Divaina - හොඳ මිත‍්‍රයෙක් වන්නේ කොහොමද?... මහ රහතුන් වැඩි මඟ ඔස්සේ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 maharahat
 

රාජගිරියේ අරියඥාන හිමි
 
තෘෂ්ණාවේ අසිහිය ඔබට ඉලක්ක කොට දෙන්නේ” රූපයන් කෙරෙහි” සැප වේදනාවන් කෙරෙහි” අලූත් හඳුනාගැනීම් කෙරෙහි අසිහිය පමණක්මයි. වයස් බේදයකින් තොරව” ඔබ අත්විඳින” කාමයන් කෙරෙහි කෙටි ආශ්වාදය” මොහොත සැපය ඉදිරියේ” දුක් වේදනාවන් සඟවා තැබූවත්” ඔබ සැප වේදනාවන් පසුපස හඹා යෑමේදී ඔබම සිදුකොට ගන්නා අකුසල් හේතුවෙන් අනාගතයේදී දුක් වේදනාවක්ම ඔබට අයිති කොට දෙනවා.
 
 වර්තමානයේදී මේ ආගන්තුක සමාජ විකෘතියට කොටු වී” සමහරක් වැඩිහිටි දරුවන් අධ්‍යාපනය ලබන වයසේදී” ආදරය කරන්නට යනවා. එවිට ආදරය කරන්නට තිබෙන වයසේදී දරුවන් හදාගන්නවා එවිට දරුවන් හදාගන්න තිබෙන වයසේදී දික්කසාද වෙනවා. දික්කසාදයෙන් පසුව” කුමක්ද වෙන්නේ කියලා. සමාජය දෙස බලනකොට පෙනෙනවා පිංවත් වැඩිහිටි දරුවන් මේ වියරු අනතුරේ ගොදුරු වෙන්න එපා.
 
 ඉහත විනාශයට දරුවාගේ පාර්ශ්වයෙන් එක් හේතුවක් වෙන්නේ දරුවන් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට අකීකරු වීමයි. දරුවාගේ පූර්වාචාර්යවරයා දෙමාපියන් ය කියලා” ධර්මයේ සඳහන් වෙනවා. නමුත් වර්තමානයේ සමහරක් දෙමාපියන් සතු” මෙත්තා” කරුණා” මුදිතා” උපේක්‍ෂා” සතර බ‍්‍රහ්ම ගුණයන් තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී සේදී යමින් පවතින නිසාම” අහිංසක දරුවන් තම පූර්වාචාර්යවරයා බවට පත්කොට ගන්නේ” තම පාසලේම නැතිනම් උපකාරක පන්තියේ විනය දුර්වල මිතුරෙක් හෝ මිතුරියක්මයි.
 
 පාසල් අධ්‍යාපනය ලබන වැඩිහිටි දරුවන්ගේ නව යොවුන් ජීවිත තුළින් ස්වභාවධර්මයේ හේතුඵල ධර්මයන් විසින්ම” තාරුණ්‍යයේ එළිපත්ත මත විකසිත වෙන” කුළුඳුල් රූපයේ ආශ්වාදය තුළින් සකස් වෙන ආගන්තුක ආශ්වාදනීය අත්දැකීම්” එම පිංවත් දරුවන්ට ද අර්ථයක් නොතේරෙන ධර්මයක් බවටයි පත්වෙන්නේ.
 
 එම අහිංසක දරුවන් දන්නේ නැහැ. නව යොවුන් තම රූපය තුළින් මතුවෙන රූපයේ ආශ්වාදය” එම රූපයේ ආශ්වාදය තුළින් මතුවෙන ආදීනවය” එම දරුවන් ධර්මානුකූලව විග‍්‍රහ කොට ගන්න දන්නේ නැහැ.
 
 නව යොවුන් රූපයේ කෙටි ආශ්වාදයට බැඳුණොත්” එම කෙටි ආශ්වාදයට අන්ධ භාවයෙන් ගොදුරු වුණොත්” තම අනාගත ජීවිත ඉදිරියේ දිගහැරෙන දීර්ඝ ආදීනවයන් මතුකොට දකින්න අවශ්‍ය ඉන්‍ද්‍රිය සංවරය සමාජය තුළින් දුර්වල වෙන දිශාවටමයි ගමන් කරන්නේ.
 
 භික්‍ෂුව වැඩසිටින ගම්මානයට යාබද ගමක නිවසක සිටියා. පාසල් වයසේදී සදාචාර විරෝධී ලෙස හැසිරීම නිසා” පාසලෙන් ඉවත් කරන ලද ගැබ්ගත් දරුවෙක්. මේ අසරණ දරුවා ධර්මානුකූලව රූපයේ ආශ්වාදයට බැඳියෑම හේතුවෙන් කාමයේ ආශ්වාදය සොයාගොස් ජීවිතය විනාශයට යොමුකොට ගත් දරුවෙක්.
 
 කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය දුර්වල වෙන සමාජයක” පාපමිත‍්‍ර ආශ‍්‍රයේ ප‍්‍රවණතාවන් වැඩියි. පාප මිත‍්‍රය යනු පංචනීවරණයන්ගේ ඵලයක්. එවැනි පාප මිත‍්‍රයන්ගෙන් යහපත් ගුණාත්මක පූර්වාදර්ශයන් සමාජගත වෙන්නේ නැහැ. එවැනි අය කාමයේ සහ රූපයේ ආශ්වාදය තුළ බැසගෙනමයි ජීවත් වෙන්නේ.
 
 ඔවුන් සොයන්නේ” ඇසට” කනට” නාසයට” දිවට” ශරීරයට මනසට” ආහාරයක්මයි. ඇස නිසා සකස් වෙන චක්ඛු වික්‍ඳ්ක්‍ඳාණය යනු නුවණින් අවබෝධ කොට ගත යුතු ධර්මතාවක් බව දකින්නේ නැහැ. අවබෝධ කළ යුතු දෙයක් අපි ආහාරයක් කොට ගන්නේ පාපමිත‍්‍ර ආශ‍්‍රය නිසාමයි.
 
 සමාජය තුළ සිටිය යුතු යැයි” අපි විශ්වාස කරන” යහපත් නායකයන් ගුණධර්මයන් සමගින්ම සමාජයෙන් අතුරුදන් වෙලා යනවා. අසීමාන්තික කාමච්ඡුන්දයන් ඉදිරියේ මනුෂ්‍ය සන්තාන තුළ හිරි ඔතප් දෙක පවතින්න බැහැ. වර්තමාන සමාජයේ පිංවත් ඔබ නායකයන් කෙරෙහි විශ්වාසය තබන්න ඕනේ බොහොම සිහිනුවණින්. යහපත් නායකයන් වේශයෙන් පෙනීසිටින සමහරක් නායකයන් ධර්මානුකූලව පාප මිත‍්‍රයන් බවට පත්වෙලා.
 
 නායකත්වය කියන්නේ සප්තබොජ්ඣංගයන්ගේ ඵලයක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමැති නික්ලේශී උත්තමයායි” මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට නායකත්වය දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව” මේ උතුම් ශාසනයේ නායකයා බවට ශාස්තෲන්වහන්සේ බවට පත් කළේ උතුම් ධර්ම විනයයි.
 
 අනාගතයේදී කෙළෙසුන් සහිත නායකයන්ගෙන් විය හැකි බරපතළ අනතුරු දැකලාමයි” බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඇවෑමෙන් ශාසනයේ නායකත්වය උතුම් ධර්ම විනයට පනවන්නේ.
 
 කෙළෙස් සහිත පිංවතුන්ලාට නායකත්වය ලැබීමෙන්” සෑම පාර්ශ්වයක්ම පංචනීවරණයන් වෙයි. ජීවිතවලට එකතු කොට ගන්නේ වර්තමානයේ පිංවත් ඔබ යහපත් පූර්වාදර්ශයන් සොයනවාය කියන මිරිඟුවෙන් මිදී” ඔබේ නායකයා ඔබම වෙන්න. පිංවත් දරුවන්ට තමා තුළින්ම” තමා නිවැරැදි කොට දෙන” ඔබේම නායකයා” ඔබ තුළින්ම මතුකොට දෙන්නේ” දරුවන් බුද්ධරත්නයට” ධර්ම රත්නයට” සංඝරත්නයට දක්වන ගෞරවයත්” දෙමාපියන්ට ගුරුවරුන්ට දක්වන කීකරුභාවයත් තුළින් ඔබම ඇතිකොට ගන්නා විනයගරුක භාවයයි.
 
 වර්තමාන සමාජයේ පිංවතුන්ලා හුඟදෙනෙක් සද්ධර්මය ගැන කතාබහ කළත් සද්ධර්මය ශ‍්‍රවණය කළත් එම ධර්ම මාර්ගය තුළ ගමන් කරලා ධර්මාවබෝධයක් කරා ගමන් කරන්නේ නැහැ. එය හරියට වැසි වළාකුළු වලින් ආකාශය බරවෙලා තිබුණත් වැස්ස වහින්නේ නැතුව වගේමයි කියලා ධර්මයේ සඳහන් වෙනවා.
 
maharahat2වෙලාව රාත‍්‍රි අටත් පසුවෙලා. ගම්මානය දෙසින් වේග රිද්මයේ සංගීත හඬක් යාන්තමට ඇසෙනවා. මේ සංගීත හඬ ඇසෙද්දි භික්ෂුවට මීට දින කිහිපයකට පෙර සිදුවීමක් මතකයට පැමිණියා. උදෑසන ගමේ ගෙදරකට පිණ්ඩපාතයට වැඩම කරලා පාත‍්‍රයට දානය බෙදන ගමන් එම නිවසේ පිංවත් කාන්තාව කියනවා ස්වාමින්වහන්ස” අපේ දුව ගෙයි මුල්ලට වෙලාය කියලා. භික්ෂුවට මේ කතාව එක පාරටම තේරුම් නොගියත් පසුව තේරුම් ගියා” එම නිවසේ සිටින ගැහැනු දරුවා වැඩිවියට පත්වෙලාය කියලා. මේ නිවසේ සිටින පාසල් වයසේ ගැහැනු දරුවා නිතරම උෙiා්ගයෙන් දානය බෙදන දරුවෙක්. නමුත් එදා දකින්න සිටියේ නැහැ.
 
 මේ රාත‍්‍රියේ ගම්මානය දෙසින් ඇසෙන වේග රිද්මයේ සංගීත හඬ එම දරුවාගේ වැඩිවියට පත්වීමේ උත්සවය විය යුතුයි. දරුවා වැඩිවියට පත්වුණහම ඒ පිංවත් අම්මා” තාත්තාට නිකමටවත් සිතුනේ නැහැ. අද දවසේ එම දරුවා ලවා පිණ්ඩපාතය හැන්දක් බෙදලා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙන්න.
 
 නමුත් මේ රාත‍්‍රියේ කුමක්ද සිද්ධවෙන්නෙ. හැමෝම සංගීතය” මත්වතුර” කාමච්චන්දය තුළ සිරකරුවන් බවට පත්වෙලා. පංචනීවරණයන්ම හොල්මන් කරන ඥාතීන්ගෙන්” හිතමිතුරන්ගෙන් වැඩිවියට පත් අහිංසක ගැහැනු දරුවාට කුමන ආශිර්වාදයක් ලැබෙන්නද.
 
 මේ රාත‍්‍රියේ මත්වතුර ගඳට ඉවවැටුණ මුළු ගමේම සිටින අමනුෂ්‍ය” බේබදු පේ‍්‍රතයෝ සහ පේ‍්‍රතියෝ මෙම සාදයට ඇවිල්ලා ඇති. මස්වලට” පුළුටුවලට ලොල්කරන අමනුෂ්‍යයෝ සාදයේ මස් මාංශ රසවිඳිනවා ඇති.
 
 මත්වතුර වීදුරුවලින් හමන අරක්කු ගඳ මත්වූ මනුෂ්‍යයන්ගේ මුඛයෙන් හමන ගඳ ආග‍්‍රහණය කරන ඉවකරන රසවිඳින බේබදු පේ‍්‍රතයෝ මතින් මත්වූ මනුෂ්‍යයන් පරිසරයට මුසුකරන අරක්කු ගඳැති කෙළ” සොටු ආහාරය කොට ගන්න බේබදු පේ‍්‍රතයෝ සාදයේ අසිරිය සාදයේ ප‍්‍රනීතභාවය මොනවට ආශ්වාදය විඳිනවා ඇති ද මේ රාත‍්‍රියේදී.
 
 පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත වහලා බොරුව නටවන වේග රිද්මයේ සංගීත හඬ ගම්මානය දෙසින් ඇසෙනකොට එම සංගීත හඬ තුළින් භික්ෂුව අතීත පංචඋපාදානස්කන්ධයට සිත යොමු කරනවා.
 
 භික්ෂුවට මතකයි භික්ෂුවගේ ගිහි කාලය ඒ අතීතයේ මම මඟුල් ගෙදරක ගිහිල්ලා කවදාකවත් නටන්නේ නැතුව නම් ඇවිල්ලා නැහැ. ඒ අනිත්‍ය මේ රාත‍්‍රියේ සිහිපත්වෙනකොට භික්ෂුවට ලැජ්ජාවක් හෝ පිළිකුලක් ඇතිවෙන්නේ නැහැ. භික්ෂුවට ධර්මයේ උපේක්‍ෂාවක්මයි ඇතිවෙන්නේ.
 
 පිංවත් ඔබට සිතෙන්න පුළුවන් භික්ෂුව කොහොමද ධර්මයේ උපේක්‍ෂාව මතුකොටගන්නේ කියලා. භික්ෂුව සිතන්නේ” මම සංගීතයට නැටුව ගිහි කාලයේදී මගේ ඉන්ද්‍රීය ධර්මයන් මොන තරම් නම් දුර්වල ද කියලා. නමුත් ඒ අතීතයේ කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයේ සහ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවය නිසා සකස් වුණා වූ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි. භික්ෂුව අතීතයට හෝ වර්තමානයට ඇලෙන්නේ හෝ බැඳෙන්නේ නැහැ. මෙයයි සුන්දර ධර්මයේ උපේක්‍ෂාව.
 
 මේ රාත‍්‍රියේදී අනුනගේ සාදයක සංගීත හඬ තුළින් භික්ෂුව ධර්මයේ උපේක්‍ෂාව මතුකොටගත්තත් සාදය භුක්තිවිඳින මනුෂ්‍යයන් සහ අමනුෂ්‍යයන් නම් පංචනීවරණයන්ගේ කරවටක් ගිලිලයි මේ රාත‍්‍රිය ගතකරන්නේ.
 
 පසුගිය දිනක කුටියට පැමිණි මහත්මයෙක් ප‍්‍රකාශ කළා තම හිතවතෙක්ගේ මඟුල් ගෙදරට මත්වතුර බෝතල් එකසිය පනහක් ඉවර කළාය කියලා. අනුනට මත්වතුර දෙනවා කියන්නේ අසත්පුරුෂ දානයක්. මත්වතුර බීලා නටනවා කියන්නේ අසත්පුරුෂ කර්මයක්” පෙරේතකමක්” හීනමානයක් එකතුවෙලා සිදුවෙන මේ විනාශයේ අවසාන ඵලය වෙන්නේ පටිච්චසමුප්පන්නව බේබදු පේ‍්‍රතයෙක්” පේ‍්‍රතියක් වීම පමණක්මයි.
 
 පිංවත් ඔබ තවත් කෙනකුට යහළුවෙක්” හිතවතෙක් හිතවතියක් වෙන්න. නමුත් ඒ යහළුකම” හිතවත්කම” සත්පුරුෂභාවයෙන් පෝෂණය කොටගන්න. සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙන සමාජයක පිංවත් මනුෂ්‍යයා වගේම දෙවියාත් සැප සොයන්නේ සති සම්බොජ්ජංගයෙන් සහ ධම්මවිජය බොජ්ජංගයෙන් පෝෂණය වූ ප‍්‍රීතිය සහ පස්සද්ධිය තුළින් නොවේ. කාමච්චන්දයත්” උද්ධච්චයත්” විචිකිච්චාවත්” මොදුකොටගත් විසුරුණා වූ සිතකින්මයි.
 
 පිංවත් ඔබ කොහොමද සත්පුරුෂ යහළුවෙක් වෙන්නේ. තම යහළුවාට හොරෙන් පිංකම් කරන්න යන පිංවතා තම හිතවතාට හොරෙන් දන් පූජා කරන්න යන පිංවතා ධර්මයක් යාළුවාට නොකියා තනිවම ශ‍්‍රවණය කරන පිංවතා සත්පුරුෂ යහළුවෙක් නම් වෙන්න බැහැ.
 
 තම අතිජාත මිත‍්‍රයා වූ ජෝතිපාල මානවකයාව ඔහුගේ කෙස්වැටියෙන් අල්ලාගෙන බලෙන් තමයි ඝටීකාර මිතුරා බුදුරජාණන්වහන්සේව බැහැදකින්න එක්කරගෙන ගියේ. අවසානයේ ජෝතිපාල තරුණයා උතුම් තෙරුවන් සරණ පිහිටනවා. අපගේ යහළුකම් මෙලොව කාමච්චන්දයන් සහ පරළොව සතර අපායේ දුක සඳහා නම් නොවිය යුතුයි. පිංවත් ඔබ එවැනි යහළුකම් ඇතිකොටගෙන තිබෙනවා නම් එවැනි යහළුවන් නිවැරදිකොට ගැනීම හෝ මඟහැර සිටීමයි ඔබ ඔබට කරගන්නා වූ සත්පුරුෂභාවය වෙන්නේ.
 
 බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යමෙක් තමන්ගේ ගව රැළ මෙතෙකැයි නොදන්නේද? හෙතෙම තම ගව සමූහයා නොරකී කියලා. ඒ වගේමයි යමෙක් ශීලය ගැන නොදන්නේ ද ශීලයේ ආනිශංශයන් ගැන නොදන්නේ ද ඔහු මෙලොවත් පරලොවත් විනාශකොට ගන්නවාය කියලා.
 
 නුවණැත්තා ප‍්‍රශංසාව ද වස්තු ලාභ ද පරළොව සැපය ද පතමින් තමනුත් ශිල්පද රකිමින් අනුනට ද ශීලයෙන් පූර්වාදර්ශයන් ලබාදෙන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
 
 පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස” තමන් කල්‍යාණමිත‍්‍රභාවයෙන් යුතුව අනුනට ශ‍්‍රද්ධාවෙන්” ශීලයෙන්” සමාධියෙන්” විදර්ශනාවෙන්” පූර්වාදර්ශයක් ලබාදුන්නොත් අපිට ලැබෙන ආනිශංශයන් මොනවද කියලා. පිංවත් ඔබ ලබන සුන්දර ආනිශංශය තමයි” ඔබ සම්මා සම්බුද්ධ ශාසනයක පැවිදි උපසම්පදාවක් ලැබූ කල්හි ඔබට සුපටිපන්න ගුණයෙන්” උජුපටිපන්න ගුණයෙන්” ඥ්‍යායපටිපන්න ගුණයෙන් පෝෂණය වූ සුන්දර මනුෂ්‍යයන්” දෙවියන්” බඹුන් සතුටු කරන සාමීචිපටිපන්න ගුණය ලැබෙනවා. එදාට ඔබ එක දිගට වරුවක් ධර්මයක් දේශනා කළත්” ධර්මය ශ‍්‍රවණය කරන ජනතාව නිහඬව එකත්පසව ශ‍්‍රද්ධාවෙන් එම ධර්මය අසා සිටිනවා.
 
 යම් පිංවත් ස්වාමින් වහන්සේ නමක් එක පැයක් ධර්මයක් දේශනා කරද්දි ශ‍්‍රවණය කරන පිංවතුන් වේලාව බලනවා නම් ඇඟමැලි කඩනවා නම් මෙවැනි ක‍්‍රියාවන්ට හේතුව ධර්මානුකූලව ඉහත ෙඡ්දයේ සඳහන් වෙනවා.
 
 පිංවත් ජනතාව සද්ධර්මය ශ‍්‍රවණය කිරීමට ඇති කැමැත්තෙන් ක‍්‍රමානුකූලව බැහැර වෙනවා නම් ඊට ප‍්‍රධානම එක හේතුවක් වනුයේ පැවිදි අපේ සාංසාරික ශ‍්‍රද්ධාවේ” ශීලයේ” සමාධියේ” විදර්ශනාවේ” පූර්වාදර්ශයන් සමාජගත කිරීමේ දුර්වලභාවය යැයි යම් ගෞවරණීය ස්වාමින්වහන්සේ නමක සිත් වේදනාවක් ඇතිවුණොත් සමාව අවසර යදිමින් සටහන් තබනවා.
 
 පිංවත් පැවිදි අපිම නිහතමානී වෙලා අපේම නිවැරදිභාවය උදෙසා අපි සිතමුකෝ මෙය සටහන් තබන භික්ෂුව මේ ආසනය මත වැඩසිටිමින් නුවණින් දකිනවා. අවංකව මම භික්ෂු” භික්ෂුණී” උපාසක” උපාසිකා සිවුවනක් පිරිසට සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ට” බඹුන්ට ශීලයෙන්” ශ‍්‍රද්ධාවෙන්” සමාධියෙන්” ප‍්‍රඥාවෙන් පූර්වාදර්ශයක් ලබාදෙනවාද කියලා. ඊට පිළිතුරු භික්ෂුව සටහන් තබන්නේ නැහැ. මේ සටහන් අපිට අපේ නිවැරදිවීම් උදෙසා පමණක්මයි.
 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles