරණ සටනේදී ප‍්‍රහාර...

යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය එක් රැයකින් ඉටු කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා කෙටි, දිගු සහ මධ්‍යම ලෙස කාල රාමු තුනක් ඔස්සේ සකසා ගත් වැඩපිළිවෙළක් අවශ්‍යය. එසේම පසුගිය කාලය පුරාවටම විවිධ අතපෙවීම් සහ අත්අඩංගුවට ගැනීම් හේතුවෙන්, යුද හමුදාවේ බුද්ධි අංශ මානසිකත්වය බින්දුවටම වැටී තිබුණි. නිසි ධෛර්යය සැපයීම ඔස්සේ, ක‍්‍රමක‍්‍රමයෙන් එය ලොව දියුණු බුද්ධි අංශයක් බවට පත් කිරීම උදෙසා, යුද හමුදාපතිවරයා පියවර ගත යුතුව ඇත. එළඹෙන්නේ මැතිවරණ කාලයක් බැවින් ප‍්‍රභූ ආරක්ෂාවට අදාළ බුද්ධි මෙහෙයුම් සඳහා විශේෂ පරිශ‍්‍රමයක් යුද හමුදාවට දරන්නට සිදුවනවා ඇත. ජනාධිපති පේ‍්‍රමදාස මහතා ඝාතනයේ සිට, ඉන් පසුව පවත්වන ලද ජනාධිපතිවරණයේදී අපේක්ෂක ගාමිණි දිසානායක මහතා ඝාතනය, ඊළඟ ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනය සඳහා තැත් කිරීම ආදිය දෙස බලන විට ජනාධිපතිවරණ සමයක් යනු බුද්ධි අංශ සිය වගකීම මැනවින් ඉටු කළ යුතු කාර්යයකි.

අතුල කොඩිප්පිලි විධායක ජෙනරාල්...

army2යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රතිසංවිධානය සඳහා පියවරේ ගන්නා අතරේ, හමුදාවේ තවත් වෙනස්කම් කිහිපයක් පසුගිය සතියේ සිදුවිය. වන්නි මානුෂිය මෙහෙයුම සමයේ දක්ෂ ලෙස සේවය කරන ලද විශේෂ බළකායට අයත් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි පසුගිය කාලය පුරාවට අසාධාරණය වෙත මුහුණ දුන් නිලධාරියෙක් බව කිව හැකිය. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටි නිලධාරීන් සේනා ආඥාපතිවරු ලෙස පත් වෙද්දී සිය ජ්‍යෙෂ්ඨත්වය සහ සුදුසුකම් සඳහා නියමිත තනතුර ඔහු වෙත ලැබී තිබුණේ නැත. 53 වෙනි සේනාකාධිපති කටයුතු කරන ලද ඔහු, යුද හමුදාවේ විධායක ජෙනරාල් ලෙස පත් කරනු ලැබ තිබේ. එතෙක් විධායක ජෙනරාල් ලෙස කටයුතු කරන ලද මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ලෙස පත් කරනු ලැබ තිබේ.

කුමුදු, දුෂාන් පැන්ෂන්...

ඒ අතර යුද හමුදාවේ ඉහළ පුටු දරන කිහිප දෙනකු මෙම මස විශ‍්‍රාම යෑමට නියමිතව ඇත. යුද හමුදාවේ හෝ අන් හමුදාවන් හිදී සේවා දීර්ඝ ලැබෙන්නේ, හමුදාපතිවරයාට හෝ මාණ්ඩලික ප‍්‍රධානියාට පමණක් නිසා එම සියලූ නිලධාරීන් මෙසේ අනිවාර්යෙන්ම විශ‍්‍රාම ගතවෙනවා ඇත. යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් දුෂාන් රාජගුරු මෙසේ විශ‍්‍රාම ගත වන නිලධාරීන්ය. බුත්තල නිලධාරි ප‍්‍රගමන ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයේ මේජර් ජෙනරාල් චන්දන ගුණවර්ධන විශ‍්‍රාම යෑම නිසා එම තනතුරට බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර පත් කරන ලද අතර බි‍්‍රගේඩියර් ජයවීර විසින් දරන ලද අධ්‍යක්ෂ පිරිස් පාලන තනතුර සඳහා බි‍්‍රගේඩියර් සෙනරත් නිවුන්හැල්ල පත් කරනු ලැබ සිටිති.

සේවා වනිතා ඒකකයට නව සභාපතිනියක්...

යුද හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස වැඩ බාර ගත් සුජීවා නෙල්සන් මහත්මිය සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා රාගම රණවිරු සෙවනේ ආබාධිත රණවිරුවන් බැලීම සඳහා පැමිණියහ. යුද හමුදාපතිවරයා 58 වැනි සේනාංකයේ අධිපති ලෙස කටයුතු කරමින් වන්නි මානුෂිය මෙහෙයුම සඳහා හරවත් දායකත්වයක් ලබා දෙන අතරේ සටනේ නිරතවූ සෙබළු බොහෝ දෙනකු රාගම රණවිරු සෙවනේ ප‍්‍රතිකාර ලබමින් සිටියෝය. යුද හමුදාපතිවරයා සිය භාර්යාව සමග තෑගි බෝග රැගෙන ඔවුන් බැලීම සඳහා පැමිණ සිටීම කාය දානය කර සිටි රණවිරුවෝ බොහෝ දෙනකුට මහත් මානසික සුවයක් ගෙන දුන්නාහ. යුද හමුදාපතිවරයාගේ අණදීම යටතේ වන්නි මානුෂික මෙහෙයුමේදී සටන් වැදී ආකාරය සිහිපත් කරන ලද එම රණවිරුවන්, නව යුද හමුදාපතිවරයා තමන් බැලීම සඳහා පැමිණ සිටීම අගය කරමින් කතා කළහ.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles