Divaina - සම්බුදු චරිතයේ නෙළුම් මලට සුවිශේෂි ස්ථානයක් හිමිව ඇත්තේ ඇයි?

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

UPali


 sambudu
 
 මාලි යසන්තා
 
මිනිස් චර්යා රටාවන් තුළ සිදුවන ක‍්‍රියාකාරකම් අතරේ ‘‘ගුණදහම්.. වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නම් එය සමාජය යම් සාධනීය මාර්ගයකට අවතීර්ණ කරවීමක් වන්නේය.
 
 කෙතරම් බණ දහම් ඇසුවත් ගුණ දහම් ප‍්‍රාථමික මට්ටමක පවතින්නේ නම්” කුමන භාෂාවක් කතා කළද කුමන ආගමක් ඇදහුවද ඉන් අර්ථයක් සිදුවේද?
 
 මේ සරල කරුණු මත පිහිටමින්” එදිනෙදා ජීවන ක‍්‍රියාකාරකම් තුළදී අත්විඳින ආධ්‍යාත්මික තත්ත්වයන් මෙත්තා” කරුණා” මුදිතා” උපේක්ඛා වැඞීම යනු බුදුන් වහන්සේගේ අනුපමේය ගුණ සමුදායන් තම ජීවිතයට ආදේශ කර
 ගැනීමකි.
 
 දුක” කනස්සල්ල” කඳුළ පිරුණ සමාජ වටපිටාවක ජීවත්වන පුහුුදුන් මිනිස් ප‍්‍රපංචයන්” ගෙවෙන මොහොතක් පාසා කුමක් හෝ ප‍්‍රශ්නාවලියක කිමිදී සිටී. එවන් මඩ ගොහොරුවක හිඳිමින්” කෙසේද බුදුවරයකුට ආවේණික ගුණයන්ගෙන් බිඳක් හෝ අප තුළ වඩවා ගන්නේ?
 
 මේ පැනයට ඉතාම සුදුසු පිළිතුර අන්තර්ගත” පිරිහෙමින් පවතින ගුණ දහම් වඩවාලමින් ජීවිතයේ සන්තෝෂය රඳවා ගතහැකි සූත‍්‍රයකි පද්ම සූත‍්‍රය” එසේත් නොමැති නම් සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය. මෙම සූත‍්‍රය එතරම් අසා හුරු පුරුදු නොවුණද පුණ්ඩරිකය යන්නෙහි සරල අර්ථය නෙළුම යන්නයි.
 
 බුුදුන් වහන්සේ විශ්වාවකාශයට මුදාහල අසූ හාරදහසක් වූ දහම් සාගරය එක් පිඬුවක් ලෙසින් සංක්ෂිප්ත කරමින් ලොවට දායාද කර ඇත්තේ සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය මගින්ය.
 
 සම්බුද්ධ පරිනිර්වාණයට වසර අටකට පෙර ගිජ්ජකූඨ පර්වතයෙහි වැඩවසන සමයෙහි මෙම සුත‍්‍රය දේශනා කරන ලදි. තමන් වහන්සේ විසින් බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ ඒකායන හේතුව (පරම අභිලාෂය) වූයේ මෙම සූත‍්‍ර රාජයා ලෝකයට දායාද කිරීම බව දෙසූ උන්වහන්සේ මේ නිසාම තමන් වහන්සේ විසින් දේශිත සූත‍්‍ර අතරින් අග‍්‍රගණ්‍ය සූත‍්‍රය සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය බව වදාරන ලදී.
 
 එසේ වුවද ශ‍්‍රී ලාංකිකයන් වන අප වෙත මෙම උතුම් සූත‍්‍රයේ ආභාසය නොලැබී ඇත්තේ ඇයි? පද්ම සූත‍්‍රය ඇත්තේ ථෙරවාදී කොටසින් බැහැරව යැයි ඇතැමෙක් තර්ක කරයි. මෙය එම කොටසට ඇතුළත් නොවන්නට සන්නිවේදනයේ පැවති යම් බාධාවක් හේතුවෙන් මග හැරෙන්නට ඇතැයි සැක සිතෙන්නේය. එය කොයි කොටසට අයත් වුවද අපට කම්නැත. අවශ්‍ය වන්නේ නිවැරදි දෙයයි. මහායානය හෝ හීනයානය කියා දෙයක් නොමැත. ඇත්තේ එකම යානයකි. එනම් බුද්ධයානයයි. බුදුන් වහන්සේ සියලූ සතුන් වෙත දේශනා කළේ එකම දහමකි. කොතනින් වුවද අප ළ`ගා කරගත යුත්තේ එම නිවැරදි දෙයයි. සුදුසු දෙයයි. බුදුන් වහන්සේ ‘‘ඒහි පස්සිකෝ.. (එව බලව) යැයි වදාළේ් මේ දෙය යැයි සිතේ.
 
 අපරිමිත විශ්ව යථාර්ථය සරලව අවබෝධයට සුදුසු ලෙසින් ඉදිරිපත් කර ඇත්තේ බුද්ධ දර්ශනය තුළිනි. තමන් වහන්සේ දෙසා වදාහළ දහම ඉතා නිහතමානීව සමාජගත කළේ ඉතා නිදහස් මෙන්ම සීමා බාධකයන්ගෙන් තොරව ඕනෑම අයකුට පිවිසෙන්නට හෝ බැහැරව යා හැකි ලෙසටය.
 
 ඔබ දහම් පිපාසාවෙන් පෙළෙන්නකු නම්” ඔබට ඕනෑනම් තෝරාගත් කාල සීමාවක් තුළදී හීනයානයේ අන්තයටම කිමිදිය හැකිය. ඉන් ඵල ලබන්නට නොහැකි වූවා නම්” පිවිසෙන්න මහායානය වෙතට” අත්හදා බලන්න. මහායානයට පදනම සකස් කර දෙන්නේ හීනයානය බව ඔබට වැටහේවි. එකී පදනම මත පිහිටා නොඉඳ ප‍්‍රායෝගික තත්ත්වයන් අත්හදා බලන්න.
 
 ප‍්‍රයෝගිකව ප‍්‍රගුණ කරගෙන යාමේදී සිදුවන ඔබගේ මනසේ අසිරිය පිළිබඳව විමසන්න.
 
 අප ගතානුගතික යැයි” සම්ප‍්‍රදාය යැයි සීමාවකට කොටුව සිතන්නෝ නොවිය යුතුය. හතරැස් කොටු සීමාවෙන් පිවිසෙන්න එළියට. බලන්න වටපිටාව කෙතරම් සුන්දර දැයි කියා” එවිට ඔබට දැනේවි ඔබගේ දහම් පිපාසාව සංසිඳුවා ගතහැකි අනර්ඝ ආභරණයක් ගෙලෙහි නොව මනසෙහි පළඳවාගෙන ඇති බව.
 
 බුදුන්වහන්සේ අනුදැන වදාළ ‘‘ඒහි පස්සිකෝ.. යන බුදු වදන පිළිගන්නා ශ‍්‍රද්ධාවන්තයිනි” ඔබ දැවෙන ඕනෑම ප‍්‍රශ්නයක් ආවේගයක්” කනස්සලූ සහගත දෙයක් පවසන්න දෙව්රම් වෙහෙරේ වැඩ සිටින ජීවමාන බුදු රදුන් සොයා යන්නට සිතෙන්නේද? එසේ නම් පහන් සිතින් දන්වා සිටිමි. නොපෙනෙන දෙවියන් හෝ වෙනත් බලවේග සොයා නොයන්න බුදුන් වහන්සේ විශ්වාස කරමින් බුදුන්ගේ පිහිට ලබන්න” ජීවිතයේ එක් වරක් හෝ සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය ප‍්‍රගුණ කරන්න.
 
 බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිධ අවධීන්” අවස්ථාවන් අරබයා නෙළුම් මලට හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. ඇසළ පොහෝ දිනෙක සිදුහත් කුමරු මහමායා කුස පිළිසිඳ ගත් අවස්ථාවේ” දේවිය සිහිනෙන් දුටුවේ සුදු ඇත් පැටවකු සුදු නෙළුම් මලක් සො`ඩින් ගෙන ඇයගේ ගැබට ඇතුළු වූ ආකාරයයි. එසේම සිදුහත් කුමාරොත්පත්තියේදී ද කුමරු විසින් සිය පළමු පියවර කිහිපය භූමියෙන් මතුවූ නෙළුම් මල් හතක් මතුපිට තබන ලද බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
 
 ඉන් සංකේතවත් කරනුයේ උන්වහන්සේ මෙලොව ජනිත වූයේ මෙම සූත‍්‍ර රාජයා දේශනා කරන්නට බවට වූ ඉ`ගියක් නොවේද සඳකඩ පහණේ නිරූපිත ගැඹුරු දහම් කරුණු අතර නිවන් මග දක්වා ඇති සංකේතය වන්නේද සුපුෂ්පිත නෙළුමකි.
 
 සමාජයේ නානාවිධ ජන කොට්ඨාසයන් වෙත ඔවුනොවුන් සතු ශක්‍යතාවන් තේරුම්ගත් බුදුන්වහන්සේ සිය උපාය කෞෂල්‍ය ඥානය යොදා ගනිමින් දහම් කරුණු රාශියක් දේශනා කරන ලදී. ඒ අතරේ දී උන්වහන්සේ සිය පෘථිවි ආගමනය පිළිබඳව ලෝකයාව දැනුවත් කරමින් වරින්වර ඉ`ගි පළ කර ඇත. ‘‘පදුමවෙ තෝසේව අලිම්පමානෝ........ මම මඩ දියෙහි පිපුන පියුමක් වෙමි. සිය ජීවිතයේ පශ්චිම භාගයේ දේශනා කරන්නට යෙදුන සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය මනස පිළිබඳව දේශනා කර ඇති ගැඹුරුම දහම් කතිකාව විය හැකිය. මෙම සූත‍්‍රය ප‍්‍රගුණ කිරීමට නම් තර්කයට ගෝචර නොවී” ප‍්‍රඥාවගෝචර වීම වැදගත්ය.
 
 සූත‍්‍රයේ සඳහන් ආකාරයට අනුව තමන් වහන්සේගේ පරිනිර්වාණයට වසර 8 කට පෙර මෙම සුත‍්‍රය දේශනා කිරීමට තීරණය කරන ලද්දේ” පරිනිර්වාණයෙන් වසර 2500 ක් ඉක්මවීමෙන් පසු එළැඹෙන කාල වකවානුවේදී” (එනම් අප ජීවත්වන මෙම යුගයේ) ජීවත්වන පෘතග්ජනයන් ඉලක්ක කර ගනිමින්ය.
 
 මෙම යුගය පිළිබඳව බුදුන්වහන්සේ මෙසේ දක්නා ලදී.
 
 ‘‘මෙම වකවානුවේදී අරහත්භාවයට පත්වූ කිසිදු අයකු නොසිටිනු ඇත. තමන් වහන්සේගේ පිහිට කෙරෙහි සාමාන්‍ය මිනිසා තුළ පවතින විශ්වාසය නැතිවී ගොස් ඔවුන් තම දෛනික ජීවිතයේ මුහුණපාන අභියෝගවලට තමන් වහන්සේගේ මග පෙන්වීම් හා උපදේශන බලාපොරොත්තු නොවන්නේය...
 
 ‘‘එසේම මෙම යුගයේ ජීවත්වන පෘතග්ජනයා ධර්මය ප‍්‍රගුණ කිරීමකින් තොරව හුදෙක් පිළිම” දාගැබ්” වෙහෙර” විහාර ආදී භෞතික වස්තූන්ට ප‍්‍රමුඛතාව ලබා දෙමින් ඒවාට වන්දනාමාන කරනු ඇති බවත් ප‍්‍රතිපත්ති පූජාවන් පිළිබඳව තැකීමක් නොකරන ජනයා පුළුල් වශයෙන් ආමිස පූජාවන්හි නිරත වන බව.. උන්වහන්සේ තම නුවණින් දක්නා ලදී.
 
 සද්ධර්ම පුණ්ඩරික සුත‍්‍රයෙන් බුදුන් වහන්සේ සෘජුවම කිසියම් ශික්‍ෂාපද හෝ පිළිවෙත් සමුදායක් හෝ ඉගැන්වීමක් දේශනා කර නොමැත. උන්වහන්සේ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා බෙහෙවින් උත්සාහ ගත්තේ” තමන් වහන්සේ ළ`ගාකර ගත් අති විශිෂ්ට බුද්ධත්වයෙහි ඇති බලය හා ශක්තිය පිළිබඳවයි. එසේ දැනුවත් කිරීමෙන් උන්වහන්සේ අපේක්‍ෂා කළේ එම බලය හා ශක්තිය මත ජනතාවගේ විශ්වාසය තහවුරු කොට” ඔවුන්ගේ විමුක්තිය සඳහා එහි රැකවරණය හා පිහිට පතන ලෙස ඔවුන් දැනුවත් කිරීමයි.
 
 අප ජීවත්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් 2558 වැන්නෙහි ශාක්‍යමුණි බුදුන්ගේ කල්පයේය. සියලූ බෞද්ධ වත්පිළිවෙත් පිළිපැද කරන ප‍්‍රාර්ථනාව වන්නේ මතු බුදුවන මෛත‍්‍රී බුදුන් දැක නිවන් දැකීමයි. කල්පයෙහි ඇතුළත් ගණනය කළ නොහැකි වර්ෂ ගණන හා සසඳන විට වසර 2500 ක් යනු නිමේෂයකි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් ගෙවී ගොස් ඇත්තේ නිමේෂයක කාලයකි.
 
 එසේ නම් බුදුන් වහන්සේගේ වගකීම පසුව පහල වන මෛත‍්‍රී බුදුන් වෙත පැවරුවේද? අප නැවත නැවත ඉපිද ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරමින් කල්පයේ ඉතිරි කාලය අධෛර්යයට පත්වෙමින් දුර්මුඛව මෛත‍්‍රී බුදුන් පහල වන තුරු බලාසිටිය යුතුද? නැත. මහා කාරුණික බුදුන් වහන්සේගේ මෛත‍්‍රී ගුණය විදහා දක්වන සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය සිය කල්පයේ සියලූ සත්වයන් දුකින් මුදා ගැනීමට විශිෂ්ටතම විiාඥයකු ලෙස ඉතා සූක්‍ෂ්මව ඉදිරිපත් කර ඇත.
 
 ස්වභාව ධර්මය” අභිබවා ගිය බුදුන් වහන්සේගේ ප‍්‍රාතිහාර්යමය ශක්තිය අත්විඳින්න” ඔබ අවතීර්ණ වන්න. ඔබට සූත‍්‍රය ප‍්‍රගුණ කිරීම ආරම්භ කළොත් පමණක් එහි බලය අත් දැකිය හැක. එහි බලය විසින් ඔබව නොසිතන මානයකට ගෙන යන්නේය. (මෙය සංවාදයට විවෘත වන්නේය.) කෙසේද මෙම උතුම් සූත‍්‍රය ප‍්‍රගුණ කරන්නේ අප ඉදිරියේදී කතා කරමු.
 
 මෙම ලිපිය සකස් කිරීමේදී” විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කල්‍යාණි මිරැණ්ඩා මහත්මිය විසින් රචිත ‘‘විශ්ව කිරණ.. ග‍්‍රන්ථයෙහි කරුණු උපුටා ගැණින.


විශේෂාංග

sikuru

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles