Divaina - ජීව නාමකරණය පහසු නෑ... සල්ලි දීලවත් ගන්න බෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

UPali


 
 soba
 * බුදුහිමි වෙනුවෙන් බෙල්ලන්, මසුන්, සමනලූන්
 
 * ඔබාමා නමිනුත් මකු`ථවෙක්,සරදියල්ට ගෝනුස්සෙක්
 
 * චේ...ට-ආර්නෝල්ඞ්ට කුරුමිණියන් ට‍්‍රම්ප්ට පණුවෙක් රාවණාට ගොලූබෙල්ලෙක්
 
 
 ජගත් කණහැරආරච්චි
 ඡායාරූප - සමීර සුරංජන් කරුණාරත්න හා අන්තර්ජාලය ඇසුරෙනි
 
 
රටක හෝ ලෝකයක සැබෑ උරුමය මිනිසා මේ මහපොළොව මත බිහිවන්නන්ටත් පෙර සිට පැවත එන්නකි. එබැවින් ලෝකයේ උරුමය ගැන දන්නේත්, ලෝක උරුමයේ වැඩි ගරුත්වය හිමිවන්නේත් ශාක හා සතුන්ට මිස මිනිසුන්ට නොවේ. මිනිසාත් එක් සත්ව විශේෂයක් වන බැවින් ඔහුට ඒ පිළිබඳව ඇත්තේ අබමල් රේණුවක තරම් අයිතියකි. ඒ මිනිසාට අනෙකුත් ශාක හා සතුන් මෙන්ම ඔවුන් දිවිගෙවන පරිසර පද්ධති, නිකේතන, මිහිතලය, වායුගෝලය රකින්නට ඇති හැකියාව නිසාය.
 
 එසේ හෙයින් මිහිතලය මත සැබෑ උරුමය මිනිසා බිහිවන්නටත් එහා ගිය ප‍්‍රාග් ඓතිහාසික යුගයන් දක්වා විහිද යන බව අප සිහිතබා ගත යුතුය.
 
 එබැවින්ම අප ලබා ඇති ඥානයේ බලයෙන් ලෝකයේ ඇතුළට එබී බලා නොහොත් ලෝකයේ අතීතය හා වර්තමානය විමර්ශනය කර ලෝක ගෝලයේ සමතුලිතතාව ආරක්‍ෂා කර ගැනීමට මෙම ඥානය භාවිත කළ යුතුව ඇත. ලෝකය අද පරිසර සංරක්‍ෂණයක් ගැන කතාකරන්නේ එනිසාය. ඒ නැතිව බඩ පැලෙනකන් කාබී (අනුන්ගේ පංගුව හෝ අනාගත පරපුරේ පංගුව) කෙස් පැලෙන්නට තර්ක විතර්ක කර, කන පැලෙන්නට මයික‍්‍රපෝන දෙදරවමින් කතා කර, සුඛෝපභෝගී වාහනවල නැග. අධිවේගී මාර්ගවල ගමන් ගත් පමණින් අප මේ දිවිගෙවන පරිසරය සුරක්‍ෂිත කරගත නොහැක. අනාගත පරපුර වෙනුවෙන් ලොවක් ඉතිරි කරගතද නොහැක.
 
 
soba2එය කළ හැක්කේද? කළ යුත්තේද? ගහකොළ සතා සිව්පාවාටද සමානාත්මතාවයෙන් සලකා ඔවුන්ගේ ජීවන වටපිටාවද සුරක්‍ෂිත කෙරෙන පරිදි මිහිතලය, වායුගෝලය ආරක්‍ෂා කරගත හොත් පමණි. එය සිදුවන්නේ විද්‍යාඥයන්, සංරක්‍ෂකයන් අතින්ම මිස දේශපාලන බඩගෝස්තරවාදීන් නිසා නොවේ. අව්-වැසි නොතකා පරිසරය වෙනුවෙන් සටන් වදින පරිසරවේදීන්ගෙන්ම මිස, අපේ උරුමය මේ යැයි බොරු මුසාවාද පතුරුවන්නන්ගෙන්ද නොවේ.
 
 පෙර කී පරිදි ලොව සැබෑ උරුමය ජෛව උරුමයයි. යම් රටක, ප‍්‍රදේශයක, කලාපයක, කඳුවැටියක, ගංගාවක මුහුදක, වැවක, පොකුණක ඇති ශාක හා සත්ත්ව ප‍්‍රමාණය මත එහි ආවේණිකත්වය මත රටක ජෛව උරුමය සනිටුහන් වනු ඇත. එය ප‍්‍රාග් ඉතිහාසයටත් එහා ගිය අගය කිරීමයි. මිනිසාගේ ක‍්‍රියාකාරකම් නිසා බිහිවුණු උරුමයන් එන්නේ ඉන්පසුවයි.
 
එසේ හෙයින් පරිසරය සතා සිව්පාවා පිළිබඳ අධ්‍යයනය නොහොත් හැදෑරීම සැබෑ උරුමය හැදෑරීමයි. විශ්වය හැදෑරීමයි. යම් රටක ප‍්‍රදේශයක ජෛව සාධක හැදෑරීම එම රටේ ඉතිහාසය මෙන්ම උරුමය හැදෑරීමයි. එය පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා නිර්ණායක පවතින බැවිනි. ලොවම එක්වී ඇතිකරගත් එක`ගතා පවතින බැවිනි. එසේ හෙයින් ශාක හා සත්ත්ව විද්‍යාඥයන් පර්යේෂකයන් සුවිශේෂී කණ්ඩායමකි. ඔවුන් අලූත් දෑ සොයනාවටත් වඩා හඳුනාගන්නට වෙර දරනු පෙනෙන්නේ නැතිවූ දෑ සහ නැතිවන්නට ආසන්න දෑ පිළිබඳවය. එබැවින් ලෝකයේ පැවැත්ම පිළිබඳ එය කදිම මිණුම් දණ්ඩකි. මේ නිසා මෙවැනි පරීක්‍ෂණ, ඒවායේ, නිරීක්‍ෂණ හා නිගමන එම පර්යේෂකයන් තරම්ම වැදගත් වේ. නොහොත් ඔවුන්ගේ පර්යේෂණ ප‍්‍රතිඵල තුළින් එළිදැක්වෙන්නේ ලෝකයේ මිහිතලයේ ආයු කාලය පිළිබඳ දර්ශකයන්ය. ඉකුත්දා නව ජීව විශේෂ (හූනන්) හයක් සොයාගත් ශ‍්‍රී ලංකා සත්ත්වවේදීහු (නවක පර්යේෂකයන්) ඒ සඳහා ජාත්‍යන්තර නාමකරණය කිරීමේදී ශ‍්‍රී ලංකාවේ මානව උරුමයක් ගැන සඳහන් කර සත්ත්ව විද්‍යා ලෝකයේ එය ලියා තැබුවේ ශ‍්‍රී ලංකාවට පමණක් නොව අපගේ වීරෝදාර ජාතික වීරවරයන් කිහිපදෙනකුගේ නමට ඒවා පුදකරමිනි. එහෙත් හූනන් සඳහා ජාතික වීරවරයන්ගේ නම් භාවිතය ඔවුන්ට කරන ලද නිග‍්‍රහයක් ලෙස සලකා ඇතැම්හු කටයුතු කළහ. අවලාද නැගුහ පරිභව කළහ.
 
එහෙත් දශකයකට අධික කාලයක් දිවා ? නොමැතිව, අව්ව-වැස්ස නොතකමින් සතුන් හඳුනාගෙන ජාත්‍යන්තර නීති රීති අනුව ප‍්‍රකාශයට පත්කරමින් විද්‍යා ලෝකයේ නොමැකෙන නමක් සනිටුහන් කරනු ලබන්නේ මෙම නවක සත්ත්ව විශේෂ ලොවක් වටිනා වස්තූන් වශයෙන් සලකාය. එහෙත් සෑම දෙයම, අලි, කොටි, සිංහ විලසින් මනින පුද්ගලයන් නිසා මිහිතලය හැර දමා යෑමට සූදානම්වන කුඩා උරගයකුට, උභය ජීවියකුට, සමනලයකු, කුරුමිණියකු, කටුස්සකු වැන්නවුන්ට හැඳුනුම්පතක් ලබාදීමේ විද්‍යාත්මක කටයුත්තට මහත් බාධාවන් සිදුවනු පෙනේ.
 
 ලංකාවේ එසේ නමුත් පිටරට නම් එසේ වන්නේ නැත. ඇමෙරිකානු (හිටපු) ජනාධිපති බැරක් ඔබාමා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ලෝපතල වනජීවී ගවේෂණ චිත‍්‍රපටකරුවන් (බෙයර් ග‍්‍රිල්ස්) සම`ග කැළෑ වදින්නේ පරිසරයේ වනසතුන්ගේ වටිනාකම් ඔවුන්ට තේරෙන නිසාය.
 
 එහෙත්, ලංකාවේ එහෙම වන්නේ නැත. ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ශ‍්‍රී ලංකාවේ එවැනි වනසත්ව ලෝලී දේශපාලනඥයින් හමුනොවේ. අඩුම තරමින් වනසතුන් හා ශාක පිළිබඳව හදාරන්නට, ගවේෂණයක් කරන්නට එවන් විද්‍යාගාර හදන්නට පර්යේෂණ ප‍්‍රතිඵල එළිදක්වන්නට රජයේ ප‍්‍රතිපාදනවත් වෙන්වන්නේ නැත.
 
 එසේ හෙයින් බොහෝ පාරිසරික හා සත්ත්ව, ශාක පිළිබඳ පර්යේෂණ සිදුවන්නේ ස්වාධීන පර්යේෂකයින් අතින් ඔවුන් සපයා ගන්නා ගතමනාවෙන්ය. විටෙක එය ඉතා අපහසු කටයුත්තකි. එහෙත් පරිසරයට ලැදි, ගහකොළට, සතා සිව්පාවාට ආදරය කරන කැළෑ උණ ඇති තරුණ තරුණියන් ජීව විද්‍යා පර්යේෂණවල නිරත වනු පෙනේ.
 
soba3එවන් පිරිසකගේ අප‍්‍රතිහත කැපවීමක ප‍්‍රතිඵල මත, දශකයක පමණ කාලය වැය කිරීම අවසානයේ ශ‍්‍රී ලංකාවට ආවේණික හූනන් විශේෂ හයක් නම් කර විද්‍යාලෝකයට හඳුන්වා දුන් අතර මේ සඳහා ඔවුන් තම ඉහළම සොයාගැනීමට නම් යොදනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ ජාතික වීරවරයින් හය දෙනකුගේ නමිනි.
 
 එනමුත් ඒ ජාත්‍යන්තර සත්ත්ව විද්‍යා නාමකරණය නිර්ණායක යටතේ ද්වීපද නාමකරණය සඳහාය. ද්වීපද නාමකරණයේ පියා වශයෙන් සැලකන ‘කැරොලිස් ලිනියෙස්’ට අනුව යම් සතකු හෝ ශාකයක් සඳහා නම් තබන්නේ මුලට ගණ නාමයත් අගට එම සතා හෝ ශාකය සඳහා විශේෂත්වය පදනම් කරගත් විශේෂ නාමයත් යටතේය. එනම් විශේෂ නාමය එම ජීව පවුලට පමණක්ම සීමා වූවකි. එම නාමයෙන් අදාල ජීවියාගේ ආවේණිකත්වය (පැතිරීම) තහවුරු කෙරේ. ඒ සඳහා නාමකරණය යෙදෙන්නේද එම ආවේණිකත්වය පදනම් කරගනෙය. එය විද්‍යාත්මකව තහවුරු කළ යුත්තකි. කල්ගතවන කටයුත්තකි. සංසන්දනාත්මක කටයුත්තක් මෙන්ම ‘තිත’ ට කළ යුතු වැඩකි.
 
 ශ‍්‍රී ලංකාවට ආවේණික නවක හුනන් හය දෙනා අදාළ නම්කිරීම සිදුකරන්නේ මේ නිර්නායක පදනම් කරගෙනය. එනමුත් ජාතික වීරවරයින්ගේ නමින් නම්කරන ලද පසු ඊට ඇතැම් අවිද්‍යාකරුවන්ගෙන් විවේචන එල්ල විය. සතුන්ට (හූනන්ට) ජාතික වීරවරයනගේ නම් යොදන්නේ ඇයිද යනුවෙනි.
 
 එහෙත්, විද්‍යාව දන්නෝ මෙම නම්කිරීමේ වැදගත්කම හා වටිනාකම දනිති. එය ගෞරවාන්විත කටයුත්තකි. පරම්පරාවටම ලැබෙන ගෞරව නම්බුනාමයකි. එසේ හෙයින් නන්දිමිත‍්‍ර, ගෝඨයිම්බර, කොහුකුඹුරේ රාළ, හිටිහාමි, බූටෑවේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල නමින් සත්තු ද්වීපද නාමකරණයට ලක්කිරීම ගෞරවයක් මිස එම නම් හෑල්ලූවට ලක්කිරීමක් නොවේ.
 
 මෙසේ කියන්නේ මෙම නවතම හූනන් හය දෙනා හඳුනාගැනීම නම්කිරීම, විදෙස් විද්‍යා ස`ගරාවක ප‍්‍රකාශනය කිරීම භාරව සිටි පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධාන පර්යේෂකයාය ඔහු නමින් සමීර සුරන්ජන් කරුණාරත්නය, වසර 15 කට අධික කාලයක් දෙහිවල ජාතික සත්වෝද්‍යානය කේන්ද්‍රකරගත් තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළ, දැනටත් එහි ගරු සාමාජියකු ලෙස කටයුතු කරන ඔහු ශ‍්‍රී ලංකාවේ දැනට සිටින තරුණ ක‍්‍රියාකාරී සත්ත්ව විද්‍යා පර්යේෂකයෙකි. ඔහුගේ ක්‍ෂේතය උරග හා උභයජීවීන් පිළිබඳව පර්යේෂණ මෙහෙයවීමය.
 
 මෙරට මෙන්ම ලෝකයේ සත්ත්ව විද්‍යා පර්යේෂකයන් විවිධ අංශවලට බෙදී තම පර්යේෂණ කරන්නෝය. උරග, උභයජීවි, පක්‍ෂී, ක්‍ෂීරපායි, මත්ස්‍ය යන පෘෂ්ඨවංශිකයන් හා අපෘෂ්ඨවංශිකයන් මෙන්ම විවිධ ශාක කොට්ඨාස පිළිබඳව ද පර්යේෂණ කරන්නෝ වෙති.
 
 එනිසාම තමන්ගේ කොටස ඉහළින් තබන්නට පර්යේෂකයෝ වෙහෙසෙති. තම සොයාගැනීමට ඉතා ඉහළම (ද්වීපද) නාමකරණය යොදන්නේ ද එනිසාය. මේ සඳහා සත්ත්ව හා ශාක (උද්භිද) විද්‍යාඥයෝ බොහෝ විට සිදුකරන්නේ රටේ ලෝකයේ අදාළ ක්‍ෂේත‍්‍රයට ඉහළම සේවාවක් සිදුකළ ගෞරවාන්විත පුද්ගලයකුගේ නමට එම ජීවියා නම් කිරීමය. හූනන් සඳහා ද සිදු කෙරුණේ එලෙසය.
 
 මේ සඳහා කදිම උදාහරණයන් කිහිපයක්ම සමීර සුරංජන් කරුණාරත්න අපට කියා පාන්නේය. එනම් ලෝකයේ මෙසේ නවතම පර්යේෂණ මඟින් හඳුනා ගන්නා ශාක හා සත්ත්ව විශේෂ සඳහා විශේෂිත පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමය. එය මුදලට සිදුවන්නක් නොවේ. වුවමනා නම් දේශපාලනඥයෙක්, කෝටිපතියෙක් වැනි කෙනෙක් හෝ විශාල මුදල් කුට්ටියක් ලබාදී ඔහුගේ නමින් ජීවියකු නම් කරන්නට උත්සාහ ගන්නට පුළුවන. එහෙත් මෙම ක්‍ෂේත‍්‍රය එසේ දූෂණය වී නැත. ක‍්‍රිකට් ක‍්‍රීඩාව පවා දූෂණයට ලක්ව ඇති මෙවන් මොහොතක එවැනි බුකීකරුවන්ට හසු නොවී මෙම නවක පර්යේෂකයන් ජාතියේ විරුවන් නමින් සතුන් නම් කිරීම අගය කළ යුත්තකි. සදා රැඳෙන්නකි.
 
 සමීර සුරංජන් කියන පරිදි ලොව බිහිවූ විශිෂ්ට, ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට හා ජනප‍්‍රිය පුද්ගලයන් රැසක් වෙනුවෙන් පසුගිය කාලයේ මෙවන් නම් කිරීම් සිදුව ඇත. අපේ රටේ නොව විවිධ රටවල පර්යේෂකයන් සිදුකර ඇති පර්යේෂණ ප‍්‍රතිඵල සඳහා ගෞතම බුදුන්වහන්සේගේ පටන් දළයි ලාමාතුමා, කොන්ෆියුසියුස්තුමා, මහත්මා ගාන්ධි, දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ, නෙල්සන් මැන්ඩෙලා, තායිලන්ත රජ කුමරියක වූ මහා චක‍්‍රී සිරින්ඩෝන්, ආර්නෝල්ඞ් ස්වසනෙගර්, චේගවේරා, බැරක් ඔබාමා, ප‍්‍රින්ස් චාර්ල්ස්, ඩොනල්ඞ් ට‍්‍රම්ප්, රාවණා රජු, සූර සරදියල්, ගැමුණු රජු යන අය සඳහා සත්ත්ව විශේෂ නම්කර ඇත.
 
 මෙකී නොකී බොහෝ විද්වතුන්, පර්යේෂකයන් පරිසරවේදීන්, විද්‍යාඥයන් වෙනුවෙන් ද ජීව විශේෂ නම්කර ඇත.
 
soba4ඉදින් මෙම ද්වීපද නාමකරණ ක්‍ෂේත‍්‍රය යනු ගෞරවාන්විත නාමකරණ ක්‍ෂේත‍්‍රයකි. එය මිලදීගත හැක්කක් නොවේ. හුදෙක් කාලය, ධනය, ශ‍්‍රමය කැපකර ‘කට්ට කා’ පර්යේෂණ කර ප‍්‍රතිඵල එළිදක්වන පර්යේෂකයාගේ හෝ පර්යේෂණ කණ්ඩායමේ කැමැත්ත හා අභිමතය මත පමණක් අදාළ නම් යෙදීම සිදුකෙරේ. අවම වශයෙන් එසේ නව ජීව විශේෂය සොයාගන්නා පුද්ගලයාට තමා නමින්වත් එම ජීව විශේෂය නම් කිරීමේ සදාචාරාත්මක හිමිකම නැත.
 
 එසේ හෙයින් ඔහු ඊට යොදන්නේ තමන්ගේ සිත්ගත්, තමාට ගෞරව කළ හැකි, ගෞරව යැයි හිතෙන හොඳම පුද්ගලයාය. විටෙක ඒ බුදුන්වහන්සේ විය හැකිය. නැතහොත් ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ ද පාප් වහන්සේ ද විය හැකිය. බැරක් ඔබාමා, ඩොනල්ඞ් ට‍්‍රම්ප්, නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි යන අයගේ නම් වෙනුවෙන් ද ගෞරව නාම පුදා ඇත්තේ එහෙයිනි. සමීර සුරංජන් කරුණාරත්න පවසයි.
 
 සැබෑය! එසේ නැතිව කපටි දේශපාලනඥයකු, කළුකඩ බිස්නස්කාරයකු නමින් සතකු නම් කරන්නේ නම් එය එම සතාට හෝ පැළෑටියට ‘ශාකයට’ කරන නිගරුවකි. එසේ හෙයින් සල්ලි තිබූ පමණින් එවන් නාමයක් ලබාගැනීමට නොහැකිය. එසේම කෙනකුට ගැරහීම වෙනුවෙන් එවන් නමක් භාවිත කිරීමට ද නොහැකිය. එසේ හෙයින් ශ‍්‍රී ලංකාවේ අභිමානය හුවා දක්වන ජෛව අභිමානය ගවේෂණය කරන්නන් මෙන්ම ඊට යොදන නම් ද අප ගෞරවයක් ලෙස සැලකිය යුතුය.
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles